4th Dimension & Time Dilation

Boomslang

Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    giphy.gif


    කාල තරණය නැත්තං සිව්වන මානය ගැන තියන හොඳ චිත්‍රපටි මොනවද?
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    predestination - Mind Fucking story. මේක spoilers බලන්නේ නැතුව බලපන් අන්තිමට උඹව කරකවල අත්හැරිය වගේ තියෙයි

    back to the future 1985 වල ආවත් නියම movie එකක් . මමත් මේ ලඟදි HD Copy එකක් බැලුවේ Stephen Spielberg direct කරලා තියෙන්නේ.

    Day after tommorow - හොඳ action movie එකක් tom cruise ඉන්නේ

    තව ගොඩක්දැ තියනවා.නට මතක මෙච්චරයි

    Primer - මේක ටිකක් වෙනස් කතාවක්. බලද්දී ටිකක් කම්මැලි හිතුනොත් ටික ටික ඉස්සරහට යවල බලන්න . ගොඩක් complex. timeline 20 විතර තියනවා . මමත් movie එක බලල . අන්තිමට උනේ මොකක්ද කියල බලන්න movies ගැන explain කරන වෙනම site එකකට ගියා
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka

    මචන් ඔතන කියන තරම් සරල concept එකක් නෙමෙයි. ඒ වගේම ලේසියෙන් බොරු කරන්න පුළුවන් එකකුත් නෙමෙයි. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ගැන ටිකක් හොයල බලන්න. GPS Satellite වල තියන වෙලාව එක අපේ ප්ර්තුවියේ වෙලාවත් එක්ක වෙනස් වෙන්නේ ඇයි කියල ත් හොයල බලන්න.

    මට දැන් මේ ගැන සම්පුර්ණයෙන්ම ලියන්න වෙලාවක් නැහැ . වෙලාවක් හම්බුනොත් පස්සේ thread එකක් දාන්නම්
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    GPS Satellite වල තියන වෙලාව එක අපේ ප්ර්තුවියේ වෙලාවත් එක්ක වෙනස් වෙන්නේ ඇයි කියල ත් හොයල බලන්න.
    මචන් GPS satellite එක්ක අපේ වෙලාව වෙනස් වෙන්නේ ඔය හේතුවක් හින්ද නෙවෙයි නේද?
    ඔය අවුල හින්ද තමා atomic watch පාවිච්චි කරන්නේ
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මචන් GPS satellite එක්ක අපේ වෙලාව වෙනස් වෙන්නේ ඔය හේතුවක් හින්ද නෙවෙයි නේද?
    ඔය අවුල හින්ද තමා atomic watch පාවිච්චි කරන්නේ

    මචන් ඔකට දෙන්න පුළුවන් උත්තරය නැහැ සහ ඔව් . මම මේක ඉතාම සරලව කියන්නම් මෙතන

    ඇල්බර්ට් අයින්සටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවදය ට අනුව වෙලාව සහ ගුරුත්වාකර්ෂණය අතර සම්බන්ධයක් කියවෙනවා. එතන කියන්නේ ගුරුත්වාකර්ෂණය අඩු වෙන විට කාලය වේගයෙන් ගමන් කරන්න පටන් ගන්නවා. GPS Satellites තියෙන්නේ අපිට වඩා 20000 KM උඩින් , ඒ කියන්නේ GPS Satellites වලට ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ අපිට වඩා අඩුවෙන් . මේ හේතුව නිසා GPS Satellites වල තියන clock එකේ වෙලාව යන්නේ අපිට වඩා microseconds 45 වේගයෙන්

    දැන් බලමු අයින්සටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදය මේකත් ඉතාම සරලව කියනවානම් මෙතන කියන්නේ අපිට සාපේක්ෂව වේගයෙන් ගමන් කරන වස්තුන් වලට කාලය ගතවෙන්නේ අඩුවෙන් . GPS satellites ගමන් කරන්නේ අපිට සාපේක්ෂව පැයට කිලෝමීටර් 14000 වේගයෙන්. මෙතැනදී GPS Satellite එකේ clock එකේ වෙලාව අපිට වඩා microsecond 7 අඩුවෙන් යන්නේ .

    දැන් මේ දෙකම එකතු කරාම අපිට ලැබෙනවා (45 -7 ) දවසකට micro seconds 38. සාමාන්‍ය විදිහට atomic clock එක තිබුන නම් micro seconds 38 අපිට වඩා වේගයෙන් GPS satellites වලට කාලය ගතවෙනවා. මේක පොඩි ගානක් වගේ තේරුනාට අපි මේක හරි ගැස්සුවේ නැත්නම් අපි ගන්නේ GPS measurements දවසකට කිලෝමීටර් 11 වගේ ගානකින් වෙනස් වෙන්න ඉඩ තියනවා

    මේකට ගත්ත පිළියම තමයි satellite එක ඇතුලේ තියන atomic clock එක දවසකට milliseconds 37 හිමින් යන විදිහට adjust කරන එක .

    ඇල්බර්ට් අයින්සටයින්ගේ සාපේක්ෂතාවාදය නිසා තමයි අපිට navigation දාගෙන ඕන තැනක යන්න පුළුවන් වෙලා තියෙන්නේ :yes: :yes:


     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    hoda movies tikak. balanna ona.
    math asa me wage melo deyak theren nathi movies walata