2025 න් පස්සේ ඉපදෙන Gen Beta බබාලා

SiEHRA

Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    • Generation එකක් කියන්නේ මොකද්ද ?

    Generation එකක්, සිංහලෙන් කියනවා නම් පරම්පරාවක් කියලා හඳුන්වන්නේ යම් නිශ්චිත කාල පරිච්ඡේදයක උපන් සහ ජීවත් වන මිනිසුන්.

    මේ එක එක කාල පරිච්ඡේද වල ඉපදුන මිනිස්සු Generations කිහිපයකට වර්ග කරලා තියෙනවා. ඒ විදිහට වර්ග කරන්න විවිධ මනෝ විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක කරුණු හේතු වෙලා තියෙනවා. උදාහරණ විදිහට කිව්වොත් ඒ මිනිස්සුන්ගේ ජීවන අත්දැකීම්, හැසිරීම් සහ භාවිත කරන තාක්ෂණයන් වගේ දේවල් සලකන්න පුළුවන්.

    • ඉතිං මෙන්න මේ විදිහට Generations වර්ග කරලා තියෙනවා.

    1. Greatest Generation : 1901-1927.
    2. Silent Generation : 1928-1945.
    3. Baby Boomers : 1946-1964.
    4. Generation X : 1965-1979.
    5. Millennials : 1980-1994.
    6. Generation Z : 1995-2009.
    7. Generation Alpha : 2010-2024.
    8. Generation Beta : 2025-2039.

    මේ උඩින් තියෙන ලිස්ට් එකට 2025 අවුරුද්ද ලබනවාත් එක්කම අලුතෙන් එකතු වුනේ Generation Beta.

    ඒ කියන්නේ 2025 ජනවාරි 1 වෙනිදා ඉඳන් 2039 දෙසැම්බර් 31 වෙනිදා වෙනකන් ඉපදෙන බබාලා අයිති වෙන්නේ Beta Generation එකට. එතකොට අපි මේ දැන් භාවිතා කරන තාක්ෂණයයේ අත්දැකීම, මේ තියෙනවට වඩා තවත් දියුණු වෙලා Generation Beta ළමයින්ට තමන්ගේ ජිවිතේ කුඩාම අවදියේ ඉඳන් ලබාගන්න හැකිවෙනවා.

    • අපි අනිත් Generations වර්ග ගැනත් ටිකක් හොයලා බලමු!

    1. Greatest Generation. (1901-1927)

    ඇමරිකානු සියවසේ ඉපිද දෙවන ලෝක යුධ සමයේදි සටන් කළ සහ එහි ජයග්‍රහණයේ කොටස්කරුවන් වූ පිරිස Greatest Generation (ශ්‍රේෂ්ඨතම පරම්පරාව) ලෙස හඳුන්වනු ලැබේ.

    2. Silent Generation. (1928-1945)

    නිහඬ පරම්පරාවේ මෙයාලටත් දෙවන ලෝක යුද්ධ සමයේ අත්දැකීම තියෙනවා. ඒ වගේම ඉතාම අභියෝගාත්මක ජීවිතයක් ගත කරපු අය. 1945 ට කලින් ඉපදුනු මෙයාලට Builders ලා කියලත් කියනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ අභියෝගාත්මක කාලයක සමාජයේ බිහිවීමට දැක්වූ දායකත්වය නිසා. ඔවුන්ට දැන් වයස අවුරුදු 80 ට වැඩියි.

    3. Baby Boomers. (1946-1964)

    දෙවන ලෝක යුද්ධ සමයෙන් පසුව ඉපදුනු අය තමයි මේ. මෙයාලට Baby Boomers ලා කියන්න හේතු වෙලා තියෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු සිදුවූ උපත් අනුපාතිකයේ සැලකිය යුතු වැඩිවීම නිසා. ඔවුන් දැන් ඉන්නේ වයස 61-79 අතරේ.

    4. Generation X. (1965-1979)

    දෙවන ලෝක යුද්ධය අවසන් වී වසර 20 කින් පසුව ඉපදුණු පිරිස අයිති වෙන්නේ Gen X එකට. මෙයාලත් අභියෝගාත්මක ජීවිතයක් ගත කරපු අය.

    5. Millennials. (1980-1994)

    1980 ත් 1994 ත් අතර ඉපදුනු මෙයාලට Generation Y කියලත් කියනවා. පරිඝණකය, අන්තර්ජාලය එක්ක තාක්ෂණයේ දියුණුව පටන් ගන්න කාලයක තමයි මෙයාලා ඉපදුනේ.
    (මේක ලියන මගේ අයියලා අක්කලා තමයි ඔයාලා 😉)

    6. Generation Z. (1995-2009)

    1995 ත් 2009 ත් අතර කාලයේ ඉපදුනේ මෙයාලා. තාක්ෂණයේ සැලකිය යුතු දියුණුවක් එක්ක ඩිජිටල් ලෝකයේ ඉපදුනු මෙයාලා අයිති වෙන්නේ Generation Z එකට එහෙමත් නැත්තන් Gen Z එකට.
    (මේ ලිපිය ලියන මම අයිති වෙන්නෙත් Generation Z එකට 🤠)

    7. Generation Alpha (2010-2025)

    2010 ත් 2025 ත් අතර කාලයේ තාක්ෂණයේ විප්ලවීය දියුණුවත් සමඟ ඉපදුනු අපේ නංගිලා,මල්ලිලා, පුතාලා, දුවලා අයිති වෙන්නේ Gen Alpha එකට. මෙයාලගෙන් හුඟක් අයට තමන්ගේ කුඩා අවදියේදීම ස්මාට්ෆෝන් එකක අත්දැකීම ගන්න පුළුවන් වුණා.

    ඔන්න ඔය විදිහට තමයි Generations වර්ග කරලා තියෙන්නේ.
    (සැ.යු : ඉහත සඳහන් කර ඇති සමහර Generations හී ආරම්භක සහ අවසන් වර්ෂයන් වසරක කාලයකින් පමණ වෙනස් විය හැකිය.)

    ඉතිං ඔයා අයිති මොන Generation එකටද ? Comment කරගෙන යන්න! 🤠

    ✒️ ලිව්වේ | Naween Thanuja (2025.01.01)
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Untitled-design-2-jpg.webp