පාස් මාක් එක නං වෙනස් කරනවා හැබැයි A එක දෙන එක වෙනස් කරන්නෙ නැහැ දන්න විදියට
මොකද A එක දෙන මාක් එක වෙනස් කරා කියලා කිසිම දෙයක් වෙන්නෙ නැහැ නමුත් උදාහරනයක් විදියට රටේ මැත්ස් කරලා ලමයින්ට යන්න පුලුවන් යුනිවර්සිටි කෝස් සේරටම ලමයි 1000ක් ගන්නවා නං මැත්ස් වලට S එක ගනිපු ලමයි ගාන 200ක් විතර උනොත් අර කෝස් වලට ලමයි 1000ක් ගන්න බැහැ මොකද කැම්පස් යන්න අවම සුදුසුකම S3 තියෙන්න ඕන
එතකොට S එක දෙන ලකුන වෙනස් කරලා අර කෝස් සේරටම ලමයින්ව සුදුසු වෙන වෙන විදියට හදා ගන්න පුලුවන්
නමුත් A එක කියන එකෙන් ඒ වගේ කිසිම දෙයක් වෙන්නෙ නැහැ ඒක නිසා A එක දෙන ලකුන වෙනස් කරා කියලා සත පහක වෙනසක් වෙන්නෙ නැහැ. රිසල්ට් එක කියද්දි A එකක් කියලා කියන්න පුලුවන් ඒක තමයි තියන ආතල් එක
Z එක නේ දැන් බලන්නෙ. Z එක කියන්නෙ යම් විශයකට සේරම ලමයින්ගෙ ඇවරේජ් එකයි අපි ගනිපු ලකුනයි අතර තියන මිනුමක්. මේක නිකන්ම ලකුනු ගාන අරගෙන කැම්පස් යනවාට වඩා ගොඩක් හොඳ මිනුමක් කියලා තමයි මම හිතන්නෙ
මොකද අමාරු විශයක ඇවරේජ් එක ගොඩක් අඩු නිසා අමාරු විශය හොඳට පුලුවන් අයගෙ Z එක වැඩියි
මැත්ස් ස්ට්‍රීම් එකේ නං පිසික්ස් සහ මැත්ස් වල සාපේකශව ඇවරේජ් එක වැඩියි (මම හිතන්නෙ තිස් ගනන් වගේ )
කෙමෙස්ට්‍රි වල ඇවරේජ් එක විසි ගනන් වල තමයි තියනවා කියල මම අහල තියෙන්නෙ ඒක නිසා මැත්ස් පිසික්ස් A අරගෙන කෙමෙස්ට්‍රි C අරගත්තොතින් රෑන්ක් එක හෙන පහල එකක් ඇවිත් මැත්ස් කෙමෙස්ට්‍රි A අරගෙන පිසික්ස් වලට වගේ C අරගන්න අයට ගොඩක් හොඳ රෑන්ක් එකක් එන්නෙ
AL මැත්ස් කරා නං ආසාවට හරි ස්ටැට් කරන සර්ගෙන් අහපන් Z එක හදන හැටි. මට ඔය ප්‍රස්නෙ ඇවිත් අහල සර් ක්ලාස් එකටම කියලා දුන්න Z එක හදන හැටි. දැන් ස්ටැට් සිලබස් එකේම තියෙද දන්නෙත් නැහැ