aa.ආයෝජකයෝ සිගරට් දුමට වහවැටෙති..aa
කොළඹ කොටස් වෙළෙඳපොළ සමාගම් ගණනාවකම කොටස් මිල ගණන් අද දිනය තුළ දී කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර මින් කාගේත් අවධානයට පාත්ර වූ සමාගම ලෙස සිලෝන් ටුබැකෝ හැඳින්විය හැකිය. ඊයේ දිනය අවසානයේ දී රු. 605.50 ක් ලෙස සටහන් වූ සිලෝන් ටුබැකෝ කොටසක් මිල අද දිනය අවසානයේ දී දැක්වුණේ රු. 699.60 ක් වශයෙනි. එනම් අද දිනය තුළ දී පමණක් සිලෝන් ටුබැකෝ සමාගමේ කොටසක් රු. 94.10 කින් වර්ධනය වුණි. එය 15.54% ක වර්ධනයකි. තවද අද දිනය තුළ දී සිලෝන් ටුබැකෝ කොටසක් ගනුදෙනු වූ ඉහළම මිල රු. 720 ක් ලෙස සටහන් වුණි.
2012 වසර ආරම්භ වන විට සිලෝන් ටුබැකෝ සමාගමේ කොටසක් මිල දැක්වුණේ රු. 490.10 ක් වශයෙනි. මේ අනුව 2012 වසමේ මුල් මාස 04 ඉක්ම යාමටත් පෙර සිලෝන් ටුබැකෝ සමාගමේ කොටසක මිල 43% කින් වර්ධනය වී ඇත. මෙහි ඇති විශේෂත්වය නම් මෙම කාලය තුළ දී සමස්ත කොටස් වෙළෙඳපොළ 9.15% කින් කඩා වැටී තිබීමයි.

අපෝ ඉන්නවා..... ඒත් දැන් නම් මෙලෝ රහක් නෑ බං CSE එක.....

හැම එකක්ම හෝ ගාලා බැස්ස හැටියට, ආයේ කවදා නැගිටියිද බං......?