මෙහෙම දඩ ගැහුවහම ලන්කාවේ අනතුරු අඩු වෙනවා කියලා කියන්න බැහැ..යම් තරමක් අඩු වෙයී.. ඒත් මේකෙන් ගොඩක් අපහසුතාවට පත්වෙන්නේ දුප්පත් මිනිස්සු..සල්ලි තියෙන මිනිස්සු කොහොමහරි පොලිසියෙනුත් බේරිලා නීතියෙනුත් බේරිලා යයි..
රජයට සල්ලි ඕනේනම් නිෂ්පාදනය වැඩිකරලා සල්ලි හොයන්න තිබුනනේ..ඇයි මේ රටේ ජනතාවගේ සල්ලි වලින් විතරයි රටක් ගෙනියන්න හදන්නේ.. එහෙම මිනිස්සුන්ගේ සල්ලි වලින්ම විතරක් රට දුවනවානම් රජයක් මොකටද..?
අනිත් එක ඔය වැරදි කරහම හම්බවෙන සල්ලි ඔක්කොම රජයට හම්බවෙයිද..?
මිනිස්සු කොහොමහරි බලන්නේ 25000 දඩේ නොගෙව පොලිසියේ රාලහාමිට රුපියල් 5000ක් (උපරිම) හරි දීලා ෂේප් වෙන්න..(පොලීසි උසාවිගානේ රස්තියාදු වෙනවට වඩා ඒක ලේසි නිසා)
එතකොට මේ වැඩෙන් රජයට ආදායමකුත් නෑ..අනතුරු අඩුවෙන්නේත් නෑ..කොහේවත් ඉන්න රාලහාමිලා ටිකක් පෝසත් වෙනවා..
දැන් ඔය දඩේ අඩුකරන්න කිය කිය ස්ට්රයික් කරනවාට වඩා හොදයි රටේ ජනතාව ඔක්කොම එකතුවෙලා තමන්ගේ හාම්පුතුන්ට කියලා තමන්ගේ පඩිය වැඩිකරන්න ක්රියාමාර්ගයක් ගත්තොත්..
මොකද රටේ හැමදේම වැඩිකරත් මිනිස්සුන්ගේ පඩිය වැඩි වෙන්නේ නැති නිසා.. Senior Member ACHIK විසින් දමා තිබුණු comment එකට මම එකග වෙනවා