+_හිටපු_ජනපතිඳුනි_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    +_හිටපු_ජනපතිඳුනි_+

    මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිඳුනි.

    අපට ඔබව අමතක නැත..
    අපි විරුද්ධ වූයේ ඔබ මෙහෙයවූ දූෂිත පාළනයටයි..

    අපට අතීතය අමතක නැත..

    අප ඔබ කෙරේ විශ්වාසය තබා ඔබට රට භාර දුන්නෙමු..
    ඔබ යුද්ධය අහවරක් කරීමට මුල්වී, මහඟු සේවයක් කර රටට යහපතක් උදාකළේය..

    යම් කෙනෙක් ඔබට කළගුණ සැළකුවද, තවත් කෙනෙක් ඔබ රට තවත් දියුණු කර ජනතාවට සුබසෙත සළසාවී යැයි සිතා තවත් වරක් රට භාරදුන්නේය..

    තත්වය වෙනස් විය..
    තමාට පෙර රට ගැන සිතූ ඔබ, රටට පෙර තමා ගැන සිතන්නට පටන් ගත්තේය..
    පොඩි මිනිහාගේ මනාපයෙන් ආ ඔබට පොඩි මිනිසුන් තවත් පොඩියට පෙනී නොපෙනී ගියේය..
    වාසි පැත්තට හෝයියා කියා නොකියා කියන්නට විය..

    තමන්ට ගැටලුවක් වන පුද්ගලයන්ව පාගා දැමීය..
    තම දේශපාලන පක්ශයට අයත් බලතලත් පවුලට දෙන්නට විය..
    මාධ්‍යයට, කළාවට, ක්‍රීඩාවට ආදී සියල්ලටම අනවශ්‍ය ඇඟිලි ගැසීම් සිදුවෙන්නට පටන් ගැනුනි..
    රාජපක්ශ කෙනෙක් නැතිව කිසිවක් කරගන්නට බැරිවෙන තත්වයකට රට ගමන් කරමින් තිබිණි..
    අනවශ්‍ය ලෙස බලතල පාවිච්චි කරන්නට විය..
    එකිනෙකාගේ පෞද්ගලික කෝන්තර රාජ්‍ය බලය යොදා ප්‍රසිද්ධියේ පිරිමසාගන්නටවිය..

    මේ සියල්ල ඔබ නොකෙරුවා වුවද, ඔබේ අනුගාමිකයක් කරනවිට ඔබ නිහඬව සිටියේය..
    එය නිවැරදි නායකත්ව ලක්ෂණයක් නොවේ..

    අපේ බලාපොරොත්තු බලාහිඳිද්දීම, ඇස්පනාපිටම පොඩිවී පෑගී යන්නට විය..
    බහුතරයක් බලාපොරොත්තු වූ වෙනසක් කරා යාමට ජනතාව ඡන්දය පාවිච්චි කළෝය..

    අද අපි ඔවුන් කෙරේ විශ්වාසය තබා සිටින්නෙමු..
    නමුත් අපට ඔබව අමතක නැත..
    ඔබේ පාළන සමයේ වූ හොඳදේ මෙන්ම නරකදේද අප මතකයේ ඇත..
    ඉන් උගත් දේ ඇසුරෙන් අප මේ නව පාලනයේ දෝශ හඳුනාගන්නෙමු..
    ඔවුන් වැරදි මග යන්නේනම්, එයට විරුද්ධව නැඟීසිටීමට අපි පසුබට නොවෙමු..
    ඔවුන්ගේ මඟ හරිනම්, ඔවුනට ශක්තියක් වන්නෙමු..

    නිදාසිටි ජනතාව අවදිවී ඇත..
    පාළකයන්ට යටවී සිටිනවා නොව, ජනතාවට ඕනෑ ලෙසට පාලකයන් ලවා රට මෙහෙයවන්නෙමු..

    පාට, පක්ශ වලින් තොරව ඔබත්, මමත් අප සැවොමත් මේ රටට ආදරය කරන්නෙමු..
    රට දිනවීම ජනතාව වන අපේ අරමුණයි..

    ජාති ආගම් කුළ භේද අමතක කර රට වෙනුවෙන් එක්වී, අලුත් මාවතකට රට ගෙනයමු..

    දූෂණයෙන් භීෂණයෙන් තොර, සාමය සමගිය රජයන, නීතිය කාටත් පොදුව ක්‍රියාකරන රටක ජීවත්වීම අපේ බලාපොරොත්තුවයි..

    මෙය අද තරුණ පරම්පරාවේ ජවයයි, අභිලාශයයි, ආරාධනයයි..

    ඔබට සුභ අනාගතයක්..
     
    • Like
    Reactions: SahanJ123

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    එන්න..
    උඹලගේ අදහස් දක්වන්න..
    මේ වේදිකාව කාටත් පොදුයි..
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ජයග්‍රහණය පැරදුම ගැන කිසිත් නොකියා ඉන්නට හිතුවාට මේක නම් නොකියාම බැරිය
    .රාජපාක්ෂිකයිනි අපි ඔබේ තවත් වෙනසක් දුටුවෙමු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මැතිවරණයෙන් පරාජය වීමත් සමග එතුමාට විරුද්ධව මෙතෙක් බුකියේ ක්‍රියා කල බුකි හමුදාව ඊට ප්‍රතිචාර දැක්වුයේ
    'හිටපු ජනපති තුමනි ඔබටආ යු බෝ වේවා",
    'අපි සටන් කලේ ඔබට විරුද්ධව නොවේ මේ යන ක්‍රමයට විරුද්ධවයි ,'
    'මැතිවරණයෙන් පැරදුනද යුද්ධය ජය ගැනීමට අත දුන් නායකයා වශයෙන් අපි ඔබට ගරු කරමු'
    ',ඔබට ආයුබෝවන් '
    'පැරදුනු එතුමාට අපහාස වන ලෙස කිසිවක් පල නොකරන්න '
    යන ආකාරයේ පොස්ට් දැමීමෙනි.
    අපුරුම දෙය නම් තමාගේ අපේක්ෂකයා පැරදුනු රාජ පාක්ෂිකයින් ඊට ප්‍රතිචාර දැක වුයේ.
    'තව ටික දිනකින් කොටියට රට'
    ',බලාගෙන ඉදපියවූ තොපිට ළඟදීම තේරේවි'
    ',දෙමළාට සහ හම්බයාට සිංහලයා යටවිය'
    වැනි පොස්ට් සහ අසබ්‍ය බැන වැදීම් සහිත පොස්ට් වලිනි.
    මහත්මා දේශපාලනයේ යෙදෙන්නේ කවුරුන්ද යන්නට තවත් ශාක්ෂි කුමටද?
    තම අපේක්ෂකයා පැරදුන පලියට රටට හෙන ඉල්ලීම ඔබටම මිස අපට නම් කල නොහැකිය.
    - චරිත් හර්ෂනගෙන් -
     
    sri99

    Banned
    Nov 22, 2014
    74
    10
    0
    10929549_835856546475735_5822481186499554200_n.jpg

    peraduna eka iwarai den eth fb eke demallu mehama daddi tikak awul wage
    mona unat my3 ranil sf mahindawa balaganna one ,mahinda wenuwen beri nam ltte ekata wiruddawa hari,my3 gena wiswasai eth anit un genanam satha 5k wiswasa ne

    hamudawata tamunge lamain dan dila ada e meruna kollange 4to diha balagena duk wena ammala
    athapaya waru nethy seballuu eyalage pawul jeewitha kea karala dinagatta rata
    aya kotinta dunnotnam ithin me rate un gena katakarala wedak ne
    kohoma kawru andu karath mahindawai dinagath ratai beragena e kiwwe my3 demallungen muslim ungen chanda aran balayata awat untama penwanna one ubala hitana de karanna denne ne kiyala aya me rate echcharai my3 pramuka anduwen mama balaporththu wenne
     
    මේ පාළනය වෙනස් සහෝ..
    එහෙම දෙයක් වෙන්න කවුරුත් ඉඩ තියන්නේ නෑ..

    එහෙම දෙයක් වෙන්න දුන්නොත් අද ඔවුන් වෙනුවෙන් සිටි ජනතාවම ඔවුනට විරුද්දව නැගිටීවි..
    ඒකයි තරුණ ජවය..

    පාළකයන්ට යටත් වූවා ඇති..

    අපි පාළකයන්ට මඟ පෙන්වමු..
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    10929549_835856546475735_5822481186499554200_n.jpg

    peraduna eka iwarai den eth fb eke demallu mehama daddi tikak awul wage
    mona unat my3 ranil sf mahindawa balaganna one ,mahinda wenuwen beri nam ltte ekata wiruddawa hari,my3 gena wiswasai eth anit un genanam satha 5k wiswasa ne

    hamudawata tamunge lamain dan dila ada e meruna kollange 4to diha balagena duk wena ammala
    athapaya waru nethy seballuu eyalage pawul jeewitha kea karala dinagatta rata
    aya kotinta dunnotnam ithin me rate un gena katakarala wedak ne
    kohoma kawru andu karath mahindawai dinagath ratai beragena e kiwwe my3 demallungen muslim ungen chanda aran balayata awat untama penwanna one ubala hitana de karanna denne ne kiyala aya me rate echcharai my3 pramuka anduwen mama balaporththu wenne

    baya wenna epa ban. MY3 porondu wuna ehema deyak wenna denne na kiyala. oya baya ubalage hithe ati kaleth marage pachawahini deken thama. kiyana hamadema piliganne nathuwa tikak hithala balanna purudu weyan. anika me rate mahajanathawa thamath mahindata garu karanawa yudde iwara karapu ekata. e janathawa kawadawath ehema deyak wenna denne na
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මහින්ද රාජපක්ෂ ජනපතිතුමා 2015 ජනාධිපතිවරණයෙන් පසු තම නිල නිවස වන අරලියගහමන්දිරයෙන් යන බව මට ඇහුනේ ටිවී එකේ විශේෂ ප්‍රවෘත්තියක් විදියට කියනකොට තමයි. . .

    ඇත්තටම මටත් ඒ වේලාවේ අවංකව "හිතට දුක හිතුනා" මොකද එතුමා මේ රටට කරපු සේවය මට අමතක නැහැ. එතුමා මේ රට බේරගන්න උදව්කල, යුද්ධය ජය ගැනීමට උදව්කල, මේ රට සංවර්ධනය කල නායකයෙක්, එතුමාව විනාශ කලේ එතුමා වටේ හිටපු කැනහිල්ලෝ ටික, රටේ නීතිය බල්ලට ගියා, වංචාව දූෂණය වැඩි උනා, කුඩු එතනෝල් අපචාර රටේ සීග්‍රයෙන් පැතිරුනා, ඒ සියළු දේවල් වලට සෘජුව හෝ වක්‍රව, දැන හෝ නොදැන එතුමාටත් දායක වෙන්න සිද්ධ උනා, රටේ වියදම අනවශ්‍යය ලෙස වැඩි උනා. ඒ සියලු දේවල් මේ රටේ බුද්ධිමත් මිනිස්සු, ඒ කියන්නේ කැපුවත් නිල් පාටවත් කැපුවත් කොල පාටවත් නෙමෙයි. හැම දෙයක් ගැනම බුද්ධියෙන් විමසලා මධ්‍යස්ථව හිතන, මධ්‍යස්ථව දකින අන්තගාමී නොවූ මිනිස්සුන්ට අවබෝධවීමේ ප්‍රථිඵලයක් තමයි මහින්ද මහත්තයාගේ පරාජය . එක එහෙම නොවුන නම් මහින්ද මහත්තයට මෙවරත් විශිෂ්ඨ ජයක් අත් කරගන්න අනිවාර්යෙන්ම හැකියාව තිබුනා. එහෙම උනා නම් මේ පාර මම මෛත්‍රීපාල මහත්තයට ගහපු කතිරය මහින්ද මහත්තයට ගහන්න දෙපාරක් හිතන්නේ නැහැ. එත් ඒක එහෙම උනේ නැහැ.

    මම අද මෛත්‍රීපාල මහතාට සහය දැක්වූවද, යම් දිනක ඔහුද නොගැලපෙන ක්‍රියාවන්හී නිරතවන පාලකයෙකු වුවහෝත්, මම ඔහුටද විරුද්ධව ක්‍රියාකරමි. මන්ද මම පක්ෂ පාට භේදයකින් තොරව හිතා, පක්ෂ පාට භේදයකින් තොරව් දැක, කාලොචිතව ක්‍රියාකරන්නෙකු වන්නෙමි. මන්ද මාව කැපුවත් මම, මම වෙමී.

    අපි මෛත්‍රීට ඡන්දය දුන්නේ හිටපු ජනාධිපතිතුමාගෙන් පළිගන්න නෙමෙයි . . .
    අපේ රාජපක්ෂ මැතිතුමාට අපි කවදත් ගරු කරනවා . . .