5 ta neda yanne tin tinTV times ආවෙ sunday times එක්කනෙ. ඒකෙ විතරක් නෙමෙයි. හැමදාම දිවයින පත්තරේ එහෙම අන්තිම පිටුවෙ ටීවී චැනල් වල යන වැඩසටහන් වල වෙලාවල් දානව. FM චැනල් වලත් දානව. දැන් නම් එව්ව දාන්නෙ නෑ.
අනික ටිංටිං යනව දැන් ආයෙ හවස 5.30ට.
අඩෝ ඒ දවස් වල සල්ලි තිබේබෙත් නෑ. ඒත් බලපං හිතේ තිබුණු සතුට.ඉස්සර දවසම සෙල්ලං කරලා හවස් උනහම ඉවසිල්ලක් නෑ ටයි මාමගේ කාටූන්/කතා බලන්ඩ.
නිවාඩු දවසට දෙතුන් වතාවක් ඇලට හරි ගඟටහරි පැනල නානවා,,
ඒ නොස්ටැල්ජියාව හැමදාමත් තියෙයි.
අදටත් ආවම මගේ දිහා අමුතුවට බලනවා...මචං එකනම් ඇත්ත,ඉස්සර කොච්චර බයිසිකල් පැද්දද ? ගෙවල් වට කරලා තාප්ප තිබ්බෙත් ඉඩම් පොඩි මින්ස්සු......ඒ දවස්වල අපේ ගමේ වතුවල නිදහසේ ඇවිදින්න පුළුවන්. ගෙඩි ජාති, කජු ඕනේ දෙයක් හොයාගෙන ගිහින් කන්න පුළුවන්. කවුරුවත් මුකුත් කියන්නේ නැහැ. ඒ දවස්වල බයිසිකලෙන් කිලෝමීටර් ගනම් පැද්ද හැමදාම යාලුවෝ එක්ක සෙට් වෙන්න.
දැන් හැමතැනම උසට උසේ තාප්ප බැදලා. කොටුවක ජීවත් වෙන්නේ. එක්කෙනයි දෙන්නයි bicycle පදින්නේ. තරුණ හැමෝම වාහන මෝටර් සයිකල් අරගෙන. bicycle පදින්න ලැජ්ජයි වගේ.
අඩේ උඔට එක මතකද,අපි පොඩි උන් සෙට් එකක් බැලුවේ ඔක,තාම මතකයි මචං එ සිද්ධිය,,,එ වගේ ෆිලින්ග් එකක් එන්නේ නැ මචං දැන්vhs eke mulma Jurassic park movie eka balanakota tibba athal eka.
අපි හෝල් එකට ගිහින් බලපු දෙවැනි චිත්‍රපටිය.. අම්බෝ ඒ ත්‍රාසය භීතිය... මුලින්ම බැලුවේ නාගිනා...!vhs eke mulma Jurassic park movie eka balanakota tibba athal eka.
eka kohe amataka wennada.pissuma feeling tama ewa.මචං එකනම් ඇත්ත,ඉස්සර කොච්චර බයිසිකල් පැද්දද ? ගෙවල් වට කරලා තාප්ප තිබ්බෙත් ඉඩම් පොඩි මින්ස්සු......
අඩේ උඔට එක මතකද,අපි පොඩි උන් සෙට් එකක් බැලුවේ ඔක,තාම මතකයි මචං එ සිද්ධිය,,,එ වගේ ෆිලින්ග් එකක් එන්නේ නැ මචං දැන්
------ Post added on Mar 11, 2021 at 10:22 PM
එ කාලේ මතක් වෙනකොට දුකයි වගේ මචං...........................................හ්ම්ම්.. නිදා ගන්න කලින් පෝස්ටුවක් දාන්නම්.. ලියන්න නම් ගමකට තියෙනවා බන්...
මගේ පුංචිම කාලේ මතකේ තමයි අද වගේ වාහන නැති කාලෙක හයිවේ නැති කාලෙක තාත්තයි අම්මයි අපි සහෝදර සහෝදරියෝ ටික ගමේ ගිය හැටි රුහුණු කුමාරි කෝච්චියේ.. අතින් කටින් බඩු උස්සන්, මහ පාන්දර නැගිටගෙන මරදානට යනවා... මට තවම මතකයි තාත්තා සීට් එකක් අල්ලගන්න කෝච්චිය නවත්තන්න කලින් ලොකු ඇඳුම් බෑග් එකත් අරන් එල්ලෙන හැටි... අද කාලේ වගේ නෙමේ ඒ කාලේ කෝච්චි ඇතුල ක්ලීනෝ පයින්ට් ගහලා හෝදලා අමුතු සුවඳයි.. කළුතර හරියෙන් බීච් එක බලාගෙන ඒ යන ගමන හරිම සුන්දරයි.. හවස යන කාලෙකුත් තිබ්බා.. හවස 2ට කොටුවෙන්.. මාතරින් බහිද්දි රෑ 8යි.. ලට්ට ලොට්ට උස්සන් මුළු මාතරම ඇවිදිනවා.. ගඟේ නානවා... මරු ආතල්..
ඉස්සර අපේ වත්තේ ලොකු කොස් ගහක් කැපුවා.. ඉතින් අපි ඉස්සර ඔය අතු අස්සේ හැංගි මුත්තන් කරනවා... ටාසන් කරනවා.. කඩු පයිට් යනවා.. ඒ එක්කම තිබ්බා ලොකු ජම්බු ගහක්.. ඕකෙත් නගිනවා.. ගහේ ඉඳන් ජම්බු කනවා.. අද ඒ ගසුත් නෑ...
සිංහල අලුත් අවුරුදු මතකයන් ගොඩාක් තියෙනවා.. ඉස්සර තාත්තා අපි ඔක්කොලමව මහරගමයි house of fashion එකටයි එක්කන් ගිහින් අවුරුද්දට ඇඳුම් ගන්නවා.. එක දවසක් හවස කන ටයිම් එක තිබිලා අපි උදේ ඉඳන් හාමතේ... ඔක්කොම වැටිච්ච වැටිච්ච තැන් වල.. යාන්තම් කෑවම පන ගහලා ආවා.. අදටත් නොනගතේ කන්නේ නෑ.. කන වෙලාව එනකන්ම ඉන්නවා..
ඉස්සර හැම තැනම වතුර නැති කාලෙක වටේ පිටේ හැම එකාම නාන්න ආවේ අපේ ළිඳට... ඉස්සරහ ගෙදර චම්පා අක්කා... උඩහ ගෙදර සුදු අක්කා.. මුන් සෙට් එක දියරෙදි ඇඳන් නානවා හවස කළුවට වැටෙනකන්.. මම චූටී එකා ලිඳ ගාවට වෙලා ඉඳගෙන ඉන්නවා.. අද වගේ ඒ කාලේ මෝල තිබ්බා නම්... ඉස්සර චම්පා අක්කා එනවා අපේ ගෙදර පත්තර කියවන්න.. මට මාර ආදරෙයි.. පොඩි කාලේ අපයෝජනයක් උනාද කියලත් සැකයි...අදටත් ආවම මගේ දිහා අමුතුවට බලනවා...
kiyala wadak na ban..............eka kohe amataka wennada.pissuma feeling tama ewa.
ආ ඔව් නේද. 5.30ට ගාර්ෆීල්ඩ්නෙ5 ta neda yanne tin tin
ඉස්සර වෙසක් එකට පූටාර් එක පාගගෙන ඩොටේ යනව බන් දන්සැල් හොයාගෙන. දැන් එක එකටම බයික්කෙ තමා. ඕලෙවල් කරන එකත් ස්කූටියක් අරගෙන තොරන වගේ ලයිට් සෙට් කරගෙන තවත් තොරන් බලන්න යනවා.ඇඬෙනවා බං 90 දශකයේ සුන්දර ළමාවිය මතක් වෙද්දී. ඒ කාලේ අපි පැද්ද බයිසිකල් (පුටාර්) පැදිලි. කොල්ලො සෙට් වෙලා කිලෝමීටර් 15-20 එක දිගට පැදපු අවස්ථා තිබුණා. දැන් ඉන්න 2000න් පසසේ උන් යන්තං 15-16 වෙද්දි ස්කූටර් කෑල්ලක් අරගෙන රඟනවා නොදකිං. තව අපි ඒ කාලේ VHS පටි වලින් වැල බලපු පොරවල්. අම්මෝ ඔකක් බලන්න විඳින දුක. VHS පටිය හම්බෙලා සතියක් විතර බලාගෙන ඉන්න ඕන බලන්න අවස්ථාවක් එනකං. එහෙම ඉඳලා ඉඳලා මෙන්න දාපුවම එකෙත් පුස්.
apo ow bn 90's ekka comapre karanakota dan gen ekanan full aparayak.fullma depressed scene ekak.malama chora.mewa life newe.
ගෙම්බා චාජර්ඒ කාලේ මතකද මොබයිල් ෆෝන් චාර්ජ් කරන විදිහ
දැන් වගේ ෆෝන් එක ඔන් එකේ තියෙද්දී චාර්ජ් කරන්න බැහැ
බැටරිය ගලවලා තව ගැජට් එකකට හයි කරන්න ඕන
mataka ne.spa awe 2011 wagene?
issara hotel wala tibba,hathu pipenawa wage pipenna gatte oya kale tamaow e kale wage wenna athi
mata spa gana mathakayak thiyenne 2015 wage idan