අද ඔට්ටාවා උෂ්ණත්වය - 25 C යි. ලබන මැයි මස අන්තිමවනතෙක් කිසිදු වගාවක් පටන් ගන්නට තරම් කාලගුණික තත්වය යහපත් නැත. එහෙත් වෙලදපොලේ අර්තාපල් කිලෝ 4.4 ක බෑගයක් විකුනන්නේ 3 CDN $ ක මිලකටය. 1 CDN $ = 160 SL Rs ගත් කල අර්තාපල් කිලෝවක මිල SLRs 110 ක් පමණ වේ. එහෙත් 365 දවසෙම හිරු එළියත් ප්‍රසස්ථ උෂ්ණත්වයකුත් තියෙන ලංකාවේ අද දවසේ අර්තාපල් කිලෝවක වෙළද පොළ මිල කීයද ?? අපේ රටට මෙහෙම වෙන්න හේතුව රට පාලනය කරන මෝඩ උද්දච්ච පාලකයින්ගේ අමන තීරණත් ඒවා කිසිදු හිරිකිතයකින් තොරව සමාජ සදාරනිකරනය කරන ඊනියා උගතුනුත් නිසා නොවේද ?? මෙහෙම කියනකොට සමහරු කියාවි වසංගත තත්වය මේ සදහා බලපෑවා කියා. කිසිදු වසංගතයක් නැති කලෙක උවද ශීත කාලයේ හැදෙන FLU නිසා 7000 - 8000 ක් මියැදෙන කැනඩාවට ලෝකයේ වෙන රටවලට මෙන්ම කොරෝනා වසංගත තත්වය බලපෑවද වෙනත් රටවල( ලංකාවේ) මෙන් බාණ්ඩ මිල එතරම් විචලනය නොවිණි. / ජනවාරි 12 2022
FB උපුටනයකි.