+_කපුටා_සහ_කේජු_(RemakE)_+
කම්මැලිකම යන්නත් එක්ක කරන්න දෙයක් මතක් කරනකොට හිතුනා ඔයාලත් එක්ක කතාවක් බෙදාගත්තොත් හොඳයි කියලා..
සමහරු නම් මේක දන්නවා ඇති..
දන්නේ නැති අයත් ඇති..
දන්නේ නැති අය කියවලා දැනගන්න.. 
දන්න අය කියවලා ආයෙත් රසවිඳින්න.. 
කතාව තමයි කපුටා හා කේජු කෑල්ල (RemakE)..
ඒකත් දන්නේ නැති අය ඉන්නවානම් කියවන්නකෝ..
කෙටියෙන් කියන්නම්..
ඒකාලේ ඔය කොහේ හරි හිටපු කපුටෙක්ට කේජු කෑල්ලක් ලැබුණලු..
ඉතිං මේ කපුටා මේ කේජු කෑල්ලත් අරගෙන ගහක අත්තක් උඩට ගිහින් කේජු කෑල්ල කන්න පටන් ගන්නකොටම මේක දැක්කලු නරියෙක්..
නරියා මෙතනට ඇවිත් මේ කේජු කෑල්ල ගන්න හිතාගෙන..
"යාලුවේ, ඔයාගේ කටහඬ හරී ලස්සනයි.. blah blah.." බයිලා ටිකක් ගහලා කිව්වලු..
"බැරිද ඔය ලස්සන කටහඬින් මට ඇහෙන්න සිංදුවක් කියන්න.." කියලා.
කපුටත් ඉතිං අර නරි කතා වලට අහුවෙලා සිංදුවක් කියන්න ගිහිං අර කේජු කෑල්ල නරියට පිදුවලු..
ඕක තමයි කතාව.. 
ඉතිං මේ සිද්දියෙන් අවුල් ගහපු කපුටෝ තමන්ගේ මුතුන් මිත්තන්ගේ කතාව මතු පරපුරටත් කියලා Modern කපුටන්ව නරි ගැන දැනුවත් කළාලු..
ඉතිං ඔය කතාව මතකයේ තියාගෙන ඉන්න Modern කපුටෙක්ට දවසක් කේජු කෑල්ලක් ලැබුනලු.. 
මේ කපුටත් අර වගේම කේජු කෑල්ල අරගෙන ගහක අත්තක් උඩට ගියාලු කන්න..
එතකොටම කොහෙන්දේ නරියෙකුත් මෙතනට සෙට් වුනාලු..
නවතම සොයාගැනීම් වලට අනුව මේ අර නරියගේ පරම්පරාවේ බුවෙක්ලු..
ඉතිං ඒ නරියො ටිකත් තමන්ගේ සිද්දිය තම පැටවුන්ටත් කියලා උගන්නලා තිබ්බලු කපුටෙක් කේජු කනවා දැක්කම කරන්න ඕනෙ දේ..
මේ Modern නරියත් අර කපුටා දැකපු ගමන් ගිහිං අර කළින් නරියා වගේම කපුටගේ වර්ණනාව පටන් ගත්තලු..
ඔහොම කියලා කිව්වලු "සිංදුවක් කියන්න බැරිද..?" කියලා..
Modern කපුටාට ටකස් ගාලා ආවලු ඔලූවට මේ මොකාටද නරියා එන්න හදන්නේ කියලා.. 
සිංදු කියන්න ගිහින් කේජු නැතිකරගන්න වෙනවා කියලා දන්න Modern කපුටා කේජු කෑල්ල කකුලකට හිර කරලා තියාගත්තලු..
"සිංදු කියන්න ගිහින් කේජු නැතිකරගත්තේ ඉස්සර කපුටෝ.. අපි Modern කපුටෝ.. අපි ඔය නරි Tricks වලට අහුවෙන්නේ නෑ.." කියලා කිව්වලු.. 
නරියත් පුදුම වෙලා බලාගෙන හිටියලු.. 
අවාසනාවක මහත..
නරි Tricks වලින් බේරුනු උජාරුවට කේජු අමතක වුණු කපුටා කකුල ඉස්සුවලු.. 
(කේජු කියන්නේ මොනවද කියලා දන්න කෙනෙක් ඉන්නවානම් මටත් කියලා දීපල්ලා..)

නරි කොහේ ගියත් දිනනවා මචං.....