A/L ක්ලාස් තියන්නේ ඇයි බං?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.

    Freecodecamp එකේ දැන් Chemistry උගන්නනවා කියපන්කෝ :lol::lol::lol:

    ඒක නෙවේ බං. සිරාවටම A/L වලට දැන් පොඩි එවුන්, සල්ලි වියදම් කරන් Class යන්නේ ඇයි බං. හරිහමන් සර් කෙනෙක් එක පාඩමකට මේ වගේ එක වීඩියෝ එකක් ගානේ හොදට Theory ටිකයි සිරා ගණන් ටිකකුයි හදලා දානවනම් ඒ ඇතිනෙහ්. අවුරුදු 5-6 කට පස්සේ Syllabus වෙනස් වුණාම, තව වීඩියෝ එකක් දානවා. Syllabus වෙනස් වුණත් බොහොම පොඩ්ඩයිනෙහ් වෙනස් වෙන්නෙත්.

    අනික Paper එකකට තියෙන්නේ එකම Structure එක නිසා, අවුරුදු 10-20ක Past Papers ටික හරියට කරානම් හොදටම ඇති. ඒකත් ඕනනම් වීඩියෝ කරලා දාන්න පුලුවන්. ඔය ලොකුවට කරන පන්ති වලත් දෙවිදියකට උගන්වන්නේ නැහැනේ. එකම දේ තමයි අවුරුදු 10ක් 20ක් තිස්සේ කරන්නේ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw

    එතකොට උන් Mustang, GTR ගන්නේ අහවල් එකක් විකුනලද :baffled: 2000,3000 අතින් අරන් Card දෙනවා වගේ ආතල් එකක් ඕවල නෑ. අනික කොහේ තියෙන සල්ලිද බදු ගෙවන්න :dull:👌
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    A/L self study කරන්න අමාරුයි, විශේෂයෙන්ම first shy නම් ඉල්ලන් පුපේ ඇරගන්න වැඩක්
    හරි syllabus/ resources නැහැ හොයාගන්න

    ඔය system එක තියෙන්නේ ටියුෂන් උන්ගේ වාසියට
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    එතකොට උන් Mustang, GTR ගන්නේ අහවල් එකක් විකුනලද :baffled: 2000,3000 අතින් අරන් Card දෙනවා වගේ ආතල් එකක් ඕවල නෑ. අනික කොහේ තියෙන සල්ලිද බදු ගෙවන්න :dull:👌
    පැය ගාණක් බස් එකේ ගිහින් 2000-3000 පුදලා එද්දී ආතල් එක කොහොමද...

    A/L clz යන්නේ ඉගෙන ගන්නම නෙමෙයි බන්.
    එහෙනම් මොකටද යන්නේ? කෙල්ලෝ බලන්නද?

    A/L self study කරන්න අමාරුයි, විශේෂයෙන්ම first shy නම් ඉල්ලන් පුපේ ඇරගන්න වැඩක්
    හරි syllabus/ resources නැහැ හොයාගන්න

    ඔය system එක තියෙන්නේ ටියුෂන් උන්ගේ වාසියට
    හරිහමන් සිලබස් එකකුයි Updated teachers' guide එකකුයි මම දන්න කාලේ ඉදන් https://www.nie.ac.lk/ එකේ තියෙනවා. මම Chemistry හෙම ගොඩ දාගත්තේ තනිකරම ඔය Teachers' guide එකෙන්.

    Self study කරන සීන් එකක් නෙවේ. Resources ටික විදිහට ඔය වීඩියෝ දානවා Youtube එකේ. සම්පූර්ණ සිලබස් එකම. ඔහොම දාපු වීඩීයෝ එකක් බලන එකෙයි, ළමයි 1000-2000 ඉන්න පන්තියකට ගිහින් ඉගෙනගන්න එකයි දෙකම එකයි නේද? මොකද අර ළමයි 1000-2000 ඉන්න Class එකක සර් ළගට ඇවිත් කියලා දෙන්නේ නැහැනේ. ඒවයේ ළමයි කොච්චර ගොඩ යනවද? ඉතින් ඔහොම බැලුවම, වීඩියෝ එකක් බලලා ඉගෙනගන්න එකේ අවාසිය මොකක්ද?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    පැය ගාණක් බස් එකේ ගිහින් 2000-3000 පුදලා එද්දී ආතල් එක කොහොමද...
    බහුතරයක් උන් class යන්නෙම ඔය ආතල් ටික හින්දා තමයි
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,124
    12,013
    113
    කැම්පස් ජීවිතෙන් පස්සේ අවුසම් කිය කිය ටියුසන් සර්ලා කෝටි ගනන් හම්බු කරනවා.
     
    • Like
    Reactions: Yin And Yang

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,950
    113
    උන්ගෙ වයසට ඕවා තේරෙන්නෙ නෑ බන්. උබ ඒ වයස පහුවෙලා නේද ආවෙ. ඒ කාලෙ උබට ඕවා තේරුනාද? නෑනෙ. ගොඩක් උන් යන්නෙ බොරුවට.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මෙහෙමයි බන් AL කියන්නෙ culture එකක්. කැම්පස් මට්ටමට නැතත් ටිකක් ඒ වගේ දෙයක්. කෙනෙක්ට කියන්න පුලුවන් ඔය කැම්පස් වලට යන්නෙ මොකටද ඔයිට වඩා හොඳට යූටියුබ් එකේ ඔය full courses පිටින්ම තියෙනවනෙ කියල.
    AL තනියෙන් හිතල කරන්න අමාරුයි බන්. ඒක කෙරෙන්න ඕනෙ. ඒක කෙරෙන්න නන් like minded උන් එක්ක ඉන්න ඕනෙ. Environment එකම ඒක වටේ හැදෙන්න ඕනෙ.
    කොල්ලො ඔක්කොම ගේමෙ ඉන්න ඕනෙ. කොල්ලො එකතු උනාම පාඩම් ගැන කතාවක් යන්න ඕනෙ. ගානක් හදාගන්න පුලුවන් වෙන එක පොඩ්ඩක් පොර සීන් එකක් වෙන්න ඕනෙ.

    ක්ලාස් ගිහිල්ල ඉගෙන ගන්නවට අමතරව සර්ගෙ ජෝක් එකක් එහෙන් මෙහෙන් අහන එක (දැන් වගේ පැය ගනන් දේසන දෙන ඒවා නෙමෙයි), එහා පේලියෙ කෙල්ලෙක් දිහා පාඩම අස්සෙ සැරින් සැරේ බලන එක, ක්ලාස් ඇරිල කොල්ලො එක්ක කොහෙ හරි ගිහින් කන බොන එක, කෙල්ලො ටෝක් කරන ඒවා ඔක්කොම එක්ක තමයි AL කියන දේ කෙරෙන්නෙ.

    ඕවා තනියෙන් කරන්න ගියානන් පට්ට බෝරින් සහ කිසි ඩ්‍රයිව් එකක් නෑ.