කොල්ලෙක් ද බං..?
හිතපං ගෞරවනීය මරණයක් ලබන්න පින් කරලා නෑ.
අද (31) උදෑසන හැටන් - කොළඹ ප්රධාන මාර්ගයේ මිල්ලගහමුල ප්රදේශයේදී කොළඹ සිට වටවල දක්වා ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට මරදානේ සිට නාවලපිටිය දක්වා
අඹුසැමි යුවලක් ගමන්ගත් යතුරුපැදියක් පැදිකරු විසින් ඉතා අපරික්ෂාකාරි ලෙස ඉස්සරකර යෑමට ගත් උත්සාහයකදී යතුරුපැදිය ලිස්සා ගොස් මාර්ගයේ හරහා ඇදවැටීමත් සමඟ එම ලොරි රථයේ පසුපස රෝදයට
පසුපැදිකාරියක ගැටීමෙන් සිඳුවූ අනතුරකින් ඇය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව සැමියා බරපතළ තුවාල ලබා නාවලපිටිය දිස්ත්රික් මහ රෝහල වෙත ඇතුළත් කරණු ලැබුවා.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මරදාන ප්රදේශයේ පදිංචිව සිටි "නෛයි ජනීරා ස්නයි" නැමති (44) හැවිරිදි දෙදරු මවක්.
එම අඹු සැමි යුවළ නාවලපිටිය දිස්ත්රික් මහ රෝහලේ ප්රතිකාර ලබන තම ඥාතියෙකු බැලීමට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරි
රිය ධාවනය අනතුරට හේතු වී ඇති බවත්, ලොරි රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලීසිය විසින් වැඩි දුරටත් ප්රකාශ කරනු ලබයි.
------
Post added on Aug 8, 2025 at 6:53 PM