Ahimi Nubata....

roshani111

Member
Feb 5, 2009
501
11
0
39
moratuwa
ගතින් නුඹේ ළඟ නොවුනට
සඟවන්නම් දුක හිත යට
නුඹේ සිතින් මං නුඹගේ ළඟම වේවිනම්

නෙතින් කඳුළුබිඳු ගැලුවට
සඟවන්නම් එය ලෝකෙට
වැටෙන කඳුළු නුඹ නමටම ගලා යාවි නම්

සිතින් දහස් සුසුමන් හෙලුවට
බරක් නොවේ එය මා හට
හෙලන සුසුම් නුඹ නමින්ම දිගහැරේවි නම්

නුඹේ ළඟම දැවටෙන්නට
බැරිඋනාට කම්නැහැ මට
සිතින් නුඹේ ළඟ ඉන්නට මට අවසර නම්
 
Last edited: