Hornet
http://www.elakiri.com/forum/showthread.php?t=1494813
Jade
http://www.elakiri.com/forum/showthread.php?t=1509779
VTR
http://www.elakiri.com/forum/showthread.php?t=1492201
ඔය උඩ දාල තියන්නේ ඒ ඒ බයික් වලට අදාලව තියෙන reviews ටික.
කෙටියෙන්ම කිව්වොත් Steed හරියන්නේ නැහැ මොකද එක 400cc නිසා, Magna ඒකත් සාර්ථක නැහැ මොකද හැම තැනකටම හරියන්නේ නැහැ.ලොකු වලවල් එහෙම තියෙන පාරවල් වලට. අනික ඔය දෙකම cruiser type බයික්ස් දෙකක්.
ඔතන දක්වල තියෙන බයික්ස් වලින් Price n Maintenance අඩු, හොඳට fuel වැඩ කරන,Re sale valuve හොඳ එකම බයික් එක Volty. හැබැයි volty කියන්නේ single cylinder බයික් එකක් සහ SOHC (Single Over Head Cam) එකක් එන්නේ. වැඩේ තියන්නේ Suzuki හදපු සියලුම SOHC එන්ජින් වල head එකේ සද්ද එනවා කාලයක් යනකොට. එක ඉතින් නවත්තන්න බැහැ.හැබැයි volty එකට ඕන ටරම් බඩු තියෙනවා මොකද GN 250 එකේම එන්ජින් එක නිසා. හැබැයි ඉතින් එන්ජින් එක හැර අනිත් බඩු නම් ගොඩාක් හොයාගන්න නැහැ.නමුත් ප්‍රශ්නයක් නෑ.
ඔතන තියෙන Performance අතින් හොඳම බයික් එක තමයි Hornet එක නමුත් ඒකෙ ගැන ඉහලයි. අඩුම chassis (chassis 1000) ඒකත් 310 ක් වත් කියනවා අනිවාර්යෙන්.fuel නම් කරන්නේ 25kmpl. maintenance නම් වැඩි මොකද දැන් ටයර් එහෙම ගොඩක් ගණන් ගිහිල්ල තියෙන නිසා.
අනික් වැදගත්ම දේ මේ දවස් වල බයික් අඩු නිසා හොඳ ඒවා හොයාගන්න අමාරුයි. වැඩි හරියක් තියන්නේ ජරාවල් reconditioned කරලා.ඒ නිසා පරිස්සමෙන්.
VTR කියන්නේ සුපිරි බයික් එකක්.250cc range එක mid performance තියෙන හොඳටම fuel කරන බයික් එක වෙන්නේ VTR එක. කවුරු මොනවා කිව්වත් මම මේක කියන්නේ හොඳ අත්දැකීමකින්. මොකද මගේ ගාව 2003 හදපු සහ 2007 හදපු VTR බයික් දෙකක්ම තිබ්බා.දෙකම හොඳටම තිබ්බ 2003 එකේ ගත්ත එකා නම් ආයේ දෙන්නේ නැහැලු. අනිත් එක ගත්ත කෙනා නම් දන්නේ නැහැ.fuel කරනවා 34kmpl විතර පරිස්සමෙන් පද්දොත්. එක ගොඩක් තීරණය වෙන්නේ පදින කෙනා මත. කොටින්ම මම වැඩට ගියේ පවා VTR එකේ.
VTR ටිකක් හොයාගන්න අමාරුයි.හැබැයි සුපිරි VTR එකක් හරියට පැදපු කෙනෙක් කවදාවත් අවුලක් කියන්නේ නැහැ.
මට මගේ ජීවිතේ Honda Clubman, Honda Jade 100, Jade 120,CB4 2 meter, Hornet 100, VTR 2003 , VTR 2007 ඔන්න ඕව ඔක්කොම තිබ්බා. හැම එකක්ම මම අවුරුද්දක් විතර තියාගත්තා.ඒ අතරින් මගේ කැමතිම බයික් එක VTR.
Jade නම් ගන්න එඅ තේරුමක් නැහැ. මොකද Jade සහ Hornet chassis 130 ට අඩු බයික්ස් ඔක්කොම ගහල තියන්නේ 1998 වගේ කාලයේ. ඉතින් දැන් ඒවාට කොච්චර වයසද කියල හිතාගන්න.
හැබැයි ඉතින් ඒ වගේම හිතන්න Honda එහෙම නැත්නම් Japanese බයික්ස් කොච්චර durable ද කියල.



bike eka hodai awulak nee
dura yanna godak hoda bike ekak kiyala thama hitan kiyanna thiyenne
traffic eka assenuth naya wage daanna puluwan loku awulak ne 