61 දී ශ්‍රී ලංකාවට වැරදුණු තැනින් පටන්ගත් සිංගප්පූරුව

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,004
    113
    ඉන්දියන් තෙල් සමාගමට අනුබද්ධ ඉන්ධන පිරවුම්හල්වල ඛනිජ තෙල් ඇතත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල්වල ඉන්ධන නොපවතී. එය එසේ වන්නේ ඛනිජ තෙල් වෙළෙඳපොළේ තරගකාරීත්වයක් නැති නිසාය. ඒ තරගකාරීත්වය නිර්මාණය කිරීම සඳහා කුමක් කළ යුතු දැයි අප විමසුවේ නැව්වලින් භාණ්ඩ ප්‍රවාහනය කරන වෙළෙඳ ප්‍රජාවගේ සංවිධානය වන කොළඹ නැව් ගතකරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ මහතාගෙනි.

    ආසියානු නැව්ගත කරන්නන්ගේ සංගමයේ හිටපු මහ ලේකම්වරයා ද වන මාසකෝරාළ මහතා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ හිටපු මහ ලේකම්වරයා ද වෙයි. රබර් නිෂ්පාදන සහ අපනයනකරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද දැනටත් කටයුතු කරන ඒ මහතා ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (B.S.C) උපාධිය දිනාගෙන තිබෙන්නේ ඇමෙරිකාවේ කනෙක්ටිකට් (Connecticut) ප්‍රාන්ත විශ්ව විද්‍යාලයෙනි. ඇමෙරිකාවේ හියුෂ්ටන් (Houston) විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර හා අලෙවිකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය දිනාගෙන සිටින මාසකෝරාළ මහතා ඛනිජ තෙල් වෙළෙඳපොළෙහි තරගකාරීත්වයක් ඇතිකිරීම සඳහා කළ යුතු පිළියම් මෙසේ ගෙනහැර දක්වයි.

    අප ඛනිජ තෙල් ලබාගන්නේ පිටරටවලිනි. එය අප රට ඇතුළේ නිෂ්පාදනය කරන දෙයක් නොවේ. එවැනි භාණ්ඩයක් සම්බන්ධයෙන් රටේ තිබෙන්නේ රජයේ ඒකාධිකාරියකි. ඒ නිසා අල්ලස, දූෂණය, නාස්තිය යනාදියත් රාජ්‍ය ව්‍යවසාය සමග බද්ධ වෙයි. රටක ආර්ථිකය දුවන්නේ තෙල් හා විදුලිය මතය. රටක් සංවර්ධනය කිරීමට නම් ඒ කර්මාන්ත දෙකෙහිම ඇති කළ යුත්තේ තරගකාරීත්වයකි. දේශීය මෙන්ම පිටරට සමාගම් ද ඒ ක්ෂේත්‍ර දෙක සඳහා යොදාගත යුතුය. එහෙත් දේශීය සමාගම්වලට පවතින ධාරිතාව අඩුය. තාක්ෂණය දැනුම සහ වෙළෙඳපොළ අතින් දේශීය සමාගම් දුප්පත්ය.

    ඉන්දියන් තෙල් සමාගමට එරට බිලියන 1.3 ක වෙළෙඳපොළක් පවතී. ඇමෙරිකන් තෙල් සමාගමට තිබෙන්නේ ලොව පුරා විහිදුණු ජාලයකි. එවැනි සමාගම් ලංකාවට පැමිණියොත් ඔවුන් තම වෙළෙඳාම කරගෙන යන්නේ ලංකාවෙන් ලැබෙන රුපියල් හෝ ඩොලර් වලින් නොව ලෝකයෙන් ලැබෙන ඩොලර් වලිනි. ඒ සමාගම්වලට ඩොලර් හිඟයක් නැත. අද ලංකා ඉන්දියන් තෙල් සමාගම තමන්ට අවශ්‍ය ඩොලර් ලබාගන්නේ තම මව් සමාගමෙනි. සිංගප්පූරුව ගත්තොත් එරට ඛනිජ තෙල් නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි සමාගම් 30 සිට 40 අතර ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙයි. සිංගප්පූරුවේ බලශක්තිය රැකී තිබෙන්නේ ඒ සමාගම්වල ආයෝජනවලිනි. ඇත්තෙන්ම සිංගප්පූරුව ගොඩ ගොස් තිබෙන්නේ තෙල් මතය.

    1961 දී ලංකාව විදේශීය තෙල් සමාගම් වන ෂෙල්, කැල්ටෙක්ස්, මොබිල් මෙරටින් පන්නා දැමූ අවස්ථාවේ සිංගප්පූරුව එරටට පැමිණෙන්නැයි ඒ සමාගම්වලට ආරාධනා කළේය. සිංගප්පූරුව තම පළමුවැනි තෙල් පිරිපහදුව ෂෙල් සමාගම සමග පටන් ගත්තේ 1961 ජූලි 26 වැනිදාය. මොබිල් සමාගමේ ලොකුම පිරිපහදුව තිබෙන්නේ ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේය. මොබිල් සමාගමේ දෙවැනි ලොකුම පිරිපහදුව තිබෙන්නේ සිංගප්පූරුවේය. සිංගප්පූරුවේ පවතින ඒ තත්ත්වය නිසා එරට අද ලෝකයේ බලශක්ති කේන්ද්‍රයකි. සිංගප්පූරුව පිහිටා තිබෙන්නේ ද ලංකාව වැනි හොඳ නැව් මාර්ගයකය.

    නැව්වලට පහසුකම් සහ සේවා සැලසීම අතින් ලොව ඉහළින්ම සිටින රට සිංගප්පූරුවයි. සිංගප්පූරුව තමන්ට අවශ්‍ය බොරතෙල් ගෙන්වන්නේ මැදපෙරදිග රටවලිනි. දවසකට නැව් 300 ක් ලංකාව පසුකරගෙන යන බවට අපේ මිනිස්සු කයිවාරු ගසති. එහෙත් ඒ නැව් ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකිව තිබෙන්නේ සිංගප්පූරුවේ තරම් විශාල ව්‍යාපෘති සඳහා වන ආයෝජකයන් ලංකාවට නොපැමිණෙන නිසාය.

    ලංකාව පසුකරගෙන දවසකට යන නැව් 300 න් සියයට 60 ක් පමණම ඉන්ධන සහ ඉන්ධනවලින් කළ නිෂ්පාදන ප්‍රවාහනය කරන නැව්ය. ඇමෙරිකාවට අයිති දෙවැනි විශාලතම පිරිපහදුව තිබෙන්නේ සිංගප්පූරුවේය. නැව්වලට තෙල් සැපයීමෙන් ලොව පළමු තැන හිමිකරගෙන සිටින්නේ ද සිංගප්පූරුවයි. ගුවන් යානාවලට අවශ්‍ය තෙල් ද සිංගප්පූරුවේ නිෂ්පාදනය කරයි.

    ඒ රට වටා පිහිටි එරටට අයිති දූපත්වල තිබෙන පිරිපහදු ගුවනටත් කදිමට දිස්වෙයි. සිංගප්පූරුවට වඩා හොඳට එය ලංකාවට කළහැකිව තිබිණි. ත්‍රිකුණාමලය ඊට සුදුසුම ස්ථානයයි. බ්‍රිතාන්‍යයන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉදිකළේ එය ලොව පිහිටි හොඳම ස්වභාවික වරායක් නිසාය. අප ඒ තෙල් ටැංකි මළකඩ කෑමට ඉඩහැරියා මිස ඒවායෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැත. 2003 දී ඉන්දියන් තෙල් සමාගමට ඒ තෙල් ටැංකිවලින් යම් ප්‍රමාණයක් ලබා දුන්නත් ඊට ද ලංකාවේ අන්තවාදී වාමාංශිකයෝ විරුද්ධ වූහ. 1961 දී බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව ගත් වැරැදි තීන්දුව නිසා ලංකාව අද වළක වැටී සිටියි.

    සිංගප්පූරුව පටන් ගත්තේ ලංකාව වරද්දා ගත් තැනෙනි. ලී ක්වාන් යූ දුරදක්නා නිවැරැදි දැක්මකින් යුත් සැබෑ දේශප්‍රේමී නායකයෙකි. ඔහු ව්‍යාජ දේශප්‍රේමියෙකු නොවේ. ලී ජාතිය හා ආගම හුවා දැක්වීම ප්‍රතික්ෂේප කළ නායකයෙකි. ජාතිය හා ආගම විකිණීමෙන් රටක් දියුණු කරන්නට බැරි බව ලී මැනවින් දැන සිටියේය. සිංගප්පූරුව ද ලංකාව සේම මිශ්‍ර සමාජයක් තිබෙන රටකි. එරට ජනගහනයෙන් 70% ක් චීන සම්භවයක් තිබෙන හොංකොං ජාතිකයෝය. අනෙක් පිරිස මුස්ලිම් හා දෙමළය. එරට අවුරුද්දක ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 50,000 කි. ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 3,600 කි. අපට 1948 දී නිදහස ලැබුණත් සිංගප්පූරුවට නිදහස ලැබුණේ 1965 දීය. ලංකාව පසුකරගෙන යන බොර තෙල් නැව්වලට සිංගප්පූරුවට යන්නට තවත් දවස් 4 ක් ගතවෙයි. මැදපෙරදිග රටවල සිට ලංකාවට පැමිණෙන්නට නැව් වලට ගතවන්නේ දවස් හතර හමාරකි. ඉතින් ත්‍රිකුණාමලයේ තිබෙන ටැංකිවලින් ප්‍රයෝජනයක් ගෙන ලංකාවේ තෙල් පිරිපහදු දියුණු කළා නම් අප සිටින්නේ සිංගප්පූරුවට ඉදිරියෙනි. බලශක්ති කේන්ද්‍රය වන්නේ ලංකාව මිස සිංගප්පූරුව නොවේ. එය අදටත් කළ නොහැකි දෙයක් නොවේ.

    යුද්ධය දිනා දුන් හමුදාවත් බුදු පියාණන්ගේ පිවිතුරු ධර්මයත් සිවුරත් විකුණමින් අපයෝජනය කරමින් දේශපාලනය කරන මිනිසුන්ට රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කිරීමට වුවමනාවක් නැති බව දැන් මැනවින් පැහැදිලිය.

    අබුඩාබි හා ඩුබායි යන රටවල්ද දියුණු වූයේ සිංගප්පූරුව ආදර්ශයට ගත් නිසාය. ඩුබාහිවල රැකියා කරන අයගෙන් 80% ක් පිටරැටියෝය. සිංගප්පූරුවේ රැකියා කරන අයගෙන් 40% ක් විදේශිකයෝය. දැනුම ප්‍රාග්ධනය, මුදල් තාක්ෂණය හා වෙළෙඳපොළ හිමි විදෙස් සමාගම් ලොව බොහෝය. එහෙත් ඔවුන් අයෝජනය කරන්නේ ඊට සුදුසු පරිසරයක් තිබෙන රටවලය. ලංකාවේ අද එවැනි පරිසරයක් නැති බව ජාත්‍යන්තරයේ පිළිගැනීමයි. ඉන්දියානු විරෝධයක් අදටත් ලංකාවේ පවතී.


    එහෙත් ඉන්දියන් ඔයිල් සමාගමක් අද ලංකාවේ නොතිබුණේනම් රට ගිනි ගනියි. තවත් තෙල් සමාගම් කිහිපයක් ලංකාවේ තිබුණා නම් අපේ ජනතාවට අද තෙල් පෝලිම්වල රස්තියාදුවීමටවත් තෙල් පෝලිම්වල සිටියදී මරණයට පත්වීමටත් සිදු නොවෙයි. ඒ නිසා දැන්වත් ලංකාව තම තෙල් වෙළෙඳපොළෙහි තරගකාරීත්වයක් ඇති කරගත යුතුය.

    තරගකාරීත්වයේ වාසිය ලැබෙන්නේ රටේ ජනතාවටය.

    තරගකාරීත්වය ඇති වූ දාට නැව් හා ගුවන් සමාගම්වල තෙල් සැපයීමට ද අපට හැකිවෙයි. පිරිපහදුවල ආයෝජනයට සුදුසුවන්නේ විදේශීය සමාගම්ය. අවශ්‍ය දැනුම, ප්‍රාග්ධනය, තාක්ෂණය හා වෙළෙඳපොළ පවතින්නේ විදෙස් සමාගම් සතුවය. නිදහස් වෙළෙඳ කලාපවල ආයෝජනය කර තිබෙන දෙදහසකට අධික පිරිසක් විදේශිකයෝය. ඔවුන් මෙරට ලක්ෂ ගණනකට රැකියා දී තිබේ. ඔවුන් තමන්ගේ ලාභය රටින් පිටට රැගෙන යන බව සත්‍යයකි. එය එසේ වන්නේ ලංකාවේ මූල්‍ය ක්‍රමයෙහි පවතින ප්‍රශ්න නිසාය. එහෙත් සිංගප්පූරුවේ එසේ නොවෙයි. එරට මූල්‍ය ක්‍රමය ඉතා ශක්තිමත්ය. ලොව පවතින ප්‍රමුඛ බැංකු හා මෙහෙයුම් කරන සමාගම් සියල්ල සිංගප්පූරුවේ පවතී. ඒ නිසා විදේශ නැව් සමාගමක් සිංගප්පූරුවේ ව්‍යාපාර කරන්නේ නම් ඔවුන්ගේ මුදල් තිබෙන්නේ සිංගප්පූරුවේමය. ඒ සමාගම් ඒ මුදල් තම රටවලට රැගෙන නොයයි. හේතුව තම රටවල බදු ඉහළ අගයක පැවැතීමය. අප දොරවල් සියල්ල වසාගෙන ලෝකෙන් උතුම් රට ලංකාවයි කියන්නේ වැල් බයිලාය. බංග්ලාදේශයේ මිනිස්සුත් අද ලාංකිකයන්ට සිනාසෙති. රට ඒ තත්ත්වයට ඇද දැමුවේ වර්තමාන පාලකයෝය.

    බංග්ලාදේශයේ ඇඟලුම් කම්හල්වල කළමනාකරුවන් ලෙස ගියේ ලාංකිකයෝය. අද බංග්ලාදේශයේ අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 50 කි. ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 12.5 කි. ඉස්සර බංග්ලාදේශයට ගිය අපේ මිනිසුන්ට ගෞරවයකින් යුක්තව කතා කළහ. සැලකූහ.

    එහෙත් දැන් ඔවුන් අපට සිනාසෙන බව එහි සිටින අපේ මිතුරෝ කියති. අපට ඒ ඉරණම අත්වී තිබෙන්නේ ලංකාව බංග්ලාදේශයෙන් සිඟා කන නිසාය. අවුරුදු 2500 ක ඉතිහාසයක් ගැන පුරාජේරු කිව්වාට අද ජාත්‍යන්තර ප්‍රජාව ලාංකිකයන් ලෙස බලන්නේ හිඟා කන ජාතියක් දෙස බලන උසුළු විසුළු සිනාවෙනි. රටට එසේ වුණේ පාලකයන්ගේ වරදිනි. වියට්නාමය සිටියේද අපට පසුපසිනි. එහෙත් අද එරට වාර්ෂික අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 400 ක් පමණ වෙයි. වියට්නාමයට බෝම්බ දමා එරට වැසියන් ඝාතනය කළෝ ඇමෙරිකානුවෝය. එහෙත් අද ඇමෙරිකන් සමාගම් 1000 ක් පමණ වියට්නාමයේ ආයෝජනය කරයි. ඒ ඇමරිකන් ආයෝජකයන්ට එරෙහිව වියට්නාමයේ ජනතාව උද්ඝෝෂණය නොකරති.

    ආයෝජකයන්ට එරටට එන්නැයි ඔවුහු තව තවත් ඇරියුම් කරති. එහෙත් ලංකාවේ මෝඩ මිනිස්සු යල් පැනපු හණමිටි අදහස් කරපින්නාගෙන වැළලෙති.

    ලාංකිකයන් අදටත් ඉන්දියාවට විරුද්ධය. ආදානි සමාගමට සුළං බලාගාර ඉදිකිරීමට දුන්නාට ද විරුද්ධය. අපේ බලශක්ති කේෂ්ත්‍රය විකුණන බවට මොර දෙති. විකුණන්නට අපට තිබෙන බලශක්ති මොනවාද? අප සිටින්නේ මුම්බායි නගර සභා පාලනය යටතේ සිටින ජනගහනයටත් වඩා අඩු ජනතාවක් සිටින රටකය. අපේ වෙළෙඳ ජනගහනය මිලියන 21 කි. මුම්බායි නගරාධිපති යටතේ සිටින ජනගහනය මිලියන 23 කි. දිල්ලි නගරයේ ජනගහනය මිලියන 25 කි. මුම්බායි නගරාධිපති ලංකාවේ ජනාධිපතිට වඩා වැඩි ජනගහනයක් පාලනය කරයි. අප ඒ සත්‍යය තේරුම් ගත යුතුය. අනතුරුව අපේ තෙල් වෙළෙඳපොළේ තරගකාරීත්වය වැඩි කිරීමට හැකියාව තිබෙන විදෙස් සමාගම්වලට ඇරියුම් කළ යුතුය.




    image_68a7e8213b.jpg


    - https://www.lankadeepa.lk/features/61-දී-ශ්‍රී-ලංකාවට-වැරදුණු-තැනින්-පටන්ගත්-සිංගප්පූරුව/2-616015
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,004
    113
    ආර්ථිකමය වශයෙන් ලංකාව වැටී සිටින්නේ හතරගාතෙනි. මෙවැනි තත්ත්වයක සිටියදී විදේශ ආයෝජකයන් පැමිණේවිදැයි කෙනෙකුට සැකයක් ඇතිවිය හැකිය. ඒ නිසා අප පළමුව කළ යුත්තේ රටක් ලෙස අපේ ප්‍රතිපත්තිය ලෝකය හමුවේ කියාපෑමය. තෙල් ගෙන්වීම ගබඩා කර ගැනීම සහ අලෙවිය දෙස් විදෙස් සමාගම්වලට විවෘත කරන බව පළමුව ලෝකයාට පැවසිය යුතුය. අපනයනයේ නියුතු අපේ දේශීය සමාගම් සතුව විදෙස් සමාගම් සමග එකතු වී තෙල් ආනයනයට හා වෙළඳාමට පිවිසිය හැකිය.

    ඒ හැකියාව තිබෙන දේශීය සමාගම් කොතෙකුත් පවතී. රටේ පවතින නීති හා ප්‍රතිපත්ති කාලයට ගැළපෙන ලෙස වෙනස් කර මුදල් හා තාක්ෂණය සතු සමාගම් වලට තෙල් ආනයනයට හෝ පිරිපහදු කිරීමට ආරාධනා කළ යුතුය. එසේ කරමින් තෙල් වෙළඳපොළෙහි තරගකාරීත්වයක් ඇති කළ යුතුය. තරගකාරීත්වයකින් තොරව ජනතාවට සහනයක් නොසැලසෙයි.

