Accidentally ග්‍රෙනේඩ් 2ක් පිපුරුවා

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Accidentally ග්‍රෙනේඩ් 2ක් පිපුරුවා

    මචංලා අපේ ගෙදර තියෙනවා පරණ ලට්ට පට්ට
    දාලා තියෙන මඩුවක්..ඒකෙ අයිනක උළු ගොඩකුත් තියෙනවා..:)
    අද හවස 3.30 වගේ වෙලාවක මන් ටිකක් ඒ පැත්ත අස් බස්
    කොර කොර උන්නා .. :eek:


    ඒ අතරතුරේදී මට පෙනුණා උළු කැටේක හැඩේට වගේ පිට පෙනුමක්
    තිබ්බ දෙයක්.. අඩි 1 1/2 විතර දිග අඟල් 8 විතර උස පෙට්ටියක් වගේ
    අයිටම්ස් එකක්.. :nerd:

    පිට පැත්තෙන් අන්ඩක් වගේ එහෙකුත් තිබ්බා .. තවත් ටිකක් අතපත ගානකොට
    තේරුණා ඒ අන්ඩ දිගහරින්න පුළුවන් බවත් , මෙතෙක් කල් අකුලලා තිබුණු බවත්..:)




    bicycle-crank-set-icon-single-260nw-475884163.jpg


    ඉතිං මන් දිග්ගස්සල එහෙට මෙහෙට කරද්දී , ඒ අණ්ඩාකාර ජලාබුජ වස්තුව
    බයිසිකලයේ පැඩලය මෙන් වටේට වටේට කැරකෙන බව තේරුණා.. :rofl:මාත් ඉතින්
    කැරකුවා..:dull:

    මෙන්න යකෝ කරකන්න කරකන්න , මේ ඉලව්වේ එක පැත්තකින් පියනක් ඇරෙනවා. :shocked:
    ඔන්න යාන්තමට පේනවා ඇතුලේ කුඨීර 6 වගේ තියෙනවා.. :frown:

    බලද්දී තියෙන්නේ ග්‍රෙනේඩ් 2,3 කුයි පොඩි පිස්ටල් එකකුයි , පතුරම් ටිකකුයි ,
    බලු දම්වැලක් වගේ පෙණුම රත්‍රං චේන් එහෙකුයි... :dull:

    ඔන්න පින්වතුණි කරුමේ කියන්නේ ටොන් ගාල එක ග්‍රෙනේඩ් එහෙක පිං
    එක පැන්නා පියන තව ටිකක් ඇරෙද්දි ... :no:


    gbox2.jpg




    දැන් මට කරගන්න දෙයක් නැහැ.. පෙණුමෙන් අවුරුදු 25 කට එහා බඩු උනාට
    මේ මගුල පිපුරුවොත් කියලා තත්පර 3 ක් වගේ ඇතුළත මගේ කල්පනාවට ආවා.. :eek:
    පෙට්ටගම බිමින් තියලා කන් දෙක වහගෙන ඩාර් ගාල දිව්වා... :growl:

    අනේ මගේ අහිංසක බිරිඳ බබා අතුගානවා මිදුළ.. :)ඒ මනුස්සයා මේළෝ වගක්
    දන්නේ නැහැ මන් පැටලුණ වින්නැහිය ගැන...:dull: ඒත් මොනවා කරන්නද එයයි මායි
    ඉන්නේ ග්‍රෙනේඩ් පෙට්ටගමේ සිට ඒකීය ලක්ෂයක .. :baffled:

    මුකුත් ඊට එහා දෙයක් හිතාගන්න කළියෙන් අර මගුල පිපුරුවා මචංලා... :dull:
    මන් දිවිල්ල නතර කරලා ආපහු හැරුණා.. මේ සේරම උනේ තත්පර 6 වගේ
    ඇතුළත.. :sorry:

    ග්‍රෙනේඩ් පෙට්ටගම සී සීකඩ ගිහිං... ඔන්න අවි ආයුධ එක්ක අවුරුදු 12 විතර වැඩ කරපු
    මට නැවත කල්පනාවට ආව යකෝ අනික් ග්‍රෙනේඩ් ටිකත් ට්‍රිගර් වෙන්නැති නේද කියලා.. :nerd:

    මන් සුදු කුක්කුවට කෑගහලා කිව්වා දුවන්න බබා ......................... .......................... ............ කියලා..:sorry:



    gr1.jpg





    ඒත් වැඩක් උනේ නැහැ... දෙවෙනි ග්‍රෙනේඩ් එකත් පිපුරුවා...:dull: මේ මගුල ශුවර් එකටම
    අපේ තාත්තා ගෙනාපු එකක් කියලා මට කල්පනා උනා.. මොකද මීට අවුරුදු 22 කට විතර
    කළියෙන් එයා ළඟ තිබුණු , ඔය විදිහම ග්‍රෙනේඩ් එකක් දිරලා දිරලා කුඩු වෙලා
    තියෙද්දී මන් දැකලා තියෙනවා... :nerd:

    හරි දැන් ඉවරයි පිපුරුම් ... ගෙදර බිත්තියේ සහ ජනෙල් වල යකඩ බෝල පාරවල් ..
    හැබැයි ග්‍රෙනේඩ් පරණ නිසා හිතපු හානිය වෙලා නැහැ... මගේ චූටි මැණිකේ
    තමන්ගේ පාඩුවේ අතු ගානවා.. :(
    "මේ මිනිහ ආයේ මොකක් හරි අටමගුලක් කරන්න පටන් අරන්" කිය කියා හිතින් බැණ බැණ
    අතුගාන්නැති ෂුවර් එකටම ග්‍රෙනේඩ් දෙකම පුපුරද්දී... :oo:

    හරි දැන් මට තියෙන ප්‍රශ්නේ වටේ පිටේ උන් ඒවිද සද්දේ බලන්න ... :sorry:මොකෙක් හරි පොලීසියට
    ගින්න දීලා තිබ්බොත් නම් ඒවි..:( යකඩ බෝල පාරවල් ටික දැක්කම නම් ඉතිං
    ආයේ හංගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ...:baffled: වෙලාව හවස 5.40 වගේ ඇති දැන්.. :nerd:

    පොටි මිටියකුත් තියෙනවා ගෙනාපු.. රෑම පොටි අදිනවද ? :dull:
    එතකොට කොහොමත් මෙතන මොකක් හරි හොර වැඩක් වෙලා කියලා
    හිතයි පොලීසියෙන් ආවොත්:no:... අනික ජනෙල් ලී වල යකඩ බෝල වැදිලා කඩතොළු වෙච්චා
    කොහොම යවන්නද...:dull: වීදුරු නම් මටම දාගන්න ඇහැකි හෙට දිහාට ... :)

    බ්ලාස්ට් එක වෙච්චි අවට ගස් වල කොළ කෑලි කුඩුවෙලා බිමට වැටිලා..:baffled:
    නෝනා මේක දැක්කොත් නම් නොම්මර එකට බැණුම් ටිකක් අහගන්න වෙනවා..:(

    බලපල්ලකො මටත් පේන කරුම හීණ ... :frown:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    පිපුරුව දෙකෙන් එකක් කටේ දාගත්තා නම් අපිට කරදරයක් නැහැ:lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ජින්තුවා;25175870 said:
    ආයෙ හොයපන් ඒ විදිහටම. ෆොටෝ එකේ details වල ඇති hosted site එකේ ලින්ක් එක.


    යකෝ මේක මේ අහම්බෙන් හම්බුණ පිංතූරයක්...
    හොස්ටින් එක හෙව්වා කියලා කෙල්ල හොයන්න හම්බෙන්නේ නැහැ.. :no:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Hand Granade වල කොහෙද පකෝ යකඩ බෝල තියෙන්නේ



    බලපල්ලකො නිදහසේ හීනයක් වත් දකින්න බැරි හැටි
    උඹලා එක්ක...:sorry: අනික් දවසේ යකඩ බෝල නැති එකක්
    බලන්නම්... :lol: