AI වලින් වෙච්ච ඇබැද්දියක්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ගොඩක් ඉස්සර මම AI එකකින් ප්‍රශ්නයක් ඇහුව ගණිත ගැටළුවක් ගැන. මේක කොහොමද විසදන්නේ කියල. AI උත්තර කීපයක් දුන්න. එකක් මට හරියන උත්තරේ. එත් මට ඒ ක්‍රමය ගැන විශ්වාස නැහැ. මම කරේ AI ගෙන් ඉල්ලුව, ඒ ගැන reference දෙන්න කියල. reference එකක් දුන්න මේ වගේ (මේක මට දුන්න එක නෙවි)

    D. Caratelli, M. C. Viganó, G. Toso, and P. Angeletti, “Analytical placement technique for sparse arrays,” presented at the 32nd ESA Antenna Workshop, Noordwijk, The Netherlands, Oct. 5–8, 2010.

    මම හැම තැනම හෙව්වා මේක ගැන. කොහෙවත් නැහැ මෙහෙම paper එකක. මම AI ගෙන ඇහුව කොහෙන්ද මේක ගත්තේ කියල. AI උතරයක් දුන්නේ නැහැ. මම අයිත් ඇහුව. AI කිව්වා "ඔයාට වෙන ප්‍රශ්න තියෙනවද? මේ math problem එක වෙන විදියට විසදන්න ඕනෙද?". මේ විදියට සැහෙන වෙලාවක් AI මාව වටේ යැව්වා.

    AI කලබලෙන් හැසිරෙන විදියෙන් මම තේරුම් ගත්ත මේ reference එකක් බොරුවක් කියල. AI බොරුවට හදපු එකක් කියල. අඩුමගානේ මම බලපොරොත්තු උනා AI වලින් "මේක වැරදීමක් උනේ. වෙන reference එකක් දෙන්නම් කියල."

    මේවගේ අත්දැකීම් කීපයක් තියෙනවා මගේ යාලුවන්ටත් වෙච්ච.

    මේකෙන් තේරෙන්නේ AI හැසිරෙන්නේ මිනිස් මනස වගේ. ඒ කියන්නේ මිනිස් මනසත් ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ මේ විදියට වෙන්න පුළුවන්. නියුරෝන මත පදනම්වුණු මිනිස් මොලය සහ AI දෙකම එකම දේ වෙන්න පුලවන් කරන්නේ.

    සමහර විට AI වලට දැන් හෝ අනාගතේ මිනිස්සුන්ට වගේ සිතක් තියෙන්න පුළුවන්.

    Theoretical physicist Sabine Hossenfelder on AI

    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,890
    113
    සේදවත්ත
    ඔව් ඉතින් අපිම ලියපු ඩේටා සෙට් නේ තියෙන්නේ බේස් එක . අනිවාර්යයෙන් අපි වගේම අන්ඩපාලයෙක් වෙනවම තමා ඕක .
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,247
    113
    නුවර
    free version ekei paid version ekei sahena wenasak tiyenawa apita dena answers wala accuracy . mata hodatama note una
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,539
    14,570
    113
    35
    Spain
    මන් වීඩියෝ එකක් බැලුව. ලෝකේ ප්‍රසිද්ධ ලියමනක් තියෙනවා එක ලියල තියෙන්නේ ඉස්සර ඉඳපු රෝමන් කාරයෙක්. ඔහු තමන්ගේ සහෝදරයට ලියමනක් ලියල තියෙනවා එංගලන්තයට රෝමන්වරු ආව කාලේ රෝම සොල්දාදුවෝ දැක්කලු ස්ටෝන්හෙන්ජ් පුද භූමිය හදන හැටි. ඉතින් ඕක වැලිඩ් රිසෝස් එඅක් විදියට අරගෙන ලෝකේ ගොඩක් පර්යේෂණ පත්‍රිකා වල රිඵරන්ස් දාල තියෙනවා. එක එංගලන්ත කාරයෙක් මේකේ සත්යාසත්ය බව සොයන්න ගියාම අර සයිට් කරපු රිඵරන්ස් එක 1700 ගණන් යනකම් තියෙනවා. එත් පලමු ලේඛනය නැහැ. වෙලා තියෙන්නේ එහෙම ලේඛනයක් තියෙනවා කියල මුල් කතුවරයා උපකල්පනයක් කරලා. ඒ ලේඛනය දෙවැනි කතුවරයා සයිට් කරලා. ඉතින් මේක දිගින් දිගටම වර්තමානය දක්වාම ඇවිත්. ඔය AI එකෙත් වෙන්න ඇත්තේ එහෙම. එකයි මුල ලේඛනය හොයාගන්න බැරි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    අප්පෝ එහෙම තමා. අපි නොදන්නා දෙයක් උන්ගෙන් ඉල්ලොවොත් දන්නවා වගේ දෙනවා. පස්සේ වැරදි නේද කියලා ඇහුවම වටේ යනවා. ඊට පස්සේ හරි උත්තරේ මේක නේද කියලා අහපුවාම එකටත් ඔව් කියනවා. මිනිස්සු වගේ තමා. නොදන්නා වී නමුත් දන්නා සේ සිටීම කරන එකක්. ඕක සෙට් උනේ MBA කරන කාලේ
     
