මටත් ඒ කාලේ ඔය ප්‍රශ්නෙම තිබ්බා. මම කියල දෙන පාඩම් තේරුම් අරගත්තා, එත් කම්මැලිකම ඉහටත් උඩින් තිබ්බා. හැම පාඩමම තේරුම් ගන්න බැරි උනා, විබාගෙට අනිවා ප්‍රශ්නයක් එන, කරන්න ආස හිතෙන පාඩම් (මට physics වල ඉලෙක්ට්‍රොනික්ස් වගේ ඒවා set වෙන්නේ නැහැ) විතරක් ගොඩ දැම්ම. MCQ නම් 50ට එහා දන්න ඕනේ කියන හැගීමක් තිබ්බේ නැහැ. අන්න එක තමයි මම කරපු ලොකුම වැරැද්ද.
මට දෙන්න පුළුවන් එකම උපදේශය තමයි, කම්මැලි නොවී, හැම පාදමක්ම හොදින් තේරුම් අරන්, පාස්ට් පේපර්ස් කරලා,(නොදන්නා දේවල්, නොතේරෙන දේවල් ඉස්කෝලේ හරි,ක්ලාස් වල හරි උගන්නන ගුරුවරුන්ගෙන් අහල ඒ වෙලාවේම එක තේරුම් ගන්න) වැඩි ස්ට්‍රෙස් එකක් නැතුව විබාගෙට යන්න. මම කරපු වැරදි කරන්න එපා.
ජය වේවා!!!!