2020 ජනපති සටනට බැසිල් මෙහෙයුම අරඹයි…ගෝඨාට ට්&

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Ane yako owata salli denawa nam honda salli karayek wenna thibba. mama idala hitala awilla owa daanne. ehenam meke pal banda gena post dana aya okkoma job ekata post dana aya wenna one. mama kale kagena owa dammata mata kisi wadak naha. ham thissema news check karana eka ledak wage abbahi wela ban wadath padu wenawa :sorry:

    Hammo eka :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ane yako owata salli denawa nam honda salli karayek wenna thibba. mama idala hitala awilla owa daanne. ehenam meke pal banda gena post dana aya okkoma job ekata post dana aya wenna one. mama kale kagena owa dammata mata kisi wadak naha. ham thissema news check karana eka ledak wage abbahi wela ban wadath padu wenawa :sorry:
    you are correct mate...
    you get addicted....

    to give your ass hole to sirikotha ppl to hump ...:sorry:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කතාකරන ඒවා ඔක්කොම අහගෙන ඉඳල නෙ :baffled: මට පේන්නේ බැසිල් ගේ ගෙදර ඉන්න බල්ලා හරි පූසා හරි බිත්තියේ බඩගාන හූනෙක් හරි තමා මේ විස්තර දෙනවා ඇත්තේ :yes:

    :rofl:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Ane ammapaa.. me UNP ponnayinta lejjawak kiyala ekak nethi heti. Alle pelawena boru gotha gotha nikaan p*ke tinkiri gaagannawa...!! Paw anaathayo tika.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    Menna Mahinda Pathirana kiyana Basil ge golaya kiyana eka :lol:

    2019 අපේක්‍ෂකයා කවු ද?
    =================
    මෙය යථාර්තවාදීව තේරුම්ගත යුතු කාරණයකි. මහින්ද කඳවුර විසින් තාමත් 2019 සඳහා ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකු තෝරා පත් කරගෙන නැත. එසේ තෝරා ගන්නේ නම් එය සිදු වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ මහින්ද බලවේගයේ ජාතික සම්මේලනයක දී ය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණ අපේක්‍ෂකයින් තෝරා පත්කර ගන්නේ එවැනි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම හරහා නිසා ය. තවත් ක්‍රමයක් නම්, පසුගිය හංසයා පක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා තෝරාගත් ක්‍රමයයි. එසේ සිදු වන්නේ නම්, එය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු සිදුවන දෙයකි. මේ කුමන තත්වයක් යටතේ හෝ ජනපතිවරණ අපේක්‍ෂකයෙකු තෝරා ගැනීම සඳහා මේ වන තෙක් බලවේගය තුළ හෝ පක්ෂය තුළ කිසිදු සාකච්ඡාවක් සිදු වී නැත. එම පසුබිමෙහි ඇතැම් සුළු පක්‍ෂ නායකයින් විසින් තම අභිමත අපේක්‍ෂකයා ප්‍රකාශයට පත් කිරීම සඳහා ප්‍රසිද්ධ මාධ්‍ය හරහා ක්‍රියා කර තිබීම අවාසනාවන්ත කාරණයකි. එය අවාසනාවන්ත වන්නේ, මෙම අපරිණත ප්‍රකාශ මහින්ද කඳවුර බෙදා වෙන් කිරීම සඳහා ප්‍රතිවාදීන් විසින් කළ සැලසුමකට හිතා මතා හෝ නොදැන හසු වී තිබෙන හෙයිනි.

    අපගේ අනභිබවනීය නායක මහින්ද රාජපක්‍ෂ මහතාට මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි පසුබිමක, ඉතිරි වන්නේ බැසිල් රාජපක්‍ෂ මහතා හෝ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ය. එම දෙපලගෙන් අප අපේක්‍ෂකයා කවුදැයි වේලාසන ප්‍රකාශ ඉදිරිපත් කිරීම දේශපාලනික ව මෙන්ම මූලෝපායිකව ද සුදුසු නැත. එහෙත්, පළාත් පාලන මැතිවරණයට පසු දින ඒකාබද්ධ විපක්‍ෂයට අයත් එක්තරා සුළු පක්‍ෂයක නායකයෙකු විසින් ප්‍රකාශ කළේ තම අපේක්‍ෂකයා ගෝඨාභය බව ය. ඔහු එම ප්‍රකාශය ෆේස්බුක් තුළ මුදල් ගෙවා ප්‍රචාරයට ද කටයුතු කර තිබෙනු දුටුවෙමි. දැන් තවත් පක්‍ෂ නායකයෙකු එය ප්‍රසිද්ධ පුවත්පතක් හරහා සිදු කොට තිබේ. මේ හදිසිය කා සඳහා ද?

    අවම වශයෙන් මේ පිළිබඳ බලවේගය නියෝජනය කරන නායකයින් අතර අභ්‍යන්තර සංවාදයක් හෝ පවත්වා නැත. අප බලවේගයේ උත්තරීතර නායකයා මහින්ද රාජපක්‍ෂ බවට කිසිවෙකුට කිසිදු සැකයක් නැත. එම නායකයා පවා මේ පිළිබඳ මාධ්‍ය තුළ හෝ ඉන් පිටත අදහස් දක්වා ද නැත. ඔහු සිතනු ඇත්තේ එය ක්‍රමානුකූලව සිදුවිය යුතු දෙයක් මිස මාධ්‍ය අවකාශවල සිදුකරන වීර ප්‍රකාශ තුළින් සිදු නොවන බව ය.

    ඉහත තත්වය තව තවත් ගැටළුකාරී කරන කාරණයට මම එමි. එනම්, මහින්ද බලවේගය දේශපාලන මූලෝපායන් ඔස්සේ සංවිධානය කරනු ලබන්නේ හා මෙහෙයවන්නේ, බැසිල් රාජපක්‍ෂ මහතා ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරමින් එය ඉතා කෙටි කාලයක් තුළ ජයග්‍රහණය කරා මෙහෙය වූ ඔහු බලවේගය තුළ විශාල මතවාදී හා මූලෝපායික තීන්දු පිළිබඳ බලපෑම්කාරී චරිතයකි. යට කී පිරිස් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් අපේක්‍ෂකා ලෙස නම් කරන විට බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් මේ පිළිබඳ විමසා සිටීමේ යුතු කමක් මතු නොව වගකීමක් ද තිබුණි. ඔහු කජු ඇට කොස් ඇට ද?
    :lol: ඍජු හා විනිවිද පෙනෙන හා ප්‍රායෝගික තීන්දු ගන්නා බැසිල් රාජපක්‍ෂ නොසලකා හැර මෙවන් ප්‍රකාශ රටට කළේ ඔහු කලකිරීමට, අසීරුවට හෝ කුපිත කිරීමට ලක් කොට බලවේගය තුළ ගැටුම් නිර්මාණය කිරීමේ අදහසින් ද? මේ අතර, පසුගිය දා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ම පුවත්පතකට ප්‍රකාශ කොට තිබුණේ, තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, ඒ සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා හා බැසිල් රාජපක්‍ෂ මහතා ඊට අනුමැතිය දිය යුතු බව ය. එය ඥානවන්ත ප්‍රකාශයකි. මන්ද උත්තරීතර නායක මහින්ද රාජපක්‍ෂ හා දේශපාලන නායක බැසිල් රාජපක්‍ෂ යන මහත්වරුන් විසින් මෙම බලවේගය විශාල පරිශ්‍රමයක් දරමින් සංවිධානය කර තිබෙන පසුබිමක, ගෝඨාභය මහතාට හෝ හිතුවක්කාරී ලෙස අපේක්‍ෂකයා තමා ලෙස ප්‍රකාශ කළ නොහැකි ය.

    ඇත්ත වශයෙන් ම මෙම අපේක්‍ෂක හඳුන්වාදීම් දාමයේ අරමුණ වන්නේ බලවේගයේ සංවිධායක මෙන් ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර ඝර්ෂණයක් (friction) ඇති කිරීම සඳහා ය. අපි මෙම තත්වය කලක සිට හඳුනාගෙන ඇති කරුණකි. එවැනි සැලසුම් මීට කලින් ද තිබී ව්‍යර්ථ කර දැමුණි. මේ අතර, අපගේ පසුගිය සමයේ අතැම් ප්‍රතිචාර අහඹු හා හුදකලා ඒවා නොව, ගැඹුරු සැලසුමක තතු දැන කළ සවිඥානික ඒවා බව බැරැරුම් ලෙස සිතන ඔබට ඉඟි කරමි. ඒ අනුව, මෙම තත්වය උදා කරනු ලබන්නේ ගෝඨාභයට ආදරයෙන් ගෝ රටට ආදරයෙන් නොවන බව කියමි. එසේ වූයේ නම් කරන්නේ සියළු දෙනාගේ අනුමැතිය හා එකඟතාව සහිතව ගැටුම් ඇති නොවන ලෙස මෙය සිදු කිරීම ය. අමතර වශයෙන් කිය යුත්තේ රාජපක්‍ෂ පවුල තුළ ගැටුම් ඇතිකර, ඔවුන් බෙදා පරාජය කොට අවසානයේ රාජපක්‍ෂවරුන් දේශපාලනයෙන් අතුගා දැමීමේ සැලසුම කිසිදා සාර්ථක කර ගැනීමට අප ඉඩ නොතබව බව ය. තව ද රාජපක්‍ෂවරුන්ගේ සහෝදර බැඳීම අපට සිතීමට වුව නොහැකි තරමට ගැඹුරු බව ද කියමි.

    මේ අතර, ජනපතිවරණයට තව වසර එක හමාරකට වඩා තිබේ. ඒ අතර තුර බොහෝ දේ වෙනස් විය ද හැක. මහින්ද රාජපක්‍ෂ මහතාට නැවත ජනපතිවරණයට ඉල්ලීමට අවස්ථාවක් එන්නට ද පිළිවන. එවිට කිසිදු ගැටළුවක් නැත. තව ද රටේ තත්වය ද නොසිතූ ලෙස වෙනස් විය හැකි ය. එම වෙනස් වූ මොහොත විසින් ඉල්ලා සිටින අපේක්‍ෂකයා අපට දැන් ම ම කිව නොහැකි බව ප්‍රායෝගික යථාර්තයකි.

    2019 ජනපතිවරණය සඳහා ගෝඨා හෝ බැසිල් යන දෙදෙනාගෙන් කවුරුන් පැමිණිය ද එම බලවේගය පූර්ණ වශයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ බලවේගයක් විය යුතු බව අපගේ තිර විස්වාසයයි. මන්ද, එම සටනේ ජයග්‍රහණය පවතින්නේ මහින්ද නිසා මිස, බැසිල් හෝ ගෝඨා නිසා නොවේ. ලක්දිව ජනහදවත් තුළ ඇට මස් ලේ නහරවලට කිඳා බැස ඇති නායකයා මහින්ද ය. එය අනුල්ලංඝණීය වේ. ජනපතිවරණය බැසිල් හෝ ගෝඨා ආව ද ඒ එන්නේ මහින්දගේ නියෝජිතයා ලෙස මිස, බැසිල් හෝ ගෝඨා ලෙස නොවේ. එවැනි තත්වයක, ඉදිරි ජනපතිවරණ අපේක්‍ෂකයා ලෙස එන්නේ බැසිල් ද ගෝඨා ද යන්න එම පවුල තුළ ද අනිවාර්යෙන් සාකච්ඡා විය යුත්තකි. එය සියළු දෙනාගේ සහාය නොවඩුව ලබා ගැනීමට මහගු පිටුවහළකි. මන්ද මහින්ද, බැසිල් හා ගෝඨා යනු එකිනෙකාගෙන් වෙන් කළ නොහැකි ලෙස බැඳී තිබෙන චරිත තුනක් නිසා ය. මොවුන්ගේ ශක්තිය පවතින්නේ ද ඔවුන්ගේ මේ අවියෝජනීය බැඳීම තුළ ය. එම තත්වය උදාවනු තුරු පොදු පුරවැසියා නොව, බලවේගයේ නියෝජිතයින් තම පුද්ගලික නොමනාපකම්/නොරිස්සුම් හෝ කූට සැලසුම් මත මීට ‘හොට නොදා’ සිටීම රටට සැපකි.


    - https://www.facebook.com/mahindapp/posts/10213880391336601
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    ගෝඨා සුලග …හදන්න ගිහින් විමල් ඇනගනී….ඒකාබද්ධය දෙකඩ කරමින් බැසිල් -විමල් ගල උඩ සටනක ..දෙකෙන් එකක් බේරාගන්න බැසිල් විමල්ව කැදවයි…

    නුගේගොඩින් අරඹමු අරගලය… නමින් මාර්තු 7 වැනිදා පැවැත්විමට යන ගෝඨා සුලග පිළිබඳව මහින්දගේ ඒකාබද්ධ කල්ලියට නාස් ලණුව දමා පොහොට්ටුව බවට පත්කර විශාල ජයග්‍රහණයක් ලබා දි ජනපති සටනට පාර කපාගත් බැසිල් රාජපක්ෂ අර්බුදයකට ලක්ව සිටින බව lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

    පළාත් පාලන මැතිවරණයට පෙර අලුයට තිබු විමල් -බැසිල් ගැටුම මැතිවරණය අවසන් විමත් සමග් උග්‍ර අතට හැරුනු අතර මේ පසුගියදා ගැටුමේ උච්චතම අවස්ථාව වුයේ විමල්ට බැසිල් දුරකතයෙන් අම්බානකට දොස් කිමත් සමගය.

    පළාත් පාලන මැතිවරණයෙන් බැසිල්ගේ පොහොට්ටුව අනපේක්ෂිත විශාල ජයග්‍රහණයක් ලැබිමත් සමග විමල් යටතේ ඔහුගේ ග්‍රහණයේ සිටි මහින්ද සම්පුර්ණයෙන්ම ගිලිහි ගිය අතර ගෝඨාභය හැරෙන්නට විමල් සහ ඔහුගේ අපාය සහයක මිතුරා වන ගම්මන්පිල සමග වැඩි ඇයි හොදයියක්ද නොමැති බවද වාර්තා වේ.

    මේ වනවිට 2020 ඉලක්ක කර ගත් විමල් බැසිල් ග්‍රහණයේ සිටින මහින්ද සහ 2020දි ජනපති කමට ඇහැ ගසාගෙන සිටින බැසිල් රාජපක්ෂ වෙනුවට ගෝඨාභය රාජපක්ෂ ගෙන එමට මාර්තු 7 වැනිදා යලිත් මහින්ද සුලග මෙන් ගෝඨා සුළග නුගේගොඩින් ආරම්භ කිරිමට සුදානම් කරමින් සිටින අතර ඒකාබද්ධයේ කිහිප දෙනෙකුම් හමුවු විමල් තමන්ගේ සැලැස්ම ගැන අනාවරණය කර තිබේන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

    ඒකාබද්ධයේ කැදවුම්කරු ගම්පහ මන්ත්‍රී ප්‍රසන්න හමුවු විමල් පවසා ඇත්තේ 2020දි ජනබලය ගෝඨාභයගෙන් පිට ගියහොත් වසර ගණනක් දුක් විදිමින් නිර්මාණය කරගත් දේශපාලන බලය එක දවසින් ගිලිහී යනු ඇති බවයි.

    ඒ හේතුවෙන් ඉක්මනින්ම ඒකාබද්ධයෙ නායකත්වයට ගෝඨාභය රාජපක්ෂ පත්කර ගත යුතු බවත් විමල් අවධාරණය කර තිබෙ.

    මේ අතර ඒකාබද්ධය විපක්ෂය සහ පොහොට්ටුව පක්ෂය විවේචනය කරමින් එය දෙකඩ කිරිම කටයුතු කරන විමල් විරවංශ් වහාම ක්‍රියාත්මක වන පරිදි බැසිල් රාජපක්ෂ අද සවස හමුවක් සදහා කැදවා තිබේ.සාමූහික ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකර විවිධ කල්ලි කණ්ඩායම් සැදිමට විමල් දරණ උත්සහය එහිදි දැඩි විවේචනයට ලක්වනු ඇති බවයි බැසිල්ගේ න්‍යායාචාරවරයෙකු lankaleaks දේශපාලන වාර්තාකරු සමග අනාවරණය කර ඇත්තේ.


    - http://www.lankaleaks.net/2018/02/24/628
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    බැසිල්ගෙන් උදයට කැපිල්ලක්

    දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්‍රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින් ඒකාබද්ධ ජනරැල්ලට උරදුන් පක්ෂ නායකයින් හට කැපිල්ලක් ක්‍රියාත්මක කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

    එහි පළමු ප්‍රහාරය එල්ල වූයේ පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිලටයි. ඊයේ (23) දින පැවති ඒකාබද්ධ පොදුජන පෙරමුණේ පක්ෂ නායක හමුව සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලට ආරාධනා කර නොමැති බව වාර්තා වේ. ඒ අනුව ගම්මන්පිල විසින් බැසිල් රාජපක්ෂ හට දුරකථනයෙන් අමතා සිය පක්ෂයට ආරාධනා නොකලේ ඇයි දැයි විමසා ඇත. එයින් උරණ වූ බැසිල් මෙසේ පවසා ඇත.

    ” මේකට ආරාධනා කලේ නැහැ කාටවත්, ඉල්ලීම් කරපු අයට විතරක් අවස්ථාව දුන්නා. අනික ආරාධනා කරන්න ඔයා කවුද ? ” යනුවෙන් විමසා ඇත.

    එවිට ගම්මන්පිල විසින් පෙන්වා දී ඇත්තේ තමන් එම කමිටුවේ සභිකයෙකු බවත් ඒ නිසා ආරාධනා කල යුතු නමුත් අවම වශයෙන් දැනුම් දීමට හෝ තිබුනු බවයි. එවිට බැසිල් විසින් උස් හඬින් පවසා ඇත්තේ ..

    ” ඔයා මම කවුරු කියලද හිතාගෙන ඉන්නෙ. මම එක එකාට දෙකට නැවෙන්න යන්නෙ නැහැ. ඒ මගේ හැටි. වැඩක් බලාගෙන ඉන්න, බැරිනම් යන්න. ” යනුවෙනි.

    එවිට උදය පවසා ඇත්තේ ” ඇයි ඔයා ඔච්චර සද්දෙන් කතා කරන්නෙ. අපි මොකක්ද කරපු වරද ” යනුවෙනි. එවිට නැවතත් බැසිල් පවසා ඇත්තේ ” ඔය සුලු පක්ෂවල අය මොනවද කලේ. මේක පොදුජන පෙරමුණේ ජන රැල්ල. අන්න ඒක තේරුම් අරගෙන වැඩ කරගෙන ඉන්නවා. ඔයාගේ නායකයටත් ඕක කියනවා ” යනුවෙනි

    එවිට නැවතත් ගම්මන්පිල පවසා ඇත්තේ ” කවුද මගේ නායකයා. මම පිවිතුරු හෙළ උරුමයේ නායකයා ” එවිට උරණ වූ බැසිල් ” විමල් වීරවංශ ” යනුවෙන් පවසා දුරකථනය විසන්ධි කොට ඇත.


    මේ සිද්ධිය පිළිබඳව ගම්මන්පිල විසින් දැඩි කලකිරීමට පත්ව ඇති බව වාර්තා වේ. මේ සිද්ධිය හිටපු ජනපතිවරයා දැනුවත් කිරීමට ඔහු උත්සාහ කලද, එයද ව්‍යර්ථ වූ බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරණයෙන් පරාජය වූ මොහොතේ බැසිල් සිය බිරිඳද කැටුව මෙරටින් පලා ගිය අතර, මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් නැවතත් ජනරැල්ලක් ගොඩනගා ජයග්‍රාහී මාවත දක්වා ගෙන ආවේ විමල්, දිනේෂ්, වාසු, උදය වැනි සෙසු පක්ෂ නායකින්ය. බැසිල් රාජපක්ෂ හට චෝදනා එල්ල වෙත්දී ගම්මන්පිල විසින් සිය මාධ්‍ය හමුවලදී පවා බැසිල් වෙනුවෙන් පෙනී සිටිමින් කරුණු දැක්වූ අයෙකු වේ. මේ ආකාරයට බැසිල්ගේ ඒකාධිපති සහ ගුණමකු ස්වරූපය හරහා බැසිල් ගමන් කරන්නේ කොතනටද යන්න නැවතත් විමසා බැලිය යුතුය.


    - http://sinhala.voiceofceylon.com/2018/02/බැසිල්ගෙන්-උදයට-කැපිල්ලක/
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    කතාකරන ඒවා ඔක්කොම අහගෙන ඉඳල නෙ :baffled: මට පේන්නේ බැසිල් ගේ ගෙදර ඉන්න බල්ලා හරි පූසා හරි බිත්තියේ බඩගාන හූනෙක් හරි තමා මේ විස්තර දෙනවා ඇත්තේ :yes:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    මෛත්‍රී-මහින්ද ‘රහසිගත මොණර නැටුමේ‘ අභ්‍යන්තර කතාව සහ රටේ අනාගතය

    ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් මෑතකදී මිලදී ගත් රු. කෝටි 16 ක් වටිනා Bentley Mulsanne Hallmark සුපිරි රථය පසුගිය සතියේ රාත්‍රියක පැජට් පාරේ මෛත්‍රීපාල සිරිසේනගේ නිවසේ ගේට්ටුවෙන් ඇතුළු විය. තම පුද්ගලික ආරක්ෂකයන් දෙදෙනෙකු සමග ඊට රහසේම නැංගේ අන් කිසිවෙක් නොව තම ජනප්‍රියත්වය සියේට 4 වැටී සිටින නමුත් තවමත් ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ය. සිරිසේන රැගත් ධම්මික පෙරේරාගේ සුපිරි රථය කෙලින්ම ගොස් නතර වූයේ කොල්ලුපිටියේ මල් පාරේ පිහිටා තිබූ ධම්මික පෙරේරාට අයත් සුපිරි නිවසක් ඉදිරිපිට ය. සිරිසේන බලාපොරොත්තුව එම නිවසේ සිටියේ අන් කිසිවෙකු නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ය.

    ජනාධිපති සිරිසේනත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂත් අතර පැවැති එම රහස් සාකච්ඡාව මේ වනවිට රටටම නොරහසකි. දැනට මේ පිළිබඳව හෙළි වී ඇති කරුණු අනුව පසුගිය පළාත් පාලන මැතිවරනයෙන් පසුව රාජපක්‍ෂ සහෝදරයන් අතර බල අරගලය ඉතාම උත්සන්න තත්වයකට පැමිණ ඇත​. ඒ බැසිල් හා ගෝඨාභය අතරය​. ජනාධිපති සිරිසේන ගේ ගෝඨා සිහිනය සාක්‍ෂාත් කරගැනීමට මේ අර්බූදය උපයෝගී කරගෙන ඇත​. සිරිසේන මහින්ද සාකච්ඡාව එහි තීරණාත්මක එකකි.

    19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව මහින්දට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත්විය නොහැක​. ඒත් ව්‍යවස්ථානුකූලව පළමුව පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණයයි. රාජපක්‍ෂලා සමඟ රහස් බල හුවමාරු ගණුදෙනුවක සිටින සිරිසේන ජනාධිපතිවරයා සිය ධූර කාලය වසර හයක් තිබේදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා ඇත්තේද මේ රහස් බලහුවමාරුවේ කොටසක් ලෙසිනි.

    සිය පක්‍ෂයේ කැබිනට් සංශෝධනයකින් තොරව, එජාප යේ පමනක් කැබිනට් සංශෝධනයද ඒ කුමන්ත්‍රනයේම කොටසකි.

    බැසිල් - ගෝඨා ගැටුම කරළියට
    ----------------------
    මහින්දගේ පොදු ජන පෙරමුණේ සිටින අන්ත දක්‍ෂිනාංශකයන් වන විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, ඩලස් ​සහ උදය ගම්මන්පිළ ඉතා තදින්ම පෙනී සිටින්නේ ඊළඟ ජනාධිපති අපේක්‍ෂකයා ගෝඨා විය යුතුය කියා ය. ඒ බව ඔවුන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇත​. මේ කණ්ඩායමට පොලොන්නරුවේ රොෂාන් රණසිංහ සහ මහින්දානන්ද ඇතුලු තවත් පිරිසක් ද සිටිති. එහෙත් බැසිල් ඊට තදින්ම විරුද්ධය​. රොෂාන් රණසිංහ විටෙකදී මහින්ද කණ්ඩායමෙන් ඉවත් වී ඇත්තේද මේ ගැටුමේ ප්‍රතිඵයක් ලෙසිනි. බැසිල් ගේ විරෝධය මතු වී ඇත්තේ ගෝඨා ජනාධිපති අපේක්ෂකයා වුවහොත් ඔහුට දෙමළ​, මුස්ලිම් ඡන්ද සහ කොළඹ සහ නාගරික මැද පාන්තිකයන් ගේ ඡන්ද නොලැබෙන්නේ යැයි යන සාධාරණ තර්කය මතය​. එමනිසා ඔහු ඒකාන්තයෙන්ම පරාද වන බව බැසිල් ගණන් හදා පෙන්වා දී තිබේ. ඒ බව සනාථ කරමින් බැසිල් වැඩි දුරටත් පවසා ඇත්තේ ගෝඨා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කරනා බවට රොෂාන් රණසිංහ පසුගිය පළාත් පාලන මැතිවරනයට පෙර පොලොන්නරුව දිස්ත්‍රික්කය පුරා ප්‍රචාරයක් ගෙන ගිය බවත් එම නිසා එම දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද පොහොට්ටුවට නොලැබුණු බවයි. බැසිල් එය සාක්‍ෂි සහිතව ගෙන හැර දක්වා ඇත​.

    එමෙන්ම බැසිල් මහින්ද පිළේ ගෝඨාවාදීන්ට දෝෂාරෝපනය කර ඇත්තේ පසුගිය පළාත් පාලන මැතිවරනයේ දී ගෝඨා සිටියේ ඇමෙරිකාවේ යනුවෙනි. මුලු මහත් ඡන්ද ව්‍යාපාරයම මෙහෙයුවේ තමන් බවත් එයට නාමල් ගේ අනුග්‍රහය හා අනුමැතිය ලබුනු බවත් ඔහු පවසා ඇත​. ගෝඨා ඇමෙරිකාවේ සිට නිවේදන නිකුත් කිරීම පමණක් කළ බවත් ලංකාවට ගොඩ බැස විමල්ලා ගේ මාධ්‍ය නඩය ලවා ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අදහස් විමසීම් කළ බවටද බැසිල් චෝදනා කර ඇත​. එයට සරිලන සේ ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමේ ප්‍රචාරයක් විමල් ගේ වෙබ් අඩවිය හරහා කළ බවද බැසිල් ​ගේ දෝෂාරෝපනයට ලක්ව ඇත​.

    මේ අතර​ ඩලස්ද තර්ජනාත්මක ස්වරූපයෙන් බැසිල්ට පවසා ඇත්තේ, මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සභාපතිවරුන්, උප සභාපතිවරුන් හා අනුපාත මන්ත්‍රීන් පත් කරන්නේ තමන්ට ඕනෑ පුද්ගලයන් බවයි​. ඒවාට ‘අත තියන්න එන්න එපා‘ යැයිද ඩලස් බැසිල්ට අවවාද කර ඇත​.

    පළාත් පාලන මැතිවරනයට පෙර ගෝඨා අත්ඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත්ව ඇත්තේ මෙම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඊට බැසිල්ගේ දේශපාලන සබඳතා මෙන්ම​ මුදල්ද පිටිවහලක් වී ඇත​. මේ බව දැනගත් ජනාධිපති සිරිසේන ඔහුව වහාම ඇමෙරිකාවට යවන ලද්දේ මහින්දගේ ද ආශිර්වාදය ඇතිවය​.

    බැසිල් සිරිසේන නයි මුගටි වෛරය

    ----------------------​
    බැසිල් හා ජනාධිපති සිරිසේන අතර පවතින්නේ කිසිසේත් සමහන්කළ නොහැකි වෛරයකි​. බැසිල් ජනාධිපති සිරිසේන හඳුන්වන්නේ රාජපක්‍ෂලාගේ අනාගතය විනාශ කළ​ ‘ද්‍රෝහියා, කුණකටුවා, දෙපිටකාට්ටුවා‘ නම් වූ වදන්වලිනි. එම නිසා බැසිල් සිටින්නේ ඔහු සමඟ කිසිදු සම්මුතියක් අවශ්‍ය නැතැයි යන දැඩි තීන්දුවක ය​. සිරිසේන සමග​ සම්මුතියක් නැතිවම පොහොට්ටුව ජයගත් බව දැන් යථාර්තයකි.

    රාජපක්ෂ යුගයේ ශ්‍රීලනිප මහ ලේකම් තනතුරෙන් සිරිසේන ඇමතිවරයා පහකර බැසිල්ගේ අතට එය ගැනීමේ උත්සාහයක් ද ක්‍රියාත්මක වී ඇත​. ඊට එරෙහිව කිසියම් ආකාරයක හෝ කැරැල්ලක් පක්‍ෂය තුළ සංවිධානය කළහොත් මෛත්‍රීපාලට ‘ජම්පරය අන්දවන බවටද‘ ඒ දිනවල බැසිල් පුරසාරම් කියා තිබේ. ඊටද සාක්කි බැසිල් සතුව තිබී ඇත.

    පසුගිය ජනාධිපති ඡන්දයෙන් පැරදී ජම්පරය අඳින්නට සිදුවුවත් සරත් ෆොන්සේකාට ජාත්‍යන්තර හා ජාතික තලයේ ලැබුනා වූ සහයෝගය ගැන බොහෝ දෙනෙක් සිරිසේන ඇමතිවරයාට​ පෙන්වා දී තිබේ.​ අවසානයේ නිමල් සිරිපාල කපා ජනාධිපති පොදු අපේක්‍ෂකයා වීමට ජනාධිපති සිරිසේන එකඟ වී ඇත්තේ බැසිල් - මෛත්‍රී ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසය. මේ නිසා මෛත්‍රී පක්‍ෂයෙන් එළවා දැමීමේත්, ජනාධිපතිවරනය පරාජය වීමේත් සියලු චෝදනාවන් ගේ එකම චූදිතයා වූයේ බැසිල්‍ ය​. ජනාධිපතිවරණ පරාජයෙන් පසු බරපතල චෝදනා තිබූ ගෝඨා ලංකාවේ රැඳෙද්දී බැසිල් වහ වහා ලංකාවෙන් පිටව ගියේ මේ හේතු කාරණා නිසා ය. හා බැසිල් - සිරිසේන අතර විරසකයට එතරම් දිගු ඉතිහාසයක් ඇත​.

