90 දශකයේ චමත්කාරය

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ඩිස්කවරි චැනල් එක මතකද ?
    රනිල්ගෙ ආණ්ඩුව කාලෙ L+ate night TV කියලා ගියා ඉංග්‍රිසි ෆිල්ම්ස් ගියෙ.
    ඩබල් කෑලි එහෙම තිබුණා.

    ඒ කාලෙ ඔව්වා තමා වැල උනෙ අපිට .
    ටෙලිසීන් ඇඩ් වල කෙල්ලො දිහා බලලා අත් මරපු වාර ගාණ අනන්තයි .
    ඊ ටී වී ,ආර්ට් ටී වී කියන්නෙ දේවාල අපිට .
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    දැන් One Galle Face Colombo City Center තිබුනට අපිට ඉස්සර කෝකටත් තිබ්බේ MC එක තමයි අදටත් දෙවැනි තට්ටුවට ගිහිල්ල පල්ලෙහා බලනව පියානෝ එක තියෙනවද කියල? ඒකාලේ ගිය අවුන්ට මතක ඇති

    Waptrick Gallezone GPRS settings hadagannav akiyanne ithin Computer ekak hack karanava wage wedak a kale

    Picture ekak load wenna kochchara wela yanavada
    ------ Post added on Mar 12, 2021 at 8:42 AM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    දැන් One Galle Face Colombo City Center තිබුනට අපිට ඉස්සර කෝකටත් තිබ්බේ MC එක තමයි අදටත් දෙවැනි තට්ටුවට ගිහිල්ල පල්ලෙහා බලනව පියානෝ එක තියෙනවද කියල? ඒකාලේ ගිය අවුන්ට මතක ඇති

    Waptrick Gallezone GPRS settings hadagannav akiyanne ithin Computer ekak hack karanava wage wedak a kale

    Picture ekak load wenna kochchara wela yanavada
    ------ Post added on Mar 12, 2021 at 8:42 AM
    ඉස්කොලෙ 9 වසරෙ ඉද්දි එකෙක් ගෙනාවා ෆොන් එකක් .
    ජී පී ආර් එස් ඇක්ටිව් කරා කියන්නෙ ආයෙ ලොකෙ හම්බ උනා වගෙ.
    කොහොම හරි එකෙක් වැලක් බෑවා.
    ෆොන් එක වටෙම ගියා කියහන්කො වැල බලන්න .

    2009 දි මතකයි ඉන්ටර්නෙට් එක ගත්ත මුල් කාලෙ.
    වෙබ් බ්‍රවුසර් එක ඔපන් වෙන්න විනාඩි තුනහමාරක් යනවා.
    ඉන්ටර්නෙට් ස්පීඩ් එක 512 කිලො බිට්ස් තත්පරෙට.
    ප්‍රිසන් බ්‍රෙක් ටී වී සීරියස් එක ඩවුන්ලොඩ් කරන්න මාස එකහමාරක් ගියා මට ඒ කාලෙ.
    වෙබ් බ්‍රවුසර් එකෙ හරියටම වෙබ් ඇඩ්‍රස් එක ගහන්න ඔනි .
    එක අකුරක් වැරදුනොත් සයිට් එක ලෝඩ් වෙන්නෙ නැහැ .
    ඉතිං ඒ කාලෙ අපි වෙබ් සයිට්ස් වල ඇඩ්‍රසස් කොල වල ලියාගෙන
    එක්කො නොට් පෑඩ් එකෙ සෙව් කරගෙන තමා සයිට්ස් වලට යන්නෙ.
    දැන් නම් වචනෙ ගහන්න කලින් සර්ච් වෙලා ඉවරයි .
     
    2009 FB Account eka haduweth cafe ekakin Rs.30 kollo game gahanna val balanna cafe yanna purudu wela thibbe NFS under ground mathaka vidihata thibbe

    School cut karala cafe yanna gaththa nisaa piliyandala paththe cafe walin School uniform eken athulata gaththe naha eeta passe.

    දැන් ඉන්න එවුන් ඉස්කෝලේ නිවාඩු දෙන දවසට හෝ විභාගේ ලිව්වම කෑල්ල එක්ක ටික ටෝක් කරනවා අපිට තිබ්බේ අතල් එක නිල් ගහල ගෝල්ඩ් ඩස්ට් එක ගහල පෑන් වලින් ෂර්ට් එකේ ලියාගෙන අතල් ගන්න

    (සමහරු ප්ලෑන් කරා පිනාට ගහන්න සමහරු සර් ට ගහන්න හෙඩ් ප්රිෆෙච්ට් ට නෙලන්න ) ඕව තමයි ඉතින් ඒකාලේ සුන්දර මතක

    තව ඉතින් Kandos Edna stickers එකතු කරා Mr POP එකෙන් දෙන ප්ලස්ටික් ජෙට් ප්ලේන් එහෙම ටීක් බෝල කලෙක්ෂන් එක

    දන්සල් දෙන්න ගම වටේම සල්ලි එකතු කරන්න ගිහිල්ල රෑ කුරුම්බා කඩල බල්බ මාරු කරලා මල් පෝච්චි මාරු කරලා ගත්ත අතල්

    දැන් ඉන්න එවුන් ඒවා ගන්නේ PUBG or Freefire ගහල බන්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කමෙන්ට්ස් ටික බැලුවම නම් පේන්නේ හුගක් අය ගම්වලට වඩා නාගරික,අර්ධ නාගරික පැතිවල යමක් කමක් තිබ්බ කට්ටිය කියලා.ගම්වල අපිට නම් ඔය VHS,Cell phone,Walkman,Internet cafe ... කිසිදෙයක් තිබ්බේ නෑ.90 මුලදී වගේ කළු සුදු ටීවී එකක් ගෙනවාවේ.සෝනි 121EP මොඩල් එකක්.ඒක බැලුවේ බැටරියකින්.ඒ දවස්වල ඉදලා තිබ්බ වීමෝලක් කරන ගෙදරකින් තමයි මිනිස්සු ඔය බැටරි චාර්ජ් කරගන්න අරන් යන්නේ.ඕකෙන් බැලුවෙත් රෑට ප්‍රවෘත්ති වගේ තමයි.

    w7LUj2v.jpg

    මේ ජාතියේ ඇන්ටෙනාවක් තමයි අපේ ගෙදර තිබ්බේ.ඒකත් ගේ ඇතුලේ හයි කරලා තිබුණේ.

    yRMpuRm.jpg

    මේ ජාතියේ වයර් එකක් ඒකට ආවේ.

    PWIKZcr.jpg

    චැනල් දෙකයි ඒ දවස්වල අහුවුනේ අපිට නම්.ජාතික රූපවාහිනියයි,අයිටීන් එන් එකයි.

    94-95 වෙද්දි ගමට කරන්ට් එක දුන්නා වගේ මතකයි.

    97 දී වගේ අපේ බාප්පාට එහෙම ක්‍රිකට් පිස්සුව හැදුනා.ඒ දවස්වලමද කොහෙද ඔය ස්වර්ණවාහිනිය ආවේ.ඒ චැනල් එක අල්ලන්න බාප්පා ඇන්ටෙනාවක් හැදුවා.මේ වගේ එකක්.

    T1rY5uf.png

    ඕකෙන් තමයිද කොහෙද සනත්-රොෂාන් ටෙස්ට් රෙකෝඩ් එක තිබ්බ මැච් එක බැලුවේ.මුල් කාලේ කකුල් දෙක උඩකින් තියාගෙන දවසම ඕක බලනවා ඉතින් බාප්පා.මිනිහා වැඩිපුරම බැන්නේ මාවන් වගේ කොට කොට ඉන්න උන්ට තමයි.:D

    M20Mz5z.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ඒ ගෙවපු ජීවිතේට ආයෙත් යන්න ඇත්නම්....කොහෙන් පටන්ගන්නද කියලා තේරෙන්නේ නෑ...

    ළග ගෙදරක එකෙක් තමා මුලින්ම TV ගේම් එකක් ගෙනාවේ...උගේ තාත්තා උට ගෙනත් දීලා තිබුනේ...හැමදාම හවසට කොල්ලෝ සෙට් එකම උගේ ගෙදර...උ ගහනවා..අනිත් උන් උට උපදෙස් දෙනවා...
    නිවාඩු කාලෙට අම්ම/තාත්තා office ගියාම ගෙදරින් එලියට බැස්සම ආයෙත් හවසට ගෙදර එන්නේ අම්මලා එන්න ටිකකට කලින්.
    සරුංගල් යවන කාලෙට උදේට සරුංගලේ යවලා හවස තමා බාන්නේ.. එතකන් සරුංගලේ යවන තැනට වෙලා ඉන්නවා..
    කන්න බොන්න කුරුම්බා , දං , ඇඹුල් පේර, වෙරළු, තැඹිලි වගේ දේවල් ඕන තරම්..
    ඒ දවස් වල කොල්ලෝ සෙට් උනාම කතාකරන්නේ computer ගැනම තමා...
    සෙට් එකටම තිබුනේ එක vcd ප්ලයෙර් එකයි..ඉතින් එක එකාගේ ගෙවල් වල ඕක වටේ යනවා..ඒක අයිතිකාරයාගේ ගෙදර තියෙනවට වඩා තියෙන්නේ පිට ගෙවල්වල..
    කාලයක් මුද්දර එකතු කරා...මුද්දර හුවමාරු කරගත්තා..
    තව කාලයක් මාළු ඇතිකරා..
    MR පොප් එකේ ප්ලාස්ටික් කෑලි එකතු කරා..
    චුවින්ගම් පච්ච එකතුකරා...
    චොකලට් ස්ටිකර් එකතු කරා...
    මුලින්ම ෆෝන් එකක් ගත්තේ SAGEM එකක්...
    රු 100 කාර්ඩ් එකක් දාගත්තම මාස ගානක් තියාගන්නවා කොහොමහරි..
    මිස් කෝල් ගහන එක තමා වැඩියෙන් කරන්නේ...50 කාර්ඩ් ආවම තමා පොඩ්ඩක් වැඩේ ලේසි උනේ..sms ගහන එකනේ කරන්නේ වැඩියෙන්...
    රෑට පාඩම් කරනවා කියලා යාලුවෙක් ගේ ගෙදරට සෙට් වෙලා රෑ 12 විතර වෙනකන් පාඩම් කරලා ඊට පස්සේ යනවා කෙහෙල් කැං කපන්න...හවසට ඇවිදලා එකක් නෝට් කරගෙන රෑට ගිහින් වැඩේ දෙනවා..උදේට ටවුන් එකට ගෙනිහින් විකුණලා මාළුපාන් , රෝල්ස් කනවා...
    වෙසක් බලන්න බයිසිකල් වලින් සෙට් එකම යනවා...යාලුවන්ගේ ගෙවල් ලගින් යනකොට උන් යාලු කෙල්ලන්ගේ නම් කියලා කෑගහනවා...
    කියනවා නම් තව ඕන තරම්...

    ඒ කාලේ නම් පට්ට ආතල්...අපේ ළමයින්ට නම් මෙහෙම කාලයක් සෙට් වෙන්නේ නෑ.....දුකයි ඇත්තට ම ඒ ගැන...
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba

    097d1a71cd961cd8d23aa6df2d93ba03.jpg

    මේ බයිසිකලේ ගන්න බැරිවෙච්ච එක අදටත් දුකයි බන්.. :dull: කඩගානේ ගිහින් කුණු බක්කි ඇදගෙන මූඩී එකතු කරලා එක ජාතියේ මූඩී 3 ගලපනවා... ඒ අරන් ගිහිල්ලත් ලොක් එක ඇරෙන්නේ නෑ.. මට තවම මතකයි මගේ ඉස්සරහම එකෙක් බයිසිකලේ ලොක් එක ඇරලා හරි උජාරුවට ඒක පැදගෙන ගිය හැටි... :(

    Also miss the bat...

    100957041_3194803247248296_2038823097125044224_o.jpg

    mama ethakota 4,5 wasare. Aluthgama loku iskole gawa kade gawa tonic piyan ehinda hemadama. singer ekata gihin lock kerakewwa edune nehene :(

    bat ekanam gatta :D
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    පාන් ගෙනවා 3.50 ට, චන්ද්‍රිකාගෙ පාන්
    අඩේ බං 3.50 පාන් මටත් මතකයි බං. රු 5ට තිබ්බ පාන් ගෙඩිය 3.50ට දුන්නා චන්ද්‍රිකා ආපු ගමන්. අපි 5 වසරදෙ කෙහෙද එතකොට හිටියේ. අපේ ගෙවල් ළඟ මාමා කාරයගෙ කඩෙන් රු 10 කොලයක් අරගෙන ගිහින් පාන් ගෙඩි 3ක් ගේනවා සත 50 පස්සේ දෙන්නං කියලා. ඒත් වැඩි කල් 3.50ට පාන් දුන්නේ නෑ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    කමෙන්ට්ස් ටික බැලුවම නම් පේන්නේ හුගක් අය ගම්වලට වඩා නාගරික,අර්ධ නාගරික පැතිවල යමක් කමක් තිබ්බ කට්ටිය කියලා.ගම්වල අපිට නම් ඔය VHS,Cell phone,Walkman,Internet cafe ... කිසිදෙයක් තිබ්බේ නෑ.90 මුලදී වගේ කළු සුදු ටීවී එකක් ගෙනවාවේ.සෝනි 121EP මොඩල් එකක්.ඒක බැලුවේ බැටරියකින්.ඒ දවස්වල ඉදලා තිබ්බ වීමෝලක් කරන ගෙදරකින් තමයි මිනිස්සු ඔය බැටරි චාර්ජ් කරගන්න අරන් යන්නේ.ඕකෙන් බැලුවෙත් රෑට ප්‍රවෘත්ති වගේ තමයි.

    w7LUj2v.jpg

    මේ ජාතියේ ඇන්ටෙනාවක් තමයි අපේ ගෙදර තිබ්බේ.ඒකත් ගේ ඇතුලේ හයි කරලා තිබුණේ.

    yRMpuRm.jpg

    මේ ජාතියේ වයර් එකක් ඒකට ආවේ.

    PWIKZcr.jpg

    චැනල් දෙකයි ඒ දවස්වල අහුවුනේ අපිට නම්.ජාතික රූපවාහිනියයි,අයිටීන් එන් එකයි.

    94-95 වෙද්දි ගමට කරන්ට් එක දුන්නා වගේ මතකයි.

    97 දී වගේ අපේ බාප්පාට එහෙම ක්‍රිකට් පිස්සුව හැදුනා.ඒ දවස්වලමද කොහෙද ඔය ස්වර්ණවාහිනිය ආවේ.ඒ චැනල් එක අල්ලන්න බාප්පා ඇන්ටෙනාවක් හැදුවා.මේ වගේ එකක්.

    T1rY5uf.png

    ඕකෙන් තමයිද කොහෙද සනත්-රොෂාන් ටෙස්ට් රෙකෝඩ් එක තිබ්බ මැච් එක බැලුවේ.මුල් කාලේ කකුල් දෙක උඩකින් තියාගෙන දවසම ඕක බලනවා ඉතින් බාප්පා.මිනිහා වැඩිපුරම බැන්නේ මාවන් වගේ කොට කොට ඉන්න උන්ට තමයි.:D

    M20Mz5z.jpg

    අපෙත් තිබ්බෙ කළු සුදු ටී වී එකක් තමා බන් .
    අතින් කරකවන්න ඔනි .
    රිමොට් ටී වී හොයාගන්න නැහැ ඒ කාලෙ.
    කලර් ටී වී තිබ්බ අපෙ මාමගෙ ගෙදර.
    එකෙ චැනල් මාරු කරන්න ටී වි එකෙ ඩිස්ප්ලෙ එක යටින් පොඩි තීරුවක් තියනවා එකෙ බටන්ස් ටික තියෙනවා.
    එකෙන් තමා චැණල්ස් මාරු කරන්නෙ .
    ඩයනා කුමරියගෙ මළගෙදර ලයිව් දුන්නා මතකයි රූපවාහිනියෙ.

    මම ජීවත් වෙච්ච පැත්තෙ කටු මැටි ගෙයක් තිබ්බ උන්ගෙ ටී වී එක වැඩ කරෙ කාර් බැට්‍රි එකකින් .
    අපිට මතකයි අරවින්ද -සනත් සෙල්ලම් කරන කාලෙ මැච් එක බැලුවා.
    එතකොට ප්‍රභු දෙවන් ඉන්න ෆිල්ම් එහෙම බැලුව අයි ටී එන් එකෙ.

    රේඩියො එකකුත් තිබ්බ බැටරියෙන් දුවන .ඒ කාලෙ කරන්ට් කැපුවා මතකයි .
    අපෙ අම්ම කොලනියල් කසින්ස් ලාගෙ සිංදු පීස් එකක් ගෙනල්ල තිබ්බා ඒ කාලෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City

    මේක මතක කස්ටිය කියමු බලන්න ටයි මාමගේ ගොඩක් වැඩසටහන් බලපු අයට මතක ඇති. සෙනසුරාදා උදේ 10 ට වගේ ගියේ ඕක

    ඕක අමතක නම් මැරිලා ඉපදෙන්න ඔනි බන් .
    මන් ඔය සිංදුව ඒ කාලෙ කියනවා .ඇහෙන විදියට කියන්නෙ (පට්ට බොරු )
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,501
    3,891
    113

    Also miss the bat...

    100957041_3194803247248296_2038823097125044224_o.jpg
    සුට් කේස් දෙකක පියනේ ඇතුල් පැත්ත වැහෙනකන් මේවා අලවලා තිබුනා බන්. පොඩි කාලේ තේරුමක් නැතුව කරන වැඩ
     
    • Love
    Reactions: 001flyD and BuLaTha

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    දැන් One Galle Face Colombo City Center තිබුනට අපිට ඉස්සර කෝකටත් තිබ්බේ MC එක තමයි අදටත් දෙවැනි තට්ටුවට ගිහිල්ල පල්ලෙහා බලනව පියානෝ එක තියෙනවද කියල? ඒකාලේ ගිය අවුන්ට මතක ඇති

    Waptrick Gallezone GPRS settings hadagannav akiyanne ithin Computer ekak hack karanava wage wedak a kale

    Picture ekak load wenna kochchara wela yanavada
    ------ Post added on Mar 12, 2021 at 8:42 AM
    Opera mini browser eka thamai e kaale baande :D
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අඩේ මට මේක කියවද්දි ලව් කරපු හැටිත් මතක් උනා පොඩි කාලේ..

    ලියුම් ලියලා ගෙනිහින් දෙන්නේ, ඒ දවස් වල පාට පාට පෑන් ටිකක් අරන් තියාගත්තේ ලියුම් ලියන්නම. ලියුම් ලියලා ඒවාට පවුඩර් ගහලා එහම තමා ලියුම් ගෙනිහින් දෙන්නේ. යාලුවෙක්ගේ අතේ ලියුමක් යවනවානම් ලියුම හොදට සෙලෝටේප් කරලා තමා යවන්නෙ..
    ඒ දවස් වල දීපු ලියුම් තාමත් මගේ ලග තියෙනවා.
    සල්ලි එකතු කරලා කරලා පොඩි තෑග්ගක් ගන්නේ...

    පස්සේ බෑග් චෙක් කරලා අපේ උන්ගේ ලියුම් අහු උනා. ඊට පස්සෙ කලේ නෝට් ලියන්න කියලා පොත ඉල්ලන් ගිහ්න් ඒකේ පැන්සලෙන් ලියුම් ලියලා දෙනවා...

    තව කෝල් කරද්දි, ඉස්සර හෑන්ඩ් පෝන් එහම නෑනේ. ඉස්කෝලෙ ඇරිලා යන ගමන් බොක්ස් එකකින් හරි communication එකකින් හරි ගෙදරට කෝල් දෙන්නෙ. ගෙදර කවුරුහරි ගන්නවා කියලා ශුව‍ර් නැත්නම් ගෑනු ළමයෙක්ට කියලා කෝල් එක අරන් කෑල්ලට දුන්නම මං කතා කරනවා.

    තව උබලාට ලව් කරන කාලේ මතක ඇති මිස්කෝල් සෙල්ලම. අපේ නම් පිට පිට මිස්කෝල් 3ක් ගහන්නෙ කතා කරන්න ඕන නම් ...

    --------------------

    VHS වලට කිව්වේ ඩෙක්පීස් කියලා
    ඇයි බන් තාත්තගේ id ගිහින් දීලා ඩෙක්පීස් රෙන්ට් එකට අරන් එන්නේ.

    බයිසිකලේ තමා වාහනේ... බයිසිකලයක් තියෙනවා කියන්නෙ පොරක්. සිස්සත්වේ පාස් උනාම ඉල්ලුවේ බයිසිකලේ

    ඇයි බන් කැසියෝ ඔරලෝසුව

    අම්මෝ.. ඒකාලේ
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    Opera mini browser eka thamai e kaale baande :D
    Exactly den nam paththa balanne nah Opera dihaa :P

    අඩේ මට මේක කියවද්දි ලව් කරපු හැටිත් මතක් උනා පොඩි කාලේ..

    ලියුම් ලියලා ගෙනිහින් දෙන්නේ, ඒ දවස් වල පාට පාට පෑන් ටිකක් අරන් තියාගත්තේ ලියුම් ලියන්නම. ලියුම් ලියලා ඒවාට පවුඩර් ගහලා එහම තමා ලියුම් ගෙනිහින් දෙන්නේ. යාලුවෙක්ගේ අතේ ලියුමක් යවනවානම් ලියුම හොදට සෙලෝටේප් කරලා තමා යවන්නෙ..
    ඒ දවස් වල දීපු ලියුම් තාමත් මගේ ලග තියෙනවා. සල්ලි එකතු කරලා කරලා පොඩි තෑග්ගක් ගන්නේ...

    පස්සේ බෑග් චෙක් කරලා අපේ උන්ගේ ලියුම් අහු උනා. ඊට පස්සෙ කලේ නෝට් ලියන්න කියලා පොත ඉල්ලන් ගිහ්න් ඒකේ පැන්සලෙන් ලියුම් ලියලා දෙනවා...

    තව කෝල් කරද්දි, ඉස්සර හෑන්ඩ් පෝන් එහම නෑනේ. ඉස්කෝලෙ ඇරිලා යන ගමන් බොක්ස් එකකින් හරි communication එකකින් හරි ගෙදරට කෝල් දෙන්නෙ. ගෙදර කවුරුහරි ගන්නවා කියලා ශුව‍ර් නැත්නම් ගෑනු ළමයෙක්ට කියලා කෝල් එක අරන් කෑල්ලට දුන්නම මං කතා කරනවා.

    තව උබලාට ලව් කරන කාලේ මතක ඇති මිස්කෝල් සෙල්ලම. අපේ නම් පිට පිට මිස්කෝල් 3ක් ගහන්නෙ කතා කරන්න ඕන නම් ...

    --------------------

    VHS වලට කිව්වේ ඩෙක්පීස් කියලා
    ඇයි බන් තාත්තගේ id ගිහින් දීලා ඩෙක්පීස් රෙන්ට් එකට අරන් එන්නේ.

    බයිසිකලේ තමා වාහනේ... බයිසිකලයක් තියෙනවා කියන්නෙ පොරක්. සිස්සත්වේ පාස් උනාම ඉල්ලුවේ බයිසිකලේ

    ඇයි බන් කැසියෝ ඔරලෝසුව

    අම්මෝ.. ඒකාලේ
    Ow koheda inne ahuva thibba 3 sec walin... den inna eun dannavanam pukenuth hina wenawa

    එක අකුරක් ටයිප් කරන්න එක ඉලක්කමක් 4 පාරක් එබුවා කිව්වොත් උන් අපිට හිනා වෙයි බන්
    ------ Post added on Mar 12, 2021 at 12:39 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    මේක මතක කස්ටිය කියමු බලන්න ටයි මාමගේ ගොඩක් වැඩසටහන් බලපු අයට මතක ඇති. සෙනසුරාදා උදේ 10 ට වගේ ගියේ ඕක

    වීරයෝ ටික එක එකා මැරිලා යද්දී උඹලට මොකද හිතුනේ ඒ කාලේ.
     
    • Like
    Reactions: 001flyD