6 හැවිරිදි දැරියක් දූෂණය කෙරේ
newsfirst.lk
6 හැවිරිදි දැරියක් බැංගලෝර් පාසලක් තුළ දූෂණය කෙරේ: දෙමාපියන්ගෙන් දැඩි විරෝධතා (VIDEO)
ඉන්දියාවේ බැංගලෝර්හි ප්‍රධාන පෙළේ පාසලක් තුළදී 6 හැවිරිදි දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් හේතුවෙන් බැංගලෝර් ප්‍රාන්තයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් උද්ගත වී තිබේ.
NDTV පුවත් සේවය වාර්තා කළේ, පාසලේ ක්‍රීඩා උපදේශකයෙකු විසින් එම දැරිය අපයෝජනයට ලක් කරනු ලැබ ඇති බව ය.
මෙම සිද්ධිය වාර්තා වීමෙන් පසුව Vibgyor High School නමැති එම පාසලේ සිසු සිසුවින්ගේ දෙමාපියන් පාසල ඉදිරිපිටට රැස්වී විරෝධතාවක නිරත වී තිබේ.
ඔවුන් විරෝධය පළ කරමින් අවධාරණය කළේ, සිය දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විදුහලේ කළමනාකාරීත්වය වගකිව යුතු බව ය.
මෙම දෙමාපියන්ගේ විරෝධතා මැද ඔවුන් පාසල තුළට ඇතුළු වීම වැළැක්වීමට ආරක්ෂකයින් උත්සහ දැරූව ද එය ව්‍යර්ථ විය.
මේ හේතුවෙන් විදුහල්පතිවරයා පැමිණ සිසුන්ගේ ආරක්ෂාව සඳහා CCTV කැමරා සවි කරන ලෙසට පොරොන්දුවක් ලබා දී තිබේ.
දෙමාපියන් චෝදනා කළේ, සිය දරුවන් පැය 6ක් පමණ පාසල තුළ ගත කරන අතර එම කාලය තුළ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු නොවන්නේ නම් දරුවන් පාසල් එවීමේ හැකියාවක් නැති බවට ය.