Accidentally ග්‍රෙනේඩ් 2ක් පිපුරුවා
මචංලා අපේ ගෙදර තියෙනවා පරණ ලට්ට පට්ට
දාලා තියෙන මඩුවක්..ඒකෙ අයිනක උළු ගොඩකුත් තියෙනවා..
අද හවස 3.30 වගේ වෙලාවක මන් ටිකක් ඒ පැත්ත අස් බස්
කොර කොර උන්නා ..
ඒ අතරතුරේදී මට පෙනුණා උළු කැටේක හැඩේට වගේ පිට පෙනුමක්
තිබ්බ දෙයක්.. අඩි 1 1/2 විතර දිග අඟල් 8 විතර උස පෙට්ටියක් වගේ
අයිටම්ස් එකක්..
පිට පැත්තෙන් අන්ඩක් වගේ එහෙකුත් තිබ්බා .. තවත් ටිකක් අතපත ගානකොට
තේරුණා ඒ අන්ඩ දිගහරින්න පුළුවන් බවත් , මෙතෙක් කල් අකුලලා තිබුණු බවත්..
ඉතිං මන් දිග්ගස්සල එහෙට මෙහෙට කරද්දී , ඒ අණ්ඩාකාර ජලාබුජ වස්තුව
බයිසිකලයේ පැඩලය මෙන් වටේට වටේට කැරකෙන බව තේරුණා..
මාත් ඉතින්
කැරකුවා..
මෙන්න යකෝ කරකන්න කරකන්න , මේ ඉලව්වේ එක පැත්තකින් පියනක් ඇරෙනවා.
ඔන්න යාන්තමට පේනවා ඇතුලේ කුඨීර 6 වගේ තියෙනවා..
බලද්දී තියෙන්නේ ග්‍රෙනේඩ් 2,3 කුයි පොඩි පිස්ටල් එකකුයි , පතුරම් ටිකකුයි ,
බලු දම්වැලක් වගේ පෙණුම රත්‍රං චේන් එහෙකුයි...
ඔන්න පින්වතුණි කරුමේ කියන්නේ ටොන් ගාල එක ග්‍රෙනේඩ් එහෙක පිං
එක පැන්නා පියන තව ටිකක් ඇරෙද්දි ...
දැන් මට කරගන්න දෙයක් නැහැ.. පෙණුමෙන් අවුරුදු 25 කට එහා බඩු උනාට
මේ මගුල පිපුරුවොත් කියලා තත්පර 3 ක් වගේ ඇතුළත මගේ කල්පනාවට ආවා..
පෙට්ටගම බිමින් තියලා කන් දෙක වහගෙන ඩාර් ගාල දිව්වා...
අනේ මගේ අහිංසක බිරිඳ බබා අතුගානවා මිදුළ..
ඒ මනුස්සයා මේළෝ වගක්
දන්නේ නැහැ මන් පැටලුණ වින්නැහිය ගැන...
ඒත් මොනවා කරන්නද එයයි මායි
ඉන්නේ ග්‍රෙනේඩ් පෙට්ටගමේ සිට ඒකීය ලක්ෂයක ..
මුකුත් ඊට එහා දෙයක් හිතාගන්න කළියෙන් අර මගුල පිපුරුවා මචංලා...
මන් දිවිල්ල නතර කරලා ආපහු හැරුණා.. මේ සේරම උනේ තත්පර 6 වගේ
ඇතුළත..
ග්‍රෙනේඩ් පෙට්ටගම සී සීකඩ ගිහිං... ඔන්න අවි ආයුධ එක්ක අවුරුදු 12 විතර වැඩ කරපු
මට නැවත කල්පනාවට ආව යකෝ අනික් ග්‍රෙනේඩ් ටිකත් ට්‍රිගර් වෙන්නැති නේද කියලා..
මන් සුදු කුක්කුවට කෑගහලා කිව්වා දුවන්න බබා ......................... .......................... ............ කියලා..
ඒත් වැඩක් උනේ නැහැ... දෙවෙනි ග්‍රෙනේඩ් එකත් පිපුරුවා...
මේ මගුල ශුවර් එකටම
අපේ තාත්තා ගෙනාපු එකක් කියලා මට කල්පනා උනා.. මොකද මීට අවුරුදු 22 කට විතර
කළියෙන් එයා ළඟ තිබුණු , ඔය විදිහම ග්‍රෙනේඩ් එකක් දිරලා දිරලා කුඩු වෙලා
තියෙද්දී මන් දැකලා තියෙනවා...
හරි දැන් ඉවරයි පිපුරුම් ... ගෙදර බිත්තියේ සහ ජනෙල් වල යකඩ බෝල පාරවල් ..
හැබැයි ග්‍රෙනේඩ් පරණ නිසා හිතපු හානිය වෙලා නැහැ... මගේ චූටි මැණිකේ
තමන්ගේ පාඩුවේ අතු ගානවා..
"මේ මිනිහ ආයේ මොකක් හරි අටමගුලක් කරන්න පටන් අරන්" කිය කියා හිතින් බැණ බැණ
අතුගාන්නැති ෂුවර් එකටම ග්‍රෙනේඩ් දෙකම පුපුරද්දී...
හරි දැන් මට තියෙන ප්‍රශ්නේ වටේ පිටේ උන් ඒවිද සද්දේ බලන්න ...
මොකෙක් හරි පොලීසියට
ගින්න දීලා තිබ්බොත් නම් ඒවි..
යකඩ බෝල පාරවල් ටික දැක්කම නම් ඉතිං
ආයේ හංගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ...
වෙලාව හවස 5.40 වගේ ඇති දැන්.. 
පොටි මිටියකුත් තියෙනවා ගෙනාපු.. රෑම පොටි අදිනවද ?
එතකොට කොහොමත් මෙතන මොකක් හරි හොර වැඩක් වෙලා කියලා
හිතයි පොලීසියෙන් ආවොත්
... අනික ජනෙල් ලී වල යකඩ බෝල වැදිලා කඩතොළු වෙච්චා
කොහොම යවන්නද...
වීදුරු නම් මටම දාගන්න ඇහැකි හෙට දිහාට ... 
බ්ලාස්ට් එක වෙච්චි අවට ගස් වල කොළ කෑලි කුඩුවෙලා බිමට වැටිලා..
නෝනා මේක දැක්කොත් නම් නොම්මර එකට බැණුම් ටිකක් අහගන්න වෙනවා..
බලපල්ලකො මටත් පේන කරුම හීණ ...
මචංලා අපේ ගෙදර තියෙනවා පරණ ලට්ට පට්ට
දාලා තියෙන මඩුවක්..ඒකෙ අයිනක උළු ගොඩකුත් තියෙනවා..

අද හවස 3.30 වගේ වෙලාවක මන් ටිකක් ඒ පැත්ත අස් බස්
කොර කොර උන්නා ..

ඒ අතරතුරේදී මට පෙනුණා උළු කැටේක හැඩේට වගේ පිට පෙනුමක්
තිබ්බ දෙයක්.. අඩි 1 1/2 විතර දිග අඟල් 8 විතර උස පෙට්ටියක් වගේ
අයිටම්ස් එකක්..

පිට පැත්තෙන් අන්ඩක් වගේ එහෙකුත් තිබ්බා .. තවත් ටිකක් අතපත ගානකොට
තේරුණා ඒ අන්ඩ දිගහරින්න පුළුවන් බවත් , මෙතෙක් කල් අකුලලා තිබුණු බවත්..

ඉතිං මන් දිග්ගස්සල එහෙට මෙහෙට කරද්දී , ඒ අණ්ඩාකාර ජලාබුජ වස්තුව
බයිසිකලයේ පැඩලය මෙන් වටේට වටේට කැරකෙන බව තේරුණා..
මාත් ඉතින් කැරකුවා..

මෙන්න යකෝ කරකන්න කරකන්න , මේ ඉලව්වේ එක පැත්තකින් පියනක් ඇරෙනවා.

ඔන්න යාන්තමට පේනවා ඇතුලේ කුඨීර 6 වගේ තියෙනවා..

බලද්දී තියෙන්නේ ග්‍රෙනේඩ් 2,3 කුයි පොඩි පිස්ටල් එකකුයි , පතුරම් ටිකකුයි ,
බලු දම්වැලක් වගේ පෙණුම රත්‍රං චේන් එහෙකුයි...

ඔන්න පින්වතුණි කරුමේ කියන්නේ ටොන් ගාල එක ග්‍රෙනේඩ් එහෙක පිං
එක පැන්නා පියන තව ටිකක් ඇරෙද්දි ...

දැන් මට කරගන්න දෙයක් නැහැ.. පෙණුමෙන් අවුරුදු 25 කට එහා බඩු උනාට
මේ මගුල පිපුරුවොත් කියලා තත්පර 3 ක් වගේ ඇතුළත මගේ කල්පනාවට ආවා..

පෙට්ටගම බිමින් තියලා කන් දෙක වහගෙන ඩාර් ගාල දිව්වා...

අනේ මගේ අහිංසක බිරිඳ බබා අතුගානවා මිදුළ..
ඒ මනුස්සයා මේළෝ වගක් දන්නේ නැහැ මන් පැටලුණ වින්නැහිය ගැන...
ඒත් මොනවා කරන්නද එයයි මායි ඉන්නේ ග්‍රෙනේඩ් පෙට්ටගමේ සිට ඒකීය ලක්ෂයක ..

මුකුත් ඊට එහා දෙයක් හිතාගන්න කළියෙන් අර මගුල පිපුරුවා මචංලා...

මන් දිවිල්ල නතර කරලා ආපහු හැරුණා.. මේ සේරම උනේ තත්පර 6 වගේ
ඇතුළත..

ග්‍රෙනේඩ් පෙට්ටගම සී සීකඩ ගිහිං... ඔන්න අවි ආයුධ එක්ක අවුරුදු 12 විතර වැඩ කරපු
මට නැවත කල්පනාවට ආව යකෝ අනික් ග්‍රෙනේඩ් ටිකත් ට්‍රිගර් වෙන්නැති නේද කියලා..

මන් සුදු කුක්කුවට කෑගහලා කිව්වා දුවන්න බබා ......................... .......................... ............ කියලා..

ඒත් වැඩක් උනේ නැහැ... දෙවෙනි ග්‍රෙනේඩ් එකත් පිපුරුවා...
මේ මගුල ශුවර් එකටම අපේ තාත්තා ගෙනාපු එකක් කියලා මට කල්පනා උනා.. මොකද මීට අවුරුදු 22 කට විතර
කළියෙන් එයා ළඟ තිබුණු , ඔය විදිහම ග්‍රෙනේඩ් එකක් දිරලා දිරලා කුඩු වෙලා
තියෙද්දී මන් දැකලා තියෙනවා...

හරි දැන් ඉවරයි පිපුරුම් ... ගෙදර බිත්තියේ සහ ජනෙල් වල යකඩ බෝල පාරවල් ..
හැබැයි ග්‍රෙනේඩ් පරණ නිසා හිතපු හානිය වෙලා නැහැ... මගේ චූටි මැණිකේ
තමන්ගේ පාඩුවේ අතු ගානවා..

"මේ මිනිහ ආයේ මොකක් හරි අටමගුලක් කරන්න පටන් අරන්" කිය කියා හිතින් බැණ බැණ
අතුගාන්නැති ෂුවර් එකටම ග්‍රෙනේඩ් දෙකම පුපුරද්දී...

හරි දැන් මට තියෙන ප්‍රශ්නේ වටේ පිටේ උන් ඒවිද සද්දේ බලන්න ...
මොකෙක් හරි පොලීසියට ගින්න දීලා තිබ්බොත් නම් ඒවි..
යකඩ බෝල පාරවල් ටික දැක්කම නම් ඉතිං ආයේ හංගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ...
වෙලාව හවස 5.40 වගේ ඇති දැන්.. 
පොටි මිටියකුත් තියෙනවා ගෙනාපු.. රෑම පොටි අදිනවද ?

එතකොට කොහොමත් මෙතන මොකක් හරි හොර වැඩක් වෙලා කියලා
හිතයි පොලීසියෙන් ආවොත්
... අනික ජනෙල් ලී වල යකඩ බෝල වැදිලා කඩතොළු වෙච්චා කොහොම යවන්නද...