    කෙසේ වෙතත් මේ ගැටුමෙන් මහත් අසරණභාවයට පත්ව ඇත්තේ මහින්දය​. ඔහුගේ ගෝලයන් වන වාසුදේව​, තිස්ස විතාරණ ඇතුළු කණ්ඩායම මේ දිනවල යටිබිම්ගතව සිටින්නේ මේ නිසාය​. ඔවුන් අතර වූ සාකච්ඡාවක දී වාසුදේව පවසා ඇත්තේ "කොහොමහරි ආණ්ඩුව පෙරළලා ජනාධිපතිවරනයට මහින්දව​ දමා ගන්න ඕන​. එහෙම වුනොත් හිරිකිතයකින් තොරව රතු ෂර්ට් එක ඇඳගෙන වේදිකාවට ගොඩවන්න පුලුවන්" කියා ය. මේ අනුව මහින්දගේ අවසාන තීන්දුව ලැබෙන තෙක් ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තරඟයට සහභාගී නොවීමටද ඒ වෙනුවට මහ මැතිවරණයක් ලබා ගැනීම සඳහා සිය ශක්තිය යෙදවීමටද වාසුදේව තිස්ස එකඟතාවයකට පැමිණ ඇත.

    පළාත් පාලන මැතිවරනයට මහින්ද සමඟින් එක්ව තරඟ වැදීමට ජනාධිපති සිරිසේන අන්තිම මොහොත දක්වා උත්සාහ කළේය. එ් අනෙකක් නිසා නොව සිය පරාජය ගැන ලද බුද්ධි අංශ වාර්තා නිසාය​. එමෙන්ම පොහොට්ටුව විශාල ජයග්‍රණයක් ලබන බවට බැසිල් කල්වේලා ඇතිව නිවැරදිව ගණන් හදා පෙන්වා දී තිබුනි. ජනාධිපති සිරිසේනගේ සියලු උත්සාහයන් ව්‍යවර්ථ වී ගියේ බැසිල්ගේ ගණන් හැදිල්ල නිසා ය.

    කරුණු එසේ වුවත් මැතිවරණයෙන් පසුව හෝ එක්වීම සඳහා තමන් ගේ ඇති සූදානම පෙන්විය යුතුයැයි ජනාධිපතිවරයාගේ ළඟ සිටින මහින්දවාදීන් බලකර ඇත​. තමන් පාර්ලිමේන්තුවේ රස්තියාදු වෙමින් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ බවට පහුගිය කාලයේ පුරසාරම් දෙඩූ ජනාධිපතිවරයා, ධූර කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත්තේ ඒ සූදානම පෙන්වීමට ය​. ඒ උත්සාහය හරි ගියා නම් ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වා මහින්දට අගමැතිකම ලබාදීම හා පාර්ලිමේන්තුවට විධායක බලය ලබාදීමට එකඟතාවය පළකර ඇත​. එහෙත් එය පරාජය වූ නිසා ගෝඨා ජනාධිපති අපේක්ෂකයා කිරීමට ඉඩදෙන ලෙස ජනාධිපති සිරිසේන රාජපක්‍ෂලාට දිගින් දිගටම ඇවිටිලි කරමින් සිටී.

    පළාත් පාලන මැතිවරණයේදී එජාපයට හැකි වෙර යොදා පහර දුන්නේත්, මැතිවරණය මුවවිට දී බැඳුම්කර ප්‍රශ්ණය මත අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේද රාජපක්‍ෂලා සමඟ එකඟතාවක් සාදා ගැනීමේ පරම අභිලාෂයෙනි. එහෙත් මේ කිසිවක් ඵල දැරුවේ නැත​.

    ජනාධිපති සිරිසේනගේ අන්තිම තුරුම්පුව
    ----------------------
    මේ කිසිවකින් සිය උත්සාහය අත් නොහළ​ ජනාධිපති සිරිසේන ඡන්දයෙන් පසුව රනිල් අගමැති කමින් එළැවීමට උත්සාහ කළද එයත් වැරදී ගියේ ය. අවසාන තුරුම්පුව ලෙස එළියට දමා ඇත්තේ එජාප යේ පමණක් වූ කැබිනට් සංශෝධනයි. එහි ආසියා "නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය" යි. තමන් සමඟ මහින්ද සාකච්ඡාවට නොඑන්නේ නම් නීතිය හා සාමය අමාත්‍යංශය ෆොන්සේකාට දෙන බවට ජනාධිපති සිරිසේන රාජපක්ෂ කඳවුරට දන්වා ඇත​. එකඟතාවයකට නොඑන්නේනම් රාජපක්ෂ පවුලේ සියලුදෙනාටත්, චෝදනා ඇති මහින්දවාදීන් සියලු දෙනාටත් ‘ජම්පර ඇඳීමට සූදානමින් සිටින ලෙසද‘ දන්වා ඇත​. චෝදනා ඔප්පුවීමේ සම්භාවිතාව​ ගැන අවශ්‍ය නම් නිතිපතිවරයාගෙන් විමසන ලෙසද සිරිසේන දැනුම් දී තිබේ. මෙයින් කලබලයට පත් රාජපක්‍ෂලා ජනාධිපති සිරිසේන හමුවීමට තීරණය කර ඇත​. පසුගියදා ධම්මික පෙරේරාගේ නිවසේ දී මහින්ද-මෛත්‍රී හමුවක් සිදුවූයේ ඒ අනුව ය. මේ කරුණු මෛත්‍රී මහින්දට දන්වා ඇති අතර තම අවසාන තීන්දුව දැනුම්දීමට මහින්ද කල් ඉල්ලා ඇත.

    ගෝඨා අත් අඩංගුවට ගැනීමට එරෙහි වාරණ නියෝග දීර්ඝ වන්නේත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය තවමත් ගෝල් කණුව අභියස තිබෙන්නේත් මේ හේතු නිසා ය. ​නීතිය හා සාමය අමාත්‍යංශයේ දිවුරුම් දෙන්නේ කවුද යන්න හා 2015 ජනවාරි 08 යුක්තිය හා සාධාරණය බලාපොරොත්තුවූවන්ට එය ඉටුවේදැයි යන්න තීන්දු වන්නේ අද රාජපක්‍ෂලා ගන්නා තීරණය මතය​. රාජපක්ෂලා හා ජනාධිපති සිරිසේන සුහද කිරීම සඳහා අධික වෙහෙසක් දරන්නේ එදා රාජපක්ෂලාගෙන් වෙන් වී ආ අතුරලියේ රතන හිමියන් වීම පුදුමාකාර ය.

    රනිල් එළවීමේ ඝෝෂාව, එජාපය රටතුළ අප්‍රසාදයට හා අපකීර්තියට පත්කිරීමද රාජපක්‍ෂලාගේ හොඳ හිත දිනාගැනීම වෙනුවෙන් ජනාධිපති සිරිසේන රඟන තවත් මොණර නැටුමකි. මහින්දවාදීන් රටපුරා කළකෝලාහල ඇති කරන්නේ ජනාධිපති සිරිසේනගේ මේ කුමන්ත්‍රණයට පින්සිදු වන්නටය​. ඒවා පිටුපස බොහෝවිට ඉන්නේ ගෝඨාවාදීන්ය​. බැසිල් මේවාට විරුද්ධය​. බැසිල්ගේ මතය වී තිබෙන්නේ ඉන්දියාවේ හොඳ හිත දිනාගනිමින්, යුරෝපයේ මෙන් නැතත් ලංකාවේද යම් පමණකට නිදහස් සමාජ වටපිටාවක් ගොඩ නැගිය යුතු බවයි.

    කෙසේ වෙතත් මේ මොහොතේ ජනාධිපති සිරිසේනගේ එකම ඉලක්කය වී ඇත්තේ, සිය ධූර කාලයෙන් පසු රාජපක්‍ෂලාගේ දඬුවමින් මිදී "පිබිදූ පොලොන්නරුව" ට වී සැඳෑ සමය ගත කිරීමට සැලසුම් දමා ගැනීම ය​. ඒ වෙනුවෙන් ඔහුත් සමඟ ශ්‍රීලනිප යෙන් එළියට පැමිණි ඕනෑම කෙනෙකු හෝ ජනවාරි 08 සියලු පොරොන්දු හෝ පාවා දීමට ඕනෑම මොහොතක ඔහු සූදානම්‍ ය ​. විධායක ජනාධිපතිවරයෙක් වුව පළාත් පාලන මැතිවරණයේදී සියේට හතර වැටීමෙන් වූ ​කළකිරීම​ ඔහුගේ කෝපය හා පළි ගැනීම වඩා තීවෘර කර ඇත​.

    ටෙරල් දුනුසිංහ විසිනි


    - https://www.facebook.com/lankaenews/posts/1793061700758987
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    නිෂ්පාදනය සහ අද්යක්ෂණය monson හූනා විසිනි.......

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    කතාකරන ඒවා ඔක්කොම අහගෙන ඉඳල නෙ :baffled: මට පේන්නේ බැසිල් ගේ ගෙදර ඉන්න බල්ලා හරි පූසා හරි බිත්තියේ බඩගාන හූනෙක් හරි තමා මේ විස්තර දෙනවා ඇත්තේ :yes:

    :lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    බැසිල් රාජපක්ෂ, 2018-06-15:

    "ජාතික ආරක්ෂාවේ නාමයෙන් පුද්ගල නිදහස ඉක්මවා යෑම නොකළ යුතු දෙයක්. රතුපස්වල සිදුවීම, හලාවත සිදුවීම, කටුනායක සිදුවීම අපගේ ආණ්ඩු කාලයේ වූ සීමා ඉක්මවා යෑම්. පුද්ගලයින් ගස් බැඳි අය පවා අපේ ආණ්ඩුවේ සිටියා. අපි ඒ ගැන කණගාටු වෙනවා."



    :cool:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    නිෂ්පාදනය සහ අද්යක්ෂණය monson හූනා විසිනි.......

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    අදාල නෑනෙ. මහින්ද චන්දෙ දෙන්න කියන්නෙ කාටද ඌට කතිරෙ ගහල එනව ගෙදර :rofl: