90 දශකයේ චමත්කාරය

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    11,823
    1
    12,547
    113
    Gotham City


    මම ජීවිතේට බලපු සුපිරිම කතාවක් බන්. මේ ලඟදි English subtitles එක්ක හොයාගෙන ආපහු බැලුවා. ඔය කතාව චීනයේ වෙච්ච ඇත්ත කතාවක්. ඕක තියෙන පොත කාලයක් තහනම් කරලත් තිබුනලු රජයට විරුද්දව කැරලි ගහන සීන් තියෙන නිසා. ඒ මිනිස්සුන්ට ඕනේ උනේ තමුන්ගේ හැකියාව යොදාගෙන ආණ්ඩුවට උදව් කරන්න. ඒත් අපේ දූෂිත දේශපාලුවෝ වගේ එවුන් ඒ කාලේ ඒ රටවල්වල ඉඳල තියෙනවා. කෞ ඇමතිය ඒ තත්වයට පත් උනේ ඌට ෆුට් බෝල් ගහන්න පුළුවන් වෙච්ච නිසා. අපේ රටෙත් ඒ වගේ කිසිම සුදුසු කමක් නැති ලොකු එවුන්ට පන්දම් අල්ලලා උඩට ගිය උන් කොච්චර ඉන්නවද ?
    ------ Post added on Feb 12, 2023 at 5:21 AM
    ඒ කාලෙ ඔය කතාව බලද්දි අපි පොඩි වයස් වල .පොලිටික්ස් ගැන ලොකු දැනීමක් නැති කාලයක් .
    වීරයට මොනවා හරි උනොත් අපිට මල .
    එත් ඉතිහසයෙ කොයි රටෙත් සුදුසුකම් නැතිව රජාගෙ ෆෙවර්ස් වලට ලොක්කන්ගෙ ෆෙවර්ස් වලට ලොකු පුටු වලට කොච්චර පනින්න ඇතිද ?
    කෞ ඇමති වගෙ උන් සිස්ටම් එකෙන් ප්‍රයොජන ගත්තා. පොලිටික්ස් කියන්නෙ වීරත්වය වගෙම පොඩ්ඩක් ස්ට්‍රැටිජිකලි හිතන්නත් ඕනි .කපටි වෙන්නත් ඕනි.
    වීරයන්ට කෙල උනෙ ඔතනින් .සටන්කාමී වීරත්වය තිබ්බා .ඒත් පොලිටිකල් ස්ට්‍රැටජි වලදි ෆේල් .

    මන් ඒ කාලෙ ඔය කතව බැළුවෙම ෆයිට්ස් වලට .

    සිරාවට බන් ගොඩක් එවුන්ට තරුණ කාලෙම එක එක ලෙඩ හැදිලා පුටුවල ඉදන් ඉදලම. ඉස්සර අම්මා කතා කරනකොට ආපහු ගෙට ගියේ හවස් වෙලා ඉස්කෝලේ ඇරිලා ආපු පාර. ආයේ ඉතින් අනාගතයේ ඒ වගේ කාලයක් එන්නේ නැහැ. අපි තමයි අන්තිම ග්රූප් එක ඒ අත්දැකීම් ගත්ත.
    මොකද අපේ කාලේ තාක්ෂනය තිබ්බත් ඕනෙවට වඩා තිබ්බේ නැහැ. නියම ගානට තිබ්බේ. තව ඉස්සරහට යනකොට ඕවට තව ඇබ්බැහි වෙනවා මිසක් අතීතයට යන්නේ නැහැ.

    අපෙ කාලෙ තාක්ෂණය ටූල් එකක් .
    ඉන්ටර්නෙට් එක ස්පීඩ් එක විතරයි අවුල් අද එක්ක බලද්දි .
    අද තාක්ෂණය ජීවිතෙ වෙලා.
    ------ Post added on Feb 12, 2023 at 7:53 PM
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    1,993
    1,912
    113
    London
    ඉස්සර MTV and ETV මතක හැටියට මම බලපු programs --->>






    තව cartoons එහෙම ගොඩක් මතකයි. ඕනේ නම් කියන්න අතීත මතකයන් ආවර්ජනය කරගන්න ඕනේ නම්.
    ------ Post added on Feb 12, 2023 at 8:19 PM
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,393
    13,159
    113
    මට මේ ටික ලියන්න හිතුනේ අද පොඩි අය තාක්ෂණයත් එක්ක මුහු වෙලා ගොඩක් Robotsල වගේ නිසා...අපිටත් ඔය ටිකම කියන්න ඇති හැබැයි අපේ අත්තම්මලා Walkman අරන් ගේ වටේ දුවනකොට :-D

    90 දශකයේ ඉපදුනු අය හැම තාක්ෂණයම ටික ටික පොඩි කාලෙදිම අත්වින්දා...හැම තාක්ෂණයම කියල මම අදහස් කලේ අපට කලින් යුග වල තිබුන තාක්ෂණය සහ අපේ ගැමි සුවඳ ක‍ටුගෙදරට යන්න ඉස්සෙල්ලා අපි සජිවිව අත්වින්දා,ග්‍රැමෆොන් එකේ සිට වැර්ලස් රේඩියෝ එක දක්වාත් ඉට පස්සෙ ට්‍රන්ස්සිටර් රේඩියෝ එකටත් ඉටත් පස්සෙ එක පොඩ්ඩක් මොඩ් වෙලා ආපු ඩිජිටල් රේඩියෝ එකෙනුත් අපි පොඩි සන්දියේ සිංදු අහැව්වා.....චිත්‍රපටි VHS පටයෙනුත්,VCD තැටියෙනුත් DVD තැටියෙනුත් යන්තමට 16 - 17 විතර පස්සෙ Pen එක භාවිතා කරගනත් එ කාලයෙදිම ඩයලොග් සහ වෙනත් සැටලයිට් හරහත් බැලුවා,ඡායාරූප Reel භාවිතා කරගන වගේම ඩිජිටල් ක්‍රමයටත් අපි 18 පනින්න කලින් ගත්තා...Games උනත් Cartridge එකෙන් පටන් අරන් CD/DVD එකෙන් මැශින් එකට Install කරලා ගහනකන් ගියා.අපි පොඩි කාලේ කොලපතක් වත්තෙන් හොයාගන සෙල්ලම් කරලා Chopper බයිසිකලෙන් රවුමක් ගහලා,සෙල්ලම් ගෙවල් හදලා කිරි බතුත් ඉව්වා....මොකක් හරි තෙරෙන්නෙ නැත්තන් Microsoft Encarta එකෙන් බලන්න පටන් ගත්තු එක Yahoo දක්වා ගියා....සිංදු අහන්න උනත් ගොඩක් මාධ්‍ය යොදාගත්තා අපේ දශකයේ බිහි උනු උදවිය (තැටියේ සිට ඩිජිටල් මාධ්‍ය තෙක් 18 පනින්න කලින් සිංදු අහන්න භාවිතා කලා).සමාජ මාධ්‍යන් වන Facebook,MySpace,Skype,ElaKiri වැනි වෙබ් අඩවි කරලියට ආවෙත් අපි පොඩිහිටියෝ කාලේ,එ කියන්නෙ 18 කලින්....Funday Times වගේ පත්තර වලින් Pen Pals ලට අන්තිමට ලිව්වෙත් බොහෝ දුරට මේ දශකයේ බිහි උනු අය...Cell Phone උනත් මොටරෝලා ගඩොල් භාගයේ සිට නොකියා N73 වගේ වෙනකන් අපි 18 පනින්න කලින් භාවිතා කර හෝ දැකලා කරල තිබුනා...ලියුම් ලිව්වෙත්,ටෙලිග්‍රැම් ගෙදරට එනවා අන්තිමට දැක්කෙත් බොහෝ විට අපේ දශකයේ අය....එ විතරක් නෙමෙයි තෙල් සංථාවේ භූමිතෙල් කරත්තෙ,දර කරත්තෙ ,පිදුරු කරත්ත,පොල් අතු කරත්ත වගේ එවත් අපි තමයි බොහෝ විට දකින්න ඇත්තෙ අන්තිමට....සත සෙට් එකෙන් අන්තිමට භාවිතා උනේ සත 50 නේ,ඔකෙන් ගොඩක් වැඩ කලෙත් අපේ කාලයේ උපන් අය....ඉතින් වාහන ගැන කතා කරන්න ගියාමත් ඔහොමමයි.............

    එ වගේම ලයිට් එකාලේ නිතරම කපනවා,එක වෙනම සිද්ධියක්,මතකද එකාලේ Tv Times කියල අතිරෙකයක් එනවා....ටිකිරි පැදුර (හපන් පැදුර) පුංචි වීරයෝ,රස රිසි ගී වගේ වැඩසටහන් මතකද ? රොබින් හුඩ්,ටිං ටිං,සූර පප්පා අද ගියත් බලනවා..........එකාලේ තමයි ගමට ලයිට් කියල චුටි මල්ලියි පොඩි මල්ලියි Are and Mare කලේ සිරස FM එකේ,සිරසෙන් රියැලිටි වැඩසටහන් පටන් ගත්තෙත් අපි පාසැල් යන සංධියෙමයි.....එකාලේ ශෙහාන්ලාගේ ෆොටෝ ගහපු කොල සහ කැලැන්ඩර් විකුණන්න හිටන් තිබුන මතකද ? SL Cricket සූපිරියටම තිබුනෙත්,චොක්ලට් එක්ක ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ ඡායාරූප දුන්නෙත් එ යුගයේ...60-70 වේ දශකයේ ආපු ටාටා ටකරන් බස් වල පාසැල් අන්තිමට ගියෙත් ඔය 90වේ සෙට් එකම තමයි බොහෝ විට.එතකොට Floppy Disk අන්තිමට පාවිච්චි කලෙත් අපි

    LTTE එකේ සිද්ධි තමයි එ යුගය මූසල කලේ,වෙන නම් ඉතින් නරකක් කියන්න නැති තරම්...

    නුවර සෙට් එකට මතක ඇති ඉස්සර ධනසිරි එකනේ ටිකක් ප්‍රසිද්ධ ශොපින් කම්ප්ලෙක්ස් එකකට නුවර තිබුනේ,කැසට් සිඩි ගන්න නම් ඉතින් එකාලේ ටොරින්ටන් එකට හරි කොළඔ විදියේ හරි තමයි.දැන් එ එකක්වත් නැ....කම්පියුටර් නම් ඉතින් නුවර එදවස් වල PC House,තව Second Hand PC Machines වලට ප්‍රසිද්ධ එකක් තිබුනා නම මතක නැ,එකේ අයිතිකාරයා ඩෙංගු හැදිලා නැති උනා.


    මතක් වෙන දෙයක් තියනවා නම් දාන්න......
    Sweet memories 😍😍
    මම නං 90ටත් කලින්...😍 89
     
    • Like
    Reactions: SanjayRocks

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,582
    4,425
    113
    ඉස්සර තිබුනා මැජික් බෝල පිස්සුවක් චොකලට් කොල එකතු කරලා කඩේට දුන්නම දෙනවා ලයිට් පත්තුවෙන මැජික් බෝලයක් 😁
    පුංචි වීරයෝ එකේ laptop එහෙම පෙන්නද්දි අපිට මාර මැජික් 😍
    ඉස්සර සිංගර් tv එකක්තිබ්බා ඒකෙන් ගේම් ගහන්ඩ පුළුවන් මාර මැජික් ඉතිං අපිට..
    mario,dave dangerous,igi සුන්දර මතක.........
    පුංචි වීරයෝ.
    නොනාවරුනි මහත්වරුනි
    දඟයා,පැංචා,රජ ඉබ්බෝ,සූරපප්පා,ටිංටිං,කූඹිච්චි,round the twist,spell binder,zacks files,sirasa kids movies,rupavahini kids tv series 😋😍😍😍 රස රස තමා ඉතිං ඉස්සර.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    3,960
    3,784
    113
    ඒ කාලෙ ඔය කතාව බලද්දි අපි පොඩි වයස් වල .පොලිටික්ස් ගැන ලොකු දැනීමක් නැති කාලයක් .
    වීරයට මොනවා හරි උනොත් අපිට මල .
    එත් ඉතිහසයෙ කොයි රටෙත් සුදුසුකම් නැතිව රජාගෙ ෆෙවර්ස් වලට ලොක්කන්ගෙ ෆෙවර්ස් වලට ලොකු පුටු වලට කොච්චර පනින්න ඇතිද ?
    කෞ ඇමති වගෙ උන් සිස්ටම් එකෙන් ප්‍රයොජන ගත්තා. පොලිටික්ස් කියන්නෙ වීරත්වය වගෙම පොඩ්ඩක් ස්ට්‍රැටිජිකලි හිතන්නත් ඕනි .කපටි වෙන්නත් ඕනි.
    වීරයන්ට කෙල උනෙ ඔතනින් .සටන්කාමී වීරත්වය තිබ්බා .ඒත් පොලිටිකල් ස්ට්‍රැටජි වලදි ෆේල් .

    මන් ඒ කාලෙ ඔය කතව බැළුවෙම ෆයිට්ස් වලට .


    අපෙ කාලෙ තාක්ෂණය ටූල් එකක් .
    ඉන්ටර්නෙට් එක ස්පීඩ් එක විතරයි අවුල් අද එක්ක බලද්දි .
    අද තාක්ෂණය ජීවිතෙ වෙලා.
    ------ Post added on Feb 12, 2023 at 7:53 PM
    සිරා සීන් එක. කොච්චර වීරකම දක්ෂකම තිබ්බත් කපටිකමින් ෆේල් වෙච්ච නිසා වීරයෝ නිකන්ම මැරුණා. උඹට මතකද ඔය කතාවේ සුං චංග්ට ගෑණියෙක් බලෙන් සෙට් වෙලා දීපු ගේම ?

    ඕනෙම දෙයක් ඕනෙවට වඩා වැඩි වෙන්න නරකයි. එතකොට ජීවිතේ මධ්‍යස්ථ භාවය ,බැලන්ස් එක අඋට් යනවා.
     
    • Like
    Reactions: War Fighter

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    404
    537
    93
    Discovery Eyewitness

    ඉස්සර මේක ඉරිදා හවස රූපවාහිනියෙ ගියේ
    මේක බලන්න ඇබ්බැහි වුනා. ගොඩක් දුක් වුනා Discovery Channel එක බලන්න විදියක් නැති නිසා ඒ දවස් වල
    දැන් Discovery channel එක package එකට free ලැබුනත් බලන්න හිතක් නෑ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    7,460
    1
    12,960
    113
    ඉස්කෝලෙ ගිහින් එනගමන් බස් එකේ බොනට් එකේ වාඩිවෙලා ප්‍රන්ස් උදයගෙ සින්දු අහන ගමන් ගෙදර යනව. නැත්තම් සීය එක්ක බයිසිකලේ ගෙදර යනව. ගෙදර ගිහින් නිල් කලිසම පිටින් බයිසිකල් පදිනව. සීයගෙ විනකලේ සීය එක්ක වැඩ කරනව. ඔච්චරයි මතක. මාමාගෙ ඩෙක් පීස් එකේ (VHS) Predator, Home Alone, Van Dam ගෙ ඒව, Rambo බලනව මාම ඉන්න වෙලාවට.
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    2,816
    2,847
    113


    ඉස්සර තිබුනා මැජික් බෝල පිස්සුවක් චොකලට් කොල එකතු කරලා කඩේට දුන්නම දෙනවා ලයිට් පත්තුවෙන මැජික් බෝලයක් 😁
    eke ara pawule okkoma inna ona neda
    mata kawdwath okkoma set wune na :(
    ------ Post added on Feb 18, 2023 at 6:56 AM
     

    asirir

    Well-known member
  • Jan 31, 2008
    436
    383
    63
    lanka
    Monkey
    1978

    1677943344137.png
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,823
    1
    12,547
    113
    Gotham City
    Discovery Eyewitness

    ඉස්සර මේක ඉරිදා හවස රූපවාහිනියෙ ගියේ
    මේක බලන්න ඇබ්බැහි වුනා. ගොඩක් දුක් වුනා Discovery Channel එක බලන්න විදියක් නැති නිසා ඒ දවස් වල
    දැන් Discovery channel එක package එකට free ලැබුනත් බලන්න හිතක් නෑ

    ඉස්සර ඇමරිකන් ඩිස්කවරි එක ගියෙ.
    දැන් මන් හිතන්නෙ ඉන්දියාව හරහා තමා අපිට එන්නෙ .
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,469
    113
    ඒකාලේ හීන

    පත්තර කෑලි බල බල එකක් ගන්න හීන දකිනවා

    A5-DE3-D52-7-B5-E-4-ACA-9-B9-D-9-BC02-EB9-DE2-D.jpg



    49-CC6223-B82-F-4-B75-9-D75-5-B196191693-F.jpg
     
    • Like
    Reactions: aneasarayana