adult adhd

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    adult adhd ගැන ලංකාවෙ ටීවි ප්‍රෝග්‍රෑම් එකක්වත් ගිහින් නැද්ද? අඩුම ගානෙ පත්තරේක දාපු ආටිකල් එකක්වත් නැද්ද?

    Symptoms of adult ADHD

    1. Lack of focus
    2. Hyperfocus
    3. Disorganization
    4. Time management problems
    5. Forgetfulness
    6. Impulsivity
    7. Emotional problems
    8. Poor self-image
    9. Lack of motivation
    10. Restlessness and anxiety
    11. Fatigue
    12. Health problems
    13. Relationship issues
    14. Substance misuse
     
    Last edited:
    • Like
    Reactions: dagayaa

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක ගැන තියෙන youtube channel එකක් හම්බවුනා දැන් නම මතක නෑ හොයල දාන්නං
    adhd ගැන ගොඩක් videos තිබ්බ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    ඕක ගැන තියෙන youtube channel එකක් හම්බවුනා දැන් නම මතක නෑ හොයල දාන්නං
    adhd ගැන ගොඩක් videos තිබ්බ

    තෑන්ක්ස් මචං :love:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    ADHD සහ ඉගෙනීම
    ❤️💚💜💛❤️💚💛💜💚❤️💚💜💛

    ADHD සහිත දරුවන් මුහුණ දෙන ගැටලු තමයි

    1)ඉගෙනීමේදී මනස එකග කර ගන්න තියන දුෂ්කරතාවය.

    2)අවධානය දීමට ඇති අසීරු බව.

    3) පාඩම් කටයුතුවල ඇති නීරස බව.

    4) තනිකම. (මේක සාමාන්‍යය කෙනෙකුට තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණයි. )

    5)පාසල් යන්න අකමැත්ත සහ පාඩම් කරන්න අකමැත්ත.

    අවධානය දීම සහ සිත එකග කර ගැනීමට dopamine අවශ්‍ය බවත් ADHD දරුවන් ට dopamine ඌණතාවයක් ඇති බවත් මම කලින් ලිපියක පැහැදිලි කලා. මේ සම්බන්ධයෙන් අපේ දරුවන් ට පිහිට වෙන්න අප⁣ට කළ හැකි දේ මම අද පැහැදිලි කරන්නම්.

    ADHD සහිත බොහෝ අයට පොඩි කාලෙ ඉදලම යාළුවො නැහැ. සමහර විට ගොඩක් අය ආශ්‍රිය කළත් හොඳම යාළුවෙක් නැහැ. තමන් වගේ සිතන පතන කෙනෙක් නැහැ. ඒ නිසා ඒ අය ඉන්නෙ තනියම. මේ අයව යාළුවො සාමාන්‍යයෙන් කණ්ඩායමකට බාර ගන්නෙ නැහැ. එහෙම බාර ගත්තත් මේ දරුවන්ට හිතෙනව තමන් ඒ කණ්ඩායමට අයිති නැහැ කියල. මොකද ඒ අය වෙනස් කියල ADHD දරුවන් ට ඉක්මනින් වැටහෙනව. එහෙම නැතත් මේ දරුව වෙනස් බව ඒ දරුවන්ට තේරුම් යනව. සාමාන්‍යයෙන් වයස අවුරුදු හත විතර වෙද්දී මේ දරුවා පන්තියෙ තනියම ඉන්න දරුවෙක් බවට පත් වෙලා අවසානයි. සමහර විට තමන්ගෙ පවුල තුළත් මේ දරුවා තනිවී ඉන්න පුළුවන්.

    මේකට ප්‍රධානම හේතු දෙකක් බලපානව.

    එකක් තමයි ඒ අයට නිතරම යම් යම් දේ අමතක වෙනව.(forgetfulness ) අනිත් හේතුව අවධානය දීමේ දුෂ්කරතාවය. (Distractions) ඉගෙනීමේදී වගේම යාළුවො ඇසුරු කිරීමේදීත් මේ දුෂ්කරතා දරුවන්ට අභියෝගයක් වෙනවා. යාළුවො කතා බහක් කරන අතර මේ දරුව මනසින් එහෙ මෙහෙ යනව. මිනිත්තුවකට දෙකකට පස්සෙ මේ දරුව නැවත ඒ සාකච්ඡාවට එකතු වෙද්දී කියන කරන දේ මිතුරු කණ්ඩායම ඒ වෙලාවෙ කතා කරමින් ඉන්න දේ නොවෙන්න පුළුවන්. සමහරු impulsiveness නිසා අනිත් අයට ඇහුම්කන් නොදී ඉක්මනින් පැනල කතා කරනව. ඒ නිසත් යාළුවො අකමැති වෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ දරුවො ලෝකය දිහා බලන්නෙ වෙනස් විදිහට.

    ADHD තියන ගැහැනු ළමයිට හොදම ගැහැනු යාළුවො නැති වෙන්න පුළුවන් . සමහර විට එයාගෙ හොඳ යාළුවො වෙන්නෙ පිරිමි ළමයි. ඒ වගේම ඒ දරුවො සාමාන්‍යයෙන් අනිත් ගැහැණු ළමයිට තරම් බෝනික්කන්ට , සෙල්ලම් ගෙවල් වලට ආස නැහැ. එයාලට ඕනෙ ගස් නගින්න , බයිසිකලේ පදින්න..ඒ වගේ වැඩ. Hyperactivity Disorder තියනව නම් මේ දරුවන් විශේෂයෙන්ම පිරිමි දරුවන් දගකාර දරුවන් විදිහට හරිම ඉක්මන් හංවඩු ගැහෙනව.

    මේ දරුවන් ගණිතය , විද්‍යාව, සංගීතය , නැටුම් ක්‍රීඩා ආදියට අති දක්ෂයින් වෙන්න පුළුවන් . ඒත් මේ දරුවන්ට ප්‍රාථමික පන්තියෙ ගුරුවරුන්ගෙන් නිතරම ලැබෙන්නෙ ඍණත්මක ප්‍රතිචාර. මුල් අවධියේ සිටම පාසලේදි අවධානය දීමේ අසීරුතාවය නිසා ගුරුවරුන් ගේ දෝෂාරෝපණය වලට නිතරම මේ අය ලක් වෙනව. එහෙමත් නැත්නම් ගෙදර වැඩ අමතක වීම නිසා බැණුම් අසනව. සමහර විට එවැනි ගෙදර වැඩක් ගුරුවරයෙක් නියම කලා ද කියල වත් ඒ දරුවන් දන්නෙ නැහැ. ඒත් ගේන්න නියම කළ බඩු අමතක කිරීම නිසා ඒ දරුවො බැනුම් අසනව.

    අපි හිතමු teacher නියම කළා කියල ඉරටු මිටියක් අරන් එන්න කියලා. මේක ADHD තියන දරුවා අහ ගෙන ලියා ගෙන යනව දවසක. හැමදාම බැනුම් අහල එපා වෙලා ඉන්නෙ මේ දරුවා. ඉතිං ගෙදර ගිහින් මේක මවට දැනුම් දීලා ඒ විදිහට ඉරටු මිටිය සූදානම් කර ගන්නව. ඒත් පහුවදා උදේ කලබලේ ට ඒක දාල යනව.

    එහෙමත් නැත්නම් hyperactivity සහිත දරුවන් කලබල වැඩි කම නිසා ⁣විවිධ දේ පෙරලා ගන්නව. හලා ගන්නව. එකතැන ඉන්නෙ නැහැ.

    ඒ වගේ හේතු නිසාම පසුව ගුරුවරුන් ගෙන් විතරක් නෙවෙයි දෙමාපියන්ගෙනුත් ඒ විදිහට ම බැන වැදීමට දඩුවමට ලක්වෙනව. දගකාර හිතුවක්කාරක අකීකරු දරුවෙක් විදිහට හංවඩු ගැහෙන්නෙ අවධානය දීමේ හැකියාව අඩුකම නිසා මිස වෙනත් හේතුවකට නෙවෙයි. ඒක ඒ දරුවන් ගෙ වැරැද්දෙන් සිදු වූ දෙයක් ද නෙවෙයි.

    ඒ විදිහට දිගටම සිදු වෙද්දී මේ දරුවන්ගෙ පන්තියෙ යාළුවො එයාව මග හරිනව.
    ඒ දරුවන්ට යාළුවො සමග සමීප ඇසුරක් නැති වෙනකොට ශක්තිමත් මිතුරු සබදතා ගොඩ නගා ගන්න හැකියාව ඉගෙන ගන්න තියන අවස්ථාව දිනෙන් දින ගිලිහෙනව. අවසානයේ වැඩිහිටි වියේදිත් හොඳ ම යාළුවෙක් නැහැ. ඒ අය බොහෝ විට කතා බහ අඩු එහෙත් මනස ඇතුලත දැඩි පීඩනයකින් ජීවිතේ ගෙනියන්නෙ. පාසල් යන්නේ කැමැත්තකින් නෙවෙයි.

    ඔබේ දරුවට ADHD තියන බව දැන ගන්න ලැබුනොත් අමතක කරන්න එපා මේ දරුවා ඉන්නෙ හරි පාලුවෙන් සහ තනිකමින් බව. ඒ වගේම තමන්ව තේරුම් ගන්න කෙනෙක් නැති නිසා එයා සමහර විට ඔබේ පසුපසින් ඇවිත් තොරතෝංචියක් නැතිව කියවමින් වැඩකට නැති ප්‍රශ්න අසාවි. ඒ ඔහුගේ දරා ගත නොහැකි පාලුව නිසා. අඩුම ගානෙ ගෙදරදිවත් ඔහුට හෝ ඇයට යාළුවෙක් ඉන්න ඕනෙ.

    මේ දරුවන් මිතුරු මිතුරියන් නැති පාලුව මකා ගන්න පොත් පත් වල කුරුටු ගාන්න අරඹාවි. අවසාන පිටුවෙ cartoon doodle අදීවි. ඇත්තටම මේ විදිහට පිංතූරයක් ඇද තියනව දැක්කොත් ඒ ගැන බැන වදින්න එපා. වඩා හොඳ ක්‍රමය නම් doodling වලට ම ගන්න පොඩි note book එකක් දරුවට දෙන එකයි.

    මේ විදිහට doodling කිරීමේ පුරුද්ද ඒ දරුවට ලොකු සහනයක් දෙනව. පීඩනය අඩු වෙනව. නිර්මාණශීලි බව ඔපවත් කරනව. ගොඩක් වෙලාවට ADHD තියන වැඩිහිටි අයත් මේ විදිහට මනස සැහැල්ලු කර ගන්න cartoon , doodle , adult colouring books පාවිච්චි කරනව.

    මේ දරුවන් පාඩම් කරන්න අකමැතියි. ඒ එයාලට මනස එක තැන තියාගන්න බැරි නිසා. ඒත් ඒ වෙනුවට අපි කිව්වොත් පාඩම කියවලා ඒකෙ තියන කරුණු ඇතුලත් cartoon doodle එකක් අදින්න mind map එකකට ගන්න කියලා මේ දරුවන් ව ඉතාම පහසුවෙන් එක තැන තියා ගන්න පුළුවන්. එයාල හිත සතුටින් මේ දේ කරනවා. ඒ වගේම පාඩම් කරන්නත් ආසා වෙනවා.

    ADHD තියන වැඩිහිටි අය පවා බහුතරයක් පාඩම් කරන්නෙ cartoon doodle අදිමින්. යාළුවෙක් නැතිකම නිසා හිතේ ගොඩ නැගෙන පීඩනය මග හරවාගන්නෙත් මේ ක්‍රමය මගින්. ඒ නිසා ඒකට ඉඩ දෙන්න. ඉස්කෝලෙ පොත් වල කුරුටු නොගා ඒ වැඩේට වෙනම පොතක් දෙන්න. නිවසේදී පාඩම් කරද්දී doodle කරමින් short notes ලියන්න දෙන්න. Mind mapping උගන්වන්න.

    මීට අමතරව අන්තර්ජාලයෙන් බලන්න lap books සහ flap books. මම උදාහරණය කීපයක පිංතූර දාල තියනව. මේ ක්‍රමයටත් මේ වගේ දරුවන් හරිම කැමතියි. පොතක් අතට දීල එකතැන ඉන්දවලා පාඩම් කරන්න කිව්වට ඒ දේ කරන්න අමාරුයි මේ දරුවන්ට. ඒ දේ මේ වගේ ක්‍රම මගින් විනෝදජනක ක්‍රියාවකට හරවා දෙන්න අපට පුළුවන්.

    ඒ වගේම timer එකක් පාවිච්චි කරන්න. පොඩි වැඩක යොදවන්න විනාඩි 15 ක් පමණ. ඒ වෙලාව එක දිගට වැඩේ යෙදීම වෙනුවෙන් reward එකක් දෙන්න. දිගින් දිගට මේ විදිහට rewards දීමෙන් දරුවගෙ dopamine මට්ටම අඩු නොවී පවත්නා ගන්න පුළුවන්. විවේචනය කිරීම හෝ අධෛර්යමත් වන දේ පැවසීම මගින් dopamine මට්ටම පහත වැටෙන නිසා ඉතා ඉක්මනින් දරුවන් ට ඉගෙනීමේ කටයුතු නීරස සහ අකමැති කටයුත්තක් බවට පත් වෙනවා.

    විශේෂයෙන් ම සදහන් කළ යුත්තෙ ADHD දරුවන් ට තරුවක් හෝ් වෙනත් reward එකක් දෙනව නම් යහපත් ක්‍රියාවක් කල වහාම පමා නොකර අමතක නොකර එය දෙන්න. එය පමා කිරීමෙන් හෝ අමතක කිරීමෙන් වෙන්නෙ දරුවගෙ dopamine මට්ටම ඉහල මට්ටමක තබා ගන්න අපොහොසත් වීම නිසා දරුවා නැවත නැවන ඒ ක්‍රියාව කරන්න දක්වන උනන්දුව වීම අපට දකින්න නොලැබීමයි.

    https://www.facebook.com/Simple-Joyful-Homemaking-169528553657291
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    ADHD දරුවන් ඇති අම්මලාට ආදරයෙන්

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤❤❤

    ඔබ හිතන්න ඔබ උයන්පල්ලෙක් කියලා. ඔබට අත්දැකීම් අඩුයි. නමුත් රාජ්‍යයේ රජතුමා ඔබට මේ රැකියාව දීලා බදවා ගන්නවා. ඔබ තරයේම හිතා ගන්නවා කිසිම වැරැද්දක් වෙන්න නොදී සෑම ගහක් වැලක්ම රැක ගෙන සාත්තු කර මලින් පල වැලින් පිරි සුන්දර උයනක් රජුට හිමි කර දෙන්නට.

    ඔබ එසේ සිතා සතුටින් වැඩ කරගෙන යන අතර රජතුමා සේවකයෙකු අත අලුත් මල් පැලයක් එවනවා. කිසිම විශේෂ දෙයක් කියන්නෙ නැහැ. සේවකයා ඒක දීල යනවා.

    මේ පැලය හිටවන්න සුදුසු උද්‍යානයේ කොතැනද කියල වත් ඔබ දන්නෙ නෑ. ඒ නිසා බිම ඉන්දවන්නට පෙර උද්‍යානයේ එක එක තැන් වල තියල බලනව. කිසිම තැනක් හරි යන්නෙ නෑ. දැඩි හිරු එළියට පැළය මැලවෙනව. අඩු හිරු එළියට කහ ගැහෙනව. වැස්සට ඔරොත්තු දෙන්නෙ නෑ. ප්‍රශ්න ගොඩක්..එක තැනක් වත් සුදුසු නෑ.

    බැරිම තැන විශේෂ කුටීරයක් හදලා ඒකට දමා උෂ්ණත්වය ආර්දතාවය ආදී විවිධ සාධක වෙනස් කරමින් බලනවා. කිසිම දෙයක් හරි යන්නෙ නැහැ. ඔබට පිස්සු වගේ. හරිම තරහයි.

