2022 නරක වෙන්න විදියක් නෑ..

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,890
    8,252
    113
    දෙමවුපියන් ඉන්නවනම් පුලුවන් උපරිමයෙන් ඔවුන්ට සලකන්න, සහෝදරයන්ට, ඔවුන්ගේ දරුවන්ට, නෑදෑයන්ට, මිතුරන්ට අවන්කව ආදරය කරන්න, කෙනෙකුට කරදර වෙලාවට ප්‍රතිඋපකාර බලාපොරොත්තු නොවී උපකාර කරන්න. විසඳන්න බැරි ප්‍රශ්න අවබෝධ කරගෙන ඈත් වෙන්න. වයිරය තවත් ලන් වීමක් බව අවබෝධ කරගන්න. නරක දෙයක් වෙනකොට කර්මය අවබෝධ කරගෙන , තවත් පවු එකතු කර ගැනීමෙන් වලකින්න. මහන්සියට ප්‍රතිඵල නැති වුනාම කෙටි පාරවල් තෝරගන්න එපා. ආදරය කරන්න. ඒත් තනියම ජීවත් වෙන්න.. උරහිසක වැටෙන්න හිතනවට වඩා උරහිසක් දෙන්න හිතන්න. අපි හොයන දේ තමයි හම්බ වෙන්නෙ. වපුරන විදියට තමයි අස්වැන්න ලැබෙන්නෙ.

    ජීවිතේ ප්‍රාතිහාර්ය සිද්ද වෙන්නෙ ඉඳ හිට. ඒ නිසා ගත්ත තීරණ වල වගකීම් වැඩිහිටියන් විදියට දරන්න.. අරයා ජීවිතේ වැරැද්දුවා, මෙයා ජීවිතේ වැරද්දුවා කියල ඇඟිල්ල දික් කරන්න කවදාවත් අරයවත් , මෙයා වත් අපිට වඩා ප්‍රභල නැහැ,එයාලත් අපි වගේම දුක් විඳින ජාතියක්. යතුර හැම වෙලේම තියෙන්නෙ අතේ, දොර අයිති ඔයාට. උත්සාහ කරන්න, කාලය කලමනාකරණය කරන්න..

    2022 නරක වෙන්න විදියක් නෑ..
    ALL THE BEST
     
    • Like
    Reactions: cat123