Aliexpress ෂිපින් කෝස්ට් අඩු වෙලා?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අද තමයි මේක දැක්කේ. ෂිපින් වලට විතරක් 20,000ක් හෝ ඊට වඩා ඇඩ් වෙලා තිබ්බ අයිටම්ස් සමහරකගේ ෂිපින් කෝස්ට් එක දැන් සෑහෙන ගානකින් අඩු වෙලා තියෙනවා..පොඩ්ඩක් ලින්ක් වලට ගිහින් බලලා කන්ෆර්ම් කරපල්ලා උඹලටත් මේ කියන ගණන්ද පෙන්නන්නේ කියලා..

    හැබැයි අර අයිටම් එකේ වටිනාකමින් 1/2ක් ටැක්ස් විදියට ගෙවන්න වෙන එක නම් තාම එහෙමමයි.

    Lenovo Wired Keyboard - හැබැයි මේකට නම් ටැක්ස් එක 11කට කිට්ටු වෙන්න වැදිලා.​


    Subtotal Rs 17,016.87
    Shipping fee Rs 4,678.35
    Taxes Rs10,847.61
    Total Rs 32,542.83



    XPPen Deco 640 Graphics Tablet - මෙතනත් 50% වඩා ටැක්ස් එක ගහලා..​


    Subtotal Rs 7,910.73
    Shipping fee Rs 2,164.58
    Taxes Rs 5,039.35
    Total Rs 15,114.66

    ලප ටැක්ස් එක එන්න කලින් මේ සයිස් එකේ ටැබ් එකක් මුන්ගේ සයිට් එකේ ස්ට්‍රෝ එකෙන් ඒ කාලේ ගත්තා 13,000යි ගියේ ෂිපින් වලට ඩොලර් 15ක් ගෙවලත්.ටැක්ස් එක රු 200යි වැදුනේ.


    KingSpec M.2 SSD PCI-e NVme 256GB - මෙතන නම් 50% ටැක්ස් එක හරියටම ගහලා තියෙනවා.​


    Subtotal Rs 8,739.86
    Shipping fee Free
    Taxes Rs 4,369.93
    Total Rs 13,109.79





    මම කිව්ව 20,000 එහා ෂිපින් කෝස්ට් එක තවම බලාගන්න පුලුවන් ෂිපින් ඔප්ෂන් ඇතුලට ගියාම සමහරක් අයිටම් වල.

    උඹලා ගන්න හිතාගෙන හිටිය අයිටම් එහෙම තියෙනවා නිකමට චෙක් කරලා බලපල්ලා.Shipping fee අඩුවෙලා තියෙන්න පුලුවන් මේ වගේ.. හැබැයි ඉතින් 50% ලප ටැක්ස් එක නම් අඩු වෙයි කියලා හිතන්න බෑ මේ කපේදී.


    චාර්ජර් එහෙම ගන්න හිතන් ඉන්නවා නම් ටැක්ස් ගෙවලා අලි එක්ස්ප්‍රෙස් එකෙන් ගන්නවට වඩා මන් හිතන්නේ icanmall වගේ සයිට් එකකින් ගන්න එක ලාභයි දැන්.මුන්ගේ ෆ්‍රී ඩිලිවරි තියෙනවා කියලා කියන්නේ නම්.මම නම් බඩු අරන් නෑ තාම.පොඩ්ඩක් හොයලා බලපල්ලා.ඩරාස් එකත් එක්ක බැලුවම නම් මුන්ගේ සමහර අයිටම් වල ගණන් අඩුයි.ඩිලිවරිත් ෆ්‍රී නම් තවත් ලාභයි.

    2000කට වගේ 30W type C චාර්ජර් එකක් හොයනවා නම් මේක බලපල්ලා.. Baseus Palm Fast Charger එකක්.මේක 30W වුනාට අයිපෝන් වලට නම් 27W ලිමිට් . PD3.0 QC 3.0 සපෝට්.මේක සපෝට් කරන අනික් ප්‍රොටෝකෝල්ස් ගැන නම් ඔෆිෂියල් සයිට් එකේ වත් සඳහන් නම් නෑ.. PPS ගැනත් සඳහනක් නෑ.මේක 2000කට අඩුවෙන් මම ගත්තා.ෂිපින් වලට වවුචර් එහෙම ඇඩ් වුනාම ඒ ගානට සෙට් වෙන වෙලාවල් තියෙනවා.
    https://www.daraz.lk/products/baseu...ung-xiaomi-huawei-i308667682-s1852564520.html

    අවුලකට තියෙන්නේ මේක එන්නේ UK නෙමෙයි US ප්ලග් ටයිප් එක.

    ගන්නවා නම් මටත් පොඩි සපෝට් එකක් දියන් මෙතනින් ගිහින්
    https://s.daraz.lk/s.IInQ?cc
     
    • Like
    Reactions: Lessar