A Lion - පූජ්‍ය ඩෙන්මාර්ක් ඤාණදීප හිමි

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    119475990_3504061199679542_8174044035567601794_o.jpg

    සාමාන්‍යයෙන් ලංකාවේ කැළෑ තුළ සිංහයින් සොයාගත නොහැක. එහෙත් දශක කිහිපයක් තිස්සේ එකම එක සිංහයෙක් වාසය කළේය. ඒ "ඩෙන්මාර්ක් ඤාණදීප හිමියන්ය". වර්තමාන ආරණ්‍යවාසී භික්‍ෂු පරපුරේ පුරෝගාමියා ද, මඟ පෙන්වන්නා ද, ශක්තිය ද උන්වහන්සේම ය. අතිශය ගෞරවයත්, යටහත්‐පහත්බවත්, ලෙන්ගතුකමත්, ආදර‐භක්තියත් එකට කැටිකොට "ඤාණදීප භන්තේ" ලෙස උන්වහන්සේව හැඳින්වීමට භික්ෂූන් වහන්සේලා හුරු‐පුරුදු වී සිටියහ. මෙකල සාමාන්‍ය භික්ෂුවක් තුළ දැකිය නොහැකි අසාමාන්‍ය ප්‍රතිපත්ති වලින් යුක්තව අප්‍රසිද්ධ ව වැඩසිටි නිසාම ප්‍රසිද්ධියටත්, ජනප්‍රියත්වයටත් පත්විය.
    අතිශයින්ම හුදෙකලාව ප්‍රිය කළ උන්වහන්සේ වාසය කළේ වනාන්තරවල නොව ගැඹුරු වනාන්තරවලය. අලි‐වලස්‐දිවි‐විෂඝෝර සර්පයන්ගේ අඩවිවලය. එබඳු තැන්වල සිට පිණ්‌ඩපාතය වඩින්නේ පා ගමනින් ද, නැත්නම් වෙනත් ක්‍රමයකින් දැයි තවමත් අභිරහසක්ව පවතියි. එහෙත් පිණ්‌ඩපාතය කරගෙන නැවත වැඩීමේ දී, සාමාන්‍ය දුරක් ගමන්කර, ගිය මඟක් සොයාගත නොහැකි වීම නම් ප්‍රසිද්ධ රහසකි.
    දිනක් පිණ්‌ඩපාතය කරගෙන නැවත වැඩීමේ දී, රැළෙන් වෙන්ව කලබලයෙන් දිව ආ අලි පැටවකු අත්වැරදීමකින් ඤාණදීප හිමියන්ගේ ඇඟේ හැපී, ඇද වැටුණු උන්වහන්සේගේ වම් පාදය ද පාගා ගෙන දිව්වේය. පිණ්‌ඩපාතය ද අවට විසිරී ගියේය. අසල තිබූ රුක් සෙවණකට ඇදෙන්නට උත්සාහ කළ ද, තුවාලය තරමක් බරපතල බැවින් එය අසාර්ථක විය. ඉර මුදුන් වීමට මත්තෙන්, අවට විසිරුණු පිණ්‌ඩපාතය කිසිදු පිළිකුලකින් තොරව හැකි පමණින් අහුලාගෙන වැළදූහ. පසුදා පිණ්‌ඩපාතය බෙදීමට රැස් වූ පිරිස ඤාණදීප හිමියන්ගේ ප්‍රමාදයෙන් තරමක් කලබලයට පත්වූහ. එයින් කිහිපදෙනෙකු කැළයට තුළට වැදී ටික දුරක් යන විට, අලි රංචුවකට මැදිව දිග ඇදී සිටින ඤාණදීප හිමියන් දුටුවහ. උන්වහන්සේ රැය පහන් කර තිබුණේ පෙර දා අනතුර සිදු වූ ස්ථානයේම ය. 'අපේ රැහේ පොඩි එකෙකුගෙන් සිදු වූ අත්වැරැද්දට සමාව යදින්නාක් මෙන්' අලි රංචුව ද ඤාණදීප හිමියන්ට රාත්‍රී කාලයේ ආරක්ෂාව සපයා තිබූහ. තුවාලය ලේ වලින් පිරී, එහි ඕජස කූඹින් විසින් භුක්ති විඳිමින් තිබුණි. වහා රෝහල් ගත කරන ලදුව, පාදය ශල්‍යකර්මයකට ද භාජනය කෙරිණි. එයින් පාදය තරමක් කොට විය (අඟල් 1.5 කට ආසන්න ප්‍රමාණයක්). පාදයේ තුවාලය සුව වූ පසු, 'නැවත කැළයට නොවඩින්න, අපි උපස්ථාන කරන්නෙමු'යි, බොහෝ භික්ෂූන් වහන්සේලා ඉල්ලීම් කළත් උන්වහන්සේ නොවේ එය පිළිගත්තේ. සැරයටියකින් හා විශේෂයෙන් සකසන ලද රබර් පාවහන් යුගලකින් ආබාධිත පාදයෙන් වන හිරිහැරය මගහරවාගත් උන්වහන්සේ නැවත පැරණි යුධ භූමිය වෙත ම පියමැන්නේය. ඇත්තෙන්ම තරුණ භික්ෂුවකට වුව ද, වයස්ගත වූ, පාද‐ආබාධිත ඤාණදීප හිමියන් හා සම‐සමව වනයේ 'කරක් ගැසීමට' නම් නොහැකිය. ඕනෑම 'වන‐වංකගිරියක්' තම නිවස බවට පත්කර ගැනීමට උන්වහන්සේට ගතවන්නේ දින කිහිපයකි. තනි අලියා මුණගැසීම නම් සාමාන්‍ය දෙයකි. එවිට උදාන පාළියේ නාග සූත්‍රයේ අවසානයට එන ගාථාව සජ්ඣායනා කරයි.
    ඤාණදීප හිමියන් සතුව තිබුණේ අත්‍යාවශ්‍යම පිරිකර කිහිපයක් පමණි. ඕනෑම තැනකට පහසුවෙන් වැඩීමට එය පහසුවක් විය. ගිලන්පස බෝතලයක් පිළිගැන්වූ විට එය නොපිළිගනියි. අවශ්‍ය ප්‍රමාණය කෝප්පයකට පමණක් පිළිගනියි. උන්වහන්සේ සාමාන්‍යයෙන් කාර්යබහුල භික්ෂුවක් නොවේ. එහෙත් සැතපෙන්නේ ඉතාම කෙටි කාලයක් වන අතර නොසැතපෙන අවස්ථා ද නැතුවා නොවේ. දිනකට වළඳන්නේ එක් වේලකි. සතියකට එක්වරක් සම්පූර්ණයෙන්ම නිරාහාරව සිටියි. 'කෙලෙස් යුද්ධයේ දී' 'ඤාණදීප භන්තේ' තරම් කාර්යබහුල භික්ෂුවක් දැකගත නොහැක. ධූතාංගධාරී (කෙලෙස් කම්පා කරවන අංගවලින් යුත්) භික්ෂුවකගේ ස්වභාවය නම් මෙයයි.
    අසනීප වූ විට පමණක් ඒ කාලය ආරණ්‍ය සේනාසනයක ගතකරයි. රෝහල් ගත වූ අවස්ථාවල පවා භාවනාව නම් අතහැරයේ නැත. එක්තරා ආරණ්‍යක ඈතම කුටියේ භාවනා කරමින් සිටියේය. භාවනාවෙන් නැගිටි විට දුටුවේ කවුරුන් හෝ පැමිණ කුටිය අවුස්සා 'වණයක්' කර ඇති බවයි. විවෘතව තැබූ එක් ජනේලයකින් පිටත බැලූවිට පිළිතුර හමුවිය. කුටියේ තිබූ දේවලින් සෙල්ලම් කරන රිළා රංචුවකි. තමාට අඩි කිහිපයක පරාසයක් තුළ රිළවුන් නැටූ 'නාඩගම' පිළිබඳ 'ඤාණදීප භන්තේට' කිසිදු සංඥාවක් නොවූයේ වඩමින් සිටි සමාධියේ ගැඹුරුබවත්, බලවත්කමත් නිසාමය.
    ඇතැමෙක් රහතන් වහන්සේ නමක් ලෙසත්, ඇතැමෙක් අනාගාමී උත්තමයකු ලෙසත් හැඳින්වුවත්, උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයකු ලෙස තමාව හඳුන්වාදෙයි. ලැබූ ධ්‍යානයන්, මාර්ග‐ඵලයන්, මිනිස් ස්වභාවය ඉක්මවා ගිය විශේෂ ඤාණයන් පිළිබඳ කිසිවිටෙක ප්‍රකාශ කර නැත. විමසූ විට එම ප්‍රශ්නය මඟහරියි. නොලැබූ ධ්‍යාන, මාර්ග‐ඵල, අරහත්වය 'මාර්කට්' කරන යුගයක උන්වහන්සේගේ අල්පේච්ඡතාවට දෙවියන් ද, බ්‍රහ්මයන් ද වන්දනා කරනබව නම් නො අනුමානය.
    'ඤාණදීප හිමියන් වෙනුවෙන්' බොහෝ දේශීය විදේශීය භික්‍ෂු පිරිසක් පැවිදිවූහ. ගුරුවරුන්ට ද ගුරුවරයකු වීමේ සියලු සුදුසුකම් තිබුණ ද, කිසිදු ගෝලයකු පැවිදි කළේ නැත. එහෙත් බොහෝදනෙක්ට ධර්මාචාර්යවරයෙක් විය. පාලි භාෂාව පිළිබඳ මූලික දැනුම සකස්කරගත්තේ "පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන්ගෙනි" (අපවත් වී ඇත). පසුව තනිවම අධ්‍යනය කරමින් දියුණු කරගත් පාලි භාෂා දැනුම, ආචාර්ය ‐ මහාචාර්ය පදවි මට්ටම්වලට සීමා නොවුණි. ඇත්තෙන්ම 'ඤාණදීප භන්තේ' තරම් පාලි භාෂා විශේෂඥයකු මෑත ඉතිහාසයේ මිහිපිට සිටියාදැ'යි සැක සහිතය.
    'දැනට මෙරට තිබෙන බෞද්ධ සම්ප්‍රදායයයන්' බුදුදහම පිළිබඳ කුමන ආකාරයේ අදහස් දැරුව ද, ඒවා එක එල්ලේම පිළිගැනීමට හෝ එක එල්ලේම ප්‍රතික්ෂේප කිරීමට හෝ උන්වහන්සේ සූදානම් නොවුණි. 'ඤාණදීප භන්තේ' "ත්‍රිපිටකයෙහි ඉතිහාසය" ගවේෂණය කළහ. ධර්මයත්, ධර්ම ‐ සාහිත්‍යයත් වෙන්කර ගත්හ. උන්වහන්සේගේ ඒ දැනුම අතිශයින් ම ජ්‍රයෝජනවත්ය.

    මේ ලෝක ධාතුවේ ථේරවාදී බුදුදහම පිළිබඳ වර්තමාන කේන්ද්‍රයස්ථානය වන ලංකාවේ ‐ මේ බෞද්ධ රටේ ‐ තථාගතයන් වහන්සේගේ සුපිරිසිදු ම ශ්‍රී මුඛ දේශනාව වන 'සූත්‍ර ධර්මයන්', "වෝහාරික දේශනා" ලෙස "හංවඩු" ගසා ඇති අවධියක, ඒවායේ ගාම්භීරත්වය 'සම්ප්‍රදායික ප්‍රසිද්ධ බුදුදහම' විසින් යටපත්ව ඇති අවධියක, එය එසේදැ'යි යන්න සොයා බැලීමටවත් උනන්දු නොවන අවධියක, සූත්‍ර ධර්මයන්හී ගැඹුරුබව, අවබෝධයට ඇති දුෂ්කරබව, තර්කයට විෂය නොවනබව පැහැදිලි වන්නේ "ඤාණදීප භන්තේ වැනි ස්වාධීන ධර්ම පර්යේෂකයන්" සමඟ සාකච්ඡා කරන විටය. වෙනත් විග්‍රහයන්ට නොයා සූත්‍රයන්හි අර්ථ, සූත්‍රවලින්ම විග්‍රහ කිරීම උන්වහන්සේගේ සුවිශේෂත්වයයි. ඤාණදීප හිමියෝ සූත්‍ර ධර්මත්, විනය පිටකයත් තමන්ටම ආවේණික වූ විශේෂිත ලඝු ක්‍රමයකින් ලේඛනගත කරගෙන සිටියහ. එමෙන්ම විනය පිටකයත්, සම්පූර්ණ මජ්ඣිම නිකායත්, තවත් බොහෝ සූත්‍රත්, සූත්‍රවලට අයත් සියලුම ගාථාත් මතකයේ දරාගෙන සිටියහ. සූත්‍ර නිතර‐නිතර සජ්ඣායනා ද කළහ.
    ඤාණදීප හිමියෝ ඉංග්‍රීසියෙන් කථා කරන විට ඉංග්‍රීසියෙන් පමණක් කථා කරති. සිංහලෙන් කථා කරන විට සිංහලෙන් පමණක් කථා කරති. කිසිම විටෙක භාෂා දෙක කලවම් නොකරති. දහම් ගැටලුවක් විමසූ විට පිළිතුර ලෙස ලැබෙන්නේ සූත්‍ර පාඨයක්මය. එහි අර්ථය තවත් සූත්‍රයකින් ම මතුකරන අතර, ඇතැම් විටෙක කෙටි විස්තරයක් ද ඉදිරිපත් කරති. ඇත්තෙන්ම උන්වහන්සේගේ මව් භාෂාව ඉංග්‍රීසි ද, එසේත් නැතිනම් පාලි ද යන්න අසන්නෙකුට සැක ඉපදෙයි. ඤාණදීප හිමියන් ධර්මයෙන් අනුග්‍රහ කළේ තමා අනුගමනය කරන විශේෂ පිරිසක් බිහි කරගැනීමට නොවේ. ධර්මය තුළ පුද්ගලයකු ස්වාධීන කරවීමටයි. නියම කල්‍යාණ මිත්‍රයකුගේ ස්වභාවය එයයි.

    චිත්තානුපස්සනාවෙන් කල්ගෙවන ලෙසත්, එය විදර්ශනාවට මූලය බවත් නිතර දෙන අවවාදයකි. සූත්‍ර අනුව ධර්මය ප්‍රගුණ කළයුතු බවත්, ඇතිවන වැටහීම්වලට, "මෙයමයි සත්‍යය" ලෙස ඒකාන්තබවක් නොපණවා, මධ්‍යස්ථ ආකල්පයකින් යුතුව නැවත‐නැවතත් සූත්‍ර අනුවම ධර්මය ප්‍රගුණ කළයුතු බවත් ‐ ලබාදෙන අතිවිශේෂ අවවාදයකි. අතිබහුතරයක් ‐ අතිම බහුතරයක් මේ වැටහීම්වලට මාර්ග‐ඵල යැයි රැවටෙති.
    අසනීප අවස්ථාවලදී හැර සියලු ගමන් පයින්ම වඩිති. අැතැම්විට දින කිහිපයක් නොව සති කිහිපයක් ද විය හැක. ආපසු මව් රටට වැඩමකර ඇත්තේ ද එක්වරක් පමණි. ඤාණදීප හිමියන් වසර ගණනාවකින් වීසා බලපත්‍ර අලුත්කර නැත. කිසිම විදේශිකයකුට නොලැබෙන වරප්‍රසාදයක් උන්වහන්සේට හිමි වී තිබුණි. එනම්, හිටපු ජනාධිපතිවරයකුගේ සමයේ ලැබුණු, ඕනෑම කාලයක් මෙරටෙහි වැඩසිටීමේ විශේෂ ලිඛිත අනුමැතියයි.
    පැහැදිලිවම කිවහැකි දෙයක් තිබේ. 'ඤාණදීප භන්තේ' කිසිවිටෙක 'බුදුබව' නොපැතුවේය. 'පසේබුදුබව' ද නොපැතුවේය. උතුම් අරහත්වය වෙනුවෙන් ජීවිතය කැප කළේය. ඇත්තෙන්ම මුල් බුදු සමය සිහිගන්වන 'හුදෙකලාව වෙර ‐ වීරිය වැඩීමේ බෞද්ධ සංස්කෘතිය' මේ බෞද්ධ රටට නැවත හඳුන්වාදුන්නේ පූජ්‍ය ඩෙන්මාර්ක් ඤාණදීප හිමියන්මය. ඒ අනුව ලග්ගල වනය භික්ෂූන් වෙනුවෙන් ම වෙන්විය. පසුව ස්ථාන කිහිපයක් ම ඒ අනුව සකස් විය.

    2016 දී ඤාණදීප හිමියන් දැඩි සේ රෝගාතුර විය. මුළු සිරුර ම සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයන්ට ලක් කළ අතර, රෝග කිහිපයක් ම හඳුනාගන්නා ලදී. එහෙත් ‐ ඒ වන විට අවු:- 73 ක් පමණ වන උන්වහන්සේගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්හි වයස අවු:- 40 – 45 ක් පමණය. මෙතැන් පටන් ඇප ‐ උපස්ථාන ලබමින් සංඝයා අතරම වැඩ සිටියේය. එහෙත්, හුරු ‐ පුරුදු ප්‍රතිපදාව වෙනස් කළේ උන්වහන්සේ නම් නොවේ. 2020. 09. 12 දින උදෑසන, ඉමහත් ශ්‍රද්ධාවෙන් දෙඅත් වැඳගෙන සූත්‍ර සජ්ඣායනයන් මනාකොට ශ්‍රවණය කර, සිහි නුවණින් අපවත්වූහ. උන්වහන්සේට පිළිකාවක් වැළඳී තිබුණි. (උපත ‐1943 , පැවිදිවීම ‐ පොල්ගස්දූව ආරණ්‍යය, උපසම්පදාව ‐ 1971)
    තථාගත අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙවැනි අග්‍ර ශ්‍රාවක වන මහා කස්සප මහරහතන් වහන්සේව සිහිගන්වන වර්තමාන භික්ෂුවක් වූයේ නම්, ඒ ඩෙන්මාර්ක් ඤාණදීප හිමියන්මය. 'මහරහතුන් වැඩි මඟ ඔස්සේ' ගමන් කළ යම් භික්ෂුවක් වූයේ නම්, ඒ ඩෙන්මාර්ක් ඤාණදීප හිමියන්මය. අනෙක් සියලු භික්ෂූන් සිටින්නේ ඊට පිටුපසිනි.
    ඩෙන්මාර්කය වැනි දුර ඈත රටක අන්‍යාගමිකව ඉපිද, "සත්‍යය කුමක්දැ'යි සොයා ආ ගමනේ", ඒ සඳහා 'පතිරූපදේසය' (සුදුසු භූමිය) ලෙස මහා සාගරයක හුදෙකලාව පවතින මේ කුඩා දිවයින තෝරාගැනීම පිළිබඳ උන්වහන්සේට විශේෂයෙන් කෘතඤ්ඤ වෙමු. ලංකාදීපයේ ශ්‍රද්ධාවන්තයින්ට "ඤාණය" ඇතිකර ගැනීමෙහිලා "දීපයක්"(දිවයිනක්) වූ "අතිපූජ්‍ය ඩෙන්මාර්ක් ඤාණදීප ස්වාමින් වහන්සේ" නිවනේ නිවේවා !!!


    - (උපුටාගැනීමකි )
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහරහතුන් වැඩි මඟ ඔස්සේ' ගමන් කළ යම් භික්ෂුවක් වූයේ නම්, ඒ ඩෙන්මාර්ක් ඤාණදීප හිමියන්මය. සාදු සාදු සාදු.......
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේ ලිපියට අනුව, "මහා රහතුන් වැඩි මග ඔස්සේ" ලියුවායයි කියමින් බණ කියන හාමුදුරුවෝ කවුද ?

    සද්ධර්මය සොයාගෙන ඇයි මේ ලංකාවටම එන්න ඕන ?

    බෝසතාණෝ පස් මහා බැලුම් බලා ඉන්දියාවේ ඉපදුනේ වැරදිමකින්ද ?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මේ ලිපියට අනුව, "මහා රහතුන් වැඩි මග ඔස්සේ" ලියුවායයි කියමින් බණ කියන හාමුදුරුවෝ කවුද ?

    සද්ධර්මය සොයාගෙන ඇයි මේ ලංකාවටම එන්න ඕන ?

    බෝසතාණෝ පස් මහා බැලුම් බලා ඉන්දියාවේ ඉපදුනේ වැරදිමකින්ද ?
    Namuth lankawe ne Dan godak sources ithuru well thiyenne.poth path ehema.thawa danuma thiyena hamuduruwaru
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    Namuth lankawe ne Dan godak sources ithuru well thiyenne.poth path ehema.thawa danuma thiyena hamuduruwaru
    ඒ නිසාමයි මගේ පැනය ? ඇයි බුදුදහම නොපවතින රටක ඉපදෙන්න තීරණය කරේ ?

    බෝසතාණන්ට වැරදුනාද ? නැතිනම් අපිට වැරදිලාද ?
     
    • Like
    Reactions: NRTG and D_Mad

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    ඔබ ස්වාමින් වහන්සේ වැඩ සිටීය ඇත්දත්ගල ආරණ්‍ය සේනාසයන තියෙන්නෙ අපේ ගෙවල් කිට්ටුවමයි
    මම උන්වහන්සේ ගැන අහල තිබුනට දැකල තිබුනෙ නැහැ

    ළගම ඉදලත් උන්වහන්සේ දැකගන්න බැරිවුන ඒක ගැන කනගාටුයි
    ඔය ආරණ්‍යට ගිහිල්ල තියෙන්නෙත් 2 හෝ 3 වතාවක්. පොඩි කාලේ
     

    m.priyan

    Member
    Jun 13, 2018
    2
    2
    3
    ඒ නිසාමයි මගේ පැනය ? ඇයි බුදුදහම නොපවතින රටක ඉපදෙන්න තීරණය කරේ ?

    බෝසතාණන්ට වැරදුනාද ? නැතිනම් අපිට වැරදිලාද ?
    eka sarala deyakne ban den balapan buddagama pathurawanna balaya danaya thiyena ewakata thibuna hodama rata indiyawa.
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    eka sarala deyakne ban den balapan buddagama pathurawanna balaya danaya thiyena ewakata thibuna hodama rata indiyawa.
    බුදු දහමේ පැතිරවිමක් ගැන නෙවෙයි නේද කියවෙන්නේ ? ධනය බලය යොදා කොහෙද එහෙම දෙයක් කරලා තියෙන්නේ ?
     
    • Like
    Reactions: D_Mad and NRTG

    Sen-lu

    Well-known member
  • ඩෙන්මාර්කය වැනි දුර ඈත රටක අන්‍යාගමිකව ඉපිද, "සත්‍යය කුමක්දැ'යි සොයා ආ ගමනේ", ඒ සඳහා 'පතිරූපදේසය' (සුදුසු භූමිය) ලෙස මහා සාගරයක හුදෙකලාව පවතින මේ කුඩා දිවයින තෝරාගැනීම පිළිබඳ උන්වහන්සේට විශේෂයෙන් කෘතඤ්ඤ වෙමු
    දවසක් සුද්දෙක් මට කිව්වා උබලා රත්තරන් පුටුවක් උඩ ඉඳගෙන වටේ පිටේ රත්තරන් හොයනව. හැබැයි ඉඳගෙන ඉන්නෙ රත්තරන් පුටුවක කියල උබලට පේන්නේ නෑ. හැබැයි දුර ඉඳන් බලන අපිට උබලා ඉන්නේ රත්තරන් පුටුවක කියලා පේනවා කියල.

    මේකට වගේම අපේ රටේ ගොඩක් දේවල් වලට ඒක apply වෙනව
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,774
    9,139
    113
    ඒ කාලෙ ඉඳලම පිටරටවල ඉඳන් මෙහෙ ඇවිත් උපසම්පදාව ලබල ජීවිත්කාලෙම කැප කරගෙන ලංකාවෙම ඉන්න හාමුදුරුවරු වරින් වර ඉඳල තියෙනව. හැත්තැ ගණන් වල අපේ අම්මලගෙ ගෙවල් පැත්තෙ වනගත ආරාමෙක German-Jewish හාමුදුරුනමක් හිටියා. ඒ මිනිස්සු කොහොමත් intellectuals ල නිසාත් සිරා උවමනාවකට මහණ වෙන නිසාත් වීර්‍යය සහ කැපකිරීම් කරන්න හැකියාව තියෙනව. නොතේරෙනකාලෙ මහණකලා වගේ නෙමෙයි.

    ඒ නිසාමයි මගේ පැනය ? ඇයි බුදුදහම නොපවතින රටක ඉපදෙන්න තීරණය කරේ ?

    බෝසතාණන්ට වැරදුනාද ? නැතිනම් අපිට වැරදිලාද ?

    ඔය ප්‍රශ්නෙ එන්නෙ බුද්ධ ට අමුතු දේවත්වයක් ආරෝපණය කරගෙන ඉන්න නිසා නෙ. ඒ වෙනුවට අවුරුදු දෙදාස්පන්සීයකට විතර කලින් යම් දාර්ශනික කාරණයක් ගැන ප්‍රතිවේධයක් ලබල ඒක උගන්නපු ගුරුවරයෙක් විදිහට බුද්ධව අඳුන්වගන්න එක වඩා යථාර්ථවාදී නැද්ද. කොහෙ තියෙයිද කවුරු ඉගෙනගනියිද වගෙ කතා එයාට අදාළ නැතිවෙන්නෙ ඇති. ඔය අනාවැකි, පෙර භව සහ කර්මානුරූප විස්තර කිරීම් වගේ බුද්ධ චරිතයට ආරෝපණය කරල තියෙන "මායාත්මක" පැත්ත ලොකු බාදාවක්. උදාහරණයක් විදිහට නාගර්ජුන ඇයි ඉන්දියාවෙම ඉපදුනෙ වගේ දේවල් ගැන කරදරවෙන්නෙ නෑනෙ අපි.
     
    Last edited: