88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පක්ෂය තහනම් කරලා නිකං ඉඳලා නෑනේ. තනිකරම මර්දනයක් කරලා තියෙන්නේ
    එතකොට ඇයි බන් අරගල කරලා මිනිස්සු මැරුවේ ? හරි අපි කියමුකෝ මරපු හැම එකාම ආණ්ඩුවෙන් මැරුවේ කියලා එහෙනම් ඇයි පොදු දේපල ගිණි තිබ්බේ ? දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ ? අරගලයෙන් මිනිස්සු මැරෙනවා කියලා දැන දැන ඒවාට තවත් දුප්පත් අසරණ කොල්ලෝ කෙල්ලන්ව ඇදල දැම්මේ ?
    බලපන් විජේවීරගේ පුතා අරගලයේ හිටියේ නෑනේ ? ලපයගේ පුතත් එහෙමයි. හැබැයි ගමේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ ළමයි අරගලයේ නාමයෙන් කියලා නිරපරාදේ මැරුණා.
    අරගල කරන්න කියලා ඕකුන් පක්ෂයේ නාමයෙන් කෝටි කීයක් එකතු කරගෙනද ? සමහර පක්ෂ සාමාජිකයෝ ඉස්සර කියන්නේ හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ ,ගෑණිගේ පඩියෙන් ඉන්නේ කියලා.අවුරුදු 5 විතර ගියාම කියනවා අපේ පරම්පරාගත දේපල තියෙනවලු.
    අපිට හරි හමන් තුන්වෙනි පක්ෂයක් නැති එක විශාල පාඩුවක්. හැබැයි ජෙප්පන්ට නම් ඒ තැන ගන්න බෑ ලොවෙත්. 3% බැස්සේ ඒකයි. 88/89 ට කාලවලට පස්සේ කිට්ටුවෙන් තිබ්බ මැතිවරණවලටත් ඔයිට වඩා චන්ද තිබ්බා. දැන් ඕකුන් පීචන්ම වෙලා ඉන්නේ ඩීල් කුමාර නිසා.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Violence wrought by JVP

    violence-wrought-by-extremist-rebel-jvp-aka-sinhalese-peoples-front-picture-id50661482

    මෙතන තියෙනවා කලෙක්ෂන් එකම. මිනිස්සුන්ව බල්ලෝ බලල්ලුන්ව වගේ මරලා දාලා තියෙන්නේ.

    Code:
    https://www.gettyimages.com/photos/jvp-sinhalese-people
     
    • Like
    Reactions: madushanka345

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    වැරද්ද ජවිපෙ නෙමෙයි මිතුර. මුග්ධ පාලකයින් විසින් එවකට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට යොමු වී සිටි ජවිපෙ තහනම් කිරීමයි. එදා ජවිපෙ තහනමට පෙර පැවති මැතිවරණ වලදී උඹලගේ අපේ අම්මලා තාත්තාලා සීයලා ආච්චිලා මොලේ පාවිච්චි කරා නම් හැට දහසක් ජීවිතත් බේරිලා. රට අද සිටන තැනින් ගව් ගානනක් ඉදිරියටත් ගිහින්
    එහෙම ලේසියෙන් ලිස්සලා යන්න බෑ මිතුර.... ආණ්ඩුවේ භීෂණ කාරී මර්ධනය වගේම ඒකාලේ තිබුණු JVP එකේ මිලේජ්ජත්වයත් කරට කර ! සුලුකොටසක පක්ෂයක් තහනම් කරා කියලා එරටේ මිනිස්සු ගාතය කරමින් රට ගිනිත්යන්න උන්ට තියන අයිතය මොකද්ද ?? ප්‍රශ්න යක් තියනවනම් ආණ්ඩුවත් එක්ක ඒක විසදගනින් ..අනින්සක මිනිස්සු එකට වගකියන්නේ මොකද ?

