මම මාර විදිහට වැඩ කල් දානව බන්. කිසි දේකට යොමුවෙන්න ආස නෑ. හැම දේම පස්සට දාන්නමයි හදන්නෙ කොච්චර නවත්තන්න හැදුවත්. අන්තිම මොහොතෙ stress වෙනකන්ම කිසි දෙයක් කරන් නෑ. මම OL වලට හොදම රිසාල්ට් එකක් ගත්ත. ඒත් විශ්වාස කරනවනන් කරපන්. මම එකම දවසක්වත් පාඩම් කරනව කියල පාඩම් කරල නෑ. වාර විභාගයක් ආවම ඒ විෂය තියෙන්න කලින් දවසෙ තමයි රෑ නිදිමරාගෙන stress වෙලා මුලු පෙල පොතම බලන්නෙ. වාර විභාග විතරක් නෙමේ OL වලටත් එහෙම්මයි කරේ. අතිශෝක්තියක් නෙමේ literally ම කලින් දවසෙ කරන්නෙ. ඒ දවසෙත් බාගයක් විතර යනකන් කල් දදා ඉන්නව. ඒත් මට දේවල් ඉක්මනට තේරුම් ගන්න පුලුවන් හින්දද කොහෙද මට එක්සෑම් හොදට කරගන්න පුලුවන් උනා.
AL මැත්ස් කරා. ෂයි දෙකක් කරල සාමාන්‍ය හොද රිසාල්ට් එකක් අරන් කැම්පස් ගියා. ඒත් මං කවමදාකවත් අද මං පාඩම් කරන්න ඕනෙ කියල කරල නෑ. මට කරන්න ඕනෙ. ඒත් මං කොච්චර හිතුවත් සති ගානක් ගිහින් මුකුත් කරල නෑ. බලෙන්ම ක්ලාස් එකක කරවපු එකක් විතරයි. ෂයි දෙකක් තිස්සෙ එහෙම බලෙන් කෙරවිල කෙරවිල හම්බෙච්ච දැනුමෙන් AL ලිවුවෙත්. past paper එකක් කිසිම දවසක හරියකට කරල තිබ්බෙ නෑ ෂයි දෙක ඉවර වෙනකන්ම.
කැම්පස් එකෙත් එච්චරයි සෙම් එක ඉවර වෙනකන්ම මුකුත් පාඩන් කරන් නෑ. අසයින්මන්ට් එකක් දුන්නම deadline එකට පැය 4ක් විතර තියල පාඩම බලන්න ගන්නෙත්. අසයින්මට් එක ඉවර වෙද්දි ඊලග දවසෙ උදේ. බොරු කියල lecturer ට mail කරනව late submission. දැන් ඔන්ලයින් එක එක දේවල් කරන්න අරන් තියෙනව ඒවත් මං සෑහෙන කල් දදා කරන්නෙ. මට මාසෙකින් හොදට ගොඩ යන්න තිබ්බ ඒවා මං අවුරුදු ගනන් කරල දැන් බලද්දි.
අඩුම මට ෆිල්ම් එකක් පැය දෙක තුනක් එක දිගට බලන්න බෑ අන්තිම හරිය වෙද්දි එපා වෙනව. ඒක හින්ද මං tv series බලන්නෙ. ඒවත් දිග එපිසෝඩ් තිබ්බොත් එපා වෙනව. පැත්තකට වෙලා පාඩුවෙ ඉන්නමයි හැමතිස්සෙම හිතෙන්නෙ. එක පාර වැඩ දෙකතුනක් ෆෝක්ස් කරන්න බෑ. (එක පාර කියන්නෙ සතියක් වගේ ගමුකො. ඒ සතියෙ මේ වැඩේ කරන්නෙ කියල කරනව මිසක් වැඩ හැම එකම මැනේජ් කරගන්න බෑ මාරම ස්ට්‍රෙස් එහෙම කරන්න වෙන එක.) මං ඒවා මග ඇරල වැදගත්ම දේ විතරක් කරන්නෙ හැම තිස්සෙම.
හැබැයි මට hyper activity තත්වයක් නන් නෑ. මං පොඩි කාලෙත් දගලන ලමයෙක් නෙමේ. ඩොකෙක් ගාවට යන්න හිතෙන් නෑ ඩොකාලත් ගොඩක් අය විකාරනෙ කරන්නෙ.
මේක මොකක් හරි mental condition එකක්ද නැත්තන් සාමාන්‍යයිද?
පලි:
තව එකක්. මම ගමනක් යන්න ලෑස්ති උනත් අවසාන මොහොත වෙනකන් ඉන්නව. හැමදාම පරක්කුයි. මම ඉස්සර ක්ලාස් වලට යන්නෙ පැයක් විතර පරක්කු වෙලා සමහර වෙලාවට.

Last edited:
mamath me docter kenek hoyanna hithan inne sirawatama.