ඔව් තවම පටන් ගත්තා විතරනේ බන් කවදා හරි දවසක් එයි AI එකට කෝපි නොකර වැඩක් කරන්න පුළුවන් දවසක්මෙහෙම හිතපන් .
හිතපන් ඔය වගේම නැත්නම් ඊටත් හොදට රියලිස්ටික් කොලිටි එකට VIDEO හදන්න පුලුවන් AI එකක් ආව කියලා 2000 දී .
එතකොට දැන් ඔය කියන ෆිල්ම් හදන උන් ට කෙලවුනා කියලා විහිළුවට හිතපන්...
දැන් ඔය AI එක කවදාකවත් 2000ට පස්සේ ආපු film එකක අලුත් concept එකක් හදයි ද ?
ඌ ට පුලුවන් ඒ වෙනකොට මිනිස්සු කරලා තියන දේවල් දිහා බලලා sample හදන්න
ඔය දියණු වෙනවා කියලා කියන්නේ ඒ sample වල ලුක් එක මිනිස්සු හදන මට්ටමට ලං වෙන්ව කියන එක
අලුතෙන් concept හදන්න මිනිස්සු ඕනෙමයි
1990 ගණන් වල DOS Operating system එක තියෙන කොට කවුරුවත් හිතුවේ නැහැ නැහැ Windos Interface එකක් එකට එයි කියලා
1980 ගණන් වල කවුරු හරි කිව්වා ද කවදා හරි මුන බලාගෙන කතා කරන්න පුළුවන් Mobile Phones එනවා කියලා
එහෙම Concept අඳුන්වලා දෙන්න නෙවෙයි නේ බං AI Models හදන්නේ AI Models හදන්නේ අපේ වැඩ ලේසි කරගන්නමෙච්චර කාලේ තිබ්බ දැනුම් වලින් නෙවෙයි බන් මෙච්චර කාලෙකට තිබ්බේ නැති concept හදන්නේ !!
මට මේක කියපන් .
cartoon කියලා දෙයක් නැති ලෝකයක් හිතපන් . ඔක්කොම රියලිස්ටික් දේවල්
දැන් උබ හිතන්නේ AI එකපාරම cartoon ලෝකෙට හදුන්වල දෙයි කියලා ද ?
game streaming නැති ලෝකයක් හිතපන් ... දැන් උබ හිතන්නේ AI game streaming කියල අලුතෙන් concept එකක් හදල ඒක video හදල දෙයි කියලා ද ??
public prank videos නැති ලෝකයක් හිතපන් . ඒකත් AI ඒ concept එක හිතල මෙහෙම තමයි වෙන්න ඕන කියලා videos හදල දෙයි කියලා හිතුව ද ??
ඔය එකක්වත් බෑ .. ඔය උබල මාරයි කියල කියන්නේ මිනිස්සු කරලා තියන මට්ටමට පිටින් බැලුවම සමාන වෙන ගානට AI වලින් clip එකක් හදන එක ගැන....
------ Post added on May 26, 2025 at 9:42 AM