    ඛනිජ තෙල් වෙළෙඳපොළට පිවිසෙන සමාගම්වලට ලංකාවේ මෙහෙයුම්වලින් ලැබෙන්නේ රුපියල්ය. ඒ රුපියල් ඩොලර් කර ගැනීමට රට ඇතුළේ ඩොලර් නැත. ඒ නිසා විදෙස් ආයෝජකයන් පැමිණෙන්නේ නැතැයි පිරිසක් බිය පළ කරති. හැමදේම හැමදාම එක ලෙස නොපවතියි. රටේ ප්‍රතිපත්ති වෙනස් වෙයි. මිනිසුන් සිතන පතන හැටි වෙනස් වෙයි. අකැමැත්තෙන් හෝ හරි දේ කරන්නට යොමු වෙති. මිනිස් සමාජයේ ස්වභාවය එයයි. ලෝක ස්වභාවය එයමයි. ලංකා ආණ්ඩුව නිවැරැදි ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තොත් මෙරට ඛනිජ තෙල් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට පැමිණෙන්නේ ඩොලර් ඕනෑ තරම් තිබෙන හෝ හොයා ගත හැකි දෙස් විදෙස් සමාගම්ය. ඒ සමාගම් කඩා නොවැටෙයි.

    ලංකාවේ තිබෙන්නේ ඉතාමත් කුඩා වෙළෙඳපොළකි. ලෝකයේ ධනවත් පුද්ගලයකුගේ ආර්ථිකය තරම්වත් ලංකාවේ ආර්ථිකය විශාල නොවේ. ඉතින් ලොව විශාල සමාගම්වලට ලංකාව වැලිකැටයකි. ඔවුන් ලංකාවේ ආයෝජනය කරන්නේ අනාගත සැලසුම් මතය. උදාහරණයකට ෂෙල් සමාගම ලංකාවට පැමිණෙතැයි කියා සිතමු. ෂෙල් සමාගම් නැව් හා ගුවන් යානාවලටද තෙල් විකුණයි. ඒවායෙන් ඒ සමාගමට ලැබෙන්නේ ඩොලර්ය. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ලංකාවේ සිටිමින් අවුරුද්දකට ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ක තෙල් නැව්වලට සපයයි. ලංකාවේ තෙල් වෙළෙඳපොළට පිවිසෙන කොයි සමාගමත් එසේ ඉන්දියන් සාගරයේ විවිධ ව්‍යාපාරවලට පෙළඹෙයි. ඒ සමාගම් ලංකාවේ සිටීමෙන් අපට ලැබෙන ප්‍රතිඵලය මෙරට වෙළෙඳපොළේ තෙල් හිඟ නොවීමය. එසේම තරගකාරීත්වය නිසා සාධාරණ සහ යුක්ති සහගත මිලකට තෙල් මිලදී ගැනීමට හැකිවීමයි. එසේම ලංකාවේ භූගෝලීය පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් ලංකාවේ සිට වෙනත් රටවලට තෙල් සැපයීමටද ඒ සමාගම්වලට හැකි වෙයි. සිංගප්පූරුව අද කරන්නේ එයයි. ප්‍රංශයේ ටෝටාල් නමැති සමාගම එල්.එන්.ජී. ගෑස් ගබඩා ඉදිකර තිබෙන්නේ සිංගප්පූරුවට අයත් දූපතකය. ඒ සමාගම නැගෙනහිර ආසියාවේ රටවලට එල්.එන්.ජී. ගෑස් සපයන්නේ සිංගප්පූරුවේ තිබෙන තමන් සතු ගබඩාවලිනි. ඒ නිසා ජාත්‍යන්තර සමාගම්වලට ලංකාවේ ඩොලර් නැතිකම ප්‍රශ්නයක් නොවෙයි. තෙල් හා ගෑස් සමාගම්වලට ලංකාවෙන් ලැබෙන වාසිය රටේ පිහිටීමය. එමගින් ඔවුන්ගේ සැපයුම් ජාලය ලෙහෙසි පහසු වී බෙදා හැරීම සඳහා වන වියදම අවම වෙයි. තෙල් හා ගෑස් වෙළඳාමේ නියුතු සමාගම් බලන්නේ එසේය. ඔවුන්ගේ එකම ඉලක්කය ලංකාවේ පුංචි වෙළෙඳපොළ නොවේ. මේ කොයික කිරීමටත් පාලකයන් මෙන්ම ජනතාවද බුද්ධිමත්ව ක්‍රියාකළ යුතුය. ඔවුනට දුර දක්නා නුවණක් තිබිය යුතුය. හමුදාව බුදුදහම සහ සිවුර විකුණන ව්‍යාජ දේශප්‍රේමිත්වයෙන් මිදිය යුතුය. එසේම ජනමාධ්‍ය ද සිව්වැනි පුරවැසියාගේ වගකීම එලෙසින්ම ඉටු කළ යුතුය.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මෙරට විනාශ කිරීමට දායකවුනු

    SW බණ්ඩාටත් ( ජාතිවාදයේ පියා )
    සිරිමනෝනා හමුටත්ටත් ( ලංකාවේ සියලු දේවල් ජනසතු කිරීම )
    එයාගේ දු පොඩ්ඩටත් ( කලදෙයක් නැතිනිසා )
    JR ටත් ( ආර්ථිකය විවුර්ත කිරීම හොද වුනත් තම හෙන්චයියලාට ඔනවිදිහට රට දුෂණය කරන්න ඉඩදීම නිසා සහ බලය සදහා කළු ජූලියක් ඇතිකිරීම )
    ලංකාවේ සියලු ස්ට්‍රයික් මෙහෙයවන වමේ වේ sa පුතලටත් (1971 වාරයේ ස්ට්‍රයික් එකනිසා සිංගපුරු වරාය ඉපදුනා එමෙන්ම 88/89 කැරලි කරුවන්ටත් )
    යම්තරමින් රනිල්ටත් ( මොලේතිබ්බට බලේ ලැබුනම මොලේ නැති නිසා )
    අවසානයේ මහින්ද නමැති අසමජ්ජාති දේශය ආගම ජාතිය විකුණන් කාපු පර දේශ දොහියටත් .......
    අන්තිමේ හම්පඩ මයිනගේ පඹයෙක් වැනි මල්ලි පොඩ්ඩ ටත් .......

    ලාංකිකයින්ගේ ආචාරය


    copy: https://www.gossiplankanews.com/2022/07/singapore-rich-country.html#IDComment1115521979
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    tho hali dammata thoge parana threads baluwama tharanawa tho awilla ara meke inna erozn kyana pontiya wage ekek thama kiyala 😂 gota elawanne ube agenda walata aye harenna name minissu.
     
    • Haha
    Reactions: monson

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මෙරට විනාශ කිරීමට දායකවුනු

    SW බණ්ඩාටත් ( ජාතිවාදයේ පියා )
    සිරිමනෝනා හමුටත්ටත් ( ලංකාවේ සියලු දේවල් ජනසතු කිරීම )
    එයාගේ දු පොඩ්ඩටත් ( කලදෙයක් නැතිනිසා )
    JR ටත් ( ආර්ථිකය විවුර්ත කිරීම හොද වුනත් තම හෙන්චයියලාට ඔනවිදිහට රට දුෂණය කරන්න ඉඩදීම නිසා සහ බලය සදහා කළු ජූලියක් ඇතිකිරීම )
    ලංකාවේ සියලු ස්ට්‍රයික් මෙහෙයවන වමේ වේ sa පුතලටත් (1971 වාරයේ ස්ට්‍රයික් එකනිසා සිංගපුරු වරාය ඉපදුනා එමෙන්ම 88/89 කැරලි කරුවන්ටත් )
    යම්තරමින් රනිල්ටත් ( මොලේතිබ්බට බලේ ලැබුනම මොලේ නැති නිසා )
    අවසානයේ මහින්ද නමැති අසමජ්ජාති දේශය ආගම ජාතිය විකුණන් කාපු පර දේශ දොහියටත් .......
    අන්තිමේ හම්පඩ මයිනගේ පඹයෙක් වැනි මල්ලි පොඩ්ඩ ටත් .......

    ලාංකිකයින්ගේ ආචාරය


    copy: https://www.gossiplankanews.com/2022/07/singapore-rich-country.html#IDComment1115521979

    Amen
     
    • Like
    Reactions: NRTG