__'මිනිත්තු කිහිපයක්' ඇතුළත_'සියල්ල අහිමි'වූ_'මිනිසෙකුගේ කතාන්දරය'__
**********************************************************************
◘මේ වනවිට #ලෝකයේ 'බලවත්ම රට' පාලනය කිරීම 'අබියසටම' පැමිණ සිටිනා 'ජෝ බයිඩන්'(Joe Biden), කෘතහස්ත සහ පරිණත #දේශපාලකයෙකු ලෙස බොහෝ අය දකිති..එහෙත් ඔහුගේ ජීවිතයේ මුල් අවධිය, #කුණාටු ගහන සමයකි..ඒ බව බොහෝ අය #නොදන්නා තරම් ය..අප අද දකින මේ මිනිසා තැනුණේ, ජීවිතයේ #පහළම තැනින්, තවත් #පහළට ඇද වැටීමෙන් පසුව ය..
--------------------------------------------------------------------------
*මෙය 'අදේශපාලනික' කතාවකි..'ජීවිතය' පිළිබඳව 'සිංහාවලෝකනයකි'..
--------------------------------------------------------------------------
◘#නීතීඥයෙකු ලෙස ජීවිතය ඇරඹූ තරුණ 'ජෝ බයිඩන්' ඉක්මනින්ම දේශපාලනයට පිවිසියේය..1972වසරේදී ඔහු ඇමෙරිකාවේ 'ඩිමොක්‍රටික් පක්ෂය' නියෝජනය කරමින් #ඉතිහාසයේ '5වැනියට' #ළාබාලතම[සෙනෙට් සභිකයා] බවට පත්විය..ඒ 'ඩෙලවෙයා'(Delaware) ජනපදය නියෝජනය කරමිනි..
◘එහෙත්, ඒ උත්සවකාරී බව, අඩුම ගණනේ #මාසයක්වත් රැඳුණේ නැත.. ඔහුගේ #බිරිඳ 'නෙයිලියා බයිඩන්'(Neilia Hunter-Biden) සහ එකම දියණිය, පුතුන් දෙදෙනා, ඒ වසරේ 'නත්තල් සාප්පු සවාරිය' සඳහා ගොස් සිටියදී, 'ට්‍රැක්ටර් ට්‍රේලර් රථයක්' ඔවුන් වෙත කඩාගෙන පැමිණියේය..'නෙයිලියා' සහ[අවුරුද්දයි මාසයක් වයසැති] සිඟිති දියණිය 'නයෝමි ක්‍රිස්ටිනා බයිඩන්' එතැනම මරු වැළඳගෙන තිබුණේ, බිහිසුණු රිය අනතුරක පසු සටහන තබමිනි.. 'විනාඩි කිහිපයක්' ඇතුළත 'ජෝ බයිඩන්', සියල්ල #හිමිව සිටි මිනිසෙකුගේ සිට, සියල්ල #අහිමිව සිටින මිනිසෙකු දක්වා ඇද වැටී සිටියේ ය..අනතුරෙන් බරතළ ලෙස තුවාළ ලැබූ 'සිඟිති පුතුන් දෙදෙනා' සමඟ ජීවත්වන, තනි #පියෙකු බවට ඔහු පත්ව සිටියේය..ඔහු 'දෙ-පුතුන්' දෑතින් වඩාගෙන,[ජීවිතයට මුහුණ දීමට] අදිටන් කර ගත්තේය..කඩා වැටීම උපරිම වූ තැන, වරක් 'දිවි නසා ගැනීමට'ද ඔහුට සිතී ඇත..
''ජීවිතයේ පළමු වතාවට මම තේරුම්ගත්තා, මිනිසුන් ඉතාම හොඳින් සිතා-බලා සිය-දිවි නසාගන්නා බව..'' යැයි පසුව ඔහු පැවැසුවේය..සිය 'දෙ-පුතුන්', මව-පියා දෙදෙනාම 'අහිමි', #අනාථයන් වීම ඉවසිය නොහැකි නිසාම පමණක්, ඔහු තවදුරටත් 'ජීවත් වන්නට' තීරණය කළේය..
--------------------------------------------------------------------------