    වෙන එක පැළයක් වත් මෙහෙම නෑ. ගාණට වතුර ටික පොහොර ටික දාල තියන්න විතරමයි ඕනෙ. ගහ හැදෙනවා. මල් පිපෙනවා. ඒකටත් එක්ක මේ පැලේ. ඇහැ ගහගෙනම ඉන්න ඕනෙ. කරන කිසි දෙයක් වැඩක් නැහැ.

    මොන කරදරයක්ද ?

    ඔබ තමන්ටම කියා ගන්නව. අනේ ...ඒක කටින් පිට වෙද්දි පැලය හොඳටම මලානික වෙනව.


    ඔබට බියක් ඇති වෙනව. ඔබ පැළයට කතා කරනව. අනේ මුකුත් වෙන්න එපා...ඔබ දෙවියන්ටත් කියනව. ඒ අතරම පැළයට කියනව මම ඔයාට ආදරෙයි. මැරෙන්න එපා !

    ඒ එක්කම පැළයට ප්‍රාණවත් බවක් එනව. ඔයාට හරිම පුදුමයි. ඒ මොකද්ද ඒ. අමුතුම පැළයක් !

    ඔබ තව තව ආදරෙන් කතා කරද්දි පැළය තව තව ප්‍රාණවත් වෙනව ! පුදුමය දරා ගන්න බැහැ ඔබට. මේක කිව්වට කවුරුත් විශ්වාස කරන එකක් නැහැ. ඔබට කාට හරි කියන්නත් හිතෙනව. ඒත් මිනිස්සු විහිලුවකට ගනී කියල බයයි.

    මේ පුංචි පැලේ වචන වලට සංවේදීයි. ඊටත් වඩා ආදරයට සංවේදීයි. පුදුමාකාර දෙයක් මේක. ඔබට ටික ටික පැළය ගැනත් අදෙරේ හිතෙනව. පැළය ඒක විදින බව ඔබට දැනෙනව. ඔබ ගිහින් ළගම මිතුරාට මේ ගැන කියනව. මිතුරා හිතනව ඔබට පිස්සු කියල.

    මේ විදිහට කාලය යනව. ඔබ කියන කතාව කවුරුත් පිළි ගන්නෙ නෑ. ඔබ කියනව මේ පැළේට ආදරෙන් කතා කරල බලන්න කියලා. කවුරුත් ඒක කරන්නෙ නෑ. විහිලුවට වගේ "මං ඔයාට ආදරෙයි" කියන කිසි කෙනෙක්ගෙ හිතේ එහෙම ආදරයක් නෑ. ඒ නිසා පැළය ප්‍රතිචාර දක්වන්නෙ නෑ. ඔබ බොරු කාරයෙක් විහිලු කාරයෙක් වෙනව. තවත් ඔබ අනෙක් අයට මේක කිය කිය වද වෙන්නෙ නැහැ. ඔබ තීරණය කරනව නිශ්ෂබදව ඉන්න.

    ඒත් පැළය ඔබට ප්‍රතිචාර දක්වන ආකාරය දිගින් දිගටම ඔබ දකිනව. අවසානයට ඔබ කල්පනා කරනව කවුරුත් විශ්වාසය කළේ නැතුවට මට කමක් නැහැ. මම මේ පැළයට ⁣ආදරය දෙනව කියලා.

    ඉතිං හැමදාම එක වගේ ආදරෙන් බලා ගන්නව. පැළය ටික ටික වැඩෙනව. මේ පැළය වෙනුවෙන් ඔබ බොහෝ කැප කිරීම් කරනව. ඒත් ලස්සනට දලු දමා වැඩෙන ආකාරය දකිනකොට ඒ මහන්සිය අමතක වෙනව.

    එක දවසක් උදේ ඔබ හරිම ලස්සන දෙයක් දකිනව. පුංචි පොහොට්ටුවක් !

    ඔබට සතුට දරා ගන්න බැහැ. ඔබ ඉතාම ආදරෙන් පැළය පසසනව. පැළය ඒ ආදරය විදින හැටි ඔබට දැනෙනව.

    ඊළග දවසේ උයනට යන්නත් කලින් ඔබ දකිනව උයන වටේටම සෙනග. ඇයි ?

    අර පොහොට්ටුව විකසිත වෙලා !

    සුවද දස අත විහිදෙනවා !

    කවදාවත් දැකලා නැති තරම් සුන්දරම පුෂ්පය දැක ගන්න මිනිස්සු එනවා. රජතුමාටත් ආරංචි වෙනවා. ඔහු වහාම උද්‍යානයට එනවා.

    ඔහු මල නරඹලා බොහොම සතුටට පත් වෙලා ඔබට වටිනා ත්‍යාගයක් සමග උද්‍යානයේ හිමිකාරත්වය ත්‍යාග කරනවා.

    ඒ අවස්ථාවේදී ඔබ දැන ගන්නවා දැනට මෙවැනි පැළයක් ඇත්තේ මුලු රාජ්‍යයෙන්ම මේ උද්‍යානයේ පමණක් බව. මීට පෙර කිසිම දිනක මෙවැනි පැළයක් රැක ගන්නට කිසිම උයන්පල්ලෙක් සමත් නොවූ බව. ඒ වගේම වතුර පොහොර ආදී දේ මිස ආදරය දීමෙන් සහ කරුණාවෙන් කතා කිරීමෙන් පැළයක් රැක ගත හැකි බව කිසිදු උයන්පල්ලෙක් දැන නොසිටි බව.

    මේ උයන්පල්ලා කවුද ? දැනටමත් ඔබ දන්නවා. ඒ ඔබයි.

    මේ දුර්ලභ පැළය ?
    ඔව් ඒ ඔබේ ADHD සහිත දරුවා.

    ඉවසීම, ආදරය, කාලය , කාරුණික වචන කියන පෝෂණය ලබා දීමෙන් දවසක අති සුන්දරව විකසිත වෙන, ඔහුගේ ගුණ නැණ සුවද ලොව දසත පතුරුවන ඔබේම දරුවා. ...

    අපේ දෛවය අපට ලබා දුන් මේ තිලිණය රැක ගන්න හරිම අසීරුයි. ඒත් මිලින වෙන්න දෙන්න එපා !

    ඔහු / ඇය පි⁣බිදෙන දවසක් එනවා. අපි හිතනවාට වැඩි ශක්තියක් සහ කුසලතාවයක් ඔහු /ඇය තුල නිධන්ව පවතිනවා.....එ් දවස එනතෙක් අසීරුවෙන් හෝ ඉවසන්න. ඔබ කිසි දිනෙක පසුතැවිලි නොවේවි.

    පසුවදන

    ඔබ දන්නවා ඇති දැනටම මමත් ඒ පවුලට අයිති කෙනෙක් ❤


    https://www.facebook.com/Simple-Joyful-Homemaking-169528553657291
     
    Last edited:

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Matath thiyenawa wage ban
    AL kale wenna ona hadune oka
    Issarawela tibbe na
    E kiyanne adult ADHD neda
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,457
    113
    Piliyandala
    මචන් ඔකේ රෝග ලක්ෂණයක් වෙන්න ඕනේ.. පිලිවටලට දෙයක් කරන්න බැරි කම... අනික ඉක්මනට අමතක වීම.. වැඩක් පටන් ගත්තොත් වෙන එකකින් ඉවර කරන්නේ... මමත් අහල තියෙනවා ඕක ගැන
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    මචන් ඔකේ රෝග ලක්ෂණයක් වෙන්න ඕනේ.. පිලිවටලට දෙයක් කරන්න බැරි කම... අනික ඉක්මනට අමතක වීම.. වැඩක් පටන් ගත්තොත් වෙන එකකින් ඉවර කරන්නේ... මමත් අහල තියෙනවා ඕක ගැන

    :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    Matath thiyenawa wage ban
    AL kale wenna ona hadune oka
    Issarawela tibbe na
    E kiyanne adult ADHD neda

    හැමෝටම adhd හැදෙන්නෙ පොඩි කාලෙ මචං. ගොඩක් අයට ලොකු වෙනකොට හරියනව
    ඒත් කලාතුරකින් වැඩිහිටි අවධියටත් මේක එනව..
    ඒකයි adult ADHD කියන්නෙ