Adding Songs to i device from the PC

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මම මේක දාන්න බලාපොරොත්තු උනේ අද මම දැක්ක එළකිරි සාමාජිකයෙක් Apple iPhone එකකට සින්දු ෆෝල්ඩර්ස් පිළිවෙලට දාන්න පුලුවන්ද කියල අහල තිබුන නිසා.මේ ත්‍රෙඩ් එකේ අරමුණ වෙන්නේ Apple i device එකකට අපේ පරිගණකයෙන් සින්දු දාගන්න හැටි හා ඒ සින්දු අපිට ඕන විදිහට playlist වලට බෙදාගන්න හැටි දන්නේ නැති අයට කියල දෙන්නයි.

    මුලින්ම කියන්න ඕනේ Apple device එකකට , android , windows device එකකට සින්දු කොපි කරන විදිහට සින්දු හෝ පින්තුර හෝ වීඩියෝස් කොපි කරන්න බැහැ.මම දන්න තරමින් Apple device වලට files transfer කරන්න ඕනේ Apple iTunes කියන software එක හරහායි.අපි ඒ ක්‍රමවේදයට කියනවා Sync කරනවා කියල.මේක හරි විදිහට කරන හැටි නොදැන කරන්න ගියොත් වෙන එකම විපාකය තමයි,අපේ Apple device එකේ තිබ්බ ඔක්කොම files(සින්දු , වීඩියෝස්,පින්තුර) ටික මකල iTunes වල තියෙන ඔක්කොම files ටික අපේ device එකට කොපි කරන එක.

    හරි අපි දැන් බලමු මේ වැඩේ අනාගන්නේ නැතුව කරන විදිහ.

    මුලින්ම අපි Apple iTunes කියන software එක බාගන්න ඕනේ.එකට Apple site එකට ගියානම් නොමිලේ බාගත කරගන්න පුළුවන්.

    https://www.apple.com/itunes/download/

    ng37mq.png


    උඩින් තියෙන රුපයේ රතු පාට 0 කියන බට්න් එක click කරලා iTunes බාගෙන install කරගන්නකො

    ඊට පස්සේ අපි මුලින්ම බලමු
    iTunes වලට අපේ computer එකේ තියෙන සින්දු add කරගන්නේ කියල.

    2m31e7b.png


    මුලින්ම
    iTunes open කරගන්න

    2z723as.png


    උඩින් තියෙන පින්තුරය විදිහට file menu එක click කරලා 1 කියල තියෙන menu (add folder to library)එක click කරන්න.ඊට පස්සේ පහල විදිහට window එකක් එනවා.

    295vtd.png


    ඊට පස්සේ උඩින් තියෙන පින්තුරයේ විදිහට add කරන්න ඕනේ සින්දු ටික folder එක තෝරලා (1) දීල select folder (2) කියන බට්ටන් එක click කරන්න.

    එතකොට ඒ folder එකේ තියෙන සින්දු ඔක්කොම ටික
    iTunes වලට add කරගන්නවා.

    දැන් මුල්ම වැඩේ ඉවරයි , අපි බලමු ඊට පස්සේ කරන්න ඕනේ ටික

    අපිට iTunes වලින් i device එකට සින්දු දාන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා.අපි බලමු ඒ කොහොමද කියන්නේ.

    මුලින්ම අපි
    i device එක computer එකට connect කරලා iTunes open කරගන්න ඕනේ .

    jrd7yd.png



    ඊට පස්සේ උඩ තියෙන පින්තුරයේ විදිහට (1) ඒ connect කරපු device එක පෙන්නන්නවා.ඒ බට්න් එක click කරන්න , එතකොට පහල තියෙන පින්තුරය විදිහට device එක open වෙනවා.

    11uyirk.png


    උඩ
    තියෙන පින්තුරයේ විදිහට summary(2) කියන ලින්ක් එක click කරන්න.එතකොට ඔයා connect කරලා තියෙන device එක ගැන පොඩි විස්තරයක් දකුණු අත පැත්තෙන් පෙන්නනවා.ඒ page එකේ පහල ගියහම options ටිකක් පෙන්නන්නවා.

    options වලින් Automatically Sync when this phone is connected (3) කියන තැන uncheck කරන්න.

    මේකෙන් කරන්නේ ඔයා device machine එකට connect කරලා iTunes open කරපු ගමන් device එකේ තියෙන ඔක්කොම සින්දු ටික erase කරලා iTunes library එකේ තියෙන සින්දු ටික device එකට කොපි කරනවා.

    තව Manually manage music and videos (4) කියන
    option එක check කරන්න ඕනේ.


    දැන් බලමු අපේ device එකට iTunes library එකේ තියෙන සින්දු

    Sync කරගන්න පුළුවන් විධි.


    01.

    119mpp4.png


    උඩතියෙන පින්තුරයේ රතු පාට ඩොට් එක තියෙන තැන තියෙන බට්න් එක click කරන්න.මේක තමයි iTunes මියුසික් library එක.


    fdausi.png


    ඊට පස්සේ උඩ තියෙන පින්තුරයේ විදිහට library එකේ තියෙන සින්දු select කරලා (1) right click කරන්න , ඊටපස්සේ එන menu එකේ Add to playlist (2) කියන menu එක click කරන්න , එතකොට එන menu එකෙන් connect කරලා තියෙන device එක (3) එක select කරන්න.එතකොට ඒ සින්දු ටික device එකට transfer වෙනවා.



    02.

    2py8fwn.png


    උඩ තියෙන පින්තුරය විදිහට රතු පාට ඩොට්(device) එක උඩ click කරන්න .එතකොට device එක පෙන්නනවා.

    ඊටපස්සේ Music (1) කියන බට්න් එක click කරන්න.එතකොට දකුණු පැත්තේ පෙන්නන විදිහට Sync Music කියන තැනට ටික් එක දාන්න , ඊට පස්සේ පහලින් තියෙන
    options වලින් එකක් select කරලා , පහලින් තියෙන Sync කියන බට්න් එක click කරන්න.එතකොට ඔය select කරපු option එක හැටියට අදාළ සින්දු ටික device එකට transfer වෙනවා.


    03.

    n34xvd.png



    උඩ තියෙන පින්තුරයේ විදිහට
    Music (1) කියන බට්න් එක click කරන්න.ඊට පස්සේ (2) click කරලා iTunes Music library එකේ තියෙන playlist එකක් select කරලා Autofill කියන බට්න් එක click කරන්න.එතකොට ඒ select කරපු playlist එකේ තියෙන සින්දු ඔක්කොම device එකට transfer වෙනවා.


    අපි දැන් බලමු අපේ device එකට දාපු සින්දු ටික පිළිවෙලට device එක ඇතුලේ playlist හදල වෙන් කරගන්නේ කොහොමද කියල.

    15fndpl.png


    මුලින්ම අපි device එකට යන්න ඕනේ.ඊට පස්සේ ඔය රතු පාට ඩොට් එක(5) තියෙන + එක click කරන්න


    wlvvcl.png



    ඊට පස්සේ උඩ තියෙන පින්තුරයේ තියෙන විදිහට එන menu එකේ New Smart Playlist(6) කියන menu එක click කරන්න

    මෙතැනදී අපි හදන්නේ අපි දෙන rule එකට අදාල වෙන සින්දු ඔක්කොම එකතු කරලා playlist එකක් හදන එකයි.

    01.අපි බලමු අපේ සින්දු ගොඩේ තියෙන Top Rated සින්දු ටික එකට දාල හදන playlist එකක්.

    2dh5mz5.png


    ඊට පස්සේ උඩ තියෙන පින්තුරයේ විදිහට window එකක් open වෙයි.

    ඊට පස්සේ (7) කියන තැනින් අපිට playlist එක create කරන්න ඕනේ category එක තෝරන්න ඕනේ Rating කියන එක .

    155gb3t.png


    ඊට පස්සේ උඩ තියෙන පින්තුරේ විදිහට (8) කියන තැනට is කියන item එක select කරලා (9) කියන තැනට rate එක select කරලා දෙන්න ඕනේ


    i4jztk.png


    ඊට පස්සේ ok කියන බට්න් එක click කරපුවහම උඩ තියෙන පින්තුරයේ විදිහට playlist එක create වෙනවා.(10) කියල තියෙන්නේ playlist එකේ name එක , (11) කියන තැනෙන් පෙන්නේ අපේ device එකේ තියෙන අපි select කරපු rate එක තියෙන ඔක්කොම සින්දු ටික playlist එකට add වෙලා තියෙනවා.

    02.අපි දැන් බලමු අපේ device එකේ තියෙන ඔක්කොම pop සින්දු ටික එකතු කරලා playlist එකක් හදන හැටි.

    f5axix.png


    උඩ තියෙන පින්තුරයේ විදිහට කලින් අපු window එකේ (12) විදිහට Genre කියන item එක select කරන්න.

    5ouses.png



    ඊට පස්සේ උඩ පින්තුරයේ විදිහට (13) is කියන එක select කරන්න.

    103u1pw.png



    ඊට පස්සේ උඩ පින්තුරයේ විදිහට (14) කියන තැනට Pop කියල type කරන්න.ඊට පස්සේ ok කියන බට්න් එක click කරන්න

    2a0kltu.png


    ඊට පස්සේ උඩ පින්තුරයේ විදිහට ඔක්කොම pop සින්දු ඇතුලත් playlist එකක් create වෙයි.(15)න් තියෙන්නේ playlist එකේ name එකයි.(16) තියෙන්නේ playlist එකේ තියෙන pop සින්දු ටික.

    03.
    අපි දැන් බලමු අපේ device එකේ තියෙන ඔක්කොම Hip Hop සින්දු ටික එකතු කරලා playlist එකක් හදන හැටි.

    2rxjgq1.png


    කලින් කරපු විදිහටම (17) කියන තැනට Genre කියල තෝරලා (18) කියන තැනට is කියල දීල (19) කියන තැනට Hip Hop කියල type කරලා ok බට්න් එක click කරන්න .ඊට පස්සේ පහල විදිහට Hip Hop සින්දු ඔක්කොම තියෙන playlist එක create වෙනවා.

    2vhvhns.png


    මේ විදිහට අපිට කැමති rule එකක් හැටියට playlist create කරගන්න පුළුවන්.මේ
    Smart Playlist වල විශේෂත්වය වෙන්නේ , අපේ device එකට අපි අලුතින් දාන සින්දු අපි හදල තියෙන playlist වල rule වලට යටත් උනොත් ඒ සින්දුව ඒ අදාල playlist එකේ පෙන්නන එකයි.ඒ කියන්නේ මේ playlist auto update වෙනවා.


    මම හිතනවා මේකෙන් ඔයාල නොදන්නා යමක් ඉගෙන ගත්ත කියල.එහෙනං මම පස්සේ දවසක තවත් ත්‍රෙඩ් එකකින් මුනගැහෙන්නම්
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    AI BUN OKATA SINDUWAK COPY KARANA OCHARA AMARU

    ඒ උන්ගේ standard තියාගන්න වෙන්න ඇති බන් එහෙම හදල තියෙන්නේ .:yes:


    මම බෙනා;18467024 said:
    patta...maxxa thread eka ah.. :) bump & Rep +++++
    Munge epama wena wada tkak thynne.hadssyta wna phone model ekak ekka share parak dagnda ba :growl:


    ඔව් බන් එකනම් එහෙම තමයි.එත් මම අහල තියෙනවා phone එක jailbreak කරලා දාන්න තියෙනවා කියල software එකක් , එක දාපුවහම , ඕන phone එකක් එක්ක bluetooth connect කරන්න පුළුවන්ලු.හැබැයි මම මගේ phone එක music setups එක්ක bluetooth connect කරලා සින්දු අහල තියෙනවා.:):yes:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    පැටියා;18467165 said:
    සිංදු ටිකක් දාගන්න සෑහෙන පුක දීමක් දෙන්න වෙන බව පේනවා :rofl:


    ඔව් බන් , එකනම් ඇත්ත බන් , මල යකා ආවේස වෙනවා බන් වෙලාවකට සින්දු දාන්න ගියහම.:angry:
     
    • Like
    Reactions: Meva

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    iTunes දාගෙන නටන්න ඕනේ නැහැ බං ඕකට දැන් ifunbox තියෙන්නේ දැන් සිංදු වීඩියෝ ඔෆිස් ඩොකියුමන්ට් ඇපල් ෆෝන් වලට දාන ඒක සිම්පල්නේ ..​