64 මායම්

Raveensach

Active member
  • Dec 10, 2006
    963
    62
    28
    64 මායම්-Original

    නිලඳුන් ගෑ දිගැසින්ම බලන්නියො
    මුතුවැල් බැඳ තන කැකුළු සලන්නියො

    ස්‌ත්‍රී මායම් හැටහතර


    පැරණි මෙන්ම නූතන සාහිත්‍යයේද ස්‌ත්‍රීන් පිළිබඳව බොහෝ සේ වර්ණනා කර කරුණු කාරණා දක්‌වා ඇති අතර ඒවායේ ඇති සමහර විසිතුරු වර්ණනා අතිශයෝක්‌තියට බරව දක්‌වා ඇති සැටි පෙනේ.

    ස්‌ත්‍රිය ලතාවකට සමකරන පැරණි කවීහු, එම ලතාව අතොරක්‌ නැතිව එතීම සඳහා හැම විටම යමක්‌ සොයන බව පවසයි. මෙසේ ස්‌ත්‍රී ගුණ වර්ණනාකරන ඒ කවීන් ස්‌ත්‍රිය සතු මායම් හැට හතරක්‌ ඇති බව පවසන අතර කවුරු කෙසේ කීවත් ඒ හැටහතර මායම හැම ස්‌ත්‍රියක්‌ තුළම ඇති බවත් පවසයි. කවීහු මෙන්ම ස්‌ත්‍රී වර්ණා රචකයෝද එම හැටහතර මායම කරුණු විලස එකින් එක දක්‌වා ඇති අතර· වැඩිවියට පැමිණිදා සිට මේ මායම් ඇය තුළ පෙන්නුම් කෙරෙන බවත් පවසයි. උගත් නූගත් භේදයකින් තොරව මේ සියල්ල හැම ස්‌ත්‍රියක්‌ තුළම පිහිටන බව පැරණි කවියෝ දක්‌වා ඇත.

    ස්‌ත්‍රීන්ගේ ගුණමෙන්ම නුගුණද දක්‌වා ඇති හෙයින් මේ මායම් හැට හතර නුගුණ ලෙස අපට පෙන්වා දීමට පුළුවන. අද බොහෝ දෙනා, මායම් හැටහතරක්‌ පිළිබඳව කතා කළත් ඒ හැට හතර කුමක්‌ දැයි නොදනී. ඒ නිසා අපි එම හැට හතර මෙසේ ඔබට ඉදිරිපත් කරමු. මේවා ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි අංග චලනයන් ලෙසින් දැක්‌වීමට පුළුවන.

    1. නෙතඟ බැල්ම

    2. ඇස කරකැවීම

    3. ඇස්‌ විටින් විට පියවීම

    4. ඇස්‌ නෙරවා බැලීම

    5. වරින් වර බැලීම

    6. ඇස්‌ අඩක්‌ වසා බැලීම

    7. ඇස්‌ සම්පූර්ණයෙන් විටක වැසීම

    8. ඉවත බලා සිටීම

    9. යමක්‌ සිඹගැනීම

    10. නාසය අකුලුවා ගැනීම

    11. සුසුම් හෙළීම

    12. කට කොනින් සිනාසීම

    13. තොල පිට පෙරළා සිනාසීම

    14. කොක්‌ හඬලා හයියෙන් සිනාසීම

    15. තොලින් තොල පටලැවීම

    16. බොරුවට කැස්‌සක්‌ ඇති කරගැනීම

    17. දිව දික්‌කිරීම

    18. දිව සපමින් සිටීම

    19. දිව ඒ මේ අත නැටවීම

    20. කාරා කාරා එය යටපත් කිරීම

    21. රෙද්ද නැවත නැවත ඇඳීම

    22. පැළඳි ආභරණ විටින් විට නැවත නැවත අතගෑම

    23. සුරු අත වැනීම

    24. බඩ පෙදෙස අතගාමින් සිටීම

    25. දෙඅත් කැසීම

    26. දෙපා කැසීම

    27. ළයෙහි අත් තබා සිටීම

    28. දෙඅත් බැඳගෙන සිටීම

    29. දෙපාවලට බරදෙමින් ඇවිදීම

    30. දෙපාවලින් ඉරි ඇඳීම

    31. දෙපා එකට වද්දා ගැනීම

    32. ඉන්ද්‍රියන් පෙනෙන ලෙසින් හැඳීම

    33. ඉන්ද්‍රියන් පෙනෙන සේ හැසිරීම

    34. අවේලාවේ උඩුකුරුව නිදියැම

    35. දොරකඩ නිකරුනේ සිටීම

    36. තුෂ්නිම්භූතව සිටීම

    37. දෙපා ඈත්කර විහිදා සිටීම

    38. උඩබලාගෙන හිඳීම

    39. කරබාගෙන හිඳීම

    40. පෙකණිය පෙනෙනසේ රෙද්ද ඇඳීම

    41. බොළඳ ලෙසින් කතා කිරීම

    42. තන තදකර කිටි කිටියේ ඇඳීම

    43. මඳක්‌ ඇලවී බැලීම

    44. දෙඋර නැටවීම

    45. ඉඟටිය පැද්දීම

    46. දෙපියයුරු සෙළවීම

    47. දුවගොස්‌ ගෙට වැදීම

    48. දොර ජනෙල් කවුළුවලින් එබී බැලීම

    49. නිකරුනේ ඈනුම් ඇරීම

    50. කොණ්‌ඩය නොබැඳ කඩාගෙන හිඳීම

    51. යමින් එමින් ආපසු හැරි හැරී බැලීම

    52. රෙදිපිට කොණක්‌ අතින් අල්ලාගෙන යැම

    53. ශබ්දකොට කථා කිරීම

    54. දරුවන් බොරුවට හුරතල් කිරීම

    55. කෝපවූ සේ බොරුවට පෙන්වීම

    56. ස්‌ත්‍රීන්ගේ අගුණ කීම

    57. කවට වදන් තෙපලීම

    58. පිරිමින්ගේ අගුණ කීම

    59. බොරු නෑකම් සබඳකම් කීම

    60. බුලත් විට කෑම සහ ඊට ගිජුබව දැක්‌වීම

    61. ක්‌ලාන්ත ගති පෙන්වීම අමාරුව ඇඟවීම

    62. විසිතුරු දෙයෙහි කුහුලක්‌ දැක්‌වීම

    63. බොරු බිය පෙන්වීම කූඹින්ටත් බියවී දැඟලීම

    64. ................

    මේ හැට හතර මායම් සමහරවිට ඔබ දැක තිබෙන්නට පුළුවන. කේශකලාපය කඩාදමා පොදුවාහනවල යන ස්‌ත්‍රීන් ඔබ අනන්තවත් දැක ඇත. එය අන් අයට මහත් කරදරයකි. නමුත් මේ හැටහතර මායමේ හැටියට එහි ලක්‌ෂණය වන්නේ අන් අයට එයින් කරදරයක්‌ වීම අපේක්‌ෂාව බවයි. එසේම මෙහි පනස්‌ නව වැනි මායම පිළිබඳව ටිකක්‌ විමසා බලන්න. අනුන්ට බොරු නෑකම් කියන උදවිය අපේ සමාජයේ කොතෙක්‌ නම් සිටිනවාද? අත්තෙන්ම මේ දක්‌වා ඇති මායම් හැට හතර හැම ස්‌ත්‍රියක්‌ තුළම ඇතැයි කීවොත් එය සත්‍යයකි.

    කාව්‍යසේඛරය රචනා කරමින් රාහුල හිමියන් මෙසේ පවසා ඇත. එය රසබරය. අරුත් බරය.

    "පෑ ආනි බානී"

    කියා එබසට බැමිණි ගෑනී

    මෙහි පෑ "ආනි" "බානි" ආදී වචන ඒ සඳහා යොදාගෙන ඇත්තේ අර කී මායම් හැටහතර පෙන්වීම සඳහාය. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ද තම කව්රචනාවලින් මෙවැනි දේ වර්ණනා කර ඇත.

    මෙසේම සූසැට අභරණ පිළිබඳවද ස්‌ත්‍රීන් හා සම්බන්ධතාවක්‌ පවතී. විශාඛා සිටු කුමරිය පූසැටභරණින් සැරසෙන බව බොදු සාහිත්‍යයේ පෙන්නුම් කර ඇත. එසේම අම්භපාලි, මාගන්ධියා, බේමා වැනි නගර ශෝභිනින් හැටහතර මායමෙන් යුත් බවද බොදු සාහිත්‍යයේ පෙන්නුම් කර ඇති අතර ස්‌ත්‍රියක්‌ තුළ නිසඟයෙන්ම පිහිටන මේ හැට හතර මායම ස්‌ත්‍රියට ඇතුවත් බැරි නැතුවත් බැරි අංගික ආයිත්තමක්‌ බව කිවයුතුය. සමහර දෙනා ස්‌ත්‍රීන්ට වශීවන්නේ මේ හැටහතර මායම්. නිපුන ලෙස ප්‍රයෝජනයට ගන්නා නිසා බැව් සාහිත්‍ය විචාරකයන් පවසන්නේ ඒ නිසාය. අද මේ හැටහතර මායම් නවීකරණය වී සමාජදොරට වැඩී ඇත.


    ධර්මරත්න තෙන්නකෝන්

    Code:
    divaina.com
     
    Last edited: