අවම දඩ මුදල රුපියල් 2500/=
මාර්ග නීති උල්ලංඝනය සඳහා අයකරන දඩ මුදල් වැඩි කිරීම. මාර්ග අනතුරු හේතුවෙන් දිනපතා ජීවිත ගණනාවක් අහිමි වේ. බොහොමයක් අනතුරු වලට හේතුව මාර්ග නීති උල්ලංඝනය කිරීමයි. මාර්ග නීති උල්ලංඝනය සඳහා වන අවම දඩ මුදල රු. 2,500 දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා.
ඔන්න ඔහොමයි කිව්වේ......
ගරු කථානායකතුමනි, ඉන්ධන ම`ගින් ධාවනය වන සියලූ වාහන සඳහා කාබන් බද්දක් හදුන්වා දීමට මා යෝජනා කරනවා. වායු විමෝචන පරීක්ෂණ ගාස්තු ද කාබන් බද්දට ඇතුලත් වනු ඇත. මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව ම`ගින් කාබන් බද්ද එකතු කිරීම සිදු කරනු ඇත. වාහනයේ වායු විමෝචන පරික්ෂණ ගාස්තුව දෙපාර්තමේන්තුව විසින් සේවා සපයන්නා වෙත ගෙවනු ඇත. එබැවින් වාහන හිමිකරු වායු විමෝචන පරික්ෂණ ගාස්තු ලෙස අමතර ගාස්තුවක් ගෙවිය යුතු නොවේ.
කොහොමද මේ ආතල් එක......
ආනයනික බියර් කෑන් සඳහා නිෂ්පාදන (විශේෂ විධිවිධාන* බදු හඳුන්වා දෙන අතර, මිලි ලීටර් 325 ට අඩු කෑන් එකක් සඳහා රු.10 ක් ද, මිලි ලීටර් 325 ට වැඩි කෑන් එකක් සඳහා රු.15 ක් අයකෙරෙනු ඇත.