90 දශකයේ චමත්කාරය

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    TV times ආවෙ sunday times එක්කනෙ. ඒකෙ විතරක් නෙමෙයි. හැමදාම දිවයින පත්තරේ එහෙම අන්තිම පිටුවෙ ටීවී චැනල් වල යන වැඩසටහන් වල වෙලාවල් දානව. FM චැනල් වලත් දානව. දැන් නම් එව්ව දාන්නෙ නෑ.

    අනික ටිංටිං යනව දැන් ආයෙ හවස 5.30ට.
    5 ta neda yanne tin tin
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    ඉස්සර දවසම සෙල්ලං කරලා හවස් උනහම ඉවසිල්ලක් නෑ ටයි මාමගේ කාටූන්/කතා බලන්ඩ. :love:
    නිවාඩු දවසට දෙතුන් වතාවක් ඇලට හරි ගඟටහරි පැනල නානවා,,
    ඒ නොස්ටැල්ජියාව හැමදාමත් තියෙයි.
    අඩෝ ඒ දවස් වල සල්ලි තිබේබෙත් නෑ. ඒත් බලපං හිතේ තිබුණු සතුට.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ඒ දවස්වල අපේ ගමේ වතුවල නිදහසේ ඇවිදින්න පුළුවන්. ගෙඩි ජාති, කජු ඕනේ දෙයක් හොයාගෙන ගිහින් කන්න පුළුවන්. කවුරුවත් මුකුත් කියන්නේ නැහැ. ඒ දවස්වල බයිසිකලෙන් කිලෝමීටර් ගනම් පැද්ද හැමදාම යාලුවෝ එක්ක සෙට් වෙන්න.

    දැන් හැමතැනම උසට උසේ තාප්ප බැදලා. කොටුවක ජීවත් වෙන්නේ. එක්කෙනයි දෙන්නයි bicycle පදින්නේ. තරුණ හැමෝම වාහන මෝටර් සයිකල් අරගෙන. bicycle පදින්න ලැජ්ජයි වගේ.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    හ්ම්ම්.. නිදා ගන්න කලින් පෝස්ටුවක් දාන්නම්.. ලියන්න නම් ගමකට තියෙනවා බන්...

    මගේ පුංචිම කාලේ මතකේ තමයි අද වගේ වාහන නැති කාලෙක හයිවේ නැති කාලෙක තාත්තයි අම්මයි අපි සහෝදර සහෝදරියෝ ටික ගමේ ගිය හැටි රුහුණු කුමාරි කෝච්චියේ.. අතින් කටින් බඩු උස්සන්, මහ පාන්දර නැගිටගෙන මරදානට යනවා... මට තවම මතකයි තාත්තා සීට් එකක් අල්ලගන්න කෝච්චිය නවත්තන්න කලින් ලොකු ඇඳුම් බෑග් එකත් අරන් එල්ලෙන හැටි... අද කාලේ වගේ නෙමේ ඒ කාලේ කෝච්චි ඇතුල ක්ලීනෝ පයින්ට් ගහලා හෝදලා අමුතු සුවඳයි.. කළුතර හරියෙන් බීච් එක බලාගෙන ඒ යන ගමන හරිම සුන්දරයි.. හවස යන කාලෙකුත් තිබ්බා.. හවස 2ට කොටුවෙන්.. මාතරින් බහිද්දි රෑ 8යි.. ලට්ට ලොට්ට උස්සන් මුළු මාතරම ඇවිදිනවා.. ගඟේ නානවා... මරු ආතල්..

    ඉස්සර අපේ වත්තේ ලොකු කොස් ගහක් කැපුවා.. ඉතින් අපි ඉස්සර ඔය අතු අස්සේ හැංගි මුත්තන් කරනවා... ටාසන් කරනවා.. කඩු පයිට් යනවා.. ඒ එක්කම තිබ්බා ලොකු ජම්බු ගහක්.. ඕකෙත් නගිනවා.. ගහේ ඉඳන් ජම්බු කනවා.. අද ඒ ගසුත් නෑ...

    සිංහල අලුත් අවුරුදු මතකයන් ගොඩාක් තියෙනවා.. ඉස්සර තාත්තා අපි ඔක්කොලමව මහරගමයි house of fashion එකටයි එක්කන් ගිහින් අවුරුද්දට ඇඳුම් ගන්නවා.. එක දවසක් හවස කන ටයිම් එක තිබිලා අපි උදේ ඉඳන් හාමතේ... ඔක්කොම වැටිච්ච වැටිච්ච තැන් වල.. යාන්තම් කෑවම පන ගහලා ආවා.. අදටත් නොනගතේ කන්නේ නෑ.. කන වෙලාව එනකන්ම ඉන්නවා..

    ඉස්සර හැම තැනම වතුර නැති කාලෙක වටේ පිටේ හැම එකාම නාන්න ආවේ අපේ ළිඳට... ඉස්සරහ ගෙදර චම්පා අක්කා... උඩහ ගෙදර සුදු අක්කා.. මුන් සෙට් එක දියරෙදි ඇඳන් නානවා හවස කළුවට වැටෙනකන්.. මම චූටී එකා ලිඳ ගාවට වෙලා ඉඳගෙන ඉන්නවා.. අද වගේ ඒ කාලේ මෝල තිබ්බා නම්... ඉස්සර චම්පා අක්කා එනවා අපේ ගෙදර පත්තර කියවන්න.. මට මාර ආදරෙයි.. පොඩි කාලේ අපයෝජනයක් උනාද කියලත් සැකයි...:dull: අදටත් ආවම මගේ දිහා අමුතුවට බලනවා...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara

    මචං එකනම් ඇත්ත,ඉස්සර කොච්චර බයිසිකල් පැද්දද ? ගෙවල් වට කරලා තාප්ප තිබ්බෙත් ඉඩම් පොඩි මින්ස්සු......

    vhs eke mulma Jurassic park movie eka balanakota tibba athal eka.
    අඩේ උඔට එක මතකද,අපි පොඩි උන් සෙට් එකක් බැලුවේ ඔක,තාම මතකයි මචං එ සිද්ධිය,,,එ වගේ ‍ෆිලින්ග් එකක් එන්නේ නැ මචං දැන්
    ------ Post added on Mar 11, 2021 at 10:22 PM
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    vhs eke mulma Jurassic park movie eka balanakota tibba athal eka.
    අපි හෝල් එකට ගිහින් බලපු දෙවැනි චිත්‍රපටිය.. අම්බෝ ඒ ත්‍රාසය භීතිය... මුලින්ම බැලුවේ නාගිනා...!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    මචං එකනම් ඇත්ත,ඉස්සර කොච්චර බයිසිකල් පැද්දද ? ගෙවල් වට කරලා තාප්ප තිබ්බෙත් ඉඩම් පොඩි මින්ස්සු......

    අඩේ උඔට එක මතකද,අපි පොඩි උන් සෙට් එකක් බැලුවේ ඔක,තාම මතකයි මචං එ සිද්ධිය,,,එ වගේ ‍ෆිලින්ග් එකක් එන්නේ නැ මචං දැන්
    ------ Post added on Mar 11, 2021 at 10:22 PM
    eka kohe amataka wennada.pissuma feeling tama ewa.
     
    • Love
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    හ්ම්ම්.. නිදා ගන්න කලින් පෝස්ටුවක් දාන්නම්.. ලියන්න නම් ගමකට තියෙනවා බන්...

    මගේ පුංචිම කාලේ මතකේ තමයි අද වගේ වාහන නැති කාලෙක හයිවේ නැති කාලෙක තාත්තයි අම්මයි අපි සහෝදර සහෝදරියෝ ටික ගමේ ගිය හැටි රුහුණු කුමාරි කෝච්චියේ.. අතින් කටින් බඩු උස්සන්, මහ පාන්දර නැගිටගෙන මරදානට යනවා... මට තවම මතකයි තාත්තා සීට් එකක් අල්ලගන්න කෝච්චිය නවත්තන්න කලින් ලොකු ඇඳුම් බෑග් එකත් අරන් එල්ලෙන හැටි... අද කාලේ වගේ නෙමේ ඒ කාලේ කෝච්චි ඇතුල ක්ලීනෝ පයින්ට් ගහලා හෝදලා අමුතු සුවඳයි.. කළුතර හරියෙන් බීච් එක බලාගෙන ඒ යන ගමන හරිම සුන්දරයි.. හවස යන කාලෙකුත් තිබ්බා.. හවස 2ට කොටුවෙන්.. මාතරින් බහිද්දි රෑ 8යි.. ලට්ට ලොට්ට උස්සන් මුළු මාතරම ඇවිදිනවා.. ගඟේ නානවා... මරු ආතල්..

    ඉස්සර අපේ වත්තේ ලොකු කොස් ගහක් කැපුවා.. ඉතින් අපි ඉස්සර ඔය අතු අස්සේ හැංගි මුත්තන් කරනවා... ටාසන් කරනවා.. කඩු පයිට් යනවා.. ඒ එක්කම තිබ්බා ලොකු ජම්බු ගහක්.. ඕකෙත් නගිනවා.. ගහේ ඉඳන් ජම්බු කනවා.. අද ඒ ගසුත් නෑ...

    සිංහල අලුත් අවුරුදු මතකයන් ගොඩාක් තියෙනවා.. ඉස්සර තාත්තා අපි ඔක්කොලමව මහරගමයි house of fashion එකටයි එක්කන් ගිහින් අවුරුද්දට ඇඳුම් ගන්නවා.. එක දවසක් හවස කන ටයිම් එක තිබිලා අපි උදේ ඉඳන් හාමතේ... ඔක්කොම වැටිච්ච වැටිච්ච තැන් වල.. යාන්තම් කෑවම පන ගහලා ආවා.. අදටත් නොනගතේ කන්නේ නෑ.. කන වෙලාව එනකන්ම ඉන්නවා..

    ඉස්සර හැම තැනම වතුර නැති කාලෙක වටේ පිටේ හැම එකාම නාන්න ආවේ අපේ ළිඳට... ඉස්සරහ ගෙදර චම්පා අක්කා... උඩහ ගෙදර සුදු අක්කා.. මුන් සෙට් එක දියරෙදි ඇඳන් නානවා හවස කළුවට වැටෙනකන්.. මම චූටී එකා ලිඳ ගාවට වෙලා ඉඳගෙන ඉන්නවා.. අද වගේ ඒ කාලේ මෝල තිබ්බා නම්... ඉස්සර චම්පා අක්කා එනවා අපේ ගෙදර පත්තර කියවන්න.. මට මාර ආදරෙයි.. පොඩි කාලේ අපයෝජනයක් උනාද කියලත් සැකයි...:dull: අදටත් ආවම මගේ දිහා අමුතුවට බලනවා...
    එ කාලේ මතක් වෙනකොට දුකයි වගේ මචං...........................................

    eka kohe amataka wennada.pissuma feeling tama ewa.
    kiyala wadak na ban..............
    ------ Post added on Mar 11, 2021 at 10:26 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    5 ta neda yanne tin tin
    ආ ඔව් නේද. 5.30ට ගාර්ෆීල්ඩ්නෙ

    ඇඬෙනවා බං 90 දශකයේ සුන්දර ළමාවිය මතක් වෙද්දී. ඒ කාලේ අපි පැද්ද බයිසිකල් (පුටාර්) පැදිලි. කොල්ලො සෙට් වෙලා කිලෝමීටර් 15-20 එක දිගට පැදපු අවස්ථා තිබුණා. දැන් ඉන්න 2000න් පසසේ උන් යන්තං 15-16 වෙද්දි ස්කූටර් කෑල්ලක් අරගෙන රඟනවා නොදකිං. තව අපි ඒ කාලේ VHS පටි වලින් වැල බලපු පොරවල්. අම්මෝ ඔකක් බලන්න විඳින දුක. VHS පටිය හම්බෙලා සතියක් විතර බලාගෙන ඉන්න ඕන බලන්න අවස්ථාවක් එනකං. එහෙම ඉඳලා ඉඳලා මෙන්න දාපුවම එකෙත් පුස්.
    ඉස්සර වෙසක් එකට පූටාර් එක පාගගෙන ඩොටේ යනව බන් දන්සැල් හොයාගෙන. දැන් එක එකටම බයික්කෙ තමා. ඕලෙවල් කරන එකත් ස්කූටියක් අරගෙන තොරන වගේ ලයිට් සෙට් කරගෙන තවත් තොරන් බලන්න යනවා.

    ඉස්සර අපේ පියාට VHS හම්බෙනවා. හැබැයි බලන්න ගෙදර ප්ලේයර් එකක් නෑ. අන්තිමේ බලන්න නැතුවම පුස් බැඳිලා විසික් කලා. වැල තිබ්බද දන්නෙත් නෑ එව්වයෙ. 😣
    ------ Post added on Mar 11, 2021 at 10:33 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඒ කාලෙ පුටාර් ගමන තමයි අමතක වෙන්නෙ නැත්තෙ. අපේ කොල්ලෝ සෙට් එක කොච්චර නම් පුටාර් ටුවර් යන්න ඇද්ද? පුටාර් වලින් කෙල්ලො පස්සෙ ගිය එව්වා. ක්ලාස් ගිය එව්වා. දන්සල් හොයාගෙන ගිය හැටි. මතක ගොඩයි.

    ඉස්සර සෙට් එක රෑට සෙට් උනොත්; මලගෙයක් පිරිතක් එහෙම රෑ වෙලා කට්ටියම සල්ලි දාලා ගේනවා කන්න. කොත්තු තමයි ගොඩක්ම. අපේ සෙට් එකේ එක එක වයස්වල උන් හිටියා. ඉතින් අලුත වැඩට ගිය අයියලා සමහර වෙලේට කෑම අරන් දෙනවා.

    තව ගමේ ශ්‍රමදාන එහෙම කරා. දැන් අනුන්ට වැඩ කරනවා කියලා හිතුවට ඒවගෙන් ගත්තු දැනුම අදටත් ප්‍රයෝජනවත්.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඒ කාලේ මතකද මොබයිල් ෆෝන් චාර්ජ් කරන විදිහ
    දැන් වගේ ෆෝන් එක ඔන් එකේ තියෙද්දී චාර්ජ් කරන්න බැහැ
    බැටරිය ගලවලා තව ගැජට් එකකට හයි කරන්න ඕන
    ගෙම්බා චාජර්