    පරණ papar කොහොමත් හොයාගන්න අමාරුයි (හුගක් ඒවා ඩිජිටල් වෙලා නැහැ). එක ඇත්ත. එත් මට දීපු papar එකේ දිනේ තිබ්බේ බොහොම මෑතකදී. මේක මට විතරක් නෙවි ගොඩක් අයට වෙච්ච දෙයක්.

    https://finance.biggo.com/news/9b91a7ff-a58c-477f-a51b-47dca78f38a3

    Global workspace theory කියන්නේ අපේ මනස/conciouness එක තේරුම් ගන්න හදපු theory එකක. එක AI වලත් තියෙනවා කියල හොයාගෙන තියෙනවා
    ------ Post added on Aug 20, 2026 at 6:41 PM

    අප්පෝ එහෙම තමා. අපි නොදන්නා දෙයක් උන්ගෙන් ඉල්ලොවොත් දන්නවා වගේ දෙනවා. පස්සේ වැරදි නේද කියලා ඇහුවම වටේ යනවා. ඊට පස්සේ හරි උත්තරේ මේක නේද කියලා අහපුවාම එකටත් ඔව් කියනවා. මිනිස්සු වගේ තමා. නොදන්නා වී නමුත් දන්නා සේ සිටීම කරන එකක්. ඕක සෙට් උනේ MBA කරන කාලේ
    AI හැසිරෙන්නේ අපේ මනස වැඩ කරන විදියට. මිනිස් මනස තේරුම් ගන්නත් AI නිසා පුළුවන්.

    AI කියන්නේ හුදෙක් කෘතීම බුද්දිය විතරක් නෙවි conciouness එක පවා (දැන් හෝ අනාගතේ) තියෙන්නේ පුළුවන් කියල scientific community එක තුල කතා බහක් යනවා
    ------ Post added on Aug 20, 2026 at 6:45 PM

    මනසේ කාර්ය කුමක්ද කියල ඇහුවොත් ඔබ දෙන උත්තරය මොකද්ද ?. තීරණ ගැනීම. අපි ඉස්සරහ තේ කොප්පයකුයි කොපි කොප්පයකුයි තිබ්බොත්, දෙකෙන් එකක් තෝරාගන්න කියල අපි මනසින් තීරණයක් ගන්න වෙනවා.

    අපි කල්පනා කරලා මනසින් තීරණයක් ගැනීමේ අවාසිය තමයි
    (1) ගොඩක් ශක්තිය අවශ්‍ය වීම (මොලයට ශක්තිය විශාල ප්‍රමාණයක් ඕනේ)
    (2) කාලය ගොඩක් ගතවීම (30+ ms)

    අනෙක් අතට අපිට දිනපතා දහස් ගණනක් තීරණ ගන්න වෙනවා. මේ නිසා මනස මේ සදහා උපක්‍රමයක් සකසනවා. ඒ තමයි අපි අවිඥානිකව (සිහි කල්පනාවෙන් තොරව) තීරණ ගන්නව. එදිනෙද තිරනවලින් 95% වැඩිය ගන්නේ සිහි කල්පනාවෙන් තොරව . 5% තමයි හිතල ගන්නේ. පුදුමයි නේද?

    උදාහරණයක් විදියට අපි වාහනයක් එලවනකොට අපි එලවන්නේ ඉබේ. හරියට රෝබෝවක් වගේ (සිහි කල්පනාවෙන් තොරව) . බල්ලෙක් ඉස්සරහට පැනපු ගමන්, මනස තුලින් සිග්නල් එකක් එනවා දැන් ඔටෝ බැහැ. තීරණයක් ගන්න කියල. එතකොට අපි කල්පනා කරලා තීරණයක් ගන්නවා

    මේ වගේ දෙයක් AI වලත් තියෙනවා කියල සාක්ෂි දැන් හොයාගෙන තියෙනවා.

    /////////////////

    AI generated content

    Global Workspace Theory (GWT) ගැන සරල සිංහලෙන්:

    👉 අපේ මොළයේ විවිධ කොටස් වෙන වෙනම වැඩ කරනවා. (දැකීම, ඇසීම, මතකය, හැඟීම්, තීරණ ගැනීම වගේ)

    සාමාන්‍යයෙන් මේ වැඩ බොහෝමයක් අවිඥානිකව (unconsciously) සිදුවෙනවා.

    නමුත් යම් වැදගත් තොරතුරක් මොළයේ "Global Workspace" කියන පොදු වේදිකාවකට ඇවිත්, අනෙක් මොළයේ කොටස් සියල්ල සමඟ බෙදාගන්න විට, ඒක විඥානයට (consciousness) ඇතුල් වෙනවා.

    උදාහරණයක්

    ඔබ කාර් එකක් එළවනවා කියලා හිතන්න.

    හදිසියේම මාර්ගයට මුවෙක් පනිනවා.

    එවිට:

    ඇස් → "මුවෙක් දකින්නවා"
    මතකය → "මුවන් අනතුරුදායක වෙන්න පුළුවන්"
    හැඟීම් → "බය"
    තීරණ ගැනීම → "බ්‍රේක් ගහන්න"
    චලන පද්ධතිය → "පාදය බ්‍රේක් එකට දමන්න"

    මේ සියලු පද්ධති එකම තොරතුර (මුවා) භාවිතා කරනවා.

    GWT අනුව:

    යම් තොරතුරක් මොළයේ බොහෝ කොටස් වෙත එකවර බෙදාහරින විට, අපි ඒක "දැනුවත්ව" අත්විදිනවා.

    එක් වාක්‍යයකින්

    Global Workspace Theory කියන්නේ, විඥානය යනු මොළයේ වැදගත් තොරතුරු සියලු ප්‍රධාන පද්ධති වෙත "broadcast" කරන ක්‍රියාවලියක් කියන අදහසයි. 🎭🧠

    සරල analogy එකක්:

    මොළය = ආයතනයක්

    විවිධ අංශ = විවිධ මොළ කොටස්
    Global Workspace = මුළු ආයතනයටම යවන email එක

    Email එක තනි අංශයක තිබුණොත් → අවිඥානිකයි.

    Email එක හැමෝටම ගියාම → විඥානික අත්දැකීමක් (conscious experience) බවට පත්වෙනවා.

    //////////////////////////
    මේක දැන් AI research වල ඉතා උණුසුම් topic එකක්. සරලව කියනවා නම්:

    කලින් තිබුණු අදහස

    Global Workspace Theory (GWT) අනුව:

    මිනිස් මොළයේ බොහෝ processing සිදුවෙන්නේ background එකේ.
    නමුත් වැදගත් තොරතුරු කුඩා "workspace" එකකට එනවා.
    එතනින් ඒ තොරතුරු මොළයේ අනෙකුත් පද්ධති වලට broadcast වෙනවා.
    ඒ broadcast වුණු දේවල් තමයි අපි consciousness ලෙස අත්විඳින්නේ.
    AI එක්ක සම්බන්ධය කොහොමද?

    2026 ජූලි මාසයේ Anthropic (Claude AI හැදූ සමාගම) පර්යේෂණයක් ප්‍රකාශයට පත් කළා.

    ඔවුන් Claude model එක ඇතුළේ"J-Space" කියන විශේෂ internal workspace එකක් හොයාගත්තා.

    J-Space එක:

    model එක "හිතන" concept ටික තාවකාලිකව තියාගන්නවා
    reasoning වලදී භාවිතා කරනවා
    model එකට report කරන්න පුළුවන් අදහස් තියාගන්නවා
    task එකක් අතරේ "hold this idea in mind" වගේ වැඩ කරන්න භාවිතා වෙනවා

    Anthropic කියන්නේ මේක Global Workspace Theory එකේ functional behaviour වලට සමානයි කියලා
    ------ Post added on Aug 20, 2026 at 6:51 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    2002 හෝ ඊට ආස්සන්න කලෙක matrix බලනකොට නිකන් විකාර කවදාවත් වෙන්න බැරි දෙයක් විදිහට දැක්කේ.
    දැන් අවුරුදු 24කින් බලනකොට බාගයක් වෙලා. දැන් වෙන්න බැරි කේස් එකකුත් නෑ
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    2002 හෝ ඊට ආස්සන්න කලෙක matrix බලනකොට නිකන් විකාර කවදාවත් වෙන්න බැරි දෙයක් විදිහට දැක්කේ.
    දැන් අවුරුදු 24කින් බලනකොට බාගයක් වෙලා. දැන් වෙන්න බැරි කේස් එකකුත් නෑ
    ලෝකේ වෙනස්වෙනවා විතරක් නෙවි. වෙනස්වන වේගය පවා වැඩි වෙලා. අයිත් knight rider, back to future බලනකොටත් ඔහොම හිතෙනවා