+_හිටපු_ජනපතිඳුනි_+
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිඳුනි.
අපට ඔබව අමතක නැත..
අපි විරුද්ධ වූයේ ඔබ මෙහෙයවූ දූෂිත පාළනයටයි..
අපට අතීතය අමතක නැත..
අප ඔබ කෙරේ විශ්වාසය තබා ඔබට රට භාර දුන්නෙමු..
ඔබ යුද්ධය අහවරක් කරීමට මුල්වී, මහඟු සේවයක් කර රටට යහපතක් උදාකළේය..
යම් කෙනෙක් ඔබට කළගුණ සැළකුවද, තවත් කෙනෙක් ඔබ රට තවත් දියුණු කර ජනතාවට සුබසෙත සළසාවී යැයි සිතා තවත් වරක් රට භාරදුන්නේය..
තත්වය වෙනස් විය..
තමාට පෙර රට ගැන සිතූ ඔබ, රටට පෙර තමා ගැන සිතන්නට පටන් ගත්තේය..
පොඩි මිනිහාගේ මනාපයෙන් ආ ඔබට පොඩි මිනිසුන් තවත් පොඩියට පෙනී නොපෙනී ගියේය..
වාසි පැත්තට හෝයියා කියා නොකියා කියන්නට විය..
තමන්ට ගැටලුවක් වන පුද්ගලයන්ව පාගා දැමීය..
තම දේශපාලන පක්ශයට අයත් බලතලත් පවුලට දෙන්නට විය..
මාධ්‍යයට, කළාවට, ක්‍රීඩාවට ආදී සියල්ලටම අනවශ්‍ය ඇඟිලි ගැසීම් සිදුවෙන්නට පටන් ගැනුනි..
රාජපක්ශ කෙනෙක් නැතිව කිසිවක් කරගන්නට බැරිවෙන තත්වයකට රට ගමන් කරමින් තිබිණි..
අනවශ්‍ය ලෙස බලතල පාවිච්චි කරන්නට විය..
එකිනෙකාගේ පෞද්ගලික කෝන්තර රාජ්‍ය බලය යොදා ප්‍රසිද්ධියේ පිරිමසාගන්නටවිය..
මේ සියල්ල ඔබ නොකෙරුවා වුවද, ඔබේ අනුගාමිකයක් කරනවිට ඔබ නිහඬව සිටියේය..
එය නිවැරදි නායකත්ව ලක්ෂණයක් නොවේ..
අපේ බලාපොරොත්තු බලාහිඳිද්දීම, ඇස්පනාපිටම පොඩිවී පෑගී යන්නට විය..
බහුතරයක් බලාපොරොත්තු වූ වෙනසක් කරා යාමට ජනතාව ඡන්දය පාවිච්චි කළෝය..
අද අපි ඔවුන් කෙරේ විශ්වාසය තබා සිටින්නෙමු..
නමුත් අපට ඔබව අමතක නැත..
ඔබේ පාළන සමයේ වූ හොඳදේ මෙන්ම නරකදේද අප මතකයේ ඇත..
ඉන් උගත් දේ ඇසුරෙන් අප මේ නව පාලනයේ දෝශ හඳුනාගන්නෙමු..
ඔවුන් වැරදි මග යන්නේනම්, එයට විරුද්ධව නැඟීසිටීමට අපි පසුබට නොවෙමු..
ඔවුන්ගේ මඟ හරිනම්, ඔවුනට ශක්තියක් වන්නෙමු..
නිදාසිටි ජනතාව අවදිවී ඇත..
පාළකයන්ට යටවී සිටිනවා නොව, ජනතාවට ඕනෑ ලෙසට පාලකයන් ලවා රට මෙහෙයවන්නෙමු..
පාට, පක්ශ වලින් තොරව ඔබත්, මමත් අප සැවොමත් මේ රටට ආදරය කරන්නෙමු..
රට දිනවීම ජනතාව වන අපේ අරමුණයි..
ජාති ආගම් කුළ භේද අමතක කර රට වෙනුවෙන් එක්වී, අලුත් මාවතකට රට ගෙනයමු..
දූෂණයෙන් භීෂණයෙන් තොර, සාමය සමගිය රජයන, නීතිය කාටත් පොදුව ක්‍රියාකරන රටක ජීවත්වීම අපේ බලාපොරොත්තුවයි..
මෙය අද තරුණ පරම්පරාවේ ජවයයි, අභිලාශයයි, ආරාධනයයි..
ඔබට සුභ අනාගතයක්..