අපේ මව් බිමේ සැබෑ නිදහස වෙනුවෙන්
එදා මෙදා තුර ජීවිත,ඇස්,හිස්,මස්,ලේ,දහඩිය හා ශ්රමය දන් දුන්
සියළු රණවිරුවන්ටද,
ඔවුන් ජයග්රහනය කරා මෙහෙයවූ
සියළු තරාතිරම් වල නායකයන්ටද
මගේ උපහාරය හිමිවේවා!!!!
****************
සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
පද්ම රේණුයෙන් සුගන්ධ වී.....
රන් කරල් නමා හමා
සිත් ප්රබෝධයෙන් පුරා
එන්නෙ උන් හෙලූ ප්රාන වායුවයි......
*********************
නිදි ගැට බිඳ උදෑසනින් නැගී සිටින විට
හිරු මඩලක් වගේ ඇවිත් වැටුනද නිදහස?
වන රේඛා කැණ බලන්න..... ඒ නිදහස නමින් හෙලූ
නාඳුනනා මිනිසුන් ගේ රුහිරු කඳුළු ඇත...
_________________________________
___________________________
_____________
_____