මේක පොඩි කතාවක්,හිතලා බලන්න වැදගත් වෙයි...මානෝ භීතිය.
දවසක් එක මනුස්සයෙක් අලියෙක් අසලින් ඇවිදන් යද්දී හදිසියේම නැවතිලා ඉතා පුදුමයෙන් අලියා දෙස බල සිටියා,ඔහුට එවෙලේ සිතුනේ මෙතරම් විශාල සතෙක් කුඩුවක දමා නොමැති වුවත් සාමාන්‍ය තරමේ දම්වැලකින් ගෙට ගසා තිබියදී කඩාගෙන යාමට ශක්තිය උපරිවම ඇතත් ඇයි මේ සත්වයා මෙය කඩාගෙන නොයා තමන් හිර කර තබා ඇතැයි සිතා ලෙහා ගැනීමට උත්සහයක්වත් නොදරා අසරණව එකතැන සිටින්නේ කියා. මෙය අසල සිටි අත්ගොව්වාගේන් විමසීමේදී ඔහු පවසන්නේ අලියා පැටියා අවදියේ ඔවුන් මේ දම්වැලම ඔවුන්ට පාවිච්චි කල බවත් ඒ අවදියේ පැටියෙකුට මේ දම් වල ඉතාමත් ප්‍රමාණවත් බවයි.ඉතින් අලියා සද්ධන්තයෙක් වූ විටද ඔහු එය කඩාගෙන යාමට උත්සහා කරන්නේ ද නැත,මොකද ඔහු හිතන්නේ එම දම්වැලෙන් ඔහුන්ව තවමත් හිරවී සිටින බවයි.උත්සහයක් නොදරන නිසා කඩා ගැනීමට හැකි ශක්තිය ඔවුන් නොදැන අසරණව පාඩුවේ සිටින බවයි.
මදක් සිතන්න මෙලෙස ඔබ පෙර උත්සහ දරා අසාර්ථක වූ කොපමණ දේවල් නැවත උත්සහ නොකර ඇතිද..??මිත්‍යා මත හා පැරණි විශ්වාසයන් නිසා අන්ද වී අපි කොතරම් ලබාගතහැකි දේවල් මගහැරගෙන තිබෙනවාද සිතා බලන්න ..?මනෝ භීතිය පරදවා ජිවිතයේ අසාර්ථක වූ දෑ සාර්ථක කරගැනීමට උත්සහ කරන්න.
උත්සාහයන් අසාර්ථක වන අවස්ථා ඇත එහෙත් උත්සහ දැරීමක්
කෙසේවත් අසාර්ථක නොවන බව මතක තබාගන්න.
