අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි,
112-1. (නබි මුහම්මද්,) පවසන්න, අල්ලාහ්, ඔහු අනුපමයෙන්ම ඒකීයය.
112-2. අල්ලාහ්, කිසිවෙකු කෙරෙහි හා කිසිදෙයක් කෙරෙහි අවශ්‍යතාවයක් නොමැත්තා සහ සියළුම දෙනා ඔහු කෙරෙහි අවශ්‍යතා ඇත්තෝය.
112-3. කිසිවෙකු ඔහු ප‍්‍රසූත කළේ නැත. තවද, ඔහු කිසිවෙකු විසින් ප‍්‍රසූත කරනු ලැබුවේ ද නැත.
112-4. ඔහුට සමානව කිසිවෙකු නැත.
59-23. ඔහුය අල්ලාහ්. ඔහු හැර වෙනත් දෙවියකු නැත. (ඔහු) රජු ද, පාරිශුද්ධක ද, සාමදායක ද, අභයදායක ද, සංරක්ෂක ද, සර්ව බලසම්පන්නක ද බල පරාක‍්‍රමාන්විත ද, මහෝදරද වේ. ඔවුන් ආදේශ කරන දැයින් අල්ලාහ් සුවිශුද්ධය.
4-106. තවද අල්ලාහ්ගෙන් සමාව අයදිනු. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි සහ දයාන්විතය.
76-4. ප‍්‍රතික්ෂේපකරන්නන් සඳහා දම්වැල් ද, ගෙල වළලූ ද, දැවෙන නිරා ගින්න ද නියත වශයෙන් අපි සූදානම් කළෙමු.
29-58. විශ්වාස කර යහකම් කළ අයට ස්වර්ගයෙහි එය යටින් දිය දහර ගලා බස්නා සුවිසල් මන්දිරවල නියතවශයෙන් ඔවුනට අපි ඉඩකඩ සලස්වන්නෙමු. ඔවූහු සදාකාලිකව එහි වාසය කරති. යහකම් කළවුන්ගේ ඵල විපාකය ඉතා හොඳය.