53 වසරක සාපය? 76 වසරක සාපය?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    මොකක්ද මේ 76 වසරේ සාපය?


    1948 ලංකාවට නිදහස ලැබුන
    ඊට පස්සේ දේශපාලුවෝ රට විවිධ විදිහට කන්න ගත්ත
    මෙන්න මේ කෑම පටන් ගත්තේ දැනට අවුරුදු 76කට පෙර
    අන්න එකයි 76 වසරේ සාපේ

    මොකක්ද මේ 53 වසරේ සාපය?

    1971, සිරිමා ආණ්ඩු කාලෙ විමුක්ති අරගලකරුවන් රජය අල්ලගන්න ආයුධ සන්නද්ධ සටනක් අරඹනවා
    මුළු රටම නවතිනවා
    හාල් ගන්න පෝලිම් , කුපන් ඕන
    පොඩි ළමයින්ට බොන්න කිරි ගන්න දෙමාපියන් පට්ට කට්ටක් කෑවේ
    අම්මල තමන්ගේ ළමයි හංගන් හිටියේ පොලොව යට කුටිවල
    එක්කෝ ජේවීපී එවුන් ඇවිත් ළමයි උස්සනවා එහෙම නැත්නම් කාගේ හරි ලනුවකට හමුදාවෙන් ඇවිත් අරන් යනවා
    පොලිසි වලට පහර දීම් රජයේ ගොඩනැගිලි ගිනි තැබීම සිද්ද වුනා
    පුද්ගලයින් 4000-5000ක් මැරෙනවා

    දෙවැනි සිවිල් යුද්දය පලවෙනි එකට වඩා වෙනස් විදිහකට වෙන්නේ
    පුද්ගලයින් මරණ එක ප්‍රධාන වුනා
    නමගිය පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ජේවීපී අරගල කරුවන් මරනවා
    විජය කුමාරතුංග , ප්‍රේමසිරි අල්විස් , තේමිස් ගුරුගේ, විශ්ව විද්යාල කුලපති වරුන් වගේ රටේ මේ වෙනකොට වැඩක් කරන්න පුළුවන් කොඳු නාරටි ගොඩක් මරල දැම්ම
    තරුණයින් 60,000ක් බිල්ලට දෙනවා
    ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියනවා
    මේ වකවානුවේ මේ සියලු දේපල වලට බිලියන 2කට වඩා හානියක් සිදු කරනවා
    කොටින්ගෙන් ආයුධ අරගෙන පොලිසියට හමුදාවට පහර දෙනවා
    1989 දී මහනුවර දළදාවට පහර දෙනවා .


    වැඩ කරනකොට අංචි ඇදීම

    විදේශ අධ්‍යාපන ආයතන ලංකාවට ගෙන එම වළක්වනවා. මේ හන්ද ලංකාවෙන් පිටරට ගලන මුදල වසරකට මිලියන 400ක් විතර
    විදුලිබලාගාර හදන කොට විරුද්දව ස්ට්‍රයික් කරනවා , මේ හන්ද ලංකාව විවිධ කාල වල අඳුරේ ඉන්නවා
    විශ්ව විද්‍යාල වර් ජන නිසා ළමයින්ගේ අනාගතය නැති කරනවා, බොහෝ දෙමාපියන් ළමයින්ව පිටරට හෝ වෙනත් අධ්‍යාපන සඳහා යොමුකරනවා
    පාරවල් වල රැලි , ස්ට්‍රයික් නිසා කොච්චර කාලය මිනිස්සුන්ගේ නාස්ති වෙනවද ?



    මහින්දගේ සාපය

    ලංකාවේ ආයෝජන එන්න ගන්නවා 2008 න් පස්සේ, මේවට කොමිස් අය කරමින් ආයෝජකයින් බිය වද්දවනවා, සල්ලි පොඩි බැඳගන්නවා
    අඩුවට කරන්න පුළුවන් දේවල් වැඩියට කරලා කුට්ටි සාක්කුවට දාගන්නවා
    පවුල් සමාගමක් හදනවා


    මෙන්න මේ වගේ සාප තමයි අපේ රටේ තිබ්බේ
    දැන් බලන්න අයෙත් රාජපක්ෂ කෙනෙක් ගෙන්න ගන්නවද ?
    ආයෙත් කැරලි, සිවිල් යුද්ධ කරපු ජේවීපී කෙනෙක් ගෙන්න ගන්නවද ?

    හදවතට වඩා මොලෙන් හිතන්න

    මහින්ද වගේම රටට තුච්ච විදිහට වින කරපු කොටසක් තමයි ජේවීපී කියන්නේ
    උන් එකෙක්ටවත් රැවටෙන්න එපා!

    අපි හැදෙනවා කියල මහින්ද කියයි
    අපි හැදෙනවා කියල අනුර කියයි

    උන් ඔක්කොම එකම බොරුව එදත් අදත් හෙටත් කියයි

    අන්තිමට පාස්පෝට් එකක් අරන් රට පනින්න විදිහකුත් නැති වෙනවා සිකුරුයි

    උඹල රැවටෙන්න එපා!











     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    bai-vilapa.gif


    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං.
    හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ.
    ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව.
    හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ.
    අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ.
    ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං,
    රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්.
    පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ,
    උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ.
    බලපං කෝ ඕකුන් ට වෙන වැඩේ.
    ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට.
    උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ.
    මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං.
    වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි.
    දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා.
    දැක්කද augmented reality policy launch එක.
    App එක බාගනින්කෝ.
    සුපිරි මචං.
    මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං.
    ඒක ශුවර්.
    කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං.
    මොළයක් තියෙනවා නේ උඹලට.

    DWsk05x.jpeg