යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ_
බොහෝ විද්වතුන් සහ පර්යේෂකයන් ජේසුතුමන් පිළිබඳ විවිධ ගවේශන, පර්යේෂණ කටයුතු සිදු කර ඇත. ඒ සෑම එකකින්ම පාහේ තහවුරැ වී ඇත්තේ එතුමන් තරැණ අවධියේ බුදු දහමේ ආභාශය ලබා ඇති බවකි. ජේසුස් වහන්සේ බෞද්ධ ආගමික පසුබිමකින් ධර්මය ඉගෙන ගත්තාද යන්න වැදගත් වන්නේ ඉතිහාසඥයන්ට, පුරාවිද්‍යාඥයන්ට සහ සමාජ විද්‍යාඥයන්ට මිස නිවන් මඟ අවබෝධයට කැමැත්වුන්ට නොවේ. එතුමන් අපරදිගට ගෙන ගිය ධර්මයේ අර්ථය සහ එතුමනේගේ දේශනා දෙස බැලීමේ දී පෙනීයන්නේ කිසියම් මට්ටමකට ද්‍යාන උපදවා ගැනීමෙන් පසු ජනයාගේ යහපත වෙනුවෙන් දෙව්යන් පිළිබඳ දහමක් ලොවට දේශනා කළ බවකි. ඒ කවරක් වුවද බෞද්ධයන් වන අප එතුමන්ට අගෞරවයක් නොවන ලෙස කටයුතු කිරීම ඉතා වැදගත්ය. මන්ද බුදු දහමේ ඉගැන්වෙන දර්ශනය තුන් කල්හිම අන් සියල්ලටම වඩා ඉදිරියෙන් ඇති යතාර්ථවාදී සත්‍යයක් වන නිසාය
http://youtu.be/DxwqAYSsKjY?list=PLoPeAGOrEz6a2dTtDe4cyXtlXbtRv2S5s
Jesus was a Buddhist Monk BBC Documentary