chamee1982

Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    4G වලට වඩා දහස් ගුණයකින් වේගවත් 5G අන්තර්ජාලය.

    5g_internet-3.jpg


    දැනට පවතින 4G තාක්ෂණයට වඩා දහස් ගුණයකින් වේගවත් මෙම 5G ජලය සංවර්ධනය කිරීම සඳහා ඩොලර් බිලියන 1.5 ක පමණ මුදලක් දකුණු කොරියානු රජය විසින් ආයෝජනය කර තිබෙනවා. එම 5G ජාලය භාවිතා කරමින් සම්පූර්ණ චිත්‍රපටයක්ම එක තත්පරයක් තුලදී බාගත කරගැනීමට දකුණු කොරියාවේ ජීවත් වෙන මිනිසුන්ට 2020 අවුරුද්ද වෙනකොට අවස්තාව උදා වෙනවා..

    5G ජාලයේ වැඩකටයුතු 2017 අවුරුද්දේදී නිමා කිරීමට සිතාගෙන සිටින අතර 2020 වෙන විට ලෝකවාසී ජනතාවටම සුපිරි වේගයෙන් යුතු මෙම ජාලයේ නවතම අත්දැකීම විඳගන්න පුළුවන් බව ආඩම්භරයෙන් යුතුව දකුණු කොරියාව ප්‍රකාශ කර සිටිනවා. මෙම තාක්ෂණයේ පැමිණීමත් සමග (Ultra - HD Sreaming), Hologram Transmission වගේ සුපිරි තාක්ෂණයන්ගේ අත්දැකීම ද විඳගැනීමට ලෝ වාසී ජනතාවට දොරගුළු විවුර්ත වෙනවා. මෙම තාක්ෂනය සංවර්ධනය කිරීම සහ ව්‍යාප්ත කිරීම SK Telecom , Korea Telecom වගේ ආයතන සමග එක් වී සිදු කිරීමට බලාපොරොත්තු වෙන අතර මුළු ලොවම හඳුනාගත් තාක්ෂණික යෝධයන් වෙන samsung සහ LG යන ආයතන දෙකේද සහයෝගය මේ සඳහා දකුණු කොරියානු රජයට ලැබෙනවා.

    Samsung සමාගමද නිවේදනය කරතිබෙනවා 5G ජාලය සංවර්ධනය කිරීමේ කාර්ය ඔවුන් මේ වන විට සිදු කරමින් සිටින බව. ඒවගේම අනාගතයේදී ඔවුන් විසින් නිෂ්පාදනය කරන සන්නවේදන උපකරණ මගින් තත්පරෙකට 1.056 GB සම්ප්‍රේෂණය කිරීමටද හැකියාව තිබෙන බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

    දකුණු කොරියාව වගේම අනෙකුත් රටවල්ද මේ වන විට උත්සහ කරමින් සිටිනවා මීළඟ පරම්පරාවේ අලුත් සන්නවේදන ජාලයක් බිහිකිරීමට. හොඳම උදාහරණය තමයි යුරෝපියානු සංගමය ඔවුන් බලාපොරොත්තු වෙනවා 2020 වෙන විට දැනට පවතින 4G ජාලයට වඩා වැඩි වේගයකින් යුතු ජාලයක් නිර්මාණය කිරීමට. දකුණු කොරියාව විසින් පවසන ඔවුන්ගේ ජාලයේ වේගය අනුමාන කිරීමක් පමණයි. නමුත් නිසැකවම කියන්න පුළුවන් දැනට පවතින 4G ජාලයට වඩා වැඩි වේගයක් එහි පවතින බව.

    හොඳයි එහෙනම් අපි බලාගෙන සිටිමු තවත් අවුරුදු කිහිපයකින් පැමිණෙන එම 5G ජලය කෙසේ වේවිද කියා.



    ඉස්සුවෙ
    http://www.apps-lanka.com/2014/01/5g-internet-is-thousand-times-faster.html
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මගුලයි!!! දැන් ඔන්න අපේ මහින්ද මාමා ඊට කලින් මෙහෙට 5G ගේන්න හිටු කියලා ණය ගන්න පට්ටාන් ගනියි!!!:oo::baffled::lol: tfs machn! rep+
     
    Last edited: