අප්‍රේල් 22 වන දා
උදෑසන 8.30
සැක කටයුතු ලෙස හැසිරුණ මාවනැල්ලේ සහ කාතන්කුඩියේ පදිංචිකරුවන් දෙදෙනෙක් දඹුල්ලේ දී අත් අඩංගුවට ගන්නා ලදැ යි වාර්තා වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කළේ ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 290 දක්වා ඉහළ ගිය බව යි.
උදෑසන 9.00
රජයේ රස පරීක්ෂණ වාර්තා අනුව කලින් දා එල්ල වූ ප්‍රහාර හතරක් මරාගෙන මැරෙන ප්‍රහාර වන්නේයැ යි වර්තා වුණා. මේ අතර මාධ්‍ය වාර්තා කළේ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් 24 දෙනකු අත් අඩංගුවට ගත් බව යි.
දහවල් 12.30
එක්සත් ජාතික පක්ෂය සිය මැයි දින රැළිය අවලංගු කළ බව නිවේදනය කළා.
දහවල් 1.00
රාත්‍රී 8 සිට අළුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය දිවයින පුරා බල පවත්වන බව රජය ප්‍රකාශ කළා. මේ අතර රාත්‍රී තැපැල් දුම්රිය ද ගමන් නොකරනු ඇතැ යි වාර්තා වුණා. මේ අතර වත්තල, ජ ඇල, කැළණිය, සහ කිරිබත්ගොඩ ආදී ප්‍රදේශයන් හි නල ජලයට විෂ එක්ව ඇතැ යි වන කටකතා පොලිසිය සහ ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කළා.
දහවල් 1.25
මාධ්‍ය හමුවක් අමතමින් ඇමති රිෂාඩ් බදුර්දීන් කියා සිටියේ මෙම ප්‍රහාර යම් කිසි කල්ලියක ක්‍රියාවක් බව යි. නමුත් ඉන් සුළු මොහොතකට පසුව, එම මාධ්‍ය හමුවම අමතමින් ඇමති රාජිත සේනාරත්න කියා සිටියේ බුද්ධි තොරතුරු ලැබුණ බවට කලින් පළවූ වාර්තා සත්‍ය බවත්, පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතු බවත්. මේ අනුව ප්‍රහාරය ජාතික තව්හීද් ජමාත් සංවිධානය විසින් එල්ල කළේ ය යන චෝදනාව රජය වෙතින් එල්ල වුණා.
සවස 2.15
ෂැංග්‍රිලා හෝටලය නැවත දැනුම් දෙනතුරු වසා තබන බව එහි පාලනාධිකාරිය නිවේදනය කළා.
සවස 2.17
ප්‍රහාරයෙන් දින එකහමාරක් ගතවූ පසු, ජනාධිපතිවරයා විසින් ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කළා. ඒ අනුව අප්‍රේල් 23 වන දා ජාතික ශෝක දිනයක් බව නිවේදනය කෙරුණා. මේ අතර මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය ප්‍රකාශ කරන බව ද නිවේදනය කෙරුණා.
සවස 2.45
පිටකොටුවේ බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පලෙහි තිබී ඩෙටනේටර් 87ක් සොයාගන්නා ලද බව පොලිසිය සඳහන් කළා.
සවස 3.30
ෂැංග්‍රිලා ප්‍රහාරයට සම්බන්ධව අත්අඩංගුවට ගත් නව දෙනෙකු මැයි 6 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
සවස 4.00
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අසල වූ වාහනයක තිබූ බෝම්බයක් පුපුරවා හැරීමට පොලිස් විශේෂ කාර්යය බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය ක්‍රියා කළා.
සවස 5.00
තත්ත්වය පාලනය කිරීමට අදාල අංශයන් වෙත උපදෙස් දුන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ට්විටර් පණිවිඩයක් ඔස්සේ කියා සිටියා. වත්තල එඬේරමුල්ලේ පල්ලියක් අසල නිවෙසක් පරීක්ෂා කළ පොලිසිය පසුව දෙදෙනකු අත් අඩංගුවට ගත්තා. වැලිසර නවලෝක ක්‍රීඩාංගනය අසල සැක කටයුතු වාහනයක් හේතුවෙන් කොළඹ - මීගමුව මාර්ගය තාවකාලිකව වසා දැමුණා.
සවස 5.40
දෙමටගොඩ පිපිරීම වීඩියෝ කළ තරුණයකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ අංශයට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර දෙනු ලැබුණා.
සවස 6.15
සියළුම කතෝලික පුද්ගලික පාසැල් අප්‍රේල් 29 වන දා නැවත විවෘත කරන බව දැනුම් දුන්නා.
සවස 6.30
ශ්‍රී ලංකාවේ පරීක්ෂණ සඳහා සහාය දීමට තම කණ්ඩායමක් එවන බව ඉන්ටර්පෝල් (ජාත්‍යන්තර පොලිසිය) නිවේදනය කළා.
අප්‍රේල් 23 වන දා
මධ්‍යම රාත්‍රිය
හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරුණා.
උදෑසන 8.30
ප්‍රහාරවලින් මියගිය අය වෙනුවෙන් විනාඩි තුනක නිශ්ශබ්දතාවක් රට පුරා පවත්වනු ලැබුණා.
උදෑසන 9.00
ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය පිරිස 310 තෙක් ඉහළ ගිය බව පොලිසිය නිවේදනය කළා. මීගමුව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදු වූ ප්‍රහාරයෙන් මියගිය අයගේ අවමංගල්‍යය කටුවාපිටියේ දී පැවැත්වුණා.
උදෑසන 9.30
ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධව 40 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇතැ යි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. ඉන් 26 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ද තිදෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ ද වන බව යි ඔහු සඳහන් කළේ.
උදෑසන 11.00
ප්‍රහාර සම්බන්ධව ප්‍රශ්න කිරීම සඳහා සිරියානු ජාතිකයකු ශ්‍රී ලංකා පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේයැ යි රොයිටර්ස් පුවත් සේවය කියා සිටියා.
සවස 2.00
අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශයක් සිදු කළා. ත්‍රස්ත ප්‍රහාර මනාව සැලසුම් කරන ලද බව සහ ඉතා රහසිගතව කරන ලද බව පෙනෙන්නේයැ යි ඔහු කියා සිටියා. වගකිවයුත්තන් අත් අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කරන බව ඔහු සඳහන් කළා. හදිසි නීතිය පනවා ඇත්තේ ද එම කටයුතු සඳහා බව යි ඔහු පෙන්වා දුන්නේ.
සවස 3.00
පුපුරන ද්‍රව්‍ය අඩංගුව වෑන් රථයක් සහ ලොරියක් පිළිබඳ අවධානයෙන් සිටිනා ලෙස පොලිස් මූලස්ථානය සියළු පොලිස් ස්ථාන වෙත දැනුම් දුන් බව සඳහන් කෙරුණා. මේ අතර ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළේ මෙම ප්‍රහාර ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට පළි ගැනීමක් ලෙස සිදු කළ බව තොරතුරු ලැබී ඇති බව යි. මෙයට සම්බන්ධ ජාතික තවුෆීක් ජමාත් සංවිධානය නම් සංවිධානයක් සමග ද සබඳතා පවත්වන්නේ යයි ඔහු සඳහන් කළා. මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියා සිටියේ තමන් 2015 දී භාර දුන්නේ සුරක්ෂිත රටක් බව යි. මෙම රජයට රටේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බව ඔහු කියා සිටියා.
සවස 3.20
ජලයට විෂ එක්ව ඇතැයි ව්‍යාජ පුවත් පැතිරූ බවට සැකපිට අත් අඩංගුවට ගත් දෙදෙනකු මැයි 6 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළේයැ යි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
සවස 4.00
ISIS සංවිධානය ත්‍රස්ත ප්රහාරයන් හි වගකීම භාරගත් බව ඔවුනගේ අමක් පුවත් සේවය උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළා.
සවස 5.00
රාත්‍රි 9 සිට අළුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක දැනුම් දුන්නා.
සවස 6.00
අගමැති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය අමතමින් කියා සිටියේ ප්රහාරයන් පිටුපස විදෙස් හස්තයක් ඇති බවට සැක කෙරෙන බව යි. එයට සම්බන්ධ ඇතැමුන් විදේශයන් හි සංචාරය කර පැමිණ ඇතැ යි පැහැදිලි බව ද සඳහන් කරනු ලැබුණා. මේ හේතුව නිසා පරීක්ෂණ කටයුතු සඳහා විදෙස් සහය ඉල්ලා සිටි බව ද ඔහු කියා සිටියා.
රාත්‍රී 9.00
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විශේෂ ප්‍රකාශයක් කළා. ඔහු සඳහන් කළේ ඔහුට ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු පිළිබඳ දැනුවත් කිරීමක් නොවූ බව යි.
මූලාශ්‍රය:
Roar meadia