ADHD - ADD

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    මොකක්ද මේ ADHD කියන්නේ
    =============================================
    Attention deficit ඌන අවධානය
    Hyperactive අධි ක්‍රියාකාරීත්වය
    Impulsiveness නොසිතා ක්‍රියා කරන ගතිය

    ඔයාට හිතෙනවද ඔයාට යම් දෙයකට හිත යොමුකරන්න අමාරුයි කියලා
    එක තැනක ඉන්න අමාරුයි කියලා
    ඔයා නිතරම අනිත් අයට කරදර කරනවා කියලා
    මේ දේවල් ADHD නිසාත් වෙන්න පුළුවන්

    ADHD වල රෝග ලක්ෂණ මතු වෙන්න පටන් ගන්නේ පොඩි කාලයේ ගොඩක් වෙලාවට පාසල් යන්න පටන් ගන්න කාලයේ
    ගොඩක් අයට අධි ක්‍රියාකාරීත්වය කියන තත්ත්වය වැඩිහිටි වියේදී සමනය වුනත්
    අඩු අවධානය හා නොසිතා ක්‍රියා කරන ගතිය දිගටම පවතින්න පුළුවන්
    ඉතින් වැඩිහිටි අයට ADHD නෑ කියන්න බෑ


    ADHD වර්ග තුනකට වෙන්කරන්න පුළුවන් රෝග ලක්ෂණ අනුව

    1 predominantly Inattentive

    මෙයාලට තියෙන ගැටළුව තමයි එයාලට හරිම අමාරුයි දෙයකට අවධානය පවත්වා ගන්න.
    එයා ලා අධි ක්‍රියාකාරී නැතිවෙන්න පුළුවන්
    ඒනිසා ADD කියලා මේ තත්ත්වය හදුන්වා දෙන්න පුළුවන්

    2 predominantly Hyperactive - Impulsive

    මේ තත්ත්වය තියෙන අය ට එක තැනක ඉන්න හරිම අමාරුයි
    ඒ වගේම නොහිතා ක්‍රියා කරන ගතියක් තමයි තියෙන්නේ
    ගොඩක් වෙලාවට පොඩි කාලයේ මේ වගේ ඉන්න අය වැඩිහිටි වියේදී අනෙක් විදිහකට වෙනස් වෙන්න පුළුවන්

    3.Combined

    උඩ දෙවිදියේම ලකුණු මේ අයට තියෙනවා
    හැබැයි ටිකක් ලොකුවෙන අධි ක්‍රියාකාරීත්වය අඩුවෙන්න පුළුවන්

    ගොඩක් පොඩි බබාලා කොහොමත් මේ වගේ නේ ඉතින් ADHD කියලා අදුන ගන්න නම් බබාට අවුරුදු 5 ක් වත් වෙන්න ඕන

    අපි බලමු ද ADHD ලක්ෂණ මොනවද කියලා

    1 Inattentive type
    අවධානය තියාගන්න පුළුවන් හරිම පොඩි වෙලාවයි
    ඉක්මනින් ම හිත වෙන තැනකට යනවා
    ඒනිසාම නොසැලකිලිමත්කම නිසා කියලා හිතෙන වැරදි කරනවා
    නිතරම අමතක වෙනවා තමන්ගේ දේවල් නැතිකරගන්නවා
    පිලිවෙල කට යමක් කරන්න අමාරුයි
    ඇහුම්කන්දීම හරිම අමාරුයි

    2. Hyperactive type
    එක තැනක ඉන්න බෑ
    කතා නොකර ඉන්න බෑ
    බලන් ඉන්න බෑ
    යමක් කරන්න බය හිතෙන්නේ නැහැ
    හිතන්නේ නැතුව ඕන දෙයක් කරනවා
    ඒනිසා අනිත් අයට කරදර කරනවා

    3. Combined type
    උඩ කාණ්ඩ දෙකේම ලක්ෂණ පෙන්වනවා

    හැබැයි සමහර වෙලාවට ගෙදරදී මේ වගේ ලක්ෂණ පෙන්වන කෙනෙක් පාසලේදි බොහොම පිලිවෙලට වැඩකරන්න පුළුවන් එහෙම නම් ඒ ADHD නෙවෙයි
    ගෙදර මේ වගේ ලක්ෂණ නොපෙන්වන දරුවෙක් පාසලේදි වෙනස් හැසිරීම් පෙන්වනවා නම් ඒත් ADHD නෙවෙයි

    වැඩිහිටි අයත් එහෙමයි
    රැකියා ස්ථානයේ හා නිවසේ සමාන ලක්ෂණ පෙන්වනවා

    ADHD අය බුද්ධිමත්
    අධ්‍යාපන කටයුතු වල අඩුපාඩුවක් පෙන්වනවනම් ඒ අවධානය අඩුබව නිසා.

    ඇල්බට් අයින්ස්ටයින්, බිල් ගේට්ස් වගේ අයත් ADHD තිබුන අය

    එයාලා ADHD නම් ADHD අය සතුව වටිනා දේවල් තියෙන්න පුළුවන් නේද
    මොනවද ඒ
    Hyperfocus අවධානය යොමුවන දේ ගැන හොඳටම අවධානය යොමු කරනවා
    අවධානමට බය නෑ.
    සටනට බය නෑ
    ලේසියෙන් සතුටු වෙන්නේ නෑ

    ADHD ජානමය හා ජානමය නොවන හේතු වල සම්මිශ්‍රණයක් නිසා ඇති වන තත්ත්වය ක්
    ADHD කියන්නේ පාලනය කරන්න පුළුවන් තත්ත්වයක් ඒ නිසා ඒ වගේ දෙයක් හිතෙනවා නම් මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන්න
    තව බිල් ගේට්ස් කෙනෙක් අයින්ස්ටයින් කෙනෙක් වගේ වෙන කෙනෙක් මතුවෙන්න ඉඩ දෙන්න
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    dopaminergic activity එක බූස්ට් වෙන බෙහෙත් තමා මට හරියන්නෙ

    නෝමල් ඇන්ටිඩිප්‍රෙසන්ට්ස් වලට මට තරහ යනව තව ලෙඩ වැඩි වෙනව :sorry: බීල තියෙනවනෙ අත් දැකීමෙන් කියන්නෙ

    රිටාලින් බොනකං මම හිතුවෙ මගේ අසනීපෙ හොඳ කරන්ඩ පුලුවන් බෙහෙතක් මේ ලෝකෙ නෑ කියල
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    dopaminergic activity එක බූස්ට් වෙන බෙහෙත් තමා මට හරියන්නෙ

    නෝමල් ඇන්ටිඩිප්‍රෙසන්ට්ස් වලට මට තරහ යනව තව ලෙඩ වැඩි වෙනව :sorry: බීල තියෙනවනෙ අත් දැකීමෙන් කියන්නෙ

    රිටාලින් බොනකං මම හිතුවෙ මගේ අසනීපෙ හොඳ කරන්ඩ පුලුවන් බෙහෙතක් මේ ලෝකෙ නෑ කියල

    මම මේ සිරාවට අහන්නේ...ජෝක් නෙමෙයි

    උඹට මල බද්දය තියනවද?
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    මට හිතෙන්නෙම උඹ බොරුකාරයෙක් කියල. ලෙඩේ ගැන හොඳ අවබෝදයක් තියෙන මේඩ්ඩෙක් ඩොකෙක් වගේ එකෙක් මේකේ පොඩි රංගනයක් දාල අතල් එකක් ගන්න.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    මට හිතෙන්නෙම උඹ බොරුකාරයෙක් කියල. ලෙඩේ ගැන හොඳ අවබෝදයක් තියෙන මේඩ්ඩෙක් ඩොකෙක් වගේ එකෙක් මේකේ පොඩි රංගනයක් දාල අතල් එකක් ගන්න.

    :angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    ritalin kiyanne Methylphenidate neda?

    oka pharmacy wala tiyenawada ban?
    :confused:

    තියෙනව. ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් නැතුව බොහොම අමාරුවෙන් ගත්තෙ

    මාව දන්න අඳුරන අංකල් කෙනෙක්ට කියල..

     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,877
    113
    NWP
    319553127_998761734371356_1409939026089449823_n.jpg