against CEPA

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ඇතුලට එන්න තිය තිය ඉන්නේ නැතුව..

    අපි එලකිරියේ බැනලා වැඩක් නෑනේ CEPA එකට විරුද්ධව..
    කට්ටිය සෙටි වෙලා එලියට බහිනක් මෙන්න මේ තියෙන FB accounts වලට ගිහින් මේකට විරුද්ධව කතා කරන්න (ජාතිය ඇමතීම :frown: )

    මම නම් Fake පැත්තකින් තියලා Real ඒවගෙන්ම ඇමතුවා ගොඩක් අය අමතන ගමන් :)

    https://www.facebook.com/maithripalas

    https://www.facebook.com/ranil.wickremesinghe.leader

    https://www.facebook.com/SujeewaSenasingheOfficial/

    https://www.facebook.com/real.rr

    ටොයියෝ බයියෝ නැත්‍රව මේකවත් එකතු වෙලා කරමු..
    උඹ IT ‍field එකේ නෑ කියලා හිනා වෙන්න එපා මොකද හෙට උබේ ‍field එකට වෙන්න පුළුවං..
    නැත්තම් උබේ දරුවෙක් මේ field එකට එන්න පුළුවං.

    BUMP කරං යන්න..


    PS : tell.president.gov.lk
    මේකට ගිහින් කියන්න, VPN එකක් Proxy එකක් use කරාට කමක් නෑ බරටම කියනවනං :P
     
    Last edited:

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,615
    520
    113
    ලන්ඩන් වත්ත
    facebook/ twitter and online petitions walin eka kattiyak witharai bn danuwath wenne. eka wayas seemawaka ewun witharai oka gana danuwath wenne. madi wayas wala inna saha rajaye sewaya karana kattiya oyagana mahaloku danuwath kamak na wenna thiyena de gana.
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    facebook/ twitter and online petitions walin eka kattiyak witharai bn danuwath wenne. eka wayas seemawaka ewun witharai oka gana danuwath wenne. madi wayas wala inna saha rajaye sewaya karana kattiya oyagana mahaloku danuwath kamak na wenna thiyena de gana.

    ඒක ඇත්ත මචං.. මාධ්‍ය කාරයන්ටත් ගානක් නෑ :no:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,091
    4,421
    113
    පොන්සි ආණ්ඩුව
    12512523_1215854401775361_6499237226940008328_n.jpg

    12507213_891654077620043_73590280325083747_n.jpg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,091
    4,421
    113
    පොන්සි ආණ්ඩුව
    තවත් වසර තුනකට පසු දිනක්.......,
    කොණ්ඩය හොදටම වැවී ඇති නිසා කපා ගැනීමට හංදියට යා යුතුය, ඉස්සර 150ට කපපු කොන්ඩය ඉන්දියාවෙන් පැමිණි සුරේෂ් මල්ලි දැන් 60ට කපා දෙයි. හන්දියේ ඉස්සර කපපු රංජි අයියා දැන් සැලෝන් එක වසා ගෙදරට වෙලා බලාගත්තු අත බලාගෙන සිටින බව සියල්ලෝ කතා වෙයි. රංජි අයියට බම්බු ගහගන්න කියා අපි සියල්ලෝම දැන් සුරේෂ්ගෙන් කොණ්ඩය කපා ගනී.
    කොණ්ඩය කපාගෙන වාහනේට තෙල් ටිකක් ගහගන්න පිරවුම්හලට යා යුතුය. දැන් පිරවුම් හලේ එක සිංහල මල්ලි කෙනෙක්වත් නැත පිරවුම්හලේ වැඩ කරන දහ පහළොස් දෙනාම ඉන්දියන් මල්ලිලාය. මාසෙන් මාසය ඔවුන්ගේ මුහුණු වෙනස් වෙයි. අලුත් මුහුණු එයි. මල්ලිලා කිහිපදෙනෙක්ම අපේ නංගිලා කසාද බැදගෙන දරුවෝ හදා මෙහිම රැදී සිටියි. ඔවුන් අතේ ලංකාවේ හැදුනුම්පත්ද ඇත.
    තෙලුත් ගහගෙන එමින් ගමන් රෑට කන්නට කොත්තුවක් ගන්නට ගියෙමි. ඉස්සර හිනාවෙලා කොහොමද අසා කොත්තු දාන මල්ලි දැන් කඩේ නැත,කඩේ වැඩ කරන්නේ ඉන්දියන් මල්ලිලා හය හත් දෙනෙකි. මේ හන්දියේ පමණක් නොව සියලු හන්දි වල හොටෙල් වල,සයිවර් කඩ වල කොත්තු දමන්නේ ඉන්දියන් මල්ලිලාය.
    කොත්තුවත් රැගෙන එමින් ගමන් අම්මා ෆාමසියෙන් බෙහෙත් වගයක් රැගෙන එන ලෙස පැවසු බව මතක් විය. හන්දියේ ෆාමසියේ වැඩ කරන්නේද ඉන්දියන් මල්ලි කෙනෙක් සහ නංගි කෙනෙකි. ඔවුන් දෙදෙනාත්,ඔවුන්ගේ දරුවෙකුත් අම්මා තාත්තා ඇතුළු පවුලේ කිහිප දෙනෙකුත් දැන් පදිංචිව සිටින්නේ මෙහිය.
    ඔහුගේ තාත්තා දැන් හංදියේ පාසලේ මුරකරුය,අයියා කෙනෙක් ටයිල් අල්ලන බාස් කෙනෙකි. ඔහුගේ මව ගෙදරක සේවිකාවක් ලෙස වැඩ කරමින් සිටියි,
    බෙහෙත් ටිකත් රැගෙන ගෙදර එන්නට පිටත් විය,අහෝ එක්වරම රෝදයක පැච් එකක් යෑම නිසා රෝදය මාරු කරගැනීමට අසළ තිබු ගරාජයට යාමට සිදුවිය, ගරාජයේද දැන් වැඩ කරන්නේ හොදට සිංහල කතා කළ හැකි ඉංදියන් මල්ලිලා කිහිපදෙනෙකි කෙසේ හෝ ටයරයත් මාරු කරගෙන ගෙදර ඒමට පිටත් විය.
    ටික දුරක් එන විට පාරේ වේගයෙන් ආ ත්‍රී රෝද රථයක් මගේ වාහනයේ ගැටිණි. එයින් බැස්සේ රැවුල වවාගත් ඉන්දියානු චන්ඩි අයියා කෙනෙකි.
    ''කොහෙද ඕයි යන්නේ තමුෂෙ...කියමින් මට සද්දයක් දමමින් ත්‍රිවිලයෙන් බැසගත්තේය. ඔහුගේ කෑ ගැහිල්ලට තවත් ත්‍රිවිලර් රියදුරෝ කිහිපදෙනෙක් මා වට කරගත්තේය. ඔවුන් අතරත් අදුනන මුහුණක් නොවිය,සියල්ලෝම ඉන්දියානුවන් වූහ. ඔවුන්ගෙන් ගැලවීමට මට කිසිදු අවස්තාවක් නොවිය අවසානයේදී මගේ රටේදී මං පිට මිනිහෙක් මෙන් වෙන රටකින් ආ උන්ගෙන් ගුටිකා නිවසට පැමිණෙන්නට සිදුවිය.
    නිවසට ආ මා සිදුවූ දේ නිවැසියෝට කියා පුටුවේ වාඩිවීය
    එවෙලෙහි ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී පුවත් විකාශය වෙමින් තිබුණි.
    ''මිට වසර තුනකට පෙර ශ්‍රී ලංකාව සීඝ්‍ර සංවර්ධනයකට බදුන් කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබදතා ශක්තිමත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අත්සන් කළ ''සීපා ගිවිසුම'' ගැන ඉන්දියානු අගමැත නරේන්ද්‍රසිංග් මෝඩි මහතා ශ්‍රී ලංකා ජනාධිපතිට,අගමැතිට සහ ආණ්ඩුවට සුභ පැතුම් පණිවිඩයක් ඒවා තිබෙනවා...එය විදේශ අමාත්‍ය.............''
    ළග තිබු දුරස්ථපාලකයෙන් රූපවාහිනිය නිවා දැමු මා නොකා නොබීම නින්දට ගියේය.විටින් විට පාරේ කෑකෝ ගසමින් මෝටර් බයිසිකල් වල එහෙ මෙහෙ යන ඉන්දියානු තරුණයන්ගේ හඩ මට ඇසෙයි.මා තදින් ඇස් පියා ගත්තෙමි.
    ඔව් මමත් අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකි !!
    (කාලෙකට කලින්)
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    PS : tell.president.gov.lk
    මේකට ගිහින් කියන්න, VPN එකක් Proxy එකක් use කරාට කමක් නෑ බරටම කියනවනං