    මගේ ඈතින් නෑදෑයෝ වන ලොකු තාත්තා කෙනෙක් හිටියා දබදෙනිය පැත්තේ. අපි එතකොට ගොඩක් පුංචියි. එයා ඒ පළාතේ තැපැල් කන්තෝරුවක ස්ථානාධිපති. ඒදවස්වල JVP එකෙන් සියලුම රජයේ ආයතන වහන්න කියලා නියෝග කරලා තිබ්බලු. නමුත් පොලිසියෙන් බලකරලා ඒවා උදේ ඇරෝලා. ලෝකුතාත්තත් ගෙදරටම පොලිසියෙන් ඇවිදින් එක්කගිහන් තැපැල් හල ඇරලා වැඩකරන්න බලකරලා. එයා මිනිස්සු නැති හින්දා හවස 2ට විතර ඒක වහලා ගෙදර ඇවිත්. පාන්දර ලොකුතාත්තගේ ගෙදරට JVP එකෙන් ඇවිත් එලියට අරගන වත්තේ අබගහට හේත්තු කරලා වෙදඩිතියලා තිබුනා .... හේතුව JVP අණ නොතකා වැඩකිරීම !!
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    එතකොට ඇයි බන් අරගල කරලා මිනිස්සු මැරුවේ ? හරි අපි කියමුකෝ මරපු හැම එකාම ආණ්ඩුවෙන් මැරුවේ කියලා එහෙනම් ඇයි පොදු දේපල ගිණි තිබ්බේ ? දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ ? අරගලයෙන් මිනිස්සු මැරෙනවා කියලා දැන දැන ඒවාට තවත් දුප්පත් අසරණ කොල්ලෝ කෙල්ලන්ව ඇදල දැම්මේ ?
    බලපන් විජේවීරගේ පුතා අරගලයේ හිටියේ නෑනේ ? ලපයගේ පුතත් එහෙමයි. හැබැයි ගමේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ ළමයි අරගලයේ නාමයෙන් කියලා නිරපරාදේ මැරුණා.
    අරගල කරන්න කියලා ඕකුන් පක්ෂයේ නාමයෙන් කෝටි කීයක් එකතු කරගෙනද ? සමහර පක්ෂ සාමාජිකයෝ ඉස්සර කියන්නේ හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ ,ගෑණිගේ පඩියෙන් ඉන්නේ කියලා.අවුරුදු 5 විතර ගියාම කියනවා අපේ පරම්පරාගත දේපල තියෙනවලු.
    අපිට හරි හමන් තුන්වෙනි පක්ෂයක් නැති එක විශාල පාඩුවක්. හැබැයි ජෙප්පන්ට නම් ඒ තැන ගන්න බෑ ලොවෙත්. 3% බැස්සේ ඒකයි. 88/89 ට කාලවලට පස්සේ කිට්ටුවෙන් තිබ්බ මැතිවරණවලටත් ඔයිට වඩා චන්ද තිබ්බා. දැන් ඕකුන් පීචන්ම වෙලා ඉන්නේ ඩීල් කුමාර නිසා.
    anith eka bung aiyi JVP un ochara Socialism katha karala Capitalism thiyana ratawala walata migrate karanne?

    un yanne na ne Cuba, Russia, China walata PR ganna?

    okkoma un Yanne USA, Canada, Australia, NZ wage capitalism thiyana ratwala walata

    ekan ma penawa ne okun ge boruwa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    71 අරගලය කරපු අයව 78 දි නිදහස් කරා ඔයාට වඩා හොඳට ඒ ගැන අධ්‍යයනය කරපු කොමිෂන් සභාවකින්.මිනීමැරුව නම් එහෙම නිදහස් වෙන්නෙ නෑනෙ.71 කැරැල්ල පටන් ගන්න කලින්ම වගේ නැවැත්තුවා.78 ඉඳන් 87 වෙනකම් ජේවීපී එක ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලෙයි තමන්ගෙ දේශපාලනය කරේ. 84 ඉඳන් තමයි පක්ෂය තහනම් කරලා ජේවීපී එකේ අයව මර්දනය පටන් ගත්තෙ. පක්ෂයත් තහනම් කරලා සාමාජිකයො මරන්න ගත්තම විසඳුම් දෙකයි ඉතුරු වෙන්නෙ.එක්කො පක්ෂය විසුරවන්න ඕන.එක්කො මර්දනයට විරුද්ධව සටන් කරන්න ඕන.උන් දෙවනි එක තෝරගත්තා.ඊට පස්සෙ රටේ සිවිල් යුද්ධයක් ඇති උනා.යුද්ධයකදි ලස්සන දේවල් වෙන්නෙ නෑ.දෙගොල්ලො අතින්ම වෙන්න ඕන නැති දේවල් උනා.ඒත් ඒකට හේතුව තමයි ආණ්ඩුව කිසිම හේතුවක් නැතුව පක්ෂය මර්දනය කරපු එක
    ජවිපෙ 71දි කිසිම වරදක් කරලා නෑය, ආණ්ඩුව මේ නොදරුවො වැලි කෙලියෙ යෙදී ඉද්දි අත්අඩංගුවට අරන් තියෙන්නේ අනේ අපිට සමාවෙන්න ඔන්න ඔයාල සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කියලද නිදහස හම්බවුනේ :baffled: නැතුව හරක් උනත් මෙච්චර පෝරකේට දැක්කුව හැකිය කියල පිං ගොන්නුන්ට වගේ සමාව හම්බවුනා එහෙම නෙවෙයි කියල ෂුවර් ද :baffled: 2009 යුද්දේන් පස්සෙත් කොටි දාස් ගානක් නිදහස් කරලා ගෙදර යැව්ව ඒ උන් නිර්දෝෂී හින්ද නං නෙවේ ඕං.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    ඔව්, මේ එළකිරි එකේ ඉන්න බොහොම දෙනෙකුට මම අංකල් කෙනෙක් විය හැකියි. මම 1962 උපන් කෙනෙක්.

    කතාව තව ටිකක් ලියන්නම්.

    පංති පහ අවසානයේ අපේ අදහස මොකක්ද කියලා ඇහුවට, අපිව උගුලකට අහු උනා වගේ හැඟීමක් එන විදියට තමයි එතන කටයුතු සිද්ද උනේ. රහස්‍ය භාවය ගැන, ඒ ගොල්ලන්ගේ කටයුතු වලට විරුද්ධ වීම, පාවාදීම වැනි වචනත් කියවුනා විය හැකියි. අර අපි නොදන්නා එක්කෙනා නම් පන්ති පහ ඉවර වෙන්නත් කලින්ම එයා මේකට එකතු වෙලා වැඩ කරන්න කැමති බව අඟවලා තිබුනා. මාත් එක්ක හිටපු යාළුවො තුන්දෙනාත් මේ කතා වලට වශී වෙලා හිටියාට, ඒගොල්ලෝ මම කියන දෙයකට පිටින් යන්නේ නැති තරමේ හිතවත් කමක් අපි අතර තිබුනා.

    අපේ අදහස අහලා, දින කිහිපයකට පස්සේ අපේ උත්තරය මොකක්ද කියන එක දිනකට දෙකකට වරක් ඇවිත් අපෙන් අහන්න ගත්තා. අපි උත්තරයක් දුන්නේ නැහැ. මගේ අදහස උනේ, මේකට අකමැතියි කියන එක කොහොමවත්ම ඒ තැනැත්තාට කියන්නේ නැතිව, පුළුවන් හැටියකට මග ඇරලා ඉන්න එකයි.

    මම මේ තුන්දෙනාටම අපි වැටුන වල ගැන පැහැදිලි කළා. අපි මේකට එකතු නොවිය යුතු බව මම,හේතු සහිතව ඒ තුන්දෙනාට පැහැදිලි කරලා දුන්නා. ඒගොල්ලෝ මගේ අදහස පිළිගත්තා. ඒ උනාට, "අපි මේකට අකමැතියි, ඒ නිසා අපේ අදහස මේ ව්‍යාපාරයට එකතු නොවී ඉන්නයි" කියා මෙහි සංවිධායකට කීම තවත් කරදර ගොඩකට අත වැනීමක් වෙන්න පුළුවන් කියන එකත් මම ඒගොල්ලන්ට කිව්වා.

    මේකට පිලියමක් හැටියට අපි කලේ මේ පන්ති පවත්වපු පුද්ගලයාව මග හරින එකයි. ඒක මෙහෙම එක වචනෙකින් කිව්වාට එයාට සැක නොහිතෙන විදියට අපි හතර දෙනාම කොහොම හරි ටික කාලයක් වහන් වෙලා හිටියා. මිනිහාටම එපා වෙලා අපි පස්සේ එලවන එක නවත්තන්න ඇති.

    මට කියන්න තියන අවාසනාවන්තම සිද්ධිය මේ කාලයෙන් වසර ගණනාවකට පසුව 1989 පමණ කාලයේ මම දැන ගත් එකක්. අපේ පංති වලට සහභාගී උන, අපි නොහඳුනන සාමාජිකයා වූ "සරත්" ගැන අපි කිසිම තොරතුරක් දැන හිටියේ නැහැ. නමුත්, 89 දී පමණ මා සමග සේවය කල කෙනෙකුගේ ගෙදරකදී සරත් ගේ පින්තුරයක් දැක්කා. ඒ ගැන විමසූ විට, ඒ ඔවුන්ගේ ඥාති සොහොයුරෙකු බවත්, එයා jvp එකට වැඩ කළා කියලා හමුදාවෙන් අරන් ගිය බවත්, මිනිය කොට්ටාවේ තැනක තිබී හමු උන බවත්, එයා අහිංසකයෙකු මිස ජවිපෙ ට කිසිම සම්බන්ධයක් නැති කෙනෙකු බවත් කිව්වා. මම මෙයා ගැන දන්නා දේවල් කිසිවක් කිව්වේ නැහැ. මෙයා ගෙදරට හොරෙන් තමයි හැම දෙයක්ම කරලා තියෙන්නේ.

    මේ භීෂණය ආරම්භ කලේ ජවිපෙ මිසක් ආණ්ඩුව නොවෙයි. ආණ්ඩුව හරියි කියන එක මම එයින් අදහස් කරන්නේ නැහැ. ඊළඟට, හොඳින් හෝ නරකින් භීෂණය අවසාන කලේ මේ මුල් පෝස්ට් එකේ කියැවෙන ප්‍රේමදාස උඩුගම්පොල වාගේ සිල්ලර ඝාතකයෝ නොවෙයි. මේ පෝස්ට් එකේ හෝ රිප්ලයි එකකවත් නම සඳහන් වෙලා තියනවා දැක්කේ නැති, රංජන් විජේරත්න තමයි මේ සියලු ඝාතකයන්ට ආරක්ෂාවත්, අවි ආයුධත්, අනිකුත් පහසුකම් සියල්ලමත් ලබා දීලා ජවිපෙ භීෂණයට ඊටත් දරුණු භීෂණයකින් පිළිතුරු දීලා මේ ප්‍රශ්නය අවසාන කලේ.

    ඒ විතරක් නොවෙයි, "හමුදාවෙන් හා පොලිසියෙන් ඉල්ලා අස් නොවන, හමුදා/පොලිස් නිලධාරීන්ගේ ගේ පවුල් වල සාමාජිකයන් ඝාතනය කිරීම" කියන ක්‍රියාදාමය ජවිපෙ මගින් ආරම්භ කළා යැයි ප්‍රසිද්ධ උනත්, ඒ ඝාතන බොහොමයක් පිටුපස හිටියෙත් රංජන් විජේරත්නයි. ඒ සිද්ධි දාමය මගින් සාමාන්‍ය ජනතාව ජවිපෙට වෛර කරන තත්වයකට පත් කරන්න රන්ජන් විජේරත්න සමත් උනා. (උඩුගම්පොලගේ පවුලේ අයගේ ඝාතන ජවිපෙ මගින් කලත්, සාමාන්‍ය ජනතාව ඒ සම්බන්ධයෙන් හිත යටින් සතුටු උන බව තමයි මම දන්නේ.) නමුත්, ජවිපෙ මර්ධනයට කොහෙත්ම සම්බන්ධයක් නැති හමුදා/පොලිස් නිලධාරීන්ගේ පවුල් ඝාතනය කරන්න ජවිපෙට උවමනාවක් නොතිබුනා වාගේම එයින් ලැබෙන අනිසි ප්‍රතිඵල ඔවුන් නොදැන හිටියා යැයි මම හිතන්නේ නැහැ. මෙයින් ඉතා සුක්ෂම ලෙස ඌරාගෙ මාළු ඌරාගෙ පිටේම තියලා කපන්න රන්ජන් විජේරත්න සමත් උනා. ඒ තමයි ජවිපෙ භීෂණයේ අවසානය.

    මේ වාගේ හිත නරක් වෙන කතා අවසානයේ ටිකක් හිනා යන සිද්ධියක් කියන්නම්.

    කලබල බොහොම උත්සන්න කාලයේ, කඩ සාප්පු වලට පොඩි ලියුම් කෑල්ලක් දීලා, කඩ වහන්න කියලා අණ කරන එක එදිනෙදා සිදුවීමක් තරමට සාමාන්‍ය වෙලා තිබුනා. පන්නිපිටියේ කඩයකට මෙහෙම ලියුමක් දෙන්න ආපු ජේ වී පී කොල්ලෙක්, කඩේ හොය හොයා යනකොට පොලිසියෙන් අල්ලාගෙන තිබුනා. මේ කොල්ලා ටිකක් විතර පිස්සු පොරක්. කන් විදලා, කරාබු දාලා, මාල දාලා, හමුදාවේ පතරොම් මල්ලක් වගේ හචා බෑග් එකකුත් එල්ලාගෙන, පන්නිපිටියේ ඒ මේ අත ඇවිදිනකොට සැක හිතපු පොලිස් කාරයෝ දෙන්නෙක් මේකාව අල්ලා ගෙන ප්‍රශ්න කරලා. "මෙන්න මේ ලියුම කඩේකට දෙන්න යනවා" කියලා කියපු ගමන් මුලින්ම මේකාට තුන හතරක් නෙලලා, ලියුම අරං බලලා.

    ඒ ලියුමේ තිබුනේ එක වාක්‍යයයි. //ආවුද අරං සෙනසුරාදා එනවා, ගෑස් ගෙනැත් තියන්න. -ගුණපාල. // මේක දැකපු ගමන් මේ කොල්ලාට වචනයක් වත් කතා කරන්න නොදී හොඳටම ගහලා. වාසනාවට, මේ සිද්ධිය බලා හිටපු එතන කඩේ මුදලාලිත් මෙතෙන්ට ඔලුව දාලා. කොහොම හරි ඒ මුදලාලි ලියුම දැක්ක ගමන් සිද්ධිය තේරුම් අරං මේ කොල්ලාව බේරාගෙන අපේ ගෙදරට අරන් ආවා.

    සිද්ද වෙලා තියෙන්නේ මේකයි. අපේ වාහනේ ටින්කර් කරපු බාස් ගේ වැඩ හොඳයි කියලා දැකපු මේ මුදලාලි(එයා අපේ තාත්තාගේ යාලුවෙක්), ඒ බාස් ලවා එයාගේ වාහනේ ටින්කර් වැඩ ටික කරවා ගන්න පොරොන්දු කරවාගෙන. ඒකට දිනයක් යොදාගෙන, ගෑස් බෝතල් මුදලාලිගේ ගෙදරට ගෙනත් තියන්න, එදාට බාස් අවශ්‍ය ආවුද අරං වැඩේට එනවා කියන එක තමයි මේ ලිපියෙන් කියවෙන්නේ. ඒක පොඩි කොළ කෑල්ලක ලියලා, එයාගේ ගෝලයෙක් අතේ එවලා. බාස් කෙනෙකුගේ ලිපියක් හින්දා වැඩිය ව්‍යාකරණානුකුලව ලියැවිලා නැතිව ඇති. කොහොම උනත්, මේ මුදලාලි, බාස්ට ඇඳුනුම් කම හදාගත්තේ මගෙන් නිසා මේකාව අපේ ගෙදරට අරගෙන ආවා. ඊට පස්සේ අඳුනන දොස්තර කෙනෙක් ගාවට එක්කගෙන ගිහිල්ලා එකාට ප්‍රතිකාර කරලා ගෙදර ගිහිං බැස්සුවා.

    බැරි වෙලාවත්, ඒ මොහොතේ මුදලාලි ඉදිරිපත් නොවුනා නම්, පහුවෙනිදා පත්තරේ මුල් පිටුවෙම 'දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ ත්‍රස්තවාදියෙකු පන්නිපිටියෙන් අල්ලයි" කියන හෙඩ් ලයින් එකයි, ටයර් එකකට දාලා පුච්චපු මිනියකුයි තමයි ඉතුරු වෙන්නේ!
    වෙනම Thread එකක් දාන්න තිබ්බා එහෙනම් හැමෝටම කියවන්න තිබ්බා 🤔
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    @nicjosh83 ඔක්කොම images එකම ත්‍රෙඩ් එකේ දාන්න එපා පොන්ස්.
    ඕවා ඉතින් මීට කලින් චන්ද ලන් වෙද්දි වෙන වෙනම ත්‍රෙඩ් ඇරපු එකම images සෙට් එකනෙ. පැයක් දෙයක් අරගෙන පරන ත්‍රෙඩ් ටිකම හොයලා බම්ප් කරපන්. උඹට ගෙවන්නෙ ඔය වැඩ කරනවට තමයි ගොය්යො. මොන ජීවිතද බන්.? Weekend එකේ සෙට් වෙන්න යාලුවෙක් වත් නැති උඹට වෙන මොනවා කරන්නද?
    යාලුවෝ නැති එක පුදුමයකුත් නෙවේ. උඹ වගේ ඩයල් එකකට කොහොමත් family friends ලා ඉන්න විදියකුත් නෑ. ඇය් ඉතින් අනුන්ගෙ ගෑනුන්ට සෙවල හලන කැරියෙක් කියලා හැමෝටම තේරිලා ඇති.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    වෙනම Thread එකක් දාන්න තිබ්බා එහෙනම් හැමෝටම කියවන්න තිබ්බා 🤔
    අතීතයේ වෙච්ච අවාසනාවන්ත සිදුවීම් නැවත නැවත ආවර්ජනය කරන්න වීම සතුටක් නොවෙයි.

    ඊටත් අමතරව common sense කියන දේ ගෑවිලාවත් නැතුව, තමන් අන්ධානුකරණයෙන් අදහන පක්ෂය(හෝ රජය) කරන වැරදි වහන් කරලා, සියලුම වැරදි අනිත් පක්ෂයට (හෝ රජයට) බැර කරලා අපහාසාත්මක, එහෙම නැතිනම් සමාජ මාධ්‍යයකට තියා මුඩුක්කුවකටවත් නොගැලපෙන භාෂාවෙන් මේකේ දාන කොමෙන්ට්ස් දැක්කාම මේ වාගේ දෙයක් ගැන ත්‍රෙඩ් එකක් දාන්න දෙපාරක් හිතන්න ඕනෑ.

    sahenna watinawa oya me kiyapu dewal

    mama ahala thiyanawa ara army ekan JVP ekkanke wa thiyagena hitiya kiyala JVP unwa allaganna. oluwata goniyak dalaa wagee

    eka gana dannawada?
    ඔව්, ඔය කියන ආකාරයේ දෙයක් සිද්ද උනා. ගෝනි බිල්ලා කියලත් හැඳින් වුනේ ඒකයි. ඒවාත් කිසිම විදියකින් සාධාරණීකරණය කරන්න බැරි අවාසනාවන්ත දේවල්.

    අද කාලේ පොලිසියට(Traffic Police) දිනකට නඩු පනහක් අරන් දෙන්න කියපුවාම පාරේ යන නීතිගරුක රියදුරන්ට පවා මොකක් හරි ඇදයක් කියලා නඩු දාන බව අපි අහලා දැකලා තියනවානේ. ඒ වාගේ ඒ කාලෙත්, මොකක් හරි සුළු හේතුවක් නිසා (එකල විහිලුවට කිව්වේ ගම් පෙරලිය, විජයබා කොල්ලය වගේ පොතක්, සෝවියට් දේශය වගේ සඟරාවක් ගෙදරක තිබුනත් ඇතියි කියලයි) පොලිසියට/හමුදාවට අල්ලා ගත්ත කොල්ලන්ව ගෝනියක් ඇතුලට දාලා අඩුම තරමින් අද ජේ වී පී කාරයෝ පස් දෙනෙක් වත් අල්ලලා දුන්නේ නැත්තන් උඹව මරනවා කියලා කියපුවාම, කාව හරි පෙන්නනවා. ඒ මිනිස්සු සමහර විට JVP කියන abbreviation එකේ තේරුම වත් නොදන්නා අය වෙන්න පුලුවන්.

    ඊළඟට තමන්ගේ තරහ කාරයෝ, එහෙම නැතිනම් විරුද්ධ පාක්ෂිකයන් අල්ලා දීමත් ජයටම සිදු උනා. ඒ හැර, පුද්ගලික ප්‍රශ්න නිසා ජවිපෙ හෝ රජයේ ගිණුමට බැර වෙන ලෙස කල මිනීමැරුම් කිරීමත් බහුලව සිද්ද උනා.

    එකල මම සේවය කල ආයතනයේ හිටපු account clerk කෙල්ලෙකුත් මේ විදියේ අවාසනාවන්ත මරණයකට ගොදුරු උනා. ක්ලාක් කෙනෙක් විදියට රැකියාවක් කරන්න අවශ්‍ය නොවෙන තරමට වත් පොහොසත්කමක් තිබුන ඇය, රැකියාව කලේ එයාගේ පෙම්වතා එක්ක කතා බහ කරන්න ගෙදරින් නිදහසක් ලබා ගන්න මිසක් ලැබෙන වැටුප බලාගෙන නොවෙයි.

    ගෙදරින් සම්පුර්ණයෙන්ම විරුද්ධ උන මේ සම්බන්ධය නවත්වන්න බැරිම තැන, මේ පෙම්වතාට වෙඩි තියලා මරලා ජවිපෙ හෝ රජයේ account එකට දාන්න මේ කෙල්ලගේ ගෙදරින් කටයුතු කරලා තිබුනා. ඒ කෙල්ල ටිකක් මහතයි. දෙහිවල බීච් එකේදී කොල්ලාට වෙඩි තියන්න එනකොට, කෙල්ල ඉස්සරහට ඇවිත්. කෙල්ල වෙඩි වැදිලා මලා. කොල්ලාට මුකුත් උනේ නැහැ. මේවාත් එකතු වෙන්නේ ජවිපෙ හෝ රජයේ ඝාතන වලටයි.
    ------ Post added on Apr 11, 2021 at 4:38 AM
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ගොඩාක් මහන්සි වෙනවා නේද? පව්. දැන් ඔය තැටිය හරි පරණයි. අලුත් තැටියක් හොයාගන්න බැරි උනයි ඔහෙට තාම? 😂
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ගොඩාක් මහන්සි වෙනවා නේද? පව්. දැන් ඔය තැටිය හරි පරණයි. අලුත් තැටියක් හොයාගන්න බැරි උනයි ඔහෙට තාම? 😂
    JVP මහත්තරුන්ට මේවා දාද්දි සෑහෙන්න රිදෙනවා ....
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    88/89 ගැන දොඩවන බාබා හුකුන්ලා මේක බලන්න. මුලින්ම භීෂණය පටන් ගත්තේ කවුද කියලා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    1988 ජනාදිපතිවරණය කඩාකප්පල් කිරීමට JVP උත්සාහයන්

    jvp_16.jpg


    1988 ජනාදිපතිවරණය කඩාකප්පල් කිරීමට JVP උත්සාහයන්

    felled-trees-blocking-road-in-example-of-sinhalese-jvp-rebel-attempts-picture-id50586508

    ------ Post added on Apr 11, 2021 at 8:15 AM
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ජවිපෙ 71දි කිසිම වරදක් කරලා නෑය, ආණ්ඩුව මේ නොදරුවො වැලි කෙලියෙ යෙදී ඉද්දි අත්අඩංගුවට අරන් තියෙන්නේ අනේ අපිට සමාවෙන්න ඔන්න ඔයාල සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කියලද නිදහස හම්බවුනේ :baffled: නැතුව හරක් උනත් මෙච්චර පෝරකේට දැක්කුව හැකිය කියල පිං ගොන්නුන්ට වගේ සමාව හම්බවුනා එහෙම නෙවෙයි කියල ෂුවර් ද :baffled: 2009 යුද්දේන් පස්සෙත් කොටි දාස් ගානක් නිදහස් කරලා ගෙදර යැව්ව ඒ උන් නිර්දෝෂී හින්ද නං නෙවේ ඕං.
    නෑ මම කියන්න හැදුවේ 71 දි 88/89 දි වගේ දරුණු තත්වෙකට ගියෙ නෑ කියලා.ඒ මොකද කැරැල්ල පටන් ගන්නත් කලින්ම වගේ නවත්තන්න ආණ්ඩුවට පුලුවන් උනා.ඊට පස්සෙ ජේවීපී එක ආයෙ කැරලි ගහන්න යන්න උවමනාවක් තිබ්බෙ නෑ.උන් මැතිවරණ වලටත් ඉදිරිපත් උනා ඊට පස්සෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    නෑ මම කියන්න හැදුවේ 71 දි 88/89 දි වගේ දරුණු තත්වෙකට ගියෙ නෑ කියලා.ඒ මොකද කැරැල්ල පටන් ගන්නත් කලින්ම වගේ නවත්තන්න ආණ්ඩුවට පුලුවන් උනා.ඊට පස්සෙ ජේවීපී එක ආයෙ කැරලි ගහන්න යන්න උවමනාවක් තිබ්බෙ නෑ.උන් මැතිවරණ වලටත් ඉදිරිපත් උනා ඊට පස්සෙ.
    අනිවා බං. 83ට කලින් ජවිපෙ නියම විදියට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ හිටියේ. අසූ ගණන් වල මුල සංවර්ධන සභා ඡන්දේට ඉදිරිපත් වුණා. 82 ජනාධිපතිවරණෙට පවා ඉදිරිපත් වුණා. ඊට පස්සේ රටේ 3 බලවේගේ බවට පත්වුණා. නිදහස් පක්ෂය ඒ වෙද්දි නට්ටං වෙලා තිබ්බ හින්දා හරියට බැලුවොත් ජවිපෙ තමයි එදා විපක්ෂයේ කාර්යභාරය කරේ. එදා විජේවීර මීටින් වල කියපුවා උඹලගේ අපේ අම්මලා තාත්තල ආච්චිලා සීයලට නොතේරුනාට ජේආර්ට හොඳ තේරුණා. ඌ දැනගත්තා එන පොට හොඳ නෑ කියලා. පස්සේ උගේ සෙට් එකක්ම දෙමලුන්ට ගහලා කළු ජූලියක් ඇති කරලා ඒ පිටන් දාලා ජවිපෙ තහනම් කළා.
     

    SLGodFather

    Junior member
  • Feb 21, 2021
    54
    88
    18
    බුවාහ් හහ් හහ් හා ! සහෝදරයා මම තමයි රෝහණ විජේවීර ! :lol::lol::lol::lol:
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    වැරද්ද ජවිපෙ නෙමෙයි මිතුර. මුග්ධ පාලකයින් විසින් එවකට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට යොමු වී සිටි ජවිපෙ තහනම් කිරීමයි. එදා ජවිපෙ තහනමට පෙර පැවති මැතිවරණ වලදී උඹලගේ අපේ අම්මලා තාත්තාලා සීයලා ආච්චිලා මොලේ පාවිච්චි කරා නම් හැට දහසක් ජීවිතත් බේරිලා. රට අද සිටන තැනින් ගව් ගානනක් ඉදිරියටත් ගිහින්
    Eka Hari wenna puluwan.
    Deshiya nispadana godak develop wenawa sirimavo kramaya giyanam .
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    Eka Hari wenna puluwan.
    Deshiya nispadana godak develop wenawa sirimavo kramaya giyanam .
    82 ජනමත විචාරණයෙදි අපේ ගෙං වාහේලා චන්දෙ දීලා තියෙන්නේ මහමැතිවරණයක් එපා කියන ඔප්ෂන් එකටනේ. චන්දය ඕනෙ කියන ඔප්ශන් එකට ගියා නම් 83 අවුරුද්දේ මහමැතිවරණයක් තියන්න වෙනවා. එහෙම උනානම් පහුගිය කාලෙම සිද්ධවුනු දේවල් උඩු යටිකුරු වෙන්න තිබුණා.
     
    • Like
    Reactions: u_make_me_sick_

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    82 ජනමත විචාරණයෙදි අපේ ගෙං වාහේලා චන්දෙ දීලා තියෙන්නේ මහමැතිවරණයක් එපා කියන ඔප්ෂන් එකටනේ. චන්දය ඕනෙ කියන ඔප්ශන් එකට ගියා නම් 83 අවුරුද්දේ මහමැතිවරණයක් තියන්න වෙනවා. එහෙම උනානම් පහුගිය කාලෙම සිද්ධවුනු දේවල් උඩු යටිකුරු වෙන්න තිබුණා.
    oya kiyanne lampu kalagedi sellama neda? ehema nam JR eekedi boruwak karaa kiyala mama ahala thiyanawa.

    Mr @1sam, 82 janamatha wicharanaya gena poddak kiyanna puluwanda? eththatama mokada une kiyala?
     
    • Like
    Reactions: nalin0001