450 ක් යන්ඩ ගිහින්..!
ගිය අය ආපහු එනවා කිව්වත්
මේ දක්වා ඇවිත් තියෙන්නේ
විශේෂඥ වෛද්‍යවරු පහක් පමණයි.
රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරු නැවත පැමිණීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වී ඇතැයි, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී.විජේසූරිය මහතා පසුගියදා ප්‍රකාශ කලද, සංඛ්‍යා දත්ත අනුව ඒ බව තහවුරු කිරීමට ඔහු අපොහොසත් ව තිබේ.
විශේෂඡ වෛද්‍යවරු රැසක් ආර්ථික අර්බුදයත් සමග රට හැර ගිය අතර, මේ දක්වා යළි පැමිණ ඇත්තේ ඉන් විශේෂඥ වෛද්‍යවරු පස් දෙනෙකු පමණක් බව ඩේලි මිරර් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කරයි.
පසුගිය වසරේ රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරු සංඛ්‍යාව හා සසදා බැලීමේ දී විශේෂඥ වෛද්‍යවරු පස් දෙනෙකු- යළි සේවයට වාර්තා කිරීම නැවත යහපත් තත්ත්වයක් උදා වෙමින් තිබෙනවා යැයි කීමට තරම් සාධාරණ තත්ත්වයක් නොවන බව, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ද පවසා තිබේ.
2022 වසරේ අග භාගයේ සිට මේ දක්වා විශේෂඥ වෛද්‍යවරු 450 කට ආසදන්න ප්‍රමාණයක් රට හැර ගොස් තිබේ. ඊට අමතරව, තවත් විශේෂඥ වෛද්‍යවරු 750 දෙනෙකු පමණ පුහුණු සැසි සදහා සහභාගී වීමට විදෙස්ගත වීමට සූදානමින් සිටින බව පැවසේ.