2016ත් ඉවරයි නේද?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    2016ත් ඉවරයි නේද? 2015 හිටියට වඩා 2016 ජිවිතේ කොච්චර ඉස්සරහට ආවද කියලා හිතලා බැලුවද? අලුත් අත්දැකීම් කොච්චර ලැබූවද? මේ යන විදිහ ගැන සතුටුද? උත්තරේ ඔව් නම් මටත් ඔබ ගැන සතුටුයි. උත්තරේ නෑ නම් අපිට කල්පනා කරන්න දෙයක් තියෙනවා. 2017ත් මේ විදිහටම යන්නද කල්පනාව? හිතන්න 2014,2015,2016 දැන් 2017... ඔබ මේ හැම අවුරුද්දකම ජිවිතේ දියුණුවක් ලැබුවේ නැත්තන් මේ අවුරුදු 4ම එකම තැන හිටියා කියලා හැඟීමක් දැනෙනවානම් ඔබට තව අවුරුදු 6කට පස්සේ 2024ත් ඊට වඩා ලොකු වෙනසක් දැනෙන එකක් නෑ නේද? ඒ කියන්නේ ඔබ ජීවිතෙන් දශකයක්ම එකම තැන පල්වෙලා නේද?

    දැන්වත් හිතන්න අලුතින් පටන්ගන්න. ජිවිතේ අලුතින් සැලසුම් කරන්න. ඔබේ මනසින් ඔබේ තත්වය මුලින්ම ඉහල දාගන්න, ඔබේ ජිවිතයට දැක්මක් හදාගන්න, ඊළඟට සැලසුමක් හදාගන්න. මේ මොනවා කරත් වැඩක් නෑ ඔබ ක්‍රියාත්මක වෙන්නේ නැත්තන් ඒ නිසා අනිවාර්යයෙන් පොඩියට හරි වෙනස් වෙන්න පටන්ගන්න.

    එහෙනම් 2017 සුභ අලුත් අවුරුද්දක් වේවා! ජීවිතය වෙනස්කරගත්ත අවුරුද්ද බවට 2017 පත්වේවා!

    ප.ලි - මගේ පොත සති දෙකක් ඇතුලත පිටපත් 250 විතර විකිණුනා. පොත මිලදිගත්ත පොත විකුනන්න මට සහය දුන්න හැමෝටම බොහොම ස්තුතියි. කිරියේ ගොඩක් දෙනෙක් තැපෑලෙන් ගෙන්නගත්තා සමහරු සැහෙන්න දුරක් ඇවිත්ම ම්ලදී ගත්තා. ඒ හැමෝටම නැවතත් ස්තුතියි.

    ධනුෂ්ක අබේරත්න.
    0755-004166