550 Jathaka Katha - Online

rapa

Member
May 5, 2006
17,049
48
0
සසර ගමන තුළ
විදේශීය හා දේශීය ජනතාවට බුදු දහම අධ්*යයනය කිරීමට දැඩි උනන්දුවක්
ජනාධිපති මහින්ද රාජපක්ෂ


ශ*්*රී ලංකා තොරතුරු සහ සන්නිවේදන නියෝජිත ආයතනය (ICTA) ඓතිහාසික කාර්යභාරයක් ඉටු කර ලෝකයාට ඉදිරිපත් කිරීම ගැන මගේ ප*්*රශංසාව පිළිගන්වන්නේ හදපිරි සතුටුන් බවත් ජාතක කථා තුළින් ආගම දහම පිළිබඳ ව අපේ ජීවිත ක*්*රමානුකූල ව හැඩගස්වා ගැනීමට එදා සිට ම අප පුරුදු වී සිටි බවත් අනාගත පරපුරට ද එම දායාදය ලබා දීම අපේ යුතුකම හා වගකීම බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප*්*රකාශ කෙළේ ය.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ අද (17) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ පැවති බෞද්ධ සාහිත්*යයේ විශිෂ්ට උරුමයක් ලෙස සැලකෙන පන්සිය පනස් ජාතක කථා වස්තුව අන්තර්ජාලයට එක් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
HEpansiyapanasjathaka.jpg


ශ*්*රී ලංකාව තුළ තොරතුරු තාක්ෂණ දැනුම 25%ක් දක්වා වර්ධනය කිරීමට හැකි වී ඇත. විදේශීය හා දේශීය ජනතාවට දැන් බුදු දහම අධ්*යයනය කිරීම පිළිබඳව තිබෙන්නේ දැඩි උනන්දුවක්. ඒ නිසා ක*්*රමානුකූල ව මේ මහා පුස්තකය අන්තර්ජාලයට එක් කිරීම වැදගත් කාර්යයක්. ලෝකය අප ළඟට ළං කර ගැනීමට ඉතා ම පහසු ක*්*රමය මෙය බව ද මෙහිදී ජනාධිපතිතුමා පැවසීය.

ශ*්*රී ලංකා තොරතුරු සහ සන්නිවේදන නියෝජිතායතනයේ වැඩබලන සභාපති මහාචාර්ය පී. ඩබ්ලිව්. ඈපාසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ, අපගේ අතීත උරුමයන් විශ්ව ගම්මානය තුළ සදාකාලික ව ම සුරැකීම මුළු මහත් ජාතියේ ම වගකීම බවත්, ඒ සඳහා යොදාගත් එක් වැදගත් අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව හැඳින්විය හැකි බවත් ය. භෞතික සංවර්ධනය මෙන් ම ආධ්*යාත්මික සංවර්ධනය ලොවට වැදගත් වන බැවින් තොරතුරු තාක්ෂණය බහුල ලෙස යොදා ගැනීමේ වැදගත්කම පිළිබඳ ව ද මෙහිදී සඳහන් කෙළේ ය.

ශ*්*රී ලංකා තොරතුරු සහ සන්නිවේදන නියෝජිතායතනයේ මෙහෙයුම් ප*්*රධානී රොෂාන් දේවපුර මහතා මෙහිදී අදහස් දක්වමින්, බෞද්ධ උරුමයන් අන්තර්ජාලය තුළ සුරක්ෂිත කිරීමෙන් මතු පරපුරට ස්ව භාෂාවන්ගෙන් සමන්විත අන්තර්ගතයන් බහුල කිරීම තුළ දේශීය ශිෂ්*ය පරපුරට අන්තර්ජාල දැනුම ලබා ගත හැකි මාධ්*යයක් බවට නිසැකයෙන් ම පත් වන බවයි.

මහින්ද චින්තනයේ සඳහන් පරිදි පොත පත කියවන උගත් ප*්*රඥා සම්පන්න සමාජයක් බිහි කිරීම අරමුණු කර ගනිමින් සාහිත්*යය සහ විවිධ විෂය ඥානය ඇතුළත් ප*්*රකාශන පරිවර්ථනය කිරීමටත්, අන්තර්ජාල වෙබ් අඩවි නිර්මාණ වැඩසටහන් දිරිමත් කිරීමට ගන්නා එක් පියවරක් වශයෙන් ද මෙය සඳහන් කළ හැකි බව රොෂාන් මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

ඒ අනුව www.jathakakatha.org අන්තර්ජාල බිහිදොරින් ලොව ඕනෑ ම තැනක සිට සිංහල භාෂාවෙන් පන්සිය පනස් ජාතක කථා පොත් වහන්සේ ක්ෂණික ව පරිශීලනය කිරීමේ අවස්ථාව සියලූ ම දෙනාට හිමි ව තිබේ.

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ආදළ ව්*යාපෘතිය ක*්*රියාවට නංවනු ලැබ ඇත්තේ ශ*්*රී ලංකා තොරතුරු සහ සන්නිවේදන නියෝජිතායතනය (ICTA) විසිනි. එහි ඉ-සමාජ සංවර්ධන අරමුදලේ ප*්*රදානයන් උපයෝගී කර ගනිමින් විසිට් ඉනොවේටිව් ආයතනය අදාළ අන්තර්ජාල බිහිදොර සකස් කර තිබේ.

මෙම අවස්ථාවට විසිට් ඉනෝවිටිව් පුද්ගලික සමාගමේ සභාපති පූජ්*ය එල්ලාවල විජිතනන්ද හිමි, ශ*්*රී ලංකා තොරතුරු සහ සන්නිවේදන නියෝජිතායතනයේ තොරතුරු අංශ ප*්*රධානී අතුල පුෂ්පකුමාර, වැඩසටහන් කළමණාකාරිනී චිත*්*රාංගනී මුබාරක්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්*යක්ෂ ජනරාල් ප*්*රියන්ත කාරියප්පෙරුම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
 

amilaudana

Junior member
  • Jul 20, 2006
    735
    0
    16
    Sri Lanka we..
    Nalini Jathakaya... It's for your attention

    යටගිය දවස බරණැස බ්*රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්*ය කරන කල්හි කසීරට බමුණු මහසල් කුලයක උපන් උතුමෙක් ශීල්ප නිමවා වැඩිවිය පැමිණ හිමාලයට වැද පැවිදිව ධ්*යාන උපදවා වසන්නේය. එකල එක් මුවදෙනෙක් ඒ තාපසයන්ට මුත්*රා කලාවූ ස්ථානයේ තිබූ තණ අනුභව කොට එපමණකින් දරුගැබ පිළිසිඳ තාපසයන් කෙරෙහි ස්නේහයෙන් දුර නොගොස් එහිම වසන්නී. නොබෝ දිනකින් කුමාරයකු වැදූවාය. තාපසයෝ කුමාරයන්ව ලෙන වඩා වර්ධනය කොට ඉසිසිංග තිපසයෙි යයි නම් තබා මහණ කොට කිසුණු පිරියම් ඉගැන්වීය. ඒ තාපස කුමාරයෝත් නොබෝ දිනකින් ධ්*යාන භාවනා කොට සමාපත්ති උපදවා ගෙන දමනය ලද ඉඳූරන් ඇතිව ධ්*යාන සැපයෙන් කල් යවන්නාහ. දිනක් ඒ තාපසයන්ගේ තේජසින් ශක්*රයන්ගේ අසුන උන් නොකැමැති පරිද්දෙන් කම්පිත වූයේය. ඒ දුටු ශක්*රයන් මුන්ගේ ශිලය කවර හෝ උපායකින් බිඳුවමියි සිතා තුන් අවුරුද්දක් මුළුල්ලේ කසීරට වැසි වට නොදී නැවතූහ. එකල සියළුම රාජ්*යය ගින්නෙන් දා ගියාක් මෙන් වූයේය. ගොයම් බත නැති විය. පීඩිත වූ මනුෂ්*යයෝ රාජාංගණයට රැස්ව මෙය පැමිණිලි කළහ. රජ්ජුරුවෝ එබස් අසා පෙහෙවස් රක්*ෂා කොටත් වැසි වස්වා ගත නොහැකි වූවාහුය. දිනක් සක් දෙවිඳු මැදියම් රෑ රජ්ජුරුවන්ගේ ශ්*රී යහන් ගබඩාවට වැඳ ආකාශයෙහි සිට තමා ශක්*රයන් බැව් හඟවා කිමෙක්ද? රජතුමනි, වැසි නොවස්නා කාරණය දන්නෙහිදැයි විචාරා නැතැයි කී කල්හි එම්බා රජ්ජුරුවනි, ඉසිසිංහ නම් වූ මහා තපස් ඇති එක් තාපසයෙක් හිමාලයෙහි වසන්නාහ. ඔහු නිතර වැසි වස්නා කල්හි කිපී අහස දෙස බැලූහ. ඒ කාරණයෙන් වැසි නොවසින්නේ යයි කීහ. එවිට රජ්ජුරුවෝ මීට කුමක් කළයුතුදැයි විචාරන්නා ශීලය භෙද කළයුතුය. මහරජ, නලිනි නම් වු තොපගේ දුව ඊට සමර්ථ වන්නේය. ඈ කැඳවා ඊට කරුණු කියා පිටත් කළ මැනවැයි කියා ශක්*රයෝ තමාගේ සථානයට ගියහ.
     

    amilaudana

    Junior member
  • Jul 20, 2006
    735
    0
    16
    Sri Lanka we..
    රජ්ජුරුවෝ දෙවන දින නලිනි නම් වු තම දියණිය කැඳවා දියණියෙනි, තොපගේ මේ රාජ්*යයද ජනපදවල්ද දුර්භීක්*ෂව නසින්නේය. එබැවින් වැසි වට නොදෙන්නා වූ ඒ තාපසයන්ව තොපගේ වසඟයට ගෙන සීලය බිඳ ඔහුව මා සමීපයට කැඳවාගෙන එවයි කීහ. කුමාරිකාවද එබස් අසා යහපතැයි පිළිගෙන ඇමති පිරිවර සමග පිටත් වී වැද්දන් පෙන්වන ලද මාර්ගයෙන් හිමාලයට ගොස් පූර්*වහණ වේලෙහි පිරිස මඟ ආරක්*ෂා පිණිස නතර කරවා කුමරිය පමණක් ආශ්*රම පදයට පැමිණියාය. ඒ වේලෙහි පිය තාපසයන් වහන්සේ පලවැල සදහා වනයට ගියේ පුත් වූ ඉසිසිඞග තාපසයන් පමණක් ආශ්*රමයෙහි සිටියේය. කුමාරිකාවද හුයින් වෙළන ලද පෙද වටක් ගෙන ඉන් ක්*රීඩා කරමින් ස්වර්ර්*ණභරණයෙන් සැරසී පන්සල් දොරකඩට පැමිණියාය. එවිට ගල්පෝරුවක් මත වූ ඉසිසිඞග තාපසයෝ එන්නා වූ කුමරිය දැක භයින් ත්*රස්තව පන්සලට වැඳ සිටියේය. කුමාරිකාව පෙද වට ගෙණ කෙළිමින් පන්සල් දොරකඩ සමීපයෙහිම සිටියාය. තාපසයෝ සිතන්නාහු මේ යක්*ෂණියෙක් නම් බිය වී පළාගිය මා අල්ලා මුරු මුරු ගා කන්නේය. මේ යක්*ෂණියෙක් නොව තාපසයෙක් වන්නේ යයි සිතා එළියට පැමිණ මීට පෙර තමා පෙදවට නුදුටු හෙයින් ගසක ගෙඩියකැයි සිතා තොප අත ඇත්තේ කුමන ඵලයෙක් දැයි විචාළාහ. එවිට කුරිය බොරු ගොතා කියන්නී. තාපසයෙනි, ගන්*ධමාදන පර්*වතය සමීපයෙහි මාගේ පන්සලෙහි මෙවැනි පල ඇති බොහෝ ගස් ඇත. මේ පල මෙසේ දුර දමන ලද්දේ සමීපයටම එන්නේය. අත්හැර නොයන්නේ යයි කීවාය. තාපසයෝද එබස් අසා ඈද තාපසයෙක් යයි සිතා පිළිසඳර කථා කොට පන්සල තුළට පැමිණ වැඳ හිදුව, මුව සෝදා විඩා හැර මේ මිහිරි පල අනුභව කරවයි කීහ. කුමරියද යහපතැයි ඒ තුළට වැඳ කොළ ඇතිරියෙක්හි උන්නේය. එසේ උන්නාවූ කුමාරිකාවන්ගේ දුහුල් වස්ත්*ර පහව ලැජ්ජා ස්ථානය පෙනෙන්ට විය. තාපසයෝ ස්ත්*රීන්ගේ යෝනි කිසිදිනෙක නුදුටු හෙයින් පහවූ වස්ත්*රයෙන් ඒ අවයවය දැක ඒකාන්තයෙන්ම මේ තුවාලව වනයෙක්ම යයි සිතා විචාරන්නාහු. එම්බා තාපසයෙනි, තොපගේ මේ දෙකලව අතර කළු වූ පැහැ ඇති මනාකොට පිලියම් කරන ලද ස්ප්පි මුඛයක් බඳුදෙයක් පෙනෙන්නේය. ඒ කුමන තුවාලයක්ද තොපගේ උත්තමාඞගයයි කියන ලද නිමිත්තස්ථානය නොපෙණෙන්නේ මන්ද? එය ශරීරය තුළට වැද ගියේ දැයි විචාළහ. එවිට ඈ කියන්නී තාපසයෙනි, මෙතැන වනව ගොස් කණුඩුතිය ස්වාභාව කොට ඇති මම නිතර සැපයක් නොලබමි. පින්වත් ඔබට එය ගුණ කරන්නට හැකි නම් එසේකොට මගේ දුක දුරු කරවයි කීහ. තාපසයෝද ඈ කී බොරු බස් සැබෑවක් යයි සිතා ඉදින් ඔබට මාගෙන් සැපයක වී නම් එය කෙරෙමියි කියා ඇගේ සියුම් වස්ත්*ර අස්කොට දෙකලව විවරකොට ලජ්ජා ස්ථානය හොඳින් බලා කියන්නාහු එම්බා තාපසයෙනි, තොපගේ මේ තුවාල වූ වනය ඉතා ගැඹුරුය. ලේ සහිත කුණෙන් ගැවසී ගත්තේය. මදක් දුර්ගන්ධයද ඇත්තේය. එබැවින් මේ වනයට මම කොළ සුඹුළු ආදිය ගෙන යොදා සුව කරන්නෙමියි කීහ. එබසට ඈ කියන්නී තාපසයෙනි, මන්ත්*ර යෝගයක් වේවයි ඖෂධ යෝගයක් වේවයි මේ වනයට සුවයක් ගෙන නොදෙයි. එබැවින් තොපගේ අඞගජාතය මෙහි ඝෂ්ටනය කොට ඔබා මට සැපයක් ලැබෙන පරිදි කරවයි කීහ. ඒ ඇසූ තාපසයෝද එයද වෙදකමෙකැයි සිතා මේථුන ධර්මයෙන් සිල් බිදීමක් වන්නේය, ධ්*යාන පිරිහෙන්නේය, යනාදී ආදීනව නොදැන මෛථුන ධර්මයෙහි සිත් සේ යෙදුනාහ. එකෙණෙහි සීලයෙන් බිඳී ධ්*යානයෙන් පිරිහුණාහ. මෙසේ දෙතුන් විටක්ම සංසර්ගයෙහි යෙදී දෙදෙනාම පන්සලින් පිටව ජලස්නානය කොට විඩා සංසිඳුවාගෙන නැවත පන්සලට වැද තාපසයෙකුයි යන ස්ථීර හැගීමෙන් යුතුව සිටින තැන් විචාළහ. ඈ කියන්නී තාපසයෙනි, මේ අසපුවට උතුරු දික් භාගයෙහි ඛේමා නම් වූ ගඞගා තීරයෙහි මිහිරි පලවැලවලින් පිරි උයන් පිරිවැරූ ගී ගයන කිදුරු ලියන්ගෙන් අවට ශොභාමත් වූ ආශ්*රමයෙක් ඇත. මම එහි වාසය කරමි. කැමත්සේක් නම් තොපද එහි යාමට ආව මැනව, නොයනු කැමති සේක් නම් මම යෙමියි නලිනි කුමාරිකාව පිටත් වූවාය. එවිට ඉසිසිඞග තාපසයෝද ඈ අමතා තපස්වීනි, මගේ පියා වනයට ගියේය. දැන් එන සේක. උන්වහන්සේ පලාඵල ගෙණකල අවසර ගෙන අප දෙදෙනම තොප වර්ණනා කළ අසපුවට සැපසේ යම්හයි කීහ. එවිට ඈ සිතන්නී මේ තාපසයෝ වූ කලි වනයේම වැඩී වර්ධනය වූ බැවින් ස්ත්*රීන්ව නොහදුනති. මුන්ගේ පියාණෝ මා දුටු විට ස්ත්*රී නියාව හඳුනා මගේ ඔළුව පලාපියා එළවා දමන්නටද හැක්කේය. එබැවින් උන් එන්නට පළමුව යාමට වටනේය. මම ආ කාරිය සමුර්*ධව ගියේයැයි සිතා තපස්වීන් මා හා කැටව ඒමට උපායක් කියන්නී. තාපසයන් වහන්ස, මට මෙහි පමාවිය නොහැක. මාගේ පන්සලට යන මාර්ගය බොහෝ උතුම් තපස්වීවරයන් වසන්නාහ. නුඹවහන්සේව එහි කැඳවාගෙන යන ලෙස මම ඔවුන්ට දන්වා යෙමි. උන් අතින් විචාරා වඩිනු මැනවයි. කියා ඈ ආ මාර්ගයෙන්ම අමාත්*යයන් සමීපයට ගොස් ඔවුන් සමඟ බරණැස් නුවරට ලඟා වූවාය. ශක්*රයාද ඉතා සතුටුව සියළු රට වැසි වැස්සූහ. ඉසිසිඞග තාපසයන්ගේ සියළු ශරීරය ඇගේ පලා යෑමෙන් පසු දැවෙන්නට විය. වැහැරී සිවුර හිස පාදාන්තය දක්වා වසාගෙන වැදහොත්තාහුය.
     

    amilaudana

    Junior member
  • Jul 20, 2006
    735
    0
    16
    Sri Lanka we..
    පියාණෝ සවස් වේලෙහි පැමිණ පුතනුවන් සොයා වැදහොත් තැන් දැක හිස පිරිමැද වතාවත් පිරිහෙළා උකටලීව සිටින්නට හේතුව විචාළහ. එබසට ඉසිසිඞගයෝ කියන්නාහු පියාණෙනි, මේ පැමිණියේ ශරීරාලෝකයෙන් මේ පෙදෙස පිරී ගියේය. ඉඳුන්ල් මැණිකක් වන් කෙස්වැටියෙන් පිරි හිස ශෝභාවත්ය, දැලි රැවුල් නැත්තේය, පැවිදි වූ නොබෝකල් ඇත්තාහුය, බොහෝ පළඳනාය, පපුවෙහි මනාව වැඩුණූ මස්ගඩු දෙකක් ඇත, පියාණෙනි, අපි මේ වැහැරී චීවර දරතත් ඒ තපස්වී රන්වන් සිවුරු දරන්නාහ. ඔහුගේ දන්තයෝ ඉතා විසිතුරුය. අලමුල් නොකෑමෙන් සකක් මෙන් විසිතුරුය. කථාව ඉතා මිහිරි වන්නේය. ඒ මධුර ස්වරයෙහි මාගේ සිත තදින් ඇලුනේය. උන් නැවත දකින්නට බලවත් අභිලාෂ ඇත්තෙමි. තවද පියාණෙනි, ඔහුගේ දෙකලව අතර එක් තුවාල වූ වනයක් ඇත. එහි බෙලි තුඩක් මෙන් සිප්පි වැදගෙන තිබෙන්නේය. හාත්පස මට සිළුටුය, සියුම් කැකුළක් හා සම වන්නේය. ඒ තාපයන්ගේ ඉල්ලීමෙන් මාගේ මාගේ අඞගජාතය එහි ප්*රවිෂ්ට කොට කටියෙන් පෙලුයෙමි. පියාණෙනි, ඒ තාපසය් ගිය වේලේ පටන් යාග ක්*රියා මාගේ සිතට අභිප්*රාය නොවන්නේය. මන්ත්*ර නොවැටහෙන්නේය. ඔහු නොදැක මට මෙහි සිටිය නොහැක. මම ඔහු සිටින දිශාව දනිමි. එහි පමුණුවාළුව මැනව, පියාණෙනි පමාවුවහොත් මා මෙහි දිවිහරිමි. ඊට පෙර මා ගෙන ගොස් තරුණ තපස්වීන් වසන පන්සලට ළුවමැනවයි ඉසිසිඞගයෝ විලාප කියන්නට වන්හ. ඒ බැගෑහඩ අසා පිය තාපසයන් වහන්සේ එක් ස්ත්*රියක විසින් මුන්ගේ ශීල භෙදය කරන ලද්දේය. මුවදෙනෙකගේ බඩින් ඉපිද වනයේම ඇතිදැඩි වූ හෙයින් පිරිමින් මිස ස්ත්*රීන් දැක නැත. අද මොහු ස්ත්*රියකට වසඟ වී ඇත. ඉන් ගලවා ගත යුතුයයි සිතා අවවාද කරන්නේ පුත, ඉසිසිඞගයෙනි, ගිනිදෙව්යාට කරන ලද පූජාවෙන් ඒකාලෝක වූ ගාන්*ධර්*වයන් හා දිව්*යාප්සරාවන් විසින් නිතර සෙව්නා ලද සෘෂින්ගේ මෙබඳු ආශ්*රම පෙදෙසෙහි වසන්නා වූ තෙපි යම් රතියකට පැමිණියාහු වී නම් එබදු උකටලීයව නුවණැත්තෝ නොපැමිණෙන්නාහ. පුත, මේ මිනිස් ලොව යම් යක්*ෂණි සංඛ්*යාත වූ භූතයෝ නා නා වෙසින් ඇවිද තම වසඟයට පැමිණියවුන් අල්ලාගෙන අනුභව කරන්නාහ. ඒ භූතයන් නුවණැත්තා වූ සත්වතෙමේ සේවනය නොකරන්නේය. එසේ හෙයින් තෙපි ඒ යක්*ෂණිය විසින් දක්නා ලදුව තොප දැක අල්වාගත් ගමනේ නොකා ඇරපුයේ තොපගේ පින් නිසාමයයි අවවාද කළහ. ඉසිසිඞගයෝ පියාණන්ගේ බස් අසා ඕ තොමෝ යක්*ෂණියක් යයි භයින් ත්*රස්තව ඈ පිළිබඳ සිත පහ කොට පියාණෙනි, මම ඈ නිසා මෙතනින් පිට නොවෙමි. මින්මතු නොසිතමි. මට ක්*ෂමාකළ මැනවයි වැද පියාණන් ක්*ෂමා කරවා ගත්හ. පිය තාපසයන් වහන්සේ ඔහු අස්වසා පුත, තෙපි මෙසේ වූ මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්*ෂා යන සතර බ්*රහ්ම විහාර භාවනාවන් වඩවයි කීහ. ඉසිසිඞග තාපසයෝ ඒ වඩා ධ්*යාන ලබා බඹලොව උපන්නාහ.

    එසමයෙහි නලිනි කුමාරිකාව නම් මේ පුරාණ දූතිකා වන්නීය. ඉසිසිඞග තාපසයෝ නම් උකටලී මහණය. පිය තාපසයන් වහන්සෙ නම් බුදුරජණන් වහන්සේය.
     

    amilaudana

    Junior member
  • Jul 20, 2006
    735
    0
    16
    Sri Lanka we..
    මෙවන් ජාතක කතාවකින් තොපට මට උගෙන ගත යුතු දෑ බොහෝය. වහා මෙය කියවුව මනාය. මෙය මසිත් ලත් ජාතක කතාවකි. එවන් කලෙක කුරැණෑගල යුගයේ මෙය ලියැවුණේ කෙසේදැයි සිතෘගත නොහැකි මුත්. කතා කරැගේ සංයමය බොහෝ බැව් පෙනේ!
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    amilaudana said:
    kopa nownna kathawa kiyawanna.. suwapath wewa
    hehe.. mama kopa une naa :P

    mama kiwwe ithin ona kenek ta ara site ekata gihin balanna puluwanne.. apahu eke thiyena ewa methanata copy paste karanna awashyathawayak naa ne ;)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Thx Rapa ayiya and amila bro

    Rapa ayiye man ara kivva vage mevaye sinhala poddak vitara darunu naddaa??
    Sarala sinhala tiyena site ekek danna puluvannam neda honda???
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අම්මේ...ලොකු උදව්වක්.... අපි කියලත් ජාතක කථා ඇහුවේ දහම් පාසල් යන කාලේ සහ ගිය අවුරුද්දේ සියත නාලිකාවේ උදේට ගිය ටික විතරයි...තව වෙසක් පොසොන් කාලෙට තොරණ් වලත් තියෙනව...හෙහෙ...බොහොම ස්තූතියි රපා අයියේ....:D:D:D:D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thm14 said:
    අම්මේ...ලොකු උදව්වක්.... අපි කියලත් ජාතක කථා ඇහුවේ දහම් පාසල් යන කාලේ සහ ගිය අවුරුද්දේ සියත නාලිකාවේ උදේට ගිය ටික විතරයි...තව වෙසක් පොසොන් කාලෙට තොරණ් වලත් තියෙනව...හෙහෙ...බොහොම ස්තූතියි රපා අයියේ....:D:D:D:D
    හෙහෙ මමනං දහම් පාසල් ගිහිල ඉව*රෞනාට පස්සෙ තමා ඔව කියවන්න ගත්තෙ
    එ කලෙ මට මේව අජූවයි හෙහෙ ok ok then :D
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Zeus said:
    හෙහෙ මමනං දහම් පාසල් ගිහිල ඉව*රෞනාට පස්සෙ තමා ඔව කියවන්න ගත්තෙ
    එ කලෙ මට මේව අජූවයි හෙහෙ ok ok then :D

    උඹල කියල ඉතින් දහම් පාසල් ගියේ මක්කෙටැයි කියල අපි නොදන්නව නෙවේ කොල්ලා.... හික්ස් හික්ස්....:rofl: