2020ත්_මෛත්‍රී ජනපති කරමු

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    2020ත්_මෛත්‍රී ජනපති කරමු

    2020 ජනපතිවරණයේදීත් ශ්‍රීලනිප අපේක්‍ෂකයා මෛත්‍රී

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 දීත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටත් විධායක ජනාධිපති ධුරය දිගටම පවත්වාගෙන යෑමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ඒකමතිකව තීරණය කර ඇතැයි වාර්තා වේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් පසුගිය අඟහරුවාදා පැවැති සතිපතා හමුවේදී මෙම තීරණය ගෙන ඇති අතර එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2017 වසර සඳහා සිය සැලසුම් ද ඉදිරිපත් කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) සිය ජනාධිධුරයේ දෙවැනි වසර අවසන් කළ අතර සඳුදා (9) තුන්වැනි වසර ආරම්භ කරයි.



    lankadeepa-logo.gif
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol:ආවත් පරදිනවා.

    රනිල් ම්ය3 දෙන්නම ඉල්ලුවොත් දෙන්නටම කෙල වෙනවා බන්, මහින්දගේ threat එක ඔහොමම තිබ්බොත් රනිල් ඉල්ලන්නේ නැ පොන්නය බොරුවට ජනාදිපති කරලා රනිල අගමැති වෙලා රට රන් කරයි දැන් වගේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,699
    113
    විධායකය අහෝසි කරන්න පොරොන්දු දීලා ආපු මහින්ද, ජිල්මාට් දාලා 18 සංශෝධනය ගෙනල්ලා ඡන්දෙත් ඉල්ලලා ඉල්ලං කෑවා.

    විධායකය සංශෝධනය කරන්න පොරොන්දු උන මෛත්‍රී, දිව් රුම් දෙනකොට දෙපාරක් ඉල්ලන්නේ නෑ කියලා පොරොන්දු වෙලා, එයා ආයිත් ඉල්ලුවොත් අනිවා ඉල්ලං කෑමක් තමයි සෙට් වෙන්නේ.

    කලින් හිටපු කෙනාට වෙච්ච දේ පෙනි පෙනි දෙපාරක් ඉල්ලන්න තරම් මෛත්‍රී මෝඩයෙක් කියලා මම නම් හිතන්නේ නෑ. මොකද මිනිහා පට්ට කපටියි, පවතින දේශපාලන තත්වය හරියටම කියවලා නියම වෙලාවට එලියට බැහැපු කෙනාට නම්බුපිට ජනාධිපති ධූරයෙන් විශ්‍රාම යන්න සුදුසු වෙලාව තේරුම් ගන්න බැරි වෙන්න විදිහක් නෑ.