A Poem by Rohana Wijeweera's Daughter

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    මේ සිරකුටිය පාමුල
    බිහිසුණු නැගෙනහිර වෙරළේ
    චන්ඩ දළ රළ පෙළ හැපී බිදීයයි
    මගේ ළමා විය සිරගත
    සිරකදවුරෙන් ඈතක
    හිරු රැස් වැටෙන
    ලා තණ නිල්ල යට
    ඔබ සැතපෙන බව මා දනිමි තාත්තේ
    මේ ඔබේ නිදන බිම මත පියවර ලකුණු නොතබා
    රහසින් තබායන මගේ හදවතේ දැල්වෙන්නේ
    අධිෂ්ඨානයේ පහනයි
    ආදරණීය තාත්තේ
    මා නොදන්න තැනක
    සොහොන් කෙතක් නැති මොහොතක
    ලා තණ නිල්ල යට නිදයි ඔබ
    සදාකල් තාත්තේ
    වැඩී වැටෙන හිරු රැස් වැටෙන
    ඔබේ සිරුරේ අලු වලින්
    පෝෂිත බිම් කඩෙහි රතු මල් පිපෙනු ඇත
    දල්වන්නට කෙනෙක් නැති
    මුත් පහනක්
    මම ඒ මත දල්වමි කෙදිනක හෝ පහනක් තාත්තා...
    සිහිනෙන් හෝ විත්
    මා දිරි ගන්වනු මැනවි
    මේ සිපිරි ගෙය තුළ
    ගෙවී ඇති ළමා විය
    තුරුණු වියද මේ තුළ
    ගත කරන්නට සිදු වේද තාත්තේ
    සදාකල්ම නුඹ මගේ පියා වේවා
    කටු කොහොලින් පිරීගිය නුඹ පා සළකුණු
    රැදී ඒ මගම මා යමි
    තාත්තේ