2025-හරියටකියපල්ලා

ජනපති වියයුත්තේ

  • පොහොට්ටුව - සර්

    Votes: 13 25.5%
  • සජබෙ - පුතානෝ

    Votes: 1 2.0%
  • මාලිමාව - ලපයා

    Votes: 11 21.6%
  • විකල්ප - නාගයා

    Votes: 6 11.8%
  • විකල්ප - සෙන්සරේ

    Votes: 1 2.0%
  • විකල්ප - සිධ්දාලේප වෙදමහත්තයා

    Votes: 19 37.3%

  • Total voters
    51

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    හැමෝම පෝස්ල් දාන එකේ මාත් හිතුවා එකක් දාන්න
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    ezgif-1-27e137be149f.jpg
     
    • Like
    Reactions: CAPITHAN

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    නාගානන්ද ලොක්කට හාට් ඇටෑක් එකක් ඇවිල්ලා හොස්පිටල් ඇඩ්මිට් කරලා. මං දැක්කා FB live එකක්.
     
    • Like
    Reactions: vinuga

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    ලංකාවේ දේශපාලන ඉතිහාසය ගත්තොතින් එහෙම හැමවෙලාවකම දිනුම ගිහිල්ලා තියෙන්නේ ඒ වෙලාවේ තිබුණු ප‍්‍රධාන පක්ෂ 2න් එකකට. ඒ නිසා, 2025ත් වෙනසක් වෙයි කියලා හිතන්න අමාරුයි. ගිය සැරේ අනුර 3 වෙනි බලවේගය වේවිය කියලා ගොඩක් දෙනා කිව්වට අන්තිමට වුන දේ දැක්කනේ? ලංකාවේ මිනිස්සු අවසන් මොහොතේ දී, හේත්තු වෙන්නම ප‍්‍රධාන පක්ෂවලට.

    මම හිතන්නේ ලබන සැරෙත් පොහොට්ටුවටම යාවි. හැබැයි ගෝඨාභයට නම් ආයෙත් වතාවක් අවස්ථාව ලැබෙන එකක් නැහැ. බොහෝවිට බැසිල් හෝ නාමල් (වෙන්න පුලුවන් ඉඩක් තියෙනවා) ඉදිරියට දාවි. මේ දෙන්නටම තියෙන ඡන්ද පදනම අඩුවෙන් තකන්න බැහැ. තවම ආණ්ඩුවට අවුරුදු 2ක් වත් නැති එකේ, මේ කරලා තියෙන මෝඩකම් මිනිස්සුන්ට අමතක කරවන්න තව ඔ්නා තරම් කාලය තියෙනවා.

    සමගි ජනබලවේගය ආයෙත් එක්සත් ජාතික පක්ෂය එක්ක එකතු වෙන්නත්, අනෙක් පැත්තෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ආයෙත් ශක්තිමත් වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි ඒ ගැන කියන්න කල් වැඩියි තවම.

    විකල්පයටත් කාලය තියෙනවා හොදට ගොඩනැගෙන්න. නමුත් ඒක එහෙම වෙන බවක් පේන්න නැහැ. ඔක්කොම සමාජ මාධ්‍යවලින් බලලා කියන්න බැහැ, විශේෂයෙන්ම විකල්පයේ පැවතීම හෝ නොපැවතීම ගැන. ජනතාවගේ වුවමනාව විකල්පය නම්, ඒ විකල්පයට දැන් දැන්ම වැඩ කරන්න වෙනවා. ඒ විකල්පය ඔතන ඉන්න අය වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708

    Monama Paththaka Wath Kelin Wada karana Nayakayek na Penna oya inna eka Gobbayek hariyanne na :lol::lol: Naki Tika Elawala Danna one

    JVP Eketh na Naganadda Palle waththa Wadak na Kaiya Witharay :lol::lol: Katin bathala Nayakayo inne Okkoma
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    විකල්පයක් මැව්වත් ඌ පට්ට පවර්ෆුල් එකෙක් වෙන්න ඕනෙ. පෙර වැරදි නැති වෙන්න ඕනෙ. ඇත්තටම වෙනසක් කරන්න අවශ්‍යතාවයක් තියෙන්න ඕනෙ. නැත්තන් මුන් ටික ඌවත් මුන්ගෙම ජොකියෙක් කරගන්නව
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    Monama Paththaka Wath Kelin Wada karana Nayakayek na Penna oya inna eka Gobbayek hariyanne na :lol::lol: Naki Tika Elawala Danna one

    JVP Eketh na Naganadda Palle waththa Wadak na Kaiya Witharay :lol::lol: Katin bathala Nayakayo inne Okkoma
    ඡන්දය ළංවෙනකොට, බහුතරයට ඔ්වා අමතක වෙනවා මචන්.

    කවුද මගේ මතයට වඩාත්ම ගැලපෙන විදිහට වැඩකරන්නේ, කවුද මගේ සාක්කුවට කීයක් හරි දාන්නේ, කවුද මගේ දරුවට පාසලක් හොයලා දෙන්නේ, කවුද මගේ දරුවාට රස්සාවක් හොයලා දෙන්නේ, අනික් පැත්තෙන්, කවුද මගේ රට ජාතික ආරක්ෂා කරලා දෙන්නේ (හොදම දේ කියන්නේ මේ ගැටලුව මතු කරන්නෙත් දේශපාලකයාමයි), ඔය වගේ කාරණා තමයි වැදගත් අපේ අයට.

    දේශපාලකයා මත පැවැත්මක් හදාගෙන ඉන්න අයව වෙනස් කරගන්නකන් අපිට